IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලොව පැරණිම රැකියාව මෝටර් රථයේ

මෝටර් රථයක ගණිකා වෘත්තියේ යෙදුන බව කියන තරුණියන් තිදෙනෙකු සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු කරදියාන පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

එම තරුණියන් අවුරුදු 19ත් 21ත් අතර පසු වන බව පොලිසිය පවසයි.



අදහස් (0)

ලොව පැරණිම රැකියාව මෝටර් රථයේ

ලලිත් Saturday, 04 October 2014 08:51 PM

ගණිකා වෘත්තිය නීති ගත කලා කියල මොකක්ද ඇතිවෙන වෙනස? රටේ සමාජ සංසකෘතික රාමුව තුල එය පිළිගනීද? නැහැ! මම ජිවත් වෙන්නේ නවසීලන්තයේ. එහි මෙය වෘත්තියක් ලෙස පිළිගන්නා අතර ගණිකාවන්ගේ අයිතිවාසිකම් සුරකින වෘත්තිය සමිතිත් පවතිනවා. ඒ කෙසේ වුවත්, ගණිකා වෘත්තිය තවමත් සමාජයේ අසම්මත රැකියාවක්. මෙහි කියා වෙනසක් වෙනසක් නැහැ. බොහෝ ගණිකාවන් නිශාචරව වීථි තුල සැරිසරමිනුයි තමන්ගේ රැකියාව කරන්නේ. ඊට අමතරව, එවන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයක නිවසක් මිලදී ගැනීමට මිනීසුන් මැලි කමක් දක්වන අතර, පාසලක් ආසන්නයේ එවැන්නක් ආරම්භ කිරිමට උත්සාහ ගතහොත් ඒ වෙනුවෙන් බලවත් විරෝධතාවන් එල්ලවෙනවා (නදී)

:       0       0

මහින්ද ඒකනායක Saturday, 04 October 2014 09:46 PM

මේවා නීති ගතකරලා බලපත්‍ර දුන්නා නම් රජයට ආදායමක් නේද? (නදී)

:       0       0

කපිල Saturday, 04 October 2014 09:56 PM

පිස්සුවක් ඇතැයි (නදී)

:       0       0

සත්‍යයා Saturday, 04 October 2014 11:08 PM

අපේ රටින් මැද පෙරදිගට රැකියාව සඳහා යන කාන්තාවන් 99%ක්ම වාගේ සුජාතයි. නමුත් මහලු ස්වාමිවරුන් හා ඔවුන්ගේ සල්ලාල පුතුන්ගේ කෙළි බඩු බවට පත්වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට කිසිම හව්හරණයක් නැහැ. ඉතින් තත්වය ඔහොම නම් තවත් මොන කතාද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 04 October 2014 11:10 PM

මේ ක්‍රමය නම් ටිකක් නම්බුකාරයි වගේ (නි)

:       0       0

විජේබා Sunday, 05 October 2014 01:50 AM

ආර්ථික ප්‍රශ්න සර්ව සාදරනව විසඳා ඇති මනෝ මුලික සමාජයක් ගැන සිතුවත් මෙය සමාජයේ ලිංගික ප්‍රශ්නයක් ලෙස බොහෝ කල් තිබිය හැකියි . අද ප්‍රශ්නය වන්නේ, මෙය ලිංගික ප්‍රශ්නයක් නොව රැකියා ප්‍රස්නයක් වීමයි. ධනය, බලය සහ නීතිය විශාල වශයෙන් ඇසමතුලිත වූ සමාජයක, කාම සුකල්ලිකානු පැවැත්මට ඇති බලවත් ඉල්ලීමත්, දුප්පතුන්ගේ අසහනයත් විසින් මෙය නීතිමය හෝ නීති විරෝදී ලෙස බොහෝ කල් පවත්වා ගෙන යනු ලැබෙනු ඇත. කෙසේ නමුත් "කෙනෙකුගේ ආර්ථික ප්‍රශ්න විසදුණු විට මානසික ප්‍රශ්න බොහොමයක් ඉබේම විසෙදෙනු ඇත." (නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 05 October 2014 02:31 AM

