IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලොව දෙවැනි බලවතා ලංකාවේ

ලොව දෙවැනි බලවතා ලෙස සැලකෙන,  කෝටි 140ක් පමණ වන චීන ජනතාවගේ නායක ෂී ජිංපිං ජනපති සිය ආර්යාව ද සමඟ අද (16) විශේෂ චීන ගුවන් යානයකින් අද පෙරවරු 11.50ට පමණ කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

පාසල් සිසුහු දෙරටේ කොඩි වනමින් ඔල්වරසන් දෙමින් චීන නායකයා පිළිගත්හ.

  ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් යානය අසලටම ගොස් චීන නායකයා පිළි ගත්තේය.

 

(ඡායාරූප දීපා අදිකාරි)

 

5.jpg3 9.jpg2 10.jpg1 12.jpg33 15.jpg9 16.jpg6 17.jpg56 19.jpg5 26.jpgm 27.jpg34 33.jpg4

DSC_5001 DSC_5004 DSC_5014 DSC_5135 DSCF9621 DSCF9624 DSCF9639 DSCF9690 DSCF9702 DSCF9704 DSCF9706 DSCF9714 DSCF9735

 

    

  



අදහස් (0)

ලොව දෙවැනි බලවතා ලංකාවේ

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 17 September 2014 03:27 AM

රටේ පහසුකම් ඒ කියන්නෙ පාරවල්,විදුලිය,ජලය,අධ්‍යාපනය,රෝහල් වැඩි දියුනු වුනාම ඒක කාගෙත් අතරේ බෙදෙනවා. අපි පොඩි කාලේ ගිය පාරවල් වලට වඩා හොද පාරවල් අද තියනවා. අනිත් සෑම දෙයක්ම එහෙම තමයිි. ඒවා භුක්තිවිදින ගමන් අපි ණය,ණය කිය කිය බනිනවා නම් ඒ දෙශපාලන කුහකකම. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 September 2014 03:32 AM

මෙතුමා ලොවේ දෙවෙනි බලවතා වෙන්නේ රටේ ජනගහනය අනුවයි. ඒ උනාට අපේ රටේ ඇති ලොවේ ධනය අතින් පළමු වෙනි බලවතා. ගොඩක් ඉන්න නිසා හොයා ගන්න තමයි බැරි. (නදී)

:       0       0

සීල Tuesday, 16 September 2014 03:04 PM

පාසල් වල ළමයිනට මේ කාර්යට ගෙන්වා ගැනීම බරපතල වරදක්. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 September 2014 03:34 AM

බන්දුල පෙරේරා,එතකොට මේ රජය විතරද රටට දැනෙන දෙයක් කරලා තියෙන්නේ. රදික කියන්නේ ඇත්ත. බන්දුලලට ඔය පක්ෂේ පාට කන්නාඩියෙන් රට දිහා බැලුවට වැරදි නම් කොහොමත් පේන්නේ නැහැ. රදික වගේ තරුණයින්ට ඔය අසාධාරනකම් හොඳට පේනවා. දැන් තරුණයින්ව අන්දන්න බැහැ. උන්ට හොඳට මොලේ තියෙනවා. (නදී)

:       0       0

සිරි Tuesday, 16 September 2014 03:08 PM

අපේ ජනාදිපති නෝනයි සහ චීනේ නෝනයි එකට ඉන්නකොට අක්කා සහ නංගී වගෙයි නේද අනේ. බලන්න මම කියන්නේ බොරුද කියල (අ)

:       0       0

ශාන්ත Wednesday, 17 September 2014 03:35 AM

චීන ජනාදිපති කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති. ලංකාව චීනයේ යටත් විජිතයක්. (නදී)

:       0       0

සමන්ත Tuesday, 16 September 2014 03:11 PM

සමහර අයට රිදිලා වගේ.. ! (අ)

:       0       0

රකිත් Wednesday, 17 September 2014 03:43 AM

ඡායාරූප අතර ප්‍රධාන පෙළේ කොමිස් කාක්කෙක් නම් ඉන්න බව පේනවා.(නදී)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 16 September 2014 03:22 PM

චිනෙත් හොදයි ජනාධිපතිත් එහි මිනිසුන්ද හොදයි නයගන්න එකත් හොදයි මොකද ලංකාවාසි අපිනෙ ගෙවන්නෙ.නමුත් ගන්න බඩු බාන්ඩ වෙනකොහේහරි රටකින් ගන්නවා නම් අඩුගානෙ මාසයකට වඩා පාවිච්චිකරන්න පුලුවන්. (අ)

:       0       0

සම්පත් Tuesday, 16 September 2014 06:32 AM

හරියට බැලුවොත් මෙයා තමයි ලොව පළමුවැනි බලවතා. හැබැයි ඇමෙරිකාව වගේ රටවල්වල ස්වාදිපත්යට ඇගිලිගහන නායකයෙක් නෙවයි. යුද්ධය සමයේත් අපේ රටට අවංකව උදව් කල රටක්. (අ)

:       0       0

රජින්ද Tuesday, 16 September 2014 06:33 AM

ණය දෙනවානම් ගුවන් යානය අසලට නෙමේ ගුවන් යානයෙන් වඩාගෙන වුණත් එන්නම්කෝ.... නේද? (අ)

:       0       0

තේජාන්විත Tuesday, 16 September 2014 06:49 AM

හැකිකමක් තිබේනම් චීන නායකයාගෙන් අහල බලන්න කෝටි 140 ජනතාව පාලනය කරන්න ඇමතිමණ්ඩලය කීයද ඒ අයගේ ලේකම්වරු කීයද කියල ? (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 16 September 2014 06:56 AM

මේ ලෝකයේ දෙවැනි බලවතාද? (අ)

