IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලොරිය දුම්රියේ හැපේ

මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීමෙන් එහි ආ හත් දෙනෙක් දිවි බේරා ගත්හ.
ලොරිය දුම්රියේ හැපෙන්නට පෙර ඔවුහු එළියට පැන ගත්හ. රියැදුරු සහ තරුණියෝ හය දෙනෙක් එහි වූහ.



අදහස් (0)

ලොරිය දුම්රියේ හැපේ

ලලිත්-එස්.එල් Thursday, 16 May 2013 08:58 AM

මෙවන් රියදුරන්ගේ රියදුරු බලපත් සදහටම අහෝසි කල යුතුයි. දන්නේ නැති නිසා අහන්නේ දුම්රියේ අලාභ කව්ද පියවන්නේ.(නදී)

:       0       0

ලියෝ Thursday, 16 May 2013 08:58 AM

ඩිමො බට්ටාගෙ හයිය පෙනෙවනේ. ඉන්දියන් මල ජරාව ගන්නේ නැතුව නියම ජපන් බඩු ගන්න.(නදී)

:       0       0

සුරංග මීගමුව Thursday, 16 May 2013 02:54 PM

මම අද යාන්තමින් කොච්චියෙන් බේරුනේ. ගේට්ටුවේ වටිනාකම තේරෙන්නේ ඒ වෙලාවට තමයි. (ස)

:       0       0

අජිත් Thursday, 16 May 2013 09:06 AM

අන්න කෙල්ලෝ, ඒගොල්ලන්ගේ පින්තුරත් දැම්මනම් හරි අගෙයි. මොකද මේ කට්ටිය වීර ක්‍රියාවක් කරලයි පන බේරාගෙන තියෙන්නේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 16 May 2013 02:57 PM

ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ..බිහිරි අලියාට වීණා වාදනය කරනවා වාගේ.මේ වගෙ අනතුරු කවදා ඉවරවෙයිද?(ස)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 16 May 2013 09:28 AM

කන්තවො ටික වසනාවන්තයි. නමුත් ලොක්ක වැඩ පෙන්නන්න ගිහින්වගේ. අමතක වෙලා බට්ටෙක් බව. කොහොමත් බොහො පිරිමි කාන්තාවන් ඉදිරියේ ශිල්ප දක්වන්න යනවා එවැනි අයට හොඳ පාඩම්.(නදී)

:       0       0

අනුර Thursday, 16 May 2013 09:30 AM

අපේ රටේ නිලධාරීන්ට මොලයක් නැහැ ඔය ගැටළු විසදන්න. නැතුව මුදල් නොවෙයි ගැටලුව.(නදී)

:       0       0

අනුර Thursday, 16 May 2013 09:33 AM

අර දොස්තර මහත්තයා හදපු ගේට්ටුවත් සවි කරන්න හිතුවොත් හොඳා නේද. හැම එකෙන්ම කොමිස් ගහන්න බලන්නේ නැතිව. (ස)

:       0       0

ටී.කේ. Thursday, 16 May 2013 09:38 AM

ලියෝ ජපන් නොවේ කොහේ හැදු එකක් උනත් දුම්රියේ හපුනොත් ඉවර තමා . පුළුවන් නම් ඔයා ජපන් වාහනයක නැගල දුම්රියේ හැපිලා පෙන්නන්න. (ස)

:       0       0

ආනන්ද Wednesday, 15 May 2013 08:55 PM

අනුපාතය 6:1 ක් නේ. හොඳ සිහියෙන් නෙමේ රිය පදවල තියෙන්නේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Wednesday, 15 May 2013 08:59 PM

ලොරිය කිනිහිරේ තියල තැලුවා වගෙයි. කට්ටිය එලියට පැන්නේ නැත්නම් කීදෙනෙක් හිටියද කියලවත් හොයාගන්න බැරි වෙයි. වාසනාවන්. ඒත් පාදුක්කේ සිද්ධිය ගැන කම්පාව තවම හිතෙන් දුරුවෙලත් නැහැ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 09:12 PM

මගෙ අම්මෝ මෙහෙමත් හෑප්පිල්ලක් එක අතකට හයක් වට කරගෙන ඉද්දි කෝච්චි බල බල ඉන්න වෙලාවක් තියනවයෑ.(නදී)

:       0       0

බිෂාන් Thursday, 16 May 2013 10:13 AM

හයක් වට කරගෙන ඉද්දි කෝච්චි බල බලා ඉන්න වෙලාවක් තියනවයෑ? (නි)

