IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලොව කෝටිපතියෝ

2013 මාර්තු ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර ෂෝබස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ලොව මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 100 දෙනකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන් පළමු ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 73ක වත්කමක් ඇති මෙක්සිකෝ ජාතික කැරොල් ස්ලිම් හේලුය. දෙවැනි ස්ථානය අමෙරිකානු ජාතික බිල් ගේට්ස්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 67 කි. තුන්වන ස්ථානය ස්පාඤ්ඤ ජාතික අවන්සිපෝ ඔටේගාය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 57කි.

මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 10 දෙනා අතර කාන්තාවක් ද වන්නීය. ඇය ප්‍රංශයේ ලලියානේ බෙටන්කෝට්ය.  වත්කම ඩොලර් බිලියන 30කි.

මුල් පෙළේ ව්‍යාපාරිකයන් 100 දෙනා ගෙන් 37 දෙනකු ඇමෙරිකා  ජාතික ව්‍යාපාරිකයන් ය. පස් දෙනකු රුසියානු ජාතිකයන් වන අතර එක් අයකු චීන ජාතිකයකු ය.

කෝටිපති ව්‍යාපාරිකයන් අතර ලාබාලම ව්‍යාපාරිකයා වන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හිමි ඇමෙරිකා ජාතික 28 හැවිරිදි මාක් සුකර් බර්ග්ය. වත්කම ඩොලර් බිලියන 13.3කි.



අදහස් (0)

ලොව කෝටිපතියෝ

ප්‍රියා Monday, 22 April 2013 11:04 AM

කෝටිපතියන් නැති වුණත් " කොටි " නම් ලෝකය පුරාම (නි)

:       0       0

මොහොමඩ් Monday, 22 April 2013 11:15 AM

පුදුමයි අපේ රටේ දේශපාලඥයෙක් නැති එක. (නි)

:       0       0

සුපුන් Monday, 22 April 2013 11:33 AM

අපේ අහවලාගේ පුතාගේ නම නැද්ද? වෙන්න බැහැ. (නි)

:       0       0

සම්පත් Monday, 22 April 2013 11:46 AM

මට මතක් වෙනවා අනේ පිඩු සිටාණන්ගේ කතාව. ඉතින් මෙයාලට බැරිද ලෝකයේ දුප්පත්කම නැතිකරන්න මේ සල්ලි වලින් පොඩි කොටසක් වෙන් කරන්න? (නි)

:       0       0

තිලක් Monday, 22 April 2013 11:50 AM

මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ ආසියාවේම කෝටිපතියෙක් ලංකාවෙන් බිහි වුණා නම්,අද ලෝකයෙන්ම ධන කුවේරයා අනිවාර්යෙන්ම බිහි වෙන්නේ ලංකාවෙන්. ඒක ඉර හද වගේ විශ්වාසයි. (නි)

:       0       0

තිලක් Monday, 22 April 2013 11:52 AM

පළමු ස්ථානය ඇමෙරිකාවේනේ. හොදයි කියන්න බලන්න එහෙනම් එයාවත් ලැම්බෝගිනි,ෆෙරි කාර් ප්ලේන් එකේ ගෙනත් තියෙනවද කියලා. (නි)

:       0       0

තිලක් Monday, 22 April 2013 11:54 AM

කොටින්ගෙන් අල්ල ගත්තු රත්තරන් ටිකයි,හැමදාම රේගුවෙන් අල්ල ගන්න රත්තරන් ටොන් ගානයි එකතු කළොත් ලෝකයෙන්ම පොහොසත් ලංකාවනෙ. (නි)

:       0       0

කිර්ති Monday, 22 April 2013 11:57 AM

කවුරු කොහොම කිවුවත් ලෝකයෙන්ම කෝටිපති පවුල ඉන්නේ ලංකාවේ. (නි)

:       0       0

ෂාලික් Sunday, 21 April 2013 10:10 PM

අනේ වාසනාවන්.(නදී)

:       0       0

ප්‍රභා Sunday, 21 April 2013 10:17 PM

අපේ කව්රුත් නැද්ද? වෙන්න බෑ.(නදී)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 10:19 PM

