IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් මණ්ඩලේ බිලට

(යොහාන් භාසුර)

ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට  මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමසුමේදී පැවසුවේ අදාල ගෙවීම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස එම මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත් විගණන වාර්තාවෙන් පසුව ඒ පිළිබඳව නිෂ්චිත ප්‍රකාශයක් කළ හැකි බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

අදාල රුපියල් 63,000 ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මෙම නිලධාරිනිය මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වන විටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති.

මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත බවත් විදේශ සංචාර සඳහා සහභාගිවන නිලධාරීන්ට ගමන්මළු ආදිය මිලදීගැනීමට විදුලිබල මණ්ඩලයේ මුදල් භාවිතා කළ නොහැකි බවත් සේවකයෝ කියති.

විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව කියන සේවකයන් මෙම නිලධාරිවරිය සති ගණන් අඛණ්ඩවට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අවස්ථා කීපයකදී ඇයට උසස් නිලධාරීන් අවදානය කළ පසු අසනීප තත්වය හේතුවෙන් සේවයට නොපැමිණි යැයි පැවසීමෙන් ඇය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ද ගෙන නොමැති බව දැනගන්නට තිබේ.

 



අදහස් (15)

ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් මණ්ඩලේ බිලට

Bamunuarachchi Thursday, 23 November 2023 11:39 PM

මෙන්න විදුලිබල මණ්ඩලේ කෙරුවාවල්. මේ වියදම් පියවා ගන්නේ ජනතාවගේ විදුලියබිල වැඩිකරල. මේ ගැහැනිගේ මේ වියදම අනුමත කල ගානකාධිකාරයා බුරුවෙක්ද? රටේ වටිනා වැදගත් ආයතන සංස්ථා, මණ්ඩල කරගන්නේ මෙහෙම කෙලින්න තමයි. මෙයා සමග සහ වාසය කල නිලදාරීන්ද මෙයාට විරුද්දව action අරගෙන නැත්තේ.

:       0       2

Bamunuarachchi Thursday, 23 November 2023 11:44 PM

ලබන වසරේ පැන්සෝන් යනවා නම් මේ අම්මණ්ඩිව පිටරට යවන්නේ ඇයි? මොන සේවයක් බලාපොරොතුවද? මේ වගේ අලුගුත්තේරු වැඩ නිසාම මේ ආයතනය පෞද්ගලිකරණය කල යුතුයි.

:       0       5

Kumara Friday, 24 November 2023 12:11 AM

ශීත ඍතුවේ ඇඳුම් සඳහා වියදම් ආපසු ගෙවීම සඳහා රජයේ සේවකයන්ට හිමිකම් ඇත.

:       1       0

ravin Friday, 24 November 2023 03:19 AM

ගිහිල්ලා තියෙන්නේ ප්‍රංශයට නේද ?හොඳට බලන්න ජංගි බිලත් ඇතුලත්ද කියලා.ආ අමතක උනානේ ප්‍රංශයේදී ජංගි වල අවශ්‍යතාවයක් වෙන් නැතිව ඇති

:       0       1

යෝගා Friday, 24 November 2023 05:55 AM

ලබන වසරේ විශ්‍රාම යනවනම් ඔය අධ්‍යාපන චාරිකාවෙන් මණ්ඩලයට ඇති ප්‍රයෝජනය කුමක්ද?

:       0       2

පිටිගල මිලානෝ Friday, 24 November 2023 06:18 AM

ප්‍රංශයට අපේ රට නියෝජනය කරමින් යන විට ගෙවිච්ච බාටා කූට්ටමක් දාගෙනද යන්න කියන්නේ…? එසේත් නැත්නම් අධික මිලක් ඇය විසින් ගෙවා ඇදුම් ආයිත්තම් මිලට ගෙන මෙම රාජකාරියට සහබාගී වන්නද කියන්නේ…?