:       0       0

සුගත් බණ්ඩාර Tuesday, 16 September 2014 06:53 AM

හොඳම හොඳ දෙයක් ජයවේවා (අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 16 September 2014 07:05 AM

අර එක්සත් ජාතින්ගෙ සංගමයේ කවුරු හරි නිලධාරියෙක් ලංකාවට එනකොට විමල් ඇමැතිතුමා ඇඳ යට කියලා කියන/ අදින අය අද ඇඳන් යටද දන්නෙත් නැහැ.චීනකරණය,චීනයට රට විකුණනවා කියාගත්ත ගමන්මනේ ඉන්නෙ.(අ)

:       0       0

බණ්ඩාර Tuesday, 16 September 2014 07:09 AM

මේක ලංකාව ලබන හොඳ ජයක්. නමුත් ඉන්දියාව තරහ කර ගන්නත් හොඳ නැහැ.(අ)

:       0       0

සරත් Wednesday, 17 September 2014 04:04 AM

හරියට බැලුවොත් මෙයා තමයි ලොව පළමුවැනි බලවතා. (නදී)

:       0       0

සාදිරිස් උන්නැහේ Tuesday, 16 September 2014 07:20 AM

අනේ කොච්චර ආශ් චර්යක්ද. තව දවස් කීයද ණය ටික අරං පොලී ගෙවන්න පාං කාලේ ඉදන් ගාණ වැඩි කරන්නේ.(අ)

:       0       0

සේනාරත්න Wednesday, 17 September 2014 04:08 AM

අපේ සිංහලයා මොනවා හරි ලියනවා කියනවා. පඹගාලක පැටලිලා දේශපාලන දැනීම හරිම අඩුයි. මාද්‍ය ගොඩක් තිබුනට බැලුවට වැඩක් නැහැ. මාද්‍ය විසින්ම සියල්ල පටලවල තියෙන්නේ. (නදී)

:       0       0

සමීර Wednesday, 17 September 2014 04:06 AM

බන්දුල පෙරේරා වගේ කඩේ යන අදහස් දැම්ම නම්...... (ස)

:       0       0

අසෝක Tuesday, 16 September 2014 07:25 AM

ලංකාවේ රජයට තියෙන සුඛෝපභෝගී වාහන දැක්කම මේ මිනිහ ලංකාවෙන් ණයක් ඉල්ලයි. (අ)

:       0       0

සිරිල් මාලදිවයින Wednesday, 17 September 2014 04:20 AM

පාලකයන්ටවත් හෙන්චයියන්ටවත් සුදු හුණු ගාන්න මගේ අදහසක් නැහැ, ඒත් විදේශීය අමුත්තකු ගැන පරිකථනය කරනකොට ශීලාචාර විය යුතුයි. රාජ්‍යතාන්ත්‍රික හේතූන් මත හෙළි නොකළට චීන රජයෙන් ලංකාවට ලැබුණු උපකාර අප අමතක නොකල යුතුයි. ලංකාවට එන්න කලින් මාලදිවයිනටත් ඔය නායකය ආව, මොනම ආකාරයකවත් අපහාසාත්මක පරිකථනයක් කොතනකවත් කාගෙවත් ලඟ තිබුණෙ නැහැ. (ස)

:       0       0

පාලිත Tuesday, 16 September 2014 07:29 AM

ජනාධිපති තුමාගේ සහ චීනයේ ශ්‍රීලංකා තානාපති රන්ජිත් උයන්ගොඩ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව පෙන්නුම් කීරීමක්.(අ)

:       0       0

ජයසේන Tuesday, 16 September 2014 07:27 AM

ඉතා හොඳයි. (අ)

:       0       0

දිනේෂ් Tuesday, 16 September 2014 07:37 AM

මේ ටිකට සාරිය මාරු කලේ කොහොමද අප්පා (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 16 September 2014 04:02 PM

රදික පුතාගේ වයස කියද?.ඔය කියන 20 ට කලින් පුතා කොහෙද හිටියේ..මට හිතෙන්නේ එක්කෝ පුතා මොන්ටිසෝරි යනවා..නැත්නම් ඕපපාතිකයි,,..දන්නේ නැත්නම් හපන් කම් කියන්නේ මොනවද කියල අම්ම තාත්තාගෙන් අහගන්න..කුහක කම තිබුනට ඒවා වමාරන්න එපා..අඩු පාඩු තිබුනට මේ රජය මේ රටට දැනෙන දෙයක් කරලා තියෙනවා 30 අවුරුදු යුද්ධය අවසන් කිරීමත් සමගම..යුද්ධය ඉවර වෙලා තාම වසර පහයි.මේ කරලා තියෙන තරම් මදිද ඒ කාලෙට.. තමන්ට දරුවෙක් මල්ලෙක් ඉන්නවනම් ඒ දරුවට හෙටක් කියල දවසක් ඉතුරු වුනේ දරුවෝ ලබන්න වයසක් නෙමෙයිනම් තමන්ට හෙටක් කියල දෙයක් ඉතුරු වුනේ කොහොමද කියල අම්ම අප්පගෙන් ලජ්ජා නොවී අහල දැන ගන්න.. මේ විධියේ දේශපාලන කුහකයෝ ඉන්න රටකටනේ අම්මප මේ ඉර හද පායන්නේ....(ස)

:       0       0

සෑම් Tuesday, 16 September 2014 07:43 AM

චීනය දෙවන බලවතා තියා පළමු හය හත්දෙනා අතරවත් නැහැ. මානව හිමිකම් කැඩීම සහ දුෂණය අතින් නම් පළමු ස්ථානයේම ඉන්නවා. (අ)