ඔය නාම ලේඛනයේ හැටියට අපේ රටෙනුත් 1/2 ක් වත් ඉන්න ඕන අනිවාර්යයෙන්ම හරි විදියට නම්. චන්දෙ ඉල්ලන්න ගියත් බැරකම් ප්‍රකාශ නොදෙන අපේ නායකයෝ ඔය ලැයිස්තුවට නම දායි.(නදී)

:       0       0

සන්ජය Sunday, 21 April 2013 10:20 PM

අනේ අපේ අයත් ට්‍රයි කරන්නකෝ (නි)

:       0       0

කල්ප Sunday, 21 April 2013 10:24 PM

ලංකාවෙ ඇමති මණ්ඩලේ කව්රුත් නැද්ද ?(නදී)

:       0       0

බෙනි පෙරෙරා Monday, 22 April 2013 12:45 PM

දැනට අවුරුදු 2 කලින් පළමු කෝටි පති 10 දෙනා අතරට ඉන්දියාවෙ 3 දෙනෙක්ම ඇතුලත් වෙලා තිබුනා. ඉන් එක්කෙනෙක් ලෝකේම 3 වෙනි කෝටිපතියා.(නදී)

:       0       0

කැටවල Sunday, 21 April 2013 10:26 PM

මගේ නමනම් දාන්න එපා හොදේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 21 April 2013 10:32 PM

මෙය සම්පූර්න අසත්‍යයක් මෙතන අපේ රටේ අයගෙ නම් දාල නෑ. මෙන්න නියම ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)

:       0       0

වනසිංම Monday, 22 April 2013 12:53 PM

ලැයිස්තුවේ 22,41,91 ඉන්දියානුවන්.(නදී)

:       0       0

නාමල් Sunday, 21 April 2013 10:58 PM

මගේ නම නැහැනේ.

:       0       0

හේරත් Sunday, 21 April 2013 11:03 PM

මම ජිනීවා යනවා. පෙලපාලි යනවා .මගේ නමත් නැත. අපේ පාර්ලිමේන්තුවේ අයත් නැත. පළාත් අයත් නැත. සි .ජේ.ත් නැත. ප්‍රභාත් නැත. අසාධාරණේ වෙනුවෙන් සටන් මෙහෙය වනවා. (නදී)

:       0       0

විජිත් Sunday, 21 April 2013 11:09 PM

මගේ නම නැ වගේ. තවම මගේ වෙලාව නරක නැහැ වගේ. නැතිනම් ආදායම් බදු වලට අහුවෙන්න තිබුනා.(නදී)

:       0       0

ඛාන් කුවෛට් Sunday, 21 April 2013 11:15 PM

ලංකාවෙත් කෝටිපතියෝ ඉන්නවා, රජයට අදායම් බදු ගෙවන්න සිද්ද වෙන නිසා පෙන්නන්නේ නැහැ.(නදී)

:       0       0

මදුශ Sunday, 28 April 2013 12:07 PM

මට නම් හිතෙන්නේ අපිට තරම් සතුටක් මේ අයට නැතුව ඇති (නි)

:       0       0

නාමල් Sunday, 21 April 2013 11:27 PM

මේක නම් වෙන්න බැහැ,පළමු තැන අපේ කෙනෙක්... (නි)

:       0       0

මනෝ Monday, 22 April 2013 01:22 PM

අපෙන් කවුරුවත් නැද්ද? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Sunday, 21 April 2013 11:47 PM

මේ සියදෙනා අතර ලංකාවේ එක්කෙනෙක් හරි ඇති. (නි)

:       0       0

අසංක Tuesday, 23 April 2013 02:44 PM

කෝ අපේ අය නැද්ද ? (ස)

:       0       0

සිල්වා Monday, 22 April 2013 12:18 AM

කෝටිපති මුල් පෙලේ අය ගැන කරපු සමික්ෂණය හරි කියලා මමත් හිතනවා. එහෙත් ප්‍රබලයා ඇමරිකාවේ කෙනෙක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

කමනි Monday, 22 April 2013 12:23 AM

කොටිපතියො මැදපෙරදිග ඉන්නවා. ඔවුන්ගෙ නම් ප්‍රසිද්ද කරන්න එන්නෙ නැ. (නදී)