:       4       0

Bamunuarachchi Friday, 24 November 2023 07:56 PM

පිටිගල ගොයියෝ... මෙයා යන්නේ පාඨමාලාවකට, ඒ ඇරත් මොන මගුලකට ගියත් රජය හෝ ආයතනය ඇඳුම්, සපත්තු, ගමන් බෑග්වලට ගෙවන්නේ නැහැ. ලෙඩ්ඩුන්ගේ රෝද පුටු තල්ලු කරනවාට මිලානෝවල ගෙවනවාද දන්නේ නැහැ. ලංකාවේ හෝ වෙනරටක රජයේ හෝ වෙනත් පිළිගන්න ආයතනයක රැකියාවක් කළ අය මේ බව දන්නවා. මේක මේ ආයතනයේ දිගටම කෙරුණු දෙයක් ඒකයි... මේ අම්මණ්ඩි කිසිම පැකිලීමක් නැතුව ක්ලේම් එක දාලා තිබෙන්නේ...

:       0       0

Latha Friday, 24 November 2023 08:52 AM

කණගාටු වෙන්ඩ දෙයක් නෑ . බිල වැඩි කරන්ඩ. පුද්ගලික වියදම් ඔක්කොම පාරිභෝගිකයන්ගෙන් අයකර ගන්න. ලෝකෙ වැඩිම මිල ගනන් තියෙන්නෙ විදුලි බිලට.

:       0       35

මැක්ස් Friday, 24 November 2023 11:10 AM

එන්න අපි තව දුරටත් 225 ගැනම වද වෙමු. උන්ටම ඉරිසියා කරමු. සියල්ල උන් පිටින් යවමු. අපි සැනසිල්ලේ ඉමු.

:       0       2

Kazi Shajahan Friday, 24 November 2023 11:41 AM

ඔය වගේ දේවලුත් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක හදනකොට බලනවද , කාන්චන දැන් මොනවද කියන්නෙ ,CEB එක පාඩුයි නෙ කියන්නෙ ,පාඩුවෙන්නෙ නැද්ද

:       0       9

JAYASEKARA Friday, 24 November 2023 12:49 PM

ඕවා ඉතින් මිනිස්සුන්ගේ බිලටම තමා .මේ වගේ කාලකන්නි ආයතන

:       0       2

Bamunuarachchi Friday, 24 November 2023 12:58 PM

ඔය අසු උන එක මගඩියක් තවත් කොපමණ තිබෙනවාද කියලා සොයා බලන්න රජයේ විගනාදිපතිට භාරදෙන්න. මනු කියවන්නාට මනුව හරියට කියවනවාටත් දීමනා ගෙවූ ආයතනයක්. මොවුන් මේවා සංස්ථා, මණ්ඩල කරගෙන ඉන්නේ මේවගේ පට්ට හොරවැඩ කරන්නයි.

:       0       2

Bamunuarachchi Friday, 24 November 2023 01:22 PM

ලබන අවුරුද්දේ පැන්ෂන් යන මේ උන්දැට මොන අධ්‍යාපන චාරිකාද? මෙයාට දෙන දැනුමෙන් රටට වැඩක් තිබෙනවද? හරියට ඉගෙනගෙන එනවාට දීමනාවකුත් දෙනවා ඇති. අනේ මෙහෙව් මණ්ඩල සහ පාලකයෝ? නොදකින්!

:       1       3

Perera Friday, 24 November 2023 01:40 PM

මෙයා විතරද ඔහොම කරලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න අයයි, ඔවුන්ගේ පවුල්වල අයයි රට සවාරි ගිහින් වියදම් කරපුවා ගැන හොයන්න කවුරුවත් නැහැ. රට බංකොළොත් වෙන්න ඕවත් හේතු...

:       0       1

Citizen Friday, 24 November 2023 03:44 PM

ඔයා අහුවෙලා තියෙන්නේ එකක් විතරක් වෙන්න ඇති... නාකි වෙනකන් මොන මොන ගැහිලි ගහගන්නද හොයන්නේ? මේ වගේ අයගේ ආදායම්, වියදම් විගණනය කරන්න ඕනෑ. රටේ මිනිස්සු දුක් විඳිමින් බිල් ගෙවන්නේ මොවුන් වගේ හොරු ටිකක් නඩත්තු කරන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 186 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 193 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 297 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 798 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 639 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 625 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 452 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site