:       0       0

කින් බෙනට් Tuesday, 16 September 2014 04:02 PM

විජයාගමනය 2 කොටස .... ක්‍රිස්තු වර්ෂ 2014 / 9 / 16 (ස)

:       0       0

සේන Wednesday, 17 September 2014 04:45 AM

රටක දියුණුව කියන්නේ එම රටේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවන තත්වය නගාසිටුවීම. රටේ ළමයින්ගෙන් වැඩි කොටසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා නම් උසස් පෙළ පාස් වෙන සිසුන්ගෙන් 90% විශ්ව විද්‍යාල නැතිනම්, කිරි බොන දරුවෝ දාල අම්මලා රට යනවානම්, මහා පාරවල් කන්නද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 16 September 2014 04:05 PM

අපේ එකම බලා පොරොත්තුව නම් ලෝකයේ පලවෙනි බලවතා ගැනයි ! (ස)

:       0       0

සඳුනි Tuesday, 16 September 2014 07:46 AM

චීනය ඉතිහාසයේ කවදාවත් යටි අරමුණු තියාගෙන අපට උදව් කල රටක් නෙමෙයි.සේද මාවතෙන් එන කල්‍යාන මිත්‍රයෙක්. (අ)

:       0       0

රේමන් Tuesday, 16 September 2014 07:50 AM

හරිම අාශ්චර්යමත් අවස්ථාවක් .එමෙන්ම අතිගරු චීන ජනාධිපති තුමා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පැමිණියානම් තවත් අාශ්චර්යමත් අවස්ථාවක් වනුඇත .මන්ද චීන රජයේ අධාරමත කළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවලක් නිසා. .එතුමා කටුනායක - කොළඹ අදිවේගී මාර්ගය දිගේ ගමන් කිරීම පැසසිය යුතුය . (අ) .

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 17 September 2014 05:05 AM

ත්‍රස්ත වාදයෙන් විනාශ වෙලා ගිය අපේ රටේ සංවර්දනයට චීනය වාගේ දියණු රටක් අපට අත දෙනවානම් අපි එ් ගැන සතුටු විය යුතුය. නැතිනම් අපිට වෙන්නේ හැමදාමත් බිම බලා ගෙන ඉන්න. (නදී)

:       0       0

සමිල Tuesday, 16 September 2014 07:55 AM

එකේ දෙයක් ගැන බයයි, මෙහෙම ගියොත් අපේ ජාතික කොඩියේ සිංහයා එහා පැත්තෙන් තරුවක් වැටෙයිදෝ කියල. (අ)

:       0       0

බබානිස් Tuesday, 16 September 2014 07:58 AM

මම මේ කල්පනා කරන්නේ ඊලඟ බබාට නම දාන්නෙ මොකක්ද කියල. මටනම් හිතෙන්නේ බබානිස් අප්පුගේ චින් චුන් කියල හොඳයි කියල. (අ)

:       0       0

චින්තක Tuesday, 16 September 2014 08:04 AM

හප්පා, සෑම්ට තරහ ගිහින් නේ, සෑම් පිළි නොගත්තට අමෙරිකාවත් හිතන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා චීනය කියලය්. forbs සගරාව අනුව සෑම නිෂ්පාදන දහයකින්ම හතක් නිපදවන්නේ චිනයයි.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:11 AM

සඳුනි/බන්දුල පෙරේරා ට සත්‍ය තේරෙනකොට අපේ රටත් චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි.දැනටමත් එවැනි ලක්ෂන මතු වෙලත් ඉවරයි.අන්තර්ජාලයේ වැඩි විස්තර ෆොටෝ සහිතව තියෙනවා පුලුවන්නම් බලන්න.(අ)

:       0       0

රදික Tuesday, 16 September 2014 08:13 AM

රේමන් පහුගිය අවුරුදු 20 ම බදු පිට බදු ගහල ජනතාව බඩගින්නේ තියල රටට පරම්පරා ගාණකින් ගෙවන්න බැරි ණය බරක් පටවල පාරවල් දෙක තුනකුයි කැලෑව මැද ගුවන් තොටුපලක් හදපු එක ඔයාට හපන්කමක් වගේද පෙන්නේ ???(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:13 AM

චීන ගුවන් යානයකින් අද පෙරවරු 11.50ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. හදපු අයවත් මත්තලින් යන්නේ/එන්නේ නැති කොට මේ අපිටද මත්තලින් යන්න /එන්න කියන්නේ. (අ)

:       0       0

සිසිර Tuesday, 16 September 2014 08:18 AM

අර පාසල් සිසුහු අද පාසල් යන්නේ නැද්ද ? (අ)

:       0       0

හසන්ත Tuesday, 16 September 2014 04:24 PM

ලොව දෙවෙනි බලවතා කියලා මම නම් පිලි ගන්නේ නැහැ (දී)

:       0       0

තිලකසිරි Tuesday, 16 September 2014 08:18 AM

අර්ජුන රණතුංග ලෝක කුසලානය දිනන විට රටේ නායකත්වය දැරුවේ චන්ද්‍රිකා මැතිනිය. සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදාව යුද්ධය දිනන විට රටේ නායකත්ව දැරුවේ අපේ අති ගරු ජනාදිපතිතුමා. ක්‍රිකට් ශුරතාවයේ සැලකියයුතු විශාල ගෞරවයක් චන්ද්‍රිකා මැතිනියට හිමිවිය යුතුවා සේම යුධ ජයග්‍රහණයේ විශාල ගෞරවයක් අපේ ජනාදිපතිතුමාට හිමිවිය යුතුයි.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:20 AM

බබානිස් ඔබ දකින සිහිනය මමත් දැකල ඉවරයි.එ්ත් තවම ලංකාවේ "බත් කන උදවියට" එතරම් තේරුමක් නැති ගානයි.දැනටමත් පිලිපීනයේ චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:23 AM