:       0       0

අහිංසක Monday, 22 April 2013 12:45 AM

අපේ දේශපාලඥයන් කවුරුත් නැද්ද? (නදී)

:       0       0

ලලිත් Monday, 22 April 2013 01:05 AM

මෙතන දාල තියෙන්න තමුන්ගේ උත්සාහයෙන් ව්‍යාපාරවලින් හම්බකරගත් උදවියගේ පමණයි. ජනතාවගෙන් කොල්ල කාලා හම්බකරගත් අයගේ ඒවා නොවේ. ඒ කයි අපේ අයගේ නම් දාලා නැත්තේ.(නදී)

:       0       0

උපාලි Monday, 22 April 2013 01:19 AM

මේ ලයිස්තුවේ ඉන්නේ වැඩකට නැති ව්‍යාපාරිකයන් වෙන්න ඇති. නමුත් නියම ව්‍යාපාරික ඇහින් බැලුවොත් අපේ ලොකු ලොකු කට්ටිය ඔතන ඉන්නම ඕන. අයි ඉලව්වේ, මෙච්චර මහන්සියෙන් (කුඩු) බිස්නස් කරලත් අපේ එකෙක්ගේ නම නෑ කිව්වම අපටත් තරහ යනවනේ. (නදී)

:       0       0

අමල් Tuesday, 23 April 2013 02:58 PM

බලන්නකෝ... ඔතන අපේ නමක් අද හෙටම තියේවි. (ස)

:       0       3

රකිත් Monday, 22 April 2013 04:33 AM

තනි පුද්ගලයින් ගැන කරපු සමීක්ෂණයක් වගෙයි, මොකද කෝටිපති පවුල් ගැන සමීක්ෂණයක් කළානම් අනිවාර්යයෙන්ම ආසියාවේ ආශ්චර්යයෙන් පවුලක් දෙකක් තියෙනවා මුල් 100 ඇතුලත.(නදී)

:       0       0

ජය Monday, 22 April 2013 08:20 PM

ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගය විදේශ රැකියා. ලක්ෂ ගානක් රට ගිහිල්ලත් අවුරුද්දට ගේන්නේ ඩොලර් බිලියන 6යි. අපේ රටේ තත්ත්වය හිතාගන්න පුළුවන් නේද? (නි)

:       0       0

ලංකාසිරි Monday, 22 April 2013 02:16 PM

මොකද නැත්තේ? අපේ කෙනා තමයි මුලට එන්න හිටියේ. ඒත් ඉතින් තාමත් සල්ලි ගනිනවා, මෙදා පාරත් මිස් වුණා. (නි)

:       0       0

සමන් Monday, 22 April 2013 07:09 AM

ණයක් ඉල්ලනවා නම් ඕං අවස්ථාව... (නි)

:       0       0

වරුන Monday, 22 April 2013 07:31 AM

ඔය ගොඩේ ලංකාවේ දේසපලඥයෙක් වත් නැති කණගාටුවට කාරණයක් මොකද හැම දෙයකින්ම කප් ගහල ඉදිරියෙන්ම ඉන්නේ ලංකාව නිසා.(නදී)

:       0       0

රකිත් Monday, 22 April 2013 07:42 AM

රිස්වාන්, මුල් 100 නෙමෙයි මුල් 1000ම හොයලා බැලුවා, පුදුමයි! ඒත් ඇත්තයි, අපේ කවුරුවත් නැහැ. මට පෙනෙන්නේ අපේ අය ජාත්‍යන්තරයත් අන්දලා වගේ. (නි)

:       0       0

වජිර Friday, 26 April 2013 08:35 AM

කවදා හරි මමත් මේ ගොඩට එනවා (දී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Monday, 22 April 2013 08:10 AM

රකිත් එහම වෙන්න බැහැනේ.ලංකාවේ දේශපාලකයෙක් සහ කුඩු වෙළෙන්දෙක් ඉන්නවා.මම හිතන්නේ මේ දෙදෙනා වත්කම් ටික හරියට පෙන්නලා නැතිව ඇති. අපි මේකට විරෝධය පළ කරමු. එතකොට නිවැරදි කරයි. (නි)

