IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංවිම අනීතිතව ලැබූ ලාභය වාහාම බෙදන්න

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය හැකි ඉක්මණින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය.

ජනක රත්නායක මහතා කොළඹදී අද (7) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

විදුලි පාරිභෝගිකයින් මත අසාධාරණ බර පැටවීමෙන් විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අවසාන කාර්තුවේදී රුපියල් කෝටි 5000කට අධික ලාභයක් ලැබූ බවත් විදුලි බල පනතේ 30 වැනි වගන්තියට පටහැනිව අනුමත කළ අනීතික ගාස්තු වැඩිකිරීමක් හරහා එම ලාභය ලැබූ බවත් රත්නායක මහතා කීය.

ලංකා විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස උපයාගත් කෝටි 5000 විදුලි පාරිභෝගිකයින්ට වාහාම බෙදාදිය යුතු බව කී ජනක රත්නායක මහතා පැවසුවේ ඉදිරි ගාස්තු සංශෝධනයකදි සියයට 50කින් ගාස්තු අඩුකරන බවට කරන ප්‍රකාශ විදුලි පාරිභෝගිකයා නොමග යැවීමක් බව ද සඳහන් කළේය.

ඉදිරි ගාස්තු සංශෝධනය කළ යුත්තේ ඉදිරියේ පැවතිය හැකි විදුලි ඉල්ලුම, සැපයුම සහ වියදම් ඇස්තමේන්තු මත විදුලිබල පනතේ 30 වන වගන්තියෙන් පැහැදිලිව දක්වා තිබෙනවා විදුලි ගාස්තු සංශෝධකනය කළ යුතු ආකාරයට අනුව බව කී ඒ මහතා සඳහන් කළේ විදුලිය සැපයීම සඳහා සාධාරණ වියදම සපයා ගැනීමට පමණක් බවත්ය.

ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව පසුගිය වසරේ කළ වැරැද්ද නිවැරැදි කිරීම සඳහා පලමුවෙන්ම වාහාම මණ්ඩලය ලැබූ අධික ලාභය විදුලි පාරිභෝගිකයා අතර සාධාරණ ලෙස බෙදිය යුතු බවත් ඉදිරි ගාස්තු සංශෝධන නිවැරැදිව කිරීමට නම් ස්වාධීනව ක්‍රියාකරන, විදුලිබල කර්මාන්තය පිළිබද දැනුම ඇති වෘත්තිකයින් කොමිෂන් සභාවට පත් කළ යුතු බවත් ඒ මහතා කීය.

වර්තමානයේ ක්‍රියාත්මක විදුලිබල පනත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතත්, ශ්‍රී ලංකා විදුලිබල පනතත් පාරිභෝගික ආරක්ෂාව සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රතිපාදන සහිත පනත් දෙකක් බව කී ජනක රත්නායක මහතා යෝජිත පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ විදුලිබල කර්මාන්තය, නියාමනය හා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද අබමල් රේණුවක දැනුමක් ඇති පිරිසක් නොවන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

ලංවිම අනීතිතව ලැබූ ලාභය වාහාම බෙදන්න

සරත් Sunday, 07 January 2024 09:37 PM

අපි ලයිට් බිල ගෙවාගන්න කන කර උගස් තියනවා. මේ බල්ලෝ බිලියන ගණන් ලාබ ලබනවා. තොපි අපේ සල්ලි අනීතිකව අරගෙන... මුන්ට හොදක් වෙන්නේ නෑ....දෙස්පාලුවෝ ඇස් කන් පියාගෙන ඉන්නවා...

:       2       8

abeygunasekarasampath95 Sunday, 07 January 2024 10:54 PM

අනාගත ජනාධිපතිලා මේ පාර ඔක්කොම එක වගේ

:       0       2

Pradeep Kumara Monday, 08 January 2024 11:23 AM

ඒ ලාභය බෙදලා දෙන්න උවමනා නෑ. ඒක කොහොමවත් වෙන්නෙ නැති වැඩක් නේ. ලබන මාසේ ඉදලා වත් විදුලි බිල අඩුකරලා දෙන්න. ඒ ඇති.

:       2       4

saman Monday, 08 January 2024 01:52 PM

රජයේ බැංකු ලාබ ලබනකොට ඒකෙනුත් කොටසක් ඉල්ලගන්න.මේ මනුස්සයා රටේ බලශක්ති ක්ෂේත්‍රය විනාස කරන්න දාපු විදෙස් පිල්ලියක්

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 2 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 50 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 204 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 286 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 279 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 338 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39117 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25579 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1087 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site