IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලොව දිගම පාලම චීනයේ

නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයවූ මේ පාලම හැදීමට වසර හතරක් ගත විය. මුහුද මැදින් වැටී ඇති මේ පාලමේ දැවැන්ත කොන්ක්‍රීට් කළුනු 5000 කි. පළල අඩි 110 කි. මංතීරු තුනකි. මෙතෙක් ලොව දිගම පාලම වූ ඇමෙරිකාවේ ලුසියානාවේ පාලමට වඩා සැතපුම් තුනක් දිගය. තේම්ස් නදියේ ලන්ඩන් ටවර් පාලමට වඩා 174 ගුණයක් දික්වූ චීන පාලමේ ඉදිකිරීම් දෙපැත්තෙන්ම සිදු විය. පසුගිය දෙසැම්බර් 22 වැනිදා දෙපිරිස එක්වූහ. රිච්ටර් මාපකයේ 8.0 ක ප්‍රභල භූමිකම්පාවලට පවා ඔරොත්තු දෙන ආකාරයෙන් පාලම ඉදිකර ඇත. පාලමේ යටින් උමං මාර්ගයක් ද ඇත. මේ පාලම හා මුහුදු උමඟ ඉංජිනේරු ශිල්පයේ නව වික්‍රමයක් සේ සැලකෙයි.



අදහස් (0)

ලොව දිගම පාලම චීනයේ

අශෝක Tuesday, 07 February 2012 03:51 PM

නියමයිත අපේ රටත් ඔහොම තමයි තව කාලෙකින්

:       0       0

නිලන්ත Tuesday, 07 February 2012 03:57 PM

මේක මහ පුදුමයක්..

:       0       0

සරත් ඉන්දික Tuesday, 07 February 2012 04:34 PM

චීන හපන කිව්වෙ කටකහනවට නොවෙයිනෙ. ඕක නතර වෙන්නෙ හඳටම පාලමක් හදලතමයි!

:       0       0

ශ්‍රී ලාංකිකයා Tuesday, 07 February 2012 05:04 PM

චීන රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සබැ නිදහස, අවංකකම, රටේ මුදල් හොරා නොකෑම, හරි දේශප්‍රේමය, ඒ වගේම සබැ උවමනාව එරට නායකයාගේ සිට සාමාන්‍ය මිනිසා දක්වා එකම ලෙසට පවත්වාගෙන යාම තමා මෙවන් නිර්මාණවල රහස...

:       0       0

සම්පත් Tuesday, 07 February 2012 05:59 PM

මේකත් ලෝක පුදුමයක්..

:       0       0

කිරිඅත්තා Tuesday, 07 February 2012 06:31 PM

අපේ රටේ පොඩි ගුවන් පාලමක් හදන්නත් ඔයිට වැඩි වියදමක් යනවනෙ. ඒ අතින් බැලුවම අපි ආසියාවේ ආශ්ච්‍යම තමයි!

:       0       0

මලින්ද Tuesday, 07 February 2012 08:44 PM

චීනය ඉක්මනින් ලෝකමහා බලවතා වේවා.

:       0       0

අමල් Tuesday, 07 February 2012 10:15 PM

ලංකාවෙදි නම් මෙහෙම දෙයක් දකින්න තවත් සෑහෙන කාලයක් යයි.පක්ෂ පාට බේද වලින් කැඩිල බිදිල ඉන්න වෛර කරගන්න රටක් දියුණු වෙන්නේ කොහොමද ? අනික අපේ රටේ මිනිස්සුන් හැමෝම හැමදේම කරනකම් කරල දෙනකම් බලන් ඉන්නව මිස රට දියුණු කරන්න වැඩ කරන්න ඕන කියල හිතන්නේ කවුද ?ඒ අතින් චීනය විශිෂ්ඨයි.දේශපාලන නායකයන්ගේ අවංක බව හා ප්රතිපත්තින්ද මේවාට ඉවහල් වෙලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 8 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 67 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 121 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 373 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 126 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1204 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 342 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site