:       0       0

වැට නැති කට Wednesday, 15 May 2013 09:17 PM

ආ.. දැන් ආරක්‍ෂිත වැටක් දැම්මා නම් හරි. (නි)

:       0       0

දුලාන් Wednesday, 15 May 2013 09:22 PM

රජතුමා වැඩ පෙන්නන්න ගොස් මංගල රථයට බරපතල හානි... කුමාරියන් හයදෙන දිවි බේරාගනී! (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 10:28 AM

මොකක්ද මේකෙන් අපට ගන්න පුළුවන් පාඩම? මගුල් ගෙවල් වලට බුලත් දීලා ආරාධදනා නොකර ඉන්නවද? එහෙම නැත්නම් මගුල් ගෙවල් වලට බුලත් දෙන්න ලොරි වලින් නොගිහින් ඉන්නවද? (නි)

:       0       0

මිණිපේ Wednesday, 15 May 2013 09:24 PM

ඕක තමයි කියන්නේ කලු ගලේ ඔලුව හප්පගන්නවා කියලා. (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 10:37 AM

අර මාතර වෛද්‍යවරයෙක් තමන්ම හදල සවිකරන්න තැනක් නැතුව ගෙදර හයිකරගෙන තියෙන දුම්රිය ගේට්ටුවවත් හයි කරනවාද? ඇයි මේ විදිහට මිනිස් ජිවිත ගැන නොසලකන්නේ? ඒ මනුස්සය හදලා තියෙන ගේට්ටුව අරගෙන සවිකළා නම් රටේ ජිවිතතත් ඉතුරු වෙනවා පිටරට යන සල්ලිත් ඉතු‍රුවෙනවා. හැබැයි ඇමතිලාට ලේකම්ලාට ලැබෙන කොමිස් එක අඩුවෙනවා. ඒත් කමක් නැහැ කොමිස් එක ටිකක් වැඩියෙන් හරි අරගෙන ඒ මනුස්සයාගේ ඒ ගේට්ටුව අරගෙන මේවාට සවිකරන්නකො (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 15 May 2013 09:31 PM

අනේ අම්මපා මටනම් තේරෙන්නේ නැහැ මොනවා ලියන්නද කියලා, කමක් නැහැ වටිනා ජිවිත බේරුනානේ. හිත හදාගමු... (නි)

:       0       0

පද්මිණි Thursday, 16 May 2013 10:41 AM

සුබ නැකතින් පටන්ගත්තු මංගල්ලෙට සුබ පතනවා. මට පුදුම මෙවන් අනතුරකදී මේ සම්බන්ධ ඇමතිවරු අඩු වශයෙන් කණගාටුව ප්‍රකාශ කරලවත් නැහැ. අර පාදුක්කේ වුනු මරණ ගැනවත් (නි)

:       0       0

කපිල Wednesday, 15 May 2013 09:36 PM

https://www.youtube.com/watch?v=4fR1lgWNnP4 (නි)

:       0       0

මොහාමඩ් Thursday, 16 May 2013 10:54 AM

දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. වහාම ලංකාවේ සෑම රේල් පීල්ලක්ම අයින් කරලා කොචිවිවල රෝද ගලවලා පරණ යකඩ බඩු මුදලාලිට විකුණලා, කෝච්චි වලට ටයර් හයි කරලා පාරේ දුවන්න සලස්වන්න ඕනේ. ප්‍රවාහන ඇමතිට වෙලාවක් තියෙනවද රේල් ගේට්ටු හයිකරන්න. අනික ජනාධිපතිට රටේ කොයිතරම් ප්‍රශ්න තියෙනවද? වරායට ප්ලේන් එන්නේ නැහැ, ගුවන්තොටුපොළට නැව් එන්නේ නැහැ. ඇමතිවරු රටේ මංකොල්ල ස්ත්‍රී දුෂණ,මිනීමැරුම්,අල්ලස් කොමිස් මහා පරිමාණයෙන් කරන කොට, ඒවා දිහා හිනාවීගෙන අප්පුඩි ගසන මහජන මෝඩයෝ ගැන කවර කැක්කුමක් රජතුමාට ඇවෙසිද? ජනතාව ගැන කව්ද අද හිතන්නේ. ඡන්දය දාපු අය හිගන්නෝ වෙලා ඉන්න ආසා දෙසපලකයෝ ඉන්න රටක් මේක.(නදී)

:       0       0

කරෝලිස් Wednesday, 15 May 2013 09:38 PM

ඔය මගුල කරන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

කෙවින් Wednesday, 15 May 2013 09:41 PM

අපේ රටේ පාලකයෝ බලන්නේ කොමිස් ගහන්ඩ විතරයි.(නදී)

