IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලෑලි බංකුව කොන්දට මාරකයක්

දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී  සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජනය වෙතියි ළමයින් ගැන සමීක්ෂණයක් කරන  මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. ඔහු කොඳු ඇට පෙළේ ආබාධ ගැන විශේෂඥ වෛද්‍යවරයෙකි.

හෙළ වෙදකම හා සම්බන්ධ වෙමින් කොඳු ඇට පෙළ රෝගවලට ප‍්‍රතිකාර සිදු කරන සාගර කරුණාතිලක මහතා සඳහන් කරනුයේ මේ වනවිට ඔහුගෙන් ප‍්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින් අතරින් පාසල් යන දරුවන් රැසකට මෙම කොඳු ඇට පෙ‍ළේ ඇදවීම දක්නට ඇති බවයි.

එක දිගටම ටියුෂන් පන්තිවල වැරදි ඉරියව් වලින් වාඩිවී සිටිමත් අධික ලෙස බර පොත් බෑග් කරේ එල්ලා ගෙන යෑමත් කැල්සියම් ඇති ආහාර නොගැනිමත්. යුරියා වැනි ද්‍රව්‍ය යෙදු එළවළු (කෘමිනාශක) යෙදු පළතුරු වැනි ආහාර කෑමට ගැනීමත් නිසා කොන්දේ ඇදයන් සිදු වන බව සාගර කරුණාතිලක මහතා පවසයි.

පාසල් දරුවන් අතරින් ගැහැණු දරුවන්ට මෙම කොඳු ඇදය හැදීම ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරයා කියයි.

‘‘මෙම රෝගයට ලක් වු දරුවන් ගේ දෙමාපියන් විශාල මුදලක් වැය කර විවිධ වෛද්‍යවරුන් වෙත ගොස්  මුදල් වියදම් කර පලක් නොමැතිව පීඩා විදින අය සිටිනවා. දරුවන්ට නිසි අයුරින් කැල්සියම් ඇති හාල් මැස්සන්, කතුරු මුරුංගා. කොස් පොළොස්, පළා වර්ග ආහාරයට නොගැනීමත් නිවැරදි අයුරින් නිදා නොගැනීම, පරිගණක භාවිතයේ දි වැරදි ඉරියව්වෙන් ඉඳගැනීම, ව්‍යායාම් ආදි කි‍්‍රයාකරකම් වල නිරත නොවිම  වැනි කි‍්‍රයා නිසා මේ වැනි ආබාධවලට දරුවන් හා වැඩිහිටියන් ලක්වෙමින් පවතිනවා. ව්‍යායාම් වැනි ශරිරයට අවශ්‍ය දේවල් දිනපතාම සිදු කළ යුතුය. දරුවන් අමතර පංති වලට යොමු කිරිමේ දී පුටුවක් රැුගෙන ගොස් තම දරුවාට වාඩි වී සිටිමට සැලැස්සවීමෙන් අනාගතේ තම දරුවන්ට සිදු වන මෙම කොඳු ඇදවිමේ රෝගයෙන් මිදීමට හැකි වෙනවා‘‘ යැයි වෛද්‍ය කරුණාතිලක මහතා පැවසීය.

කොන්දේ ස්නායු තෙරපීමකට ලක්වීමෙන් අභ්‍යන්තර ග‍්‍රන්ථි වලටද දැඩි ලෙස බලපා හදවත, පෙනහලූ, අක්මාව, මොළය, වකුගඩු ආදි ඉන්ද්‍රියයන් මෙම රෝගය නිසා අඩපණවිමට හැකි බවද වෛද්‍ය කරුණාතිලක මහතා අවධාරණය කරයි.

4 5 8    12 12233

වෛද්‍ය සාගර කරුණාතිලක මහතා

9(17)

(නිරෝගිමත් දරුවකුගේ කොඳු ඇට පෙළක්)

10(24)

(වැරදි ඉරියව් නිසා ඇද වූ කොඳු ඇට පෙළක්)

11(17)

(කොඳු ඇට පෙළ ආබාධයකට ලක්වූ අයකුට ප්‍රතිකාර කරන අයුරු)



අදහස් (0)

ලෑලි බංකුව කොන්දට මාරකයක්

නිශාන් Saturday, 28 March 2015 04:35 PM

මෙතුමාගේ ප්‍රතිකාරවලත් මිල බොහොම ඉහළයි. සාමාන්‍ය රැකියා කරන අපට දරා ගැනීමට නොහැකියි.(ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 12 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 163 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 113 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 524 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1018 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site