වැඩේ නම් වැරදියි. එහෙත් මහජන මුදල් ගසාකනවාට වැඩිය නම් හොඳයි (නදී)

:       0       0

චමින්ද Sunday, 05 October 2014 02:55 AM

ලලිත්, මම දන්නා විදියට නම් සංවර්ධිත රටවල ගණිකා නිවාස පාසල අවට, සාමාන්‍ය නිවාස අසළ පවත්වාගෙන යාමට එම නගර සභාවන් ඉඩ දෙන්නේ නැහැ.බොහෝවිට ඒවා පවත්වාගෙන යාමට අවසර දී ඇත්තේ කර්මාන්තශාලා ඇති ප්‍රදේශ වල සහ නගරයේ කඩ සාප්පු ඇති ප්‍රදේශ වල පමණයි. (නි)

:       0       0

බන්ටී Saturday, 04 October 2014 09:30 AM

මෙය ලෝකයේ පැරණිම රැකියාව නම් ඇයි එයට ලැබිය යුතු තත්වය ලබා නොදෙන්නේ? අන්න එතැන් පටන් මෙය කථිකාවකට ( ගල් මුගුරු වලින් තොර )යොමු කරමු. (නදී)

:       0       0

චතුර Saturday, 04 October 2014 09:48 AM

බන්ටි, ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන ඉංග්‍රීසි කියමන මතක් වුණාද? ඒක හැම දේටම අදාළ නෑ කියන එකත් මතක තියාගන්න. (නදී)

:       0       0

ධනංජය Saturday, 04 October 2014 10:04 AM

ලංකාවේ නොමිලේම ඉගෙනගන්න ඉඩ දීල තියනවා කොයි තරම් රටේ අග හිඟකම් තිබුනත්. එහෙම කරලත් අන්තිමට ඇඟ විකුණගන කන්න වෙනවා නම් එ්කට තමා "කාලකන්නිකම" කියන්නේ! (නදී)

:       0       0

සඳුනි Saturday, 04 October 2014 10:17 AM

බන්ටි, මේ රැකියාව ලෝකයේ බොහෝ රටවල නීතයානුකූලයි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒ තුලින් ස්ත්‍රී දූෂණ අපචාර ආදිය අවම වන බව. කිසිසේත්ම නැහැ. අසල්වැසි ඉන්දියාව උදාහරණයක්. ගණිකා සේවය නීතිගත කලත් ස්ත්‍රී දූෂණ වැහි වැහැලා. අපේ රට ඒ තරම් පහලට වැටිලා නැහැ. දැනගන්න තියෙන ආකාරයට එබදු අතවරයකට පත් ස්ත්‍රීන් පොලිසියට ගියාම නැවත දූෂණය වීම ඉන්දියාවේ සාමාන්‍ය දෙයක්. (නදී)

:       0       0

රස්පී Saturday, 04 October 2014 10:26 AM

බන්ටිට කියන්න තියෙන්නේ ලංකාවෙ මිනිසුන්ගෙ ආකල්ප මෙවැනි රැකියාවක් පිලිගැනීමට තරම් තාම හැඩගැහිල නෑ. අපි තාම පවුල කියන දෙයට ගොඩාක් ලොකු වැදගත් කමක් දෙනවා. ලිංගිකත්වය කියන දෙය ප්‍රසිද්ධියේ කතා කරන්න තරම් ලංකාව තාම හැඩ ගැහිල නෑ. එතකන් ඉතින් ඔක්කොම සෙල්ලම් හැංගිලා තමා කරන්න වෙන්නේ. (නදී)

:       0       0

සමන්ත Saturday, 04 October 2014 10:29 AM

ෂුවර් එකටම මේකට ආදර්ශ ගන්න ඇත්තේ මෙවැනි ක්‍රියා සඳහා ප්‍රසිද්ධ, දැන් ටී.වී වලින් සුදනා වගේ කතා කරන හිටපු නීතියට සම්බන්ධ පුද්ගලයෙක්ගෙන් වෙන්න ඕනේ (නදී)

:       0       0

සේන Saturday, 04 October 2014 10:32 AM

මේ රස්සාවට මේ නම කියනවාට මම නම් කැමති නැහැ. ගෑනු ජීවත්වෙන්න මේකද ඉස්සර වෙලාම කලේ? (නදී)