:       0       0

සරත් Wednesday, 15 May 2013 09:41 PM

අනේ මන්දා අපේ කට්ටියට තියන හදිස්සිය.ඔය අනතුරු වලින් හිතාගන්න පුළුවන් අපේ ගොඩක් අයට කොච්චර පේනවද?කොච්චර දුර ඇහෙනවද?එතකොට මිනිස්සුන්ගේ සිහිබුද්ධියට මොකද වුණේ?අපේ අය කොහෙද අතරමන් වුණේ? (නි)

:       0       0

මැණික් Wednesday, 15 May 2013 09:59 PM

මොකෝ කියන්නේ? දැන්වත් උණබම්බු දාමුද? (නි)

:       0       0

රූපවතී Wednesday, 15 May 2013 10:01 PM

අපේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලෝකේ සිහියෙන් නෙමෙයි. නැත්නම් කොච්චි ගේට් එකක් නැති වුණත් සද්දේ හරි ඇහෙනවනේ වාහනේ යනවිට ? ගැනු ටික වාහනේ ඉදන් රටේ නැති පල් හෑලි කියව කියවා යනවිට රියදුරාට මොනවත් ඇහෙන්නෙ නැති වෙන්න ඇති. මම හොදට දන්නවා අපේ ලංකාවේ කාන්තාවෝ එයාර් පොර්ට් එකකට ගියාම ලංකාව බලා ගමන්කරන අනික් කාන්තාවෝ කට්ටි බෙදිලා හෑලි කියවනවා ප්ලයිට් එකේ ඉන්න අනිකුත් විදේශිකයෝ සබ්දය නවත්වන්නේ ඇතුලේ ඉන්න අරක්ෂකයින්ට කියලා. මේවා හොද පාඩම් ජීවත් වෙලා ඉන්න අයට (නි)

:       0       0

උද්දික Monday, 20 May 2013 07:10 AM

වාහන පදවන රියදුරන් දුම්රිය හරස් පාරකදී රේල් පාර හරහා දමන විටදී සැලකිලිමත් වෙන්න. එතකොට මේ අනතුරු වළක්වාගන්න එක සුළු දෙයක්, සමහර වෙලාවට උණ බම්බු ගේට්ටු දැම්මම වහන අය රෑට නැහැ ගොඩාක් වෙලාවට. අපේ ගෙවල් ළඟ යන එන අපි තමා වහන්නේ. දුම්රිය රියදුරන් නලාව ශබ්ද කරනවා මහා මාර්ගය ආසන්නයේදීම. අපේ අය ඔය ගමටම ඇහෙන්න දාගෙන යන සින්දු රේල් පාර ලඟදි නවත්තලා පොඩ්ඩක් විමසිල්ලෙන් ගියානම් ඔය කෝච්චියේ නලාව සද්දේ ඇහෙනවනේ, එතකොට ළඟ එන අනතුර වලක්වා ගන්න පුළුවන්. අපි කොච්චර රේල් පාරවල් හරහා යනවද? විමසිල්ලෙන් යන නිසා මට කවදාවත් කරදරයක් වෙලා නැහැ. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 10:53 PM

දිනපතා සිදුවන දුම්රිය අනතුරු සම්බන්ධව ප්‍රවාහන ඇමතිතුමා , දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා වහාම ක්‍රියාත්මක වන පරිදි පියවරක් නොගන්නේ නම් මහ ජනතාව පියවරක් ගනී ඉදිරි කාලයේදී. (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 15 May 2013 11:03 PM

රියදුරන්ගේ නොසැළකිල්ල නිසා තමයි මෙවැනි විනාශකාරී දේවල් සමග මිනිස් ජීවිත බිලිදෙන්න වෙන්නේ (නි)

:       0       0

චන Wednesday, 15 May 2013 11:06 PM

අපි සියලුදෙනාම එකට එකතුවෙලා ඇමතිතුමාට කියමු මේකට පිලියමක් කරන්න කියලා. එසේ බැරිනම් ජනාදිපතිතුමාට කියමු. ලංකාදීප පුවත්පත ඒකට අපිට උදවු කරාවී. (නි)

:       0       0

අමිළ Thursday, 16 May 2013 11:45 AM

ලොරියේ රියදුරා මම හොයාගත්තා අනේ. ඔහු මොහොමඩ් රිස්වාන්. කෙල්ලෝ ටින රූපවතී, අචිනි, ලුම්බිනී, රංගශානි. දම්මි, සුභාෂිනී කෝච්චියේ රියදුරා ආනන්ද පිටිගල.(නදී)