ලංකාව චීනයේ යටත් විජිතයක් කළ ඔබ සැම ඉතිහාස ගත වෙනවා.(අ)

:       0       0

පතිරණ Tuesday, 16 September 2014 08:30 AM

මෙතුමා ඇවිත් ගියාට නම් කමක් නැහැ. බය තියෙන්නේ අපේ කට්ටිය තවත් ප්‍රකෝටි ගාණක් අපිව ණය කරලා වැඩකට නැති මොකක් හරි අටවයිද කියලා. (අ)

:       0       0

මහිලාල් ( ලාල් ) Wednesday, 17 September 2014 06:08 AM

සාදරයෙන් පිලිගන්නවා. අපේ රටට උදව් කරන හොද මනුස්සයෙක් (නදී)

:       0       0

සේරම් Tuesday, 16 September 2014 08:31 AM

අලුතෙන් ගත්ත ඉඩම බලල යන්න ඇවිත් වගේ (නදී)

:       0       0

සාරංග Tuesday, 16 September 2014 04:31 PM

මටනම් ඔය කවුරුත් එකයි (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:38 AM

එන රාජ්‍ය නායකයෝ ඔක්කොම එන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්. මොකෝ මත්තල ගුවන් තොටුපොල දැන් වහලද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:44 AM

මගේ ඊලඟ බබාට දාන නම කල් ඇතිවම කියන්නම් "ටිකිරි බණ්ඩා මුදියන්සේලහේ චීන ෂුන්". (නදී)

:       0       0

කර්තිනි Tuesday, 16 September 2014 08:41 AM

ලොව දෙවන බලවතා ත්‍රස්තවාදය විනාශ කල ලොව එකම රටට ඇවිල්ලා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 08:47 AM

තිලකසිරි, තව තව ගෞරවය ලැබෙමින් පවතිනවා. ලංකාව කන්න අදින්න නැති සෝමලියාවක්, ඉතියෝපියාවක්, බංගලිදේශසයක් කල ගෞරවය. ලංකාව චීනයේ යටත් විජිතයක් කල ගෞරවය.......(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 16 September 2014 08:46 AM

චීන ජනාඩිපති නොවෙයි ලෝකේ ඉන්න හැම රාජ්‍ය නායකුම ලංකාවට ආවත් වැඩක් නැහැ, කොච්චර ණය දුන්නත් වැඩක් නැහැ මේ රටේ තියෙන වංචාව දුෂණය නාස්තිය නවත්වන්න වැඩපිළිවෙලක් යෙදුවේ නැත්නම් රට හැමදාම මෙහෙම තමයි! (නදී)

:       0       0

සනත් Tuesday, 16 September 2014 08:47 AM

ලෝක බලවතා ඇමරිකාව (දී)

:       0       0

සිල්වා Tuesday, 16 September 2014 08:47 AM

ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම තවතවත් ඉදිරියට ගෙනියමට වර්තමාන රජයට ශක්තිය ලැබේවා !! ලෝකේ දෙවන ආර්ථිකය හොබවන චීනය තව වසර 2 කින් පෙරමුණ ගන්නවා නිසැකයි ඒ හෙයින් අපි චීනය සමග තව තවත් මිත්ත්‍ර සිලිව ඉන්නෙක රටට වාසි සහගතය රටවල් දෙක අතර නිදහස් වෙළද ගිවිසුම තුලින් ශ්‍රී ලංකාව ලෝකේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානය බවට පත්වීම නිසැකය මෙතුමාගේ පැමිණීම ඉතිහාස ගතවන දවසක් ඒ රටට සහ ජනතාවට ආඩම්බරයක් !! (දී)

:       0       0

කළුපෙරුම Tuesday, 16 September 2014 08:50 AM

චීනය තමයි වර්තමාන ලෝක බලවතා, ඉතින් හොද දෙයක් කරගන්න පුළුවන්, එත් නයගැනීම ගැන දෙපාරක් නෙවෙයි දහපාරක් හිතන්න වෙනවා, ඒ වගේම විදේශ සම්බන්දතා අපි වගේ පොඩි රටවලට ගොඩක් වැදගත් වෙනවා,(දී)

:       0       0

සිල්වා Tuesday, 16 September 2014 08:55 AM

තව වසර 2කින් චීනය ලෝක බලවතා අපි ඔහු සමගයි !!!(දී)

:       0       0

කසුන් Tuesday, 16 September 2014 08:59 AM

දැන් ඇමරිකාව නය ගන්නෙත් චීනෙන් තමයි !!! (දී)

:       0       0

බබානිස් Tuesday, 16 September 2014 09:00 AM

සුගත් බණ්ඩාර, නිශාන්ත ඩබ්ලිව්.ජි, පාලිත, සඳුනි, රේමන්, තවම අාශ්චර්ය ඉවර නැහැ. ඉස්සරහට තව ගොඩක් බලන්න පුළුවනි. (දී)

:       0       0

සත්‍යපාල Tuesday, 16 September 2014 09:00 AM

සෑම් මෝඩ කතා කියන්න එපා දුෂණය අතින් ලෝකේ පළමු ස්ථානය චීනයට තියනවානම් ඒ රට කොහොමද මෙතරමට දියුණුවෙන්නේ.එහෙමනම් අපේ රටත් චීනය තරමටම දියුණු වෙන්න එපැය! (දී)

:       0       0

අනුර Tuesday, 16 September 2014 08:59 AM

ලුම්බිණි- චීනය ලෝකේ දෙවැනි බලවතා වගේම දෙවන ආර්ථිකය දැන් තව වසරකින් චීනය ලෝක බලවතා වෙනවා දැන් ඇමරිකාව සහ යුරෝපය මේ ගැන විමතියට පත්වෙලා තියෙන්නේ. (දී)

