IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සමේ විභාගය කල්යයි

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)

රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කළැයි චෝදනාවට කොළඹ මහාධිකරණය දුන් වසර තුනක සිර දඬුවමට එරෙහිව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය ගොනු කළ අභියාචනා පෙත්සම්වල වැඩිදුර විභාගය සැප්තැම්බර් 02 සහ 04 යන දෙදින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය.

ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 600 ක් වැය කරමින් දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් එම මුදල අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණය විසින් මෙසේ  වසර තුනක සිරදඬුවමක් නියම කරන ලදී .

මෙම පෙත්සම් කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවිණි.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ගේ කරුණු දැක්වීම අද (27) දෙවන දිනයටත් සිදු කෙරුණු අතර එහිදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙසේද කීය.

“අභියාචනයක් විභාගයේදී පළමුව අවධානය යොමු කළ යුත්තේ අදාළ දඬුවම සාක්කි මඟින් තහවුරු වන්නේද යන්නයි.විත්තියෙන් ඉදිරිපත් වන කරුණු සලකා බලා යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියෙහි යම් අඩුපාඩුවක් සිදුවී තිබේද යන විමසා බැලිය යුතුයි.

එයයි නඩු තීන්දුවකදී සාමාන්‍යයෙන් භාවිතා වන මූලධර්මය.මෙම නඩුවේදීත් ඒ ක්‍රියාවලිය අනුගමනය විය යුතුයි.මේ නඩුවේ ප්‍රධාන සාක්කි කිහිපයක් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.සුමතිපාල ,අන්වර් , යූසුෆ් යන රෙදි සැපයුම්කරුවන් මෙහි සාක්කිකරුවන් ලෙස  සාක්කි ලබා දුන්නා.ඔවුන්ගේ සාක්කි අභියෝගයට ලක් වූයේ නැහැ.රෙදි සැපයීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් 445 ක මුදලක් පමණයි රුපියල් මිලියන 600කට ඉදිරිපත් කොට තිබුනේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා සාක්කි දෙමින් ගිණුම් පවත්වා ගෙන යන ආකාරය පැහැදිලි කළා.මෙම සියලු ගෙවීම් සම්බන්ධ වවුචර් පත් ජනාධිපති ලේකම් විසින් අත්සන් කළ බව එම ගණකාධිකාරීවරයා සාක්කි වලින් කියා සිටියා.

විදුලි සංදේශ කොමිසමේ මුදල් රාජ්‍ය මුදල් වෙනවා.රාජ්‍ය මුදල් වැය කිරීමට පාර්ලිමේන්තු අනුමැතියක් ලබා ගත යුතුයි.මෙම නඩු විභාගයේදී ඉදිර්පත් වූ සාක්කි ප්‍රමාණයටත් වඩා තිබුණා විත්තිකරුවන් එරෙහි චෝදනා ඔප්පු කිරීමට දඬුවම සාධාරණ බව පෙන්වීමට.

“මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මහාධිකරණ නඩු විභාගයේදී සාක්කි දෙනු ලැබුවා.එහිදී ඔහු විශේෂිත චක්‍රලේඛයක් ඉදිරිපත් කළ රාජ්‍ය මුදල් මැතිවරණ කාලයේදී වැය කළ යුත්තේ කෙසේද යන්න ගැන.මෙම මුදල් වැය කර සිල් රෙදි ව්‍යාපෘතිය සිදු කිරීම එම මැතිවරණ චක්‍රලේඛයට සම්පූර්ණයෙන්ම පටහැනියි.

වංක කටයුතු කිරීම නිසා විදුලි සංදේශ නියාමන කොමිසන් එකට රුපියල් මිලියන 600 ක අයුතු පාඩුවක් සිදුව තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභා පනත අනුව එහි මුදල් වැය කළ හැක්කේ එහි කටයුතු වලට පමණයි.එහෙත් මෙහිදී රුපියල් මිලියන 600 ක් වැය කර ඇත්තේ එම කොමිසන් සභාවේ කටයුතු සඳහා නොවෙයි.එය එම පනතට පටහැනිව කටයුතු කිරීමක් යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතිණි.

එමනඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප්තැම්බර් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.

එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි  පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා නීතීඥ කාංචන රත්වත්තේ යන මහත්වරු පෙනී සිටිමින්  දීර්ඝ ලෙස කරුණු දැක්වූහ.

 



අදහස් (4)

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සමේ විභාගය කල්යයි

pradeepa Thursday, 27 August 2020 02:13 PM

මේ මහත්වරු හිරේ ගිහිල්ලා සුමානයක් විතරයිනේ හිටියේ... පුදුම නීතියක් නේ... දැන් ඔය ඉන්නේ හැපී එකේ මොනවත් කරලා නැහැ වගේ...

:       86       270

Ana Friday, 28 August 2020 03:35 AM

හරක් පැටියෙකුට වුණත් තේරෙනවා විදුලි සංදේශන කොමිෂන් එක සිල් රෙදි බෙදන්න නොවේ තියෙන්නේ කියලා.

:       74       47

kamal Friday, 28 August 2020 04:15 AM

බුද්ධාලම්භන ප්‍රීතියට සිල්රෙදි බෙදා දුන්නු නිසානේ දවසකට හරි හිරබත් කන්න වුණේ.. මොනතරම් සැදැහැවත් බෞද්ධ කෙනෙක්ද?

:       0       91

Rata Perata Friday, 28 August 2020 06:23 AM

මිලියන 600ක හොරකමට අවුරුදු 3යි. මේවා නම් මාර විහිළු...

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 151 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 666 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 579 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 818 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 768 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1184 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site