:       0       0

අමිළ Thursday, 16 May 2013 11:47 AM

අනේ ඔන්න මාමේ රියදුරා 6 ක් අරන් පැනපි. මේ රියදුරාගේ රියදුරු පතත් නැහැනේ.(නදී)

:       0       0

සමීර - සල්මියා Thursday, 16 May 2013 12:25 AM

දුම්රිය දෙපාතමේන්තුවට ප්‍රතිපාදන නොමැති නම් වෙනත් විකල්පයකුත් නොමැති නම් අඩුම තරමේ දුම්රිය වලට යොදලා තිබෙන නමක් උපයෝගී කරගෙන ලොතරැයි ටිකට් පතක් ආරම්භ කළ හැකිය. එවිට ආරක්ෂක ගේට්ටු හැදෙනවා, දුම්රිය බාධාවකින් තොරව ඉදිරියට ඇදෙනවා, මිනිස්සුන්ට සුවිප් ඇදෙනවා , රුහුණු කුමාරි කෝටී 2 අද අදිනවා, අපිට එහෙම ඇහෙනවා... (නි)

:       0       0

ප්‍රදීපා Thursday, 16 May 2013 12:44 AM

දැන් මේක දිනපතා අහන්න ලැබෙන ප්‍රවාත්තියක් බවට පත්වෙලා. රජය මේකට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැහැ, රියදුරෝ සැලකිලිමත් වෙන්නෙත් නැහැ. බලධාරීන්ගේ ඇස් දැන්වත් අරුනොත් හොඳයි. නැත්නම් ජීවිත කීයක් බිලිවෙයිද කියන්න බැහැ. ලොරිය රොටියක් වෙලා. (නි)

:       0       0

බන්දුල Thursday, 16 May 2013 01:32 AM

ආරක්‍ෂිත ගේට්ටුවක් ඇති තැනකදී මෙහෙම වුණා නම් අනිවාර්යෙන්ම රියදුරාගේ වරද. එහෙම නැතුව අනාරක්ෂිත තැනකදී මෙහෙම වුණා නම් ඒකෙ වරද පටවන්න ඕනෑ කවුරුන් හටද...? එම තැන අනාරක්ෂිත වීම ගැන වගකිවයුත්තේ කවුද ..? රියදුරා පිටම වරද පටවලා අත හෝදගන්නේ නැතුව වගකිවයුත්තන් විසින් දැන්වත් මෙයට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කරන්න, තවත් වටිනා ජීවිත විනාශ වෙනකල් බලා නොයිද. (නි)

:       0       0

රංජනී Thursday, 16 May 2013 01:52 AM

මේ පින්කාරියෝ 6ය දෙනා මැරුනේ නැති නිසාද පින්තුර දාලා නැත්තේ? (නි)

:       0       0

පහන් Thursday, 16 May 2013 01:57 AM

අතට ගත් විට ඔබෙ ර‍ථය,ඉගිලිලා නොයනු ! සලකනු මග සලකුණු නීතිය පිලිපදිනු! ඉස්සර නම් රේඩියෝ එකේ ඕවගේ ඒවා ගියා. (නි)

:       0       0

රජිත් ඉතාලි Thursday, 16 May 2013 01:57 AM

ඉවත් කළ යුත්තේ රේල් පාරද? තාර පාරද? මිනිස්සුන්වද? වාහනද ? (නි)

:       0       0

පහන් Thursday, 16 May 2013 02:04 AM

ජපානයේ නම් කෝච්චියක් ආවත් නැතත් (රේල් ගේටුව ඇරලා තිබුනොත් )සියලුම වාහන නියමිත ඉරෙහි නතරකර නැවත ගමන ආරම්භ කළයුතුය.තව කාරණයක් ජපානයේ යම්කෙනෙකු දුම්රියට පැන දිවිනසා ගතහොත් දුම්රියේ සියලු ප්‍රමාද ගාස්තු මියගිය පුද්ගලයාගේ නෑයන් විසින් ගෙවිය යුතුය. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 16 May 2013 02:05 AM

ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් නඩත්තු කිරීමට යන මුදලින් උණ බම්බු ගේට්ටු ටිකක් හදලා සමෘද්ධිලාභියෝ ටිකක් ඒවා බලාගන්න පත් කළා නම් මේ ප්‍රශ්නය විසදන්න පුලුවන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 16 May 2013 02:17 AM