:       0       0

මේනකා Tuesday, 16 September 2014 09:02 AM

කෝ අපේ බන්දුල තුමා ? සංවිධාන කටයුතු වලට බැහැර ගිහින් ද ? නැතිනම් අර ගරු කල යුතු කෙනෙක්ට කට හොලවන්න ගිහින් සභාවෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්ත නිසා මේ දවස් වල පරිවාස කාලයක්වත් ගත කරනවද ? (නදී)

:       0       0

තිළිණ Tuesday, 16 September 2014 09:08 AM

XI靖平-歡迎向斯里蘭卡。 ( චීන ජනාධිපති තුමාව සාදරයෙන් පිළිගනිමු.) (නදී)

:       0       0

සෑම් Tuesday, 16 September 2014 09:05 AM

චින්තක,මම අදහස් කලේ "ලොව දෙවන බලවතා " චීනය නොවන බවයි. ඔබ කියන ආකාරයට චීනය ලොව නිපැයුම් වලින් දහයෙන් හතක් නිපදවුවාට එයින් 50% ෆැක්ටරි වොරන්ටිය පහු කරන්නේ නැහැ. (නදී)

:       0       0

සම්පත් Tuesday, 16 September 2014 09:12 AM

බබානිස්/ ටිකිරි බණ්ඩා අහෝ නොදුටි රටේ සංවර්දනය. එකැස් කන ගොනුන් කවදා දකීද සංවර්දනයේ අරණුලු? (නදී)

:       0       0

ජගත් Tuesday, 16 September 2014 09:10 AM

නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව චීන රජයේ අනුග්‍රහය ඇතිව ලෝකයේ බලවත්ම, දියුණුම රාජ්‍යයක් බවට පත් වීම ඒකාන්තයි. (නදී)

:       0       0

සදුනි Tuesday, 16 September 2014 05:21 PM

ටිකිරි බන්ඩාගේ චීන විරෝධය හිස් ටින් එකක් වගෙයි.ඔබ පිලිපීනය ගැන කතා කරන්නේ එහෙ ජීවත්වුණ නිසාවද්ද?මමත් පිලිපීනෙට ගිහින් තියෙනවා. මම දන්නා පිලිපීනය පැහැදිලිවම ඇමරිකානු යටත් විජිතයක්.ඒ නිසාම බොහෝ දෙනෙකු තුළ ජාතික හැගීම් අඩු දීන බවකුයි පෙනෙන්නේ. මේ සියල්ල ඇමරිකන් සංස්කෘතික ආක්‍රමණයේ ප්‍රතිඵල (නි)

:       0       0

අචිනි Tuesday, 16 September 2014 09:10 AM

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් යානය අසලටම ගොස් චීන නායකයා පිළි ගත්තේය. දෙන ණයෙන් අපි තවත් ණය කාරයෝ කරලා ලොක්ක නහුතෙට කොමිස් ගහයි එ්කයි ඔච්චර ආදරේ (නදී)

:       0       0

රනේ Wednesday, 17 September 2014 07:05 AM

බන්දුල පෙරේරාව 21න් පස්සේ හොයාගන්නත් නැති වෙයි. ඌව යු එන් පි එක දිනපු ගමන් අනෙක් ඒවා එක දිගට දිනාවී. යු එන් පි එකක් මැතිවරණයක් දිනන්න යන්නේ අවරුදු 12 කට පස්සේ. රජයෙන් 4 දෙනෙක් ඌව දිනුවොත් විපක්ෂයට එකතු වෙනවලු. ජය වේවා (නදී)

:       0       0

සිරිසේන Tuesday, 16 September 2014 09:11 AM

ටිකිරි බංඩා මහත්තයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මගෙත් එක්ක වැඩ කරන මගේ පිලිපීන මිත්‍රයෝ ඔක්කොම කියනවා ඒ රටේ ඔක්කොම ලොකු බිස්නස් අල්ලාගෙන ඉන්නේ චීන්නුලු. එයාලා ලොකුම රස්සාවේ ඉදලා පොඩිම රස්සාව දක්වා කිරීමට ගෙනත් තියාගෙන ඉන්නේ චීන්නුලු. ඉතින් පිලිපීන ජාතිකයන්ට රස්සාවල් නැහැ (නදී)

:       0       0

මල්හාමි Tuesday, 16 September 2014 09:12 AM

මට නම් බය චීනෙන් ආපු පරිවාර ඇත්තෝ පිළිකන්න පැත්තෙන් අපේ ගෙවල් වලට වත් රිංගාවිද කියලා. අපේ ගමේ එක්කෙනෙකුට ලඟදි ඇස් පුංචි බබෙක් හම්බු වුනා. (නදී)

:       0       0

නයනජිත් Tuesday, 16 September 2014 09:17 AM

අපිට දෙන නය මුදල් වලින් වැඩි හරියක් ගසාකම් වලට තමයි හසු වන්නේ (දී)

:       0       0

රංග Tuesday, 16 September 2014 09:14 AM

කෝ මේ බන්දුල පෙරේරා ? කොඩි වනන්න ගිහිල්ලද ?(දී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Tuesday, 16 September 2014 06:16 PM

