IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ලොව පුරා ලක්ෂ 3කට කොරෝනා - ඉතාලියේ තත්ත්වය බරපතළයි

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයන් 300,000ක් පමණ ආසාදිතයන් බවට පත්ව ඇත. අද (22 - ඉරිදා) ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 6.00 (ශ්‍රී ලංකාවේ වේලාව දහවල් 11.30) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස 13,069 කි.

මේ වන විට වයිරසය පැතිර ඇති රටවල් සංඛ්‍යාව 188 කි. සුවය ලැබූ පිරිස 95,800 ඉක්මවයි. ඉතාලියේදී මෙම වයිරසයෙන් මියගිය සම්පූර්ණ ගණන 4825 කි. චීනයේ මරණ 3261 කි.

ලෝකයේ බලවත්ම රටවල් ලෙසින් සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය (මරණ 348) සහ එක්සත් රාජධානිය (මරණ 233), ප්‍රංශය (562), ස්පාඤ්ඤය (1381), ජර්මනිය (84), ඉරානය (1556), දකුණු කොරියාව (104), ස්විට්සර්ලන්තය (80), නෙදර්ලන්තය (136) සහ බෙල්ජියම (67) යන රටවලට පවා තත්ත්වය පාලනය කරගත නොහැකි වී තිබේ.

මාර්තු 21 වැනි සෙනසුරාදා දිනයේදී පමණක් ඉතාලියේ 800 කට ආසන්න පිරිසක් (793) මියගොස් ඇති අතර මේ වනවිට ඉතාලියේ ලොම්බාඩි කලාපය අධි අවදානම් තත්ත්වයේ තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඉතාලි රජය විසින් අත්‍යාවශ්‍ය නොවන සියලුම ව්‍යාපාර වසා දමා තිබේ.

“යුද්ධයෙන් පස්සේ අප මුහුණ දුන් අසීරුම අර්බුදය මේකයි. නිෂ්පාදන කටයුතු විතරයි දැන් කෙරෙන්නේ.“ යයි ඉතාලියේ අගමැති ගුසෙප් කවුන්ට් මහතා තමන්ගේ මුහුණු පොත ඔස්සේ පළකළ වීඩියෝවකින් පැවසීය.

ජනයාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා සුපිරි වෙළෙඳසැල්, ඖෂධ ශාලා, තැපැල් හල් මෙන්ම බැංකු සේවා විවෘතව පවතී.

“අපි නිෂ්පාදන මන්දගාමී කරනවා. ඒත් අපි ඒවා නවත්වන්නේ නෑ“ යයිද අගමැතිවරයා කීවේය. එහෙත් ඒ කුමන ආකාරයේ නිෂ්පාදනද යන්න ඔහු ප්‍රකාශ නොකළේය.

ඉතාලියේ උතුරු කලාපයට අයත් ලොම්බාඩි ප්‍රදේශයේ මරණ 3095 ක් වාර්තා වී තිබේ. ඒ රෝගය වැළඳුන 25,515 ක් දෙනා අතුරිනි.

තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සභාපතිනිය වන උර්සුලා වැන්ඩර්ලියන් මහත්මිය දැඩිසේ කම්පාවට පත්ව සිටින්නීය.

“අපි තේරුම්ගත යුතු දේ මේකයි. අපේ සංගමයට අයත් කිසිම රාජ්‍යයකට මේ තත්ත්වයට තනියම මුහුණ දෙන්න බෑ. මේ වයිරසයට දේශ සීමා නෑ...යුරෝපා සංගමය වඩාත් ශක්තිමත් වෙන්නේ අපි එකමුතු වී විටයි“ යයි වැන්ඩර්ලියන් මහත්මිය පවසා තිබිණ.



