IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලාල් පුෂ්පකුමාර අද තරග බිමේ

ලන්ඩන් පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අවසන් ක‍්‍රීඩකයා වන ලාල් පුෂ්පකුමාර හෙට (8) තරග බිමට පිවිසීමට නියමිතය. ඔහු දණහිසින් පහළ පාදයක් අහිමි කාණ්ඩයෙන් උස පැනීම ඉසව්වට සහභාගි වන අතර මෙවර පැරාලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරයි. 36 හැවිරිදි ලාල් ආබාධිතයන්ගේ ක‍්‍රීඩා ඉසව් සඳහා තරග වදින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයෙකි. හුද හමුදාවේ ක‍්‍රීඩකයකු වන ලාල් ලංකාදීපයට පැවසුවේ සිය උපරිම ශක්තිය යොදා පදක්කමක් දිනා ගැනීමට උත්සාහ කරන බවයි. මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිවුවැනි ස්ථානයේ පසුවන ලාල් අන්තර් ජාතික තරගාවලි ගණනාවකට සහභාගි වී අත්දැකීම් ලබා සිටින ක‍්‍රීඩකයෙකි. ඔහු පැරලිම්පික් උළෙල දෙකක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදී තිබේ. ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමාවට පත්වන විට එක් ලෝකඩ පදක්කමක් දිනා 69 වැනි ස්ථානයේ පසුවිය. ප‍්‍රදීප් සංජය මීටර 400 පිරිමි ඉසව්වේ එක් අතක් අප‍්‍රාණික කාණ්ඩයෙන් පෙරේදා තරග වදිමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. ඊට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබූ හොඳම පැරාලිම්පික් දස්කම වුයේ මීටර් 100 පසුපස ආර (පිරිමි) දණහිසෙන් පහළ පාදයක් අහිමි ඉසව්වෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩක චමින්ද  පි‍්‍රයදර්ශන සිවු වැනි ස්ථානය ලැබීමයි. ශ්‍රී ලංකා ලෝකඩ පදක්කම්ලාභියා ඊයේ ලන්ඩන් නුවර ප‍්‍රධාන ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේ දී පදක්කම් ප‍්‍රදානයට සහභාගි වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ධජය ඉහළට එසවිණි. පැරලිම්පික් උළෙලක දී ජයග‍්‍රාහකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය ඉහළට එසවුණු පළමු අවස්ථාව එය විය. ලොව මුල්ම පැරලිම්පික් උළෙල 1960දී ආරම්භ වුවත් ශ්‍රී ලංකාව ඒ සඳහා සහභාගි වන්නේ 1996 ඇට්ලන්ටා තරගාවලියේ උළෙලේ සිටය. චීනය රන් පදක්කම් 63ක් දිනා ගනිමින් ඊයේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණේ පසුවිය. ඔවුන් ඒ වනවිට දිනා සිටි මුළු පදක්කම් ගණන (රිදී 50, ලෝකඩ 49) 159කි. රුසියාව පදක්කම් 18ක් දිනා දෙවැනි ස්ථානයේ පසු වු අතර එම ප‍්‍රතිඵලය අනුව දැනටමත් චීනය මෙවර පැරලිම්පික් උලෙලේ දීත් ජයග‍්‍රාහකයා බවට පත්ව තිබේ.



අදහස් (0)

ලාල් පුෂ්පකුමාර අද තරග බිමේ

වරුණ Friday, 07 September 2012 12:37 PM

බය වෙන්න දෙයක් නෑ ඇමතිතුමා ඔබට ශක්තියක් වේවි.!!! (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:36 PM

රිදී හෝ ලෝකඩ පදක්කමක් ෂුවර්...ජය වේවා (ස)

:       0       0

රාජා Saturday, 08 September 2012 04:07 PM

ඔබට ජය ලබන්න හැකි වේවා!!! (ස)

:       0       0

අනුරාධ Friday, 07 September 2012 04:58 PM

පුතා ,ඔබට තෙරුවන් සරණයි !ජය නියතයි !(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 69 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 311 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1143 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2718 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 1421 4

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site