ලුම්බිණි, සාදිරිස්, සෑම්, ටිකිරි බණ්ඩා, ඔබතුමන්ලා ලංකාවේ මොන වගේ දියුණුවක්ද බලාපොරොත්තු වෙන්නේ? ක්ෂණික නූඩ්ල්ස් වගේ එකක්ද? දියුණුකළ පාරක ගිහිල්ලාවත් නැද්ද කවදාවත්? මොන දේ කළත් ඒවායේ ඇත්තක් දකින්න ඔයාලගේ ඇස් පින් කරලා නැතුව ඇති. මේ ගොඩ නැ‍ඟෙන්නේ අපේ දරුවන්ගේ ලෝකය කියලාවත් හිත හදාගන්න. ඔච්චර කුහක වෙන්න එපා (නි)

:       0       0

අසිත Wednesday, 17 September 2014 07:46 AM

බණ්ඩාර දන්නේ දන්නේ නැද්ද චීන ජනාධිපති ඊළඟට යන්නේ ඉන්දියාවට කියල (නදී)

:       0       0

සෑම් Wednesday, 17 September 2014 07:50 AM

මෙතුමාව ජනාධිපති හැටියට තෝරන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් මිසක් ජනතාව නොවෙයි. එහෙ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලත් මරණ කාලයක් තිබුනා. 90-92 අතර කාලයේදී මාත් සමග එකට ඉගෙන ගත චීන තරුණයෙක් චීනෙන් පැනලා ඔස්ට්‍රේලියාවට එන්න හේතුව, එයා ඉංග්‍රීසි ඉගෙනගන්න බව බලධාරීන්ට අසු වීමයි. ඔහුගේ මුළු පව්ලම අතුරුදහන් උනා.එයා පමණක් පන බේරාගෙන ඔස්ට්‍රේලියාවට පැනගෙන තිබුනා. චීනය ගැන ඔහු මට කියපුවා පත්තර වල දාන්න බැහැ (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 17 September 2014 08:05 AM

දැන්වත් මේක අයින් කරලා අපේ රටේ වෙන දේවල් ටිකක් පින්තුර මගින් දාන්නකෝ . මේක දකින කොට බත් ටික ගිලෙන්නෙත් නැහැ ණය ගෙවන්නේ කොහොමද කියල මතක් වෙන කොට. මොකද අපිට චීනෙන් දෙන්නේ ඔලුව අතගාල කනේ පහරක් වගෙයි. (අ)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 September 2014 08:18 PM

ටිකිරි බණ්ඩාර, ඔයත් ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු වගේද හිතාගෙන ඉන්නේ? ඒ වීරයන්ට අවමං නොකර අදට ඔබින ලෙස රටේ සංවර්ධනයට අතදෙන්න වගබලාගන්න (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 September 2014 08:17 PM

ටිකිරි බණ්ඩාර කියන නමටත් ලැජ්ජයි ඔය කියන කතා වලට (නි)

:       0       0

මහේෂිකා Tuesday, 16 September 2014 08:20 PM

අපිට සතුටුයි! (නි)

:       0       0

රුවන්තිකා Tuesday, 16 September 2014 09:25 AM

වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නවා මම (දී)

:       0       0

රූපවතී Tuesday, 16 September 2014 08:32 PM

බයවෙන්න දෙයක් නැහැ. ණය ගත්තත් අපිට ඉක්මනට ඒවා ගෙවාගන්න පුළුවන් (නි)

:       0       0

කරුණාජීව Wednesday, 17 September 2014 08:18 AM

ජනිත්,එයා අද මෙතන මුලටම වගේ පෙනී ඉන්නවා වෙන නමකින්.ඕනේ නම් නමත් කියතහැකි.(අ)

:       0       0

දයාරත්න Tuesday, 16 September 2014 09:27 AM

මෙතුමා නිසා මම දවස් දෙකක් නො පේ ගියා (දී)

:       0       0

හේවා විතාරණ Tuesday, 16 September 2014 09:27 AM

සෑම් ඔහේ ලෝකයේ තුන්වෙනි මෝඩයා (දී)

:       0       0

දර්ශන Tuesday, 16 September 2014 09:25 AM

සාදරයෙන් පිලි ගන්නවා (දී)

:       0       0

දහම් Tuesday, 16 September 2014 09:25 AM

බලන් ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ මොකද මම එපා කියුව කියලා නවත්තනවද (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 16 September 2014 09:28 AM

ලංකාව චීනෙට යටත් වෙලා (දී)

:       0       0

ජනිත් Tuesday, 16 September 2014 09:02 PM

ඇත්තට අපේ බන්දුල පෙරේරා මේ සභාවේ නැත්තේ ඇයි? අමුත්තන් පිළිගන්න ගිහිල්ලද? එහෙම නැත්නම් අර පසුගියදා කට කැඩිච්ච වචනයක් කියල හැමෝගෙන්ම ලුණු ඇඹුල් ඇතුව අහගත් නිසාද ? (නි)

:       0       0

අශාන් Tuesday, 16 September 2014 09:41 AM

සුබ පතමි. හැබැයි වීඩියෝ එක දැක්කම හිතුනේ මහා කලබලයක් වගේ. කිසිම චාම් ගතියක් නැහැ. හැම තැනම කට්ටි කට්ටි නටනවා. ඊට පිටිපස්සෙන් ළමයි කොඩි වනනවා. ආරක්ෂකයෝ හැම තැනම දුවනවා. පිස්සුවක් වගේ. අදහස කාගෙද ? (නදී)

:       0       0

ජගත් Tuesday, 16 September 2014 09:39 AM

ඇත්තටම අපේ රටේ අය කොච්චර කුහකද ? හරියට පිට රට පත්තර වගේ. ගොඩක් රටවල් පුරාණ සේද මාවත ඇති වෙනවට කැමති නැහැ. ලෝකේ ප්‍රදාන වෙබ් වලටත් කොටලා බලන්න මේ ගැන මොනවද කියල තියෙන්නේ කියල. (නදී)

