(සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194 ක ප්‍රමාද පොලියක් 2023 වසරේදී පමණක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළාලුත්ම වාර්තාවක සඳහන් වේ.
තවද මණ්ඩලයේ අඛණ්ඩ මූල්‍ය අලාභ හේතුවෙන් ලබාගත් බැංකු අයිරා කෙටිකාලීන ණය සහ දිගු කාලීන ණය සඳහා පොලී ලෙස රුපියල් කෝටි 3687ක මුදලක් 2023 වර්ෂයේදී පමණක් වැය කර තිබූ බව එහි දැක්වේ.
එසේම විදුලි බල මණ්ඩලයට වෙළඳ ණයගැතියන්ගෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට අය නොවී පැවතුන බව විගණන කාර්යාලය පවසයි.
තවද ශ්‍රී ලංකා විදුලි බල පනතේ වගන්ති වලට පටහැනිව නියාමකගෙන් අධිකාරී බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබාගෙන නොතිබුණු විශ්‍රාම ලක් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් දෙදෙනෙකුගෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි 200ක් ගිගාවොට් 27.31 ක බලශක්ති මිලදීගෙන තිබූ බව
විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.
මේ අතර 2023 වර්ෂයේ පළමු මාස නවය සඳහා විවිධ දීමනා වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ සහ වැටුප් සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා
Shehan Thursday, 16 January 2025 12:02 PM
ඇමති බුදි ද ?
Ajantha Thursday, 16 January 2025 12:05 PM
"මෙයාලා මේ තරම් සල්ලි නාස්ති කරලා තියෙන්නේ කිසිම වගකීමක් නැතිව . ණය කන්දක ඉඳගෙන තව තවත් මත් කරනවා රට. ඒ හැම දෙයක්ම මෞජනතාවාගේ පිට පටවනවා. දැන්වත් මේවගේ කෙරවලක් උනේ නැත්නම් ලංකාවට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
Perera Thursday, 16 January 2025 12:29 PM
හිටපු ඇමතියයි මිනිහගේ ගෝල බාලයෝ සෙට් එකයි ඕකට වග කියන්න ඕනේ
රම්බොඩ Thursday, 16 January 2025 01:08 PM
අවුලක් නෑ. කෝටි ගණන් ඒ ඒ නිළධාරීන් ගේ සාක්කුවල ඇති. මහජනතාව බර අදිනවනෙ. කොච්චර වැහැලා ජලාශ පිරුණත් වැඩක් නෑ.
kamal Koyrala Thursday, 16 January 2025 02:40 PM
මහජනතාව බිල් ගෙවලා නැහැ... නැහැ. ඕකයි මණ්ඩලේ පාඩු වෙන්න සහ මහවැස්සෙන් සතියක් ඇතුළත වැව්, සහ ජලාශ හිඳෙන්නේ. ඉතින් බිල් ගෙවාගන්න බෑ... පට්ටනේ...!
ගුණරත්න Friday, 17 January 2025 12:24 PM
අපි අවුරුදු 3ක් තිස්සේ විශාල විදුලි බිලක් ගෙවනවා. ඒ එකතුවෙන මුදල් නිසා විදුලිබල මණ්ඩලය ලාබ ලැබුවා කියලත් කියනවා. ඉතින් ඒ තරම් මුදල් ලැබිලත් හිඟ ගෙව්වේ නැත්තේ ඇයි? මේක ඉතාම නරක වගකීම් පැහැර හැරීමක්. අන්තිමේ ඔය දඩ සහ හිඟ මුදල් ගෙවෙන්නෙත් අපෙන් එකතු කරන සල්ලි වලින්, වාරික වශයෙන් හෙණ ගහන වැඩ...