රියදුරා සහ තරුණියෝ 6 දෙනෙක්? (නි)

:       0       0

අබු ධාබි Thursday, 16 May 2013 03:24 AM

ඔන්න ඉන්දියාවෙන් ගෙනා බඩු වල හැටි. පපඩම් පොඩි කෙරුවා වගේ ටය්ර් 3 තියෙන්නේ. මේක නිකන් හනුමා ගහලා වගේනේ. (නි)

:       0       0

විහග Thursday, 16 May 2013 05:21 AM

හොද වෙලාවට කට්ටිය පැනගෙන තියෙන්නේ. නැත්තම් කී දෙනෙක් හිටියද කියලවත් හොයා ගන්න වෙන්නේ නැහැ හැපිලා තියන විදියට.මේ වගේ අනාරක්ෂිත තැන් ගොඩක් තියනවා. තවත් වටිනා ජීවිත විනාශ වෙනකන් බලන් ඉන්නේ නැතුව මේවට නිසි පිළියම් යොදන්න (නි)

:       0       0

සෙලාන්සියුස් Thursday, 16 May 2013 06:40 AM

ලංකාවට දුම්රිය හඳුන්වා දී ම ජනතාව මරා දැමීමට කල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

අමිළ Thursday, 16 May 2013 06:40 AM

කොහොමද අනේ එයාගේ ඇරිල්ල.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 16 May 2013 07:27 AM

අපි ගේට්ටු නොදැම්මයි කියලා ආණ්ඩුවට නොබැන දුම්රිය හොයාගත් කෙනාට බණිමුද? (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 07:32 AM

රටේ මහජන ආරක්ෂාවට ප්‍රමුඛතාවය නොදී බාල් නටමින් මහජන මුදල් නාස්ති කිරීම ගැන නැවත වාරයක් සිත බැලිය යුතුය (නි)

:       0       0

තිලක් Thursday, 16 May 2013 07:35 AM

මේකේ ඉවරයක් දකින්න බැරිද? අපේ ඇමති මන්ත්‍රීලට ඉන්න යෙන්චයියො ගණන අඩු කරලා අනාරක්ෂිත ගේට්ටු වලට දාන්න. (නි)

:       0       0

පෙරේරා Thursday, 16 May 2013 07:42 AM

මේ සතියේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක වුන දෙවැනි අනතුර මේ. මාසෙකට දෙක තුනක් රට පුරාම වෙනවා. මේවා ගැන බලලා මේ අනතුරු වලක්වන්න බලධාරියෝ, ප්‍රාදේශීය දේශපාලකයෝ නම් එමටයි. ඒ වුනාට අනතුරුත් එමටයි. (නි)

:       0       0

රෝසි Thursday, 16 May 2013 08:13 AM

ලොරිය වීනශ වී තියෙන විදියට හිතෙන්නේ ඒක රේල් පර උඩ නැවතිලා වගේ. වෙලාව තිබිලා තියෙනවා ඔක්කොටම පැනලා දුවන්න. කොහොම නැවතුනද දන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් Thursday, 16 May 2013 08:15 AM

මෙවැනි අනතුරු වලදි මුලින්ම වගකිවයුත්තේ දුම්රිය හරස් මග හරහා රථය පදවන රියැදුරා.මෙවැනි ස්ථාන වලට දුම්රිය ගේට්ටු සවි කිරීමේ වගකීම තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට සහ ඇමතිතුමාට. විදුලි දුම්රිය වැනි මහා පරිමාණ කෙරුම් වලට යාමට ප්‍රථම තමන්ට ඡන්දය දෙන අය ගැනත් සිතිය යුතුමයි. ඒ වගේම මහා කෙරුමන් මේවා ගැන සොයන්නේ නැත්නම් ජනතාවට සේවය කිරීමට ප්‍රාදේශීය සබාවට යන නියෝජිතයන්ට, මෙවැනි දුම්රිය හරස් කපොලු වලට යකඩ පීප්ප ගේට්ටු හෝ දමා මුරකරුවන් යොදවන ලෙසට බලකර සිටිය යුතුයි. සේවකයන්ට වැටුප් ගෙවන්නේ මහජන මුදලින් මිස ඔවුන්ගේ සාක්කුවෙන් නෙමෙයිනේ. (නි)

:       0       0

සරා Thursday, 16 May 2013 08:16 AM

මගුක් කන්න වාසනාව තිබිලා. අනේ සාදු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 17 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 412 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 370 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 448 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1103 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 444 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site