:       0       0

ධනපාල Tuesday, 16 September 2014 09:45 AM

තිලකසිරි,හිගන්නාගේ තුවාලේ වගේ,හැමදාම ඕකම කියන්න ඕනෙද. දැන් අවුරුදු ගානක් තිස්සේ කිව්වනේ. කවදද ඔය එකම කතාව, කියවිල්ල නවතින්නේ ? (නදී)

:       0       0

ගමගේ Tuesday, 16 September 2014 09:44 AM

ටිකිරි බන්ඩගෙ ටිකිරි මොලේ. පව් පුංචි කාලේ වැටිලා ඹළුව වැදුන වෙලාවට අම්මා ඹ්ඩිකොලොන් දාලා නැහැ වගේ. මහවැලිය හදන්න අධාර කරපුු අය ඇවිත් නාලා යනවා ඇති කියලා හිතාගෙන ඉන්නෙ. (නදී)

:       0       0

චාමික Tuesday, 16 September 2014 09:50 AM

චීනය ගැන සුභ සිහින දකින ඔබ කී දෙනෙක් චීනයට ගිහින් එහි ඇතුලත දැකල තිබෙනවද ? අහල නැද්ද, ලිපගිනි මොලවනතෙක් දිය සැලියේ, සැපයක් යයි කකුළුවා දිය කෙලියේ. (නදී)

:       0       0

සිතුම් Tuesday, 16 September 2014 09:57 PM

චීනයේ කෝටි 140 ට ඉන්න ඇමති මණ්ඩලය ලංකාවේ ඇමති මණ්ඩලයට වඩා ගොඩක් අඩුයි. චීනය දියුණු වෙන්නේ ඒකයි. අපේ රටේ මිනිස්සු මහන්සි වී ඇමති මණ්ඩලයට සැප ලබාදෙනවා.මිනිස්සු සදාකල් දුක් විඳිනවා. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 16 September 2014 09:57 AM

බලන්න අරුමය පාපැදි වලින් තම ජනයා හට ප්‍රවාහන කටයුතු සලසා දී ලෝකයේ දෙවැනි බලවතා වූ හැටි (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 16 September 2014 10:10 AM

අනාගත ලංකාවේ අයිතිකරු ! (නදී)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 16 September 2014 10:11 AM

අපිට ආදරේට නෙමෙයි නය දෙන්නේ. අපේ පොඩි එකාගේ ඉදන් ගෙවන්න වෙනවා. අපේ එවන්ට නිකන් දෙනවා නම් ඕන දෙයක් ගනීවි (නදී)

:       0       0

හසන්ත Tuesday, 16 September 2014 10:18 PM

සාදරයෙන් පිළිගන්නවා! (නි)

:       0       0

සමන් Tuesday, 16 September 2014 10:20 AM

ඔය එන්නේ හොදකට නොවෙයි (දී)

:       0       0

අප්පුහාමි Tuesday, 16 September 2014 10:18 AM

අපේ බන්දුල උන්නැහේට මොකද වුනේ ? (දී)

:       0       0

අමිත Tuesday, 16 September 2014 11:05 PM

මෙතන අදහස් පළකළ සමහරුන්ට ලෝකය පිළිබඳ දැනුමක් නැහැ වගෙයි. සමහරු හිතනවා ලංකාව විතරයි චීනයෙන් ණය ගන්නෙ කියලා. ඇමරිකාව, ඉන්දියාව යුරෝපය ණය ගන්න බව දන්නෙ නැහැ. චීනය ලෝකයම ආක්‍රමණය කරලයි තියෙන්නෙ. (නි)

:       0       0

තේජන්විත Tuesday, 16 September 2014 10:37 AM

යටත් නොවන අපේ ජාතියට මට කියන්න තියන්නේ චීනෙට යට වෙන එකත් වාසනාවක් . (දී)

:       0       0

බින්දු Tuesday, 16 September 2014 10:37 AM

ලංකාව චිනේ යටත් විජිතයක් වෙලා (දී)

:       0       0

සමීර සාලින්ද Tuesday, 16 September 2014 10:42 AM

ලංකාව චීනයේ යටත් විජිතයක් වෙනවා ......... බන්දුල සහ කඩේ යන සියලු දෙනා මේ පරිහානියට වගකිව උතුය (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 01:10 AM

රදික පුතාගේ වයස කීයද? ඔය කියන 20 ට කලින් පුතා කොහෙද හිටියේ? කුහකකම තිබුනට ඒවා වමාරන්න එපා. අඩුපාඩු තිබුනට මේ රජය මේ රටට දැනෙන දෙයක් කරලා තියෙනවා (නි)

:       0       0

දම්මික Tuesday, 16 September 2014 10:53 AM

ලංකාව ලෝකේ ඉදිරියේ බය නැතුව වැඩ කරන්නේ ඒ නිසයි (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 16 September 2014 10:53 AM

චිනේ කොහොමද ඔය තරම් බලවත් උනේ (දී)

:       0       0

දීපිකා Tuesday, 16 September 2014 10:55 AM

ආවට කමක් නැහැ නය දෙන්නනම් එපා..(දී)

:       0       0

ගිහාන් Wednesday, 17 September 2014 09:12 AM

බන්දුල අනුන්ගේ කුහකකම් සොයනවා. නොම්මර එකේ පීචන් එහෙයියෙක් වෙනවාට වඩා කුහකයෙක් වීම නම්බුයි කියල මට හිතෙන්නේ. (ස)

:       0       0

රන්ජි Tuesday, 16 September 2014 10:58 AM

ටිකිරි බන්ඩා, බන්දුල පෙරේරා ගැන කතාකරලා කාලය නාස්තිකරන්න එපා.බන්දුල පෙරේරා කියන්නේ උපන්ගෙයි මෝඩයෙක්.ලෝකේ ගැන කිසිම දෙයක් නොදන්නා ඔහේ කතා කරන කෙනෙක් (දී)