:       0       0

ඉෂාර Monday, 22 April 2013 08:25 AM

අපි අව්‍යාජ මෘදුකාංග මිලට ගත්තා නම්, සදා පළවැනි තමා. (නි)

:       0       0

අජිත් Monday, 22 April 2013 08:25 AM

ඉදිරි සමික්ෂණය අපේ රටෙන් කවුරු හරි යයි. දැන් ඉතිං අපේ රටට අඩු ඒ අය විතරයි (නි)

:       0       0

රංජන් Monday, 22 April 2013 03:00 PM

ඇයි ලංකාවෙන් කවුරුත් නැත්තේ? (නි)

:       0       0

ප්‍රසාද් Monday, 22 April 2013 08:35 AM

අනිවාර්යෙන්ම මේකට අපේ රටේ කෙනෙක් ඇතුලත් විය යුතුයි.නැත්නම් මේ සමීක්ෂණය වැරදියි. (නි)

:       0       0

ගුණපාල Monday, 22 April 2013 08:45 AM

ඕකට අපේ පළාත් ලොක්කෙක් ගේ නමත් තියෙන්න ඕන (ස)

:       0       0

කුමාර Monday, 22 April 2013 03:35 PM

මට දුකයි මේකේ අදහස් දාපු අය ගැන. එයාලා දන්නේ ලිඳ ඇතුලේ වෙන දේ විතරනේ. ලංකාව කියන්නේ මහා ලොකු රටක් කියලා හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

අනුරංග Monday, 22 April 2013 09:28 AM

මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා කුමන්ත්‍රනයක්. ඇයි මේකට ලංකාවෙන් කවුරුවත් නැත්තේ? (නි)

:       0       0

අචිනි Monday, 22 April 2013 09:32 AM

අනේ අපේ කෙනෙක්ගේ නමක් දාන්න අමතක කරලා .... (නි)

:       0       0

දයා Monday, 22 April 2013 09:38 AM

මේකට වැටෙන්නේ සාධාරණ විදියට දියුණූ වුණ මිනිසුන්ගේ නම් පමණයි. (නි)

:       0       0

ජෝයි Monday, 22 April 2013 09:39 AM

මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ ආසියාවේම කෝටිපතියෙක් ලංකාවෙන් බිහි වුණානේ.කවුරුත් දන්නවද එයා කවුද කියලා....? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 April 2013 08:27 AM

අපේ රටේ නම නොදාන තරමට හොඳයි. නැත්නම් අපිට ලැබෙන ආධාර තව අඩුවෙයි. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 22 April 2013 03:53 PM

අනිවාර්යයෙන්ම දේශපාලඥයෙක් සිටිය යුතුයිනේ? (නි)

:       0       0

දිනූෂි Sunday, 28 April 2013 07:29 AM

අපේ රටේ අය වත්කම් ප්‍රදර්ශනය නොකරන හින්දා බේරිලා ඉන්නවා. නැත්තම් ලංකාව තමා 1ට එන්නේ. (නි)

:       0       0

උදේනි Monday, 22 April 2013 10:11 AM

අනේ අපොයි ලංකාව! මේ රටකට ගිය කල දසාව .... (නි)

:       0       0

හේරත් Monday, 22 April 2013 10:14 AM

අපේ ආචාර්ය තුමාගේ නම නැද්ද? (නදී)

:       0       0

දිනුෂ Monday, 22 April 2013 10:37 AM

අපේ අයට ඔය මැදින් නම දාගෙන පුරුදු නැහැ. කවදා හරි අංක එකට ආපු දවසකම දාන්න කියයි (නි)

:       0       0

විමුක්ති Tuesday, 23 April 2013 12:04 AM

කුමාර, නැව් නොඑන වරායවල් හදන්නේ, ගුවන් යාන නොඑන ගුවන් තොටුපොළවල් හදන්නේ, පස්ස පුරවල තාර දාල ආදී වීගී මාර්ග හදන්නේ, සත පහකට වැඩක් නැති චන්ද්‍රිකා යවන්නේ පිනටද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 734 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 549 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 784 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 588 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 505 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 317 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site