අදහස් (12)

ලොව පුරා ලක්ෂ 3කට කොරෝනා - ඉතාලියේ තත්ත්වය බරපතළයි

පිටිගල මිලානෝ Sunday, 22 March 2020 07:54 AM

ලක් වැසියනි බෙහෙත් නැති මෙම රෝගයට එක විසඳුමයි ඇත්තේ. එය නම් ගෙවල් තුලට වී සිටීමයි. කිසිම අමුත්තෙක් ගෙතුලට වද්දා ගන්න එපා. අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගෙන අවොත් දොර ළඟ තබා ගිය පසු එය රැගෙන සබන් දමා සෝදා අත්ද සබන් දමා සෝදාගන්න. කාඩ්බෝඩ්, ප්ලාස්ටික් බැග් වල මෙම වයිරසයට ඉන්න පුළුවන් අතර සපත්තු අඩියෙන් ගෙතුලට විත් ඔබට හොරෙන් ඔබ සමඟ එකගෙයි විසිය හැක. කල්පනාකාරී වන්න.

:       103       362

සත්‍යපාල Sunday, 22 March 2020 08:51 AM

උපදෙස් වලට බොහොම පින්... කොරෝනා වසන්ගතය තුරන් වේවා "

:       1       44

MaheeSunday, 22 March 2020 08:58 AM

හොඳ අදහසක් පිටිගල මිලානෝ. අපේ මිනිස්සු සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිනොපදින බව හැම කෙනෙක්ම කියනවා. මේ උවදුරේ බරපතලකම කාගේවත් ඔලුව ඇතුලට වැදිලා නෑ. මෝඩ දේශපාලුවෝ පිස්සු නටනවා. අපේ එවුන් උන් පස්සේ දුවනවා. දෙවියන්ගේ නාමෙන් බැරිනම් රටේ ඉන්න අනික් මිනිස්සුන්ගේ නාමයෙන් ගෙවල් වලට වෙලා හිටපල්ලා.

:       1       26

ranaSunday, 22 March 2020 10:08 AM

මේවා බොල අනුන්ට වහසි දොඩනවා. ගෙදර විනාසයේ කියන්නේ නැහැ... ඔය පණ්ඩිත වදන් පිළිපැද්දා නම් අපටත් මේ උවදුරින් වලකින්න තිබුනනේ ?

:       3       12

banda Sunday, 22 March 2020 08:31 AM

ඉතාලිය දැන් වත් දැනගන්න ඕන දේශසීමා තියෙන්නේ මොකටද කියල. ලෝකය පුරා සිටින අපතයින් රස්සා හොයාගෙන ඉතාලියට එනවා . ඔවුන් තමන්ගේ රටේ රස්සාවක් හොයා ගන්න බැරි නුගත් පිරිසක් . ඉතාලිය මොවුන්ට බාධාවකින් තොරව රැකියා කරන්න අවස්ථාව දී තිබෙනවා . මොවුන් රට පුරා සුළු රැකියා කරමින් ජිවත් වෙන අතර . මෙම වසංගතය රට පුරා වියාප්ත කිරිමට මොවුන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. උදාහරණය ලංකාවට පැමිණි ඉතාලියේ සේවය කරපු පිරිස මෙම වසංගතය ලංකාව පුරා පතුරුවන ආකාරය .

:       27       180

රොෂාන් Sunday, 22 March 2020 03:55 PM

දැන් කියන්නේ, ලංකාවේ නුගතුන් සෙට් එක ඉතාලියට පැනගෙන කියලද? ඉතාලියට නෙමේ, ලෝකේ කොහෙට පැන ගත්තත්, ලංකාවේ ජීවත් උනත් ලංකාවේ එකෙක් නම් කාලකණ්ණියෙක්ම තමයි . ඉතාලියෙන් නෙමේ, ලෝකේ කොහේ සිට හෝ ඇවිත් විනාශ කරන්නමයි ඕනා...

:       2       109

kamal Sunday, 22 March 2020 08:56 AM

අපිත් මුල දී පරිස්සම් වුනේ නැත්තන් මීට හපන් වෙනවා. වෛද්‍ය පහසුකම් අතින් ඉතාලිය ලංකාවට වඩා 5,6 ගුණයකින් වත් ඉදිරියෙන් ඉන්නේ. මේක අනවශ්‍ය බය කිරීමක් නෙමෙයි, යතාර්ථය මෙයයි.