:       0       0

දීපාල් Saturday, 04 October 2014 10:51 AM

අනේ අර කුරුටු ගාමින්ගේ උදුල්ට කියන්න නඩුව වෙනුවෙන් කතා කරන්න කියලා. ඔය උඳුල් කාලයක් අන්තරය දැක්කුවා. දැන් ගණිකාවන් වෙනුවෙන් කඩේ යනවා (නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 04 October 2014 11:05 AM

ජංගම ජැක්පොට් (නදී)

:       0       0

හිරන්ත Saturday, 04 October 2014 11:30 AM

හැමෝටම රස්සාවක් තියනවා නම් මේ ප්‍රශ්නේ නැහැනේ. මන් නම් හිතන්නේ මේ වගේ දේවල් වලට පෙලඹෙන්නේ දුප්පත් කම නිසා. ඒ ගොල්ලොත් කැමති ඇති වැදගත් රස්සාවක් කරන්න. ඒත් මේ දනවාදී ක්‍රමය තුල දුප්පතාට තැනක් නෑ. මේකත් රටක්ද (නදී)

:       0       0

සේරම් පැරිස් Saturday, 04 October 2014 11:31 AM

කෙනෙකුගේ සතුට සහ කෙනෙකුගේ රැකියාව. තවත් කෙනෙකුගේ අසම්මතයක් සහ නීති විරෝදී ක්‍රියාවක්. දියුණු රටවල නම් මේවා ජිවිතයේ කොටසක් නීති විරෝදී නොවන (නදී)

:       0       0

සඳුනි Sunday, 05 October 2014 08:02 AM

ජගත් ..තව තියෙනවා ලෝකේ දියුණුම යයි කියන මහබලවතා ' ඇමරිකාව?'සියල්ල දත් වෙන්න ඕනේ නැහැ යන්න ඕනෙත් නැහැ අන්තර්ජාලයෙන් විමසා බලන්න සමාජ තත්වය. මෝඩ කතා කියන්න එපා. (නදී)

:       0       0

විමල් Saturday, 04 October 2014 12:02 PM

අපේ රජය යටතේ මේ රැකියාව නීති ගතකරන්න කෙටුම්පත් හදමින් තියෙන්නේ. මේක හොද අදායම් මාර්ගයක් රටට (නදී)

:       0       0

රදික Saturday, 04 October 2014 12:03 PM

ලංකාවේ දුප්පත්කම, නුගත්කම දෙකම් නැතිකොට ගැහැනුන් පිටරට රැකියාවට අරින එක නවත්වන්න කියා ඡන්ද පොරොන්දුවක් දුන්නොත් හොඳයි. ඒ වගේම ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

නිලංග Sunday, 05 October 2014 08:26 AM

පිටරටවල් ගණිකා වෘත්තීය නීති ගත කලත් ගණිකා නිවාස සාමාන්‍ය නිවාස පවතින පෙදෙස් වල පවත්වා ගෙන යන්න අවසර තිබෙනවා කියන මමත් හිතන්නේ නැහැ. මෙවැනි රටවල වුනත් එවැනි දේට යොමු වෙන්නේ වෙනත් කිසිම උගත් වෘත්තිමය තත්ත්වයක් ඇති කර ගැනීමට නොහැකි වුන කාන්තාවන් . විශේෂයෙන්ම තායිලන්තය රුසියාව, වැනි රටවලින් කෙටි කාලින රැකියා විසා රැගෙන ඇවිත් එහි නිරත වෙන්න පවා අවසරය තිබෙනවා. (නදී)

:       0       0

ජගත් Saturday, 04 October 2014 01:39 PM

සදුනි, ඉන්දියාව ගැන ඔයතරම් කියවන්නේත්, මේ රැකියාව නිත්‍යානුකූල කරලා තියෙන සංවර්ධිත රටවල් ගැන ඔබගේ උදාහරන නැත්තේත් මොකද...? ඒ රටවලත් ස්ත්‍රී දුෂණ ආදිය බොහෝ අධිකද....? කරුණාකර නොදන්නා දේවල් කතා නොකර,සියල්ල දත් නොවී ඉන්න. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 04 October 2014 02:58 PM