:       0       0

සත්‍යයා Wednesday, 17 September 2014 01:55 AM

අඩුපාඩු මොනවාද කියලා කියන්න කෙනෙක් නැති එකයි ප්‍රශ්නය. යනකොට මත්තලින් පිටත්වෙන්න හදලා දුන්නොත් නේද හොඳ? (නි)

:       0       0

මිලාන් Wednesday, 17 September 2014 02:01 AM

ඔහු හොඳ ජනාධිපතිවරයෙක් (නි)

:       0       0

සේනාරත්න Tuesday, 16 September 2014 11:15 AM

චීනය වැනි ප්‍රබල රටවල් නිසා අපේ පුංචි රට බේරුනා. අපිට ජාත්‍යන්තරව තිබෙන ලොකුම හයියක් චීනය. ඉන්දියාව, රුසියාව අනික් අපේ මිතුරන්. ඇමෙරිකාව අපේ පරම හතුරා. අපේ බොහෝ උගත් හෙළයන්ට පවා මේක තේරෙන්නේ නෑ. මිතුරා කවුද හතුරා කවුද කියලා. එක්කෝ ආත්මාර්ථය නැත්නම් අවස්ථාවාදය හෝ කුහකකම. (නදී)

:       0       0

සලීම් Tuesday, 16 September 2014 11:16 AM

නය නැතුව ආදාර දෙන නයෙකයෙකු ගෙන්න ගන්නකෝ (නදී)

:       0       0

ගුණසේකර Tuesday, 16 September 2014 11:24 AM

මෙය ඉතා හොඳ දෙයක් එතුමාට ලොව ඕනෙම රටකට නිදහසේ යන්න පුළුවන්. නමුත් අපිට යන්න බැරි රටවලුත් ලොව තිබෙනවා නේද? (නදී)

:       0       0

ලංකා Tuesday, 16 September 2014 11:26 AM

මේ ගන්න ණය ගෙවන්නේ කවද්ද (දී)

:       0       0

නිමාලි Tuesday, 16 September 2014 11:27 AM

අපේ දරුවන් තමයි මේවයින් දුක් විදින්නේ (දී)

:       0       0

සුනිල් Tuesday, 16 September 2014 11:29 AM

අපේ රටට විශිෂ්ට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා (දී)

:       0       0

සත්‍යයා Wednesday, 17 September 2014 02:23 AM

රටේ සම්පත් සැවොම අතරේ සාධාරණව නොබෙදුනත්, ණය නම් නූපන් එකාටත් බෙදී යන ක්‍රමයට තමයි වැඩ සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 September 2014 02:31 AM

වැඩක් නැහැ ඕව ගැන කතා කරලා (දී)

:       0       0

තාරක Wednesday, 17 September 2014 02:31 AM

සන්තෝසයි (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 17 September 2014 02:34 AM

ඉදිරියේදී අපේ සිංහ කොඩිය උස්සන්නත් චීනාගෙන් අවසර ගන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

බුද්ධික එදිරිසිංහ Tuesday, 16 September 2014 11:35 AM

ඒක හොඳ වැඩක් වෙයි (දී)

:       0       0

රන්ජිත් Tuesday, 16 September 2014 11:39 AM

මේ බදු ගෙවන්න වෙන්නේ අහිංසක අපිට අන්න එකයි වරද (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 02:40 AM

සත්‍ය මහත්තයා, ඔය කියන සැමට සාධාරණව බෙදෙන සමාජයක් කොහෙද මහත්තයෝ තියෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Tuesday, 16 September 2014 12:06 PM

ලංකාවට යහපතක්ම වේවා (දී)

:       0       0

එම්.වී ශාන්ත Tuesday, 16 September 2014 12:30 PM

ආපු එක නම් හොඳයි. ඒත් අපේ රට චීන කොළණියක් වෙන එක තමයි හොඳ නැත්තේ (නදී)

:       0       0

දිමුතු Tuesday, 16 September 2014 12:38 PM

චීනයේ ගොඩක් දෙනා ගුණාත්මක දේවල් මිලට ගන්නේ ජපානෙට ඇවිල්ල.බෞද්ද රටක් වශයෙන් මිතුරන් වෙන එක හොද දෙයකි .නමුත් කල්පවතින දෙයක් හදාගන්නනම් සුදුසු ජපානයි .දන්නෝ දනිති.(දී)

:       0       0

සුභා Tuesday, 16 September 2014 12:50 PM

ඔය මොනවා කලත් අන්තිමට අපි අසරණ වෙනවා (දී)

:       0       0

වරුණ Tuesday, 16 September 2014 01:00 PM

දෙවෙනි බලවතා..... මම පිලි ගන්නේ නැහැ (දී)

:       0       0

රණසිංහ Tuesday, 16 September 2014 01:17 PM

එදා මහවැලියට වියදන් කරනකොට සැහෙන්න බැන්නා ණය වෙනවා කියලා. අද වියදම් කරපු මුදල මෙන් කීප ගුණයක් ජල විදුලියෙන් විතරක් හොයාගත්තා.(දී)

:       0       0

ශාන්ත Tuesday, 16 September 2014 02:01 PM

ෆොටෝස් ටිකක් පැහැදිලි මදි නේද , මෙය වැදගත් අවස්තාවක් .(අ)

:       0       0

විනිත් Tuesday, 16 September 2014 02:16 PM

ඔච්චර බලවත් චීන ජනපති මොකද බෝයින්ග් ප්ලේන් භාවිතා කරන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 654 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 911 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2003 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4284 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2236 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 839 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site