IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් කෝටි 8823 ක් පමණ වන අතර ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී ඇති බරපතල මූල්‍ය අරමුදල සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන ඇති ඉන්ධන වලට ගෙවිය යුතු ණය මුදල ඉතා විශාල බැවින් කෙරවලපිටිය බලාගාරයට ඉන්ධන ලබාදීම ඛණිජ තෙල් සංස්ථාව පසුගියදා නතර කර තිබුණි.

මේ තත්ත්වය හේතුවෙන් අමාත්‍යාංශයේද අවසරයකින් තොරව  පසුගියදා විදුලි කප්පාදුවක්ද සිදුකර තිබුණි.

අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව  විදුලි කප්පාදුවක් සිදුකර ජනතාවත් රජයත් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව  විනය පරීක්ෂණයක් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්විමේදී ප්‍රකාශ කර ඇත.

මේ අතර රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගැනීම සඳහා දැනට විදුලිය ලබාගන්නා පෞද්ගලික සමාගම් දෙකක ගිවිසුම්  තවත් මාස හයකින් දීර්ඝ කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

 

 



අදහස් (3)

ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි

Asanga Thursday, 06 February 2020 12:41 AM

හරියට අතීසාරෙට අබුඩය ගහනවා වගේ වැඩක්.

:       0       23

lanka Thursday, 06 February 2020 01:05 AM

විදුලි බල මණ්ඩලය බරපතල මුල්‍ය ගැටළුවක් දක්වා ගියේ එහි පාරිබෝගිකයන්ගේ වරදෙන්ද , නිලධාරීන්ගේ සහ පාලකයන්ගේ වරදින්ද ? අමතක කරන්න එපා ,දේශපාලන වාසි වෙනුවෙන් දුප්පත් කම තුරන් කරන්න කියලා දුප්පත් ජනතාවට සහනාධාර ලෙස නොමිලේ විදුලිය දීලා හෝ තේරුමක් නැතුව අධික ලෙස සේවකයන් බඳවාගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

:       0       156

d.upul Thursday, 06 February 2020 01:50 AM

මේ වගේ වැඩ වලටද ජනතාව ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ? ගමේ පොල් කඩන සයිමන් අයියට කිව්වනම් අනුමැතිය දෙනවනේ.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 44 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 311 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 185 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 519 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 664 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 540 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site