සඳුනි ඔයා හරියට හරි.මේ වගේ දේවල් අඩුකරන්න නම් ජනතාව තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනා. ඉගෙන ගන්න වයසේ, ඉන්න මේ වගේ නංගිලා තමන්ගේ ඇග විකුණා ගෙන කන්න තරම් පහත් තත්වෙකට වැටෙන්න හේතුව විදියට මම නම් දකින්නේ අපේ රටේ පාලකයන්ගේ වැරැද්ද. ඉගෙන ගත්ත ළමයෙකුට රැකියාවක් නෑ. සමහර උපාධි රැකියාවකට සරිලන විදියට ප්‍රායෝගික නෑ. ඒ විතරක් නෙවෙයි දැන් තියෙන ඉගෙනුම් ක්‍රමය තුල දරුවන්ගේ ආකල්ප වර්දනය කිරීමක් කරන්නේ නෑ. මේ හැමදේම මේකට හේතුවක් විදියට මම දකිනවා. අද ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ නම් කරන්න ඕනේ කොහෙන්වත් ණය අරගෙන මුහුද ගොඩ කරන එක නෙමෙයි කෘෂි කර්මාන්තය වැනි දේවල් දියුණු කරලා නවීන ලෝකයට ගැලපෙන ලෙස ඉගෙනුම් ක්‍රියාවලිය යාවත්කාලින කරන එක. (නදී)

:       0       0

සමන් සුජීව Saturday, 04 October 2014 03:28 PM

මුදල් හම්බකරන්න ලේසිම ක්‍රමයක්නේ (නදී)

:       0       0

වින්සන්ට් Saturday, 04 October 2014 03:28 PM

දේශපාලන වෘත්තියට වඩා උසස් ස්වයං රැකියාවක්. නීතිවිරෝධී වී ඇත්තේ තරු පහේ හෝටලයක සිදුනොවීමද? (නි)

:       0       0

සුජීව Saturday, 04 October 2014 03:28 PM

මුදල් උපයන්න තිබෙන පහසුම ක්‍රමය! (නි)

:       0       0

ටිකිරි Sunday, 05 October 2014 11:42 AM

ඉල්ලුමට අනුව සැපයුම. එ්ත් ලංකාවේ කාන්තාවන් මෙම රැකියාවට යොමුවන්නේ ලංකාවේ රැකියා නැති හින්ද නම් නොවෙයි. ඕනෑම තැනක තියන ඇඟලුම් කම්හලක පුහුණු , නුපුහුණු රැකියා ඇබෑර්තු ගැන දැන්වීම් පලකරලා තියනවා බලන්න පුළුවනි වැටුපත් නරක නැහැ. අනික ඔවුන්ට දැන් ආහාර, ප්‍රවාහන සහ වෛද්‍ය ඇතුළු සියලුම පහසුකම් දැන් කාලේ ලැබෙනවා. අනික නිකමට හිතන්න ගෙදර වැඩට සේවිකාවක් ලංකාවෙන් හොයාගන්න කොපමණ අපහසුද කියලා. හැබැයි පාසල් යනකාලේ සිටම නොමගට යොමුවී ඉගැනුමත් කඩාකප්පල් කරගෙන දඩාවතේ ගිය ගැහැනුන් නම් එම ජීවිතයෙන් තෘප්තිමත් වන්නේ නැහැ. කූඩැල්ල මෙට්ටේ තියන්න බැහැ වගේ ඔවුන් කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න පෙළඹෙනවා. එ්ක මානසික ප්‍රශ්නයක් මිස මානුෂික ප්‍රශ්නයක් නොවෙයි.(නදී)

:       0       0

සේනානායක Saturday, 04 October 2014 06:34 PM

සේරම්ගේ අදහසට මමත් එකඟ වෙනව (නි)

:       0       0

සේනානායක Saturday, 04 October 2014 06:38 PM

බන්ටි හරියට බුදුවෙලා වගෙයිනේ කතාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 129 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 523 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 103 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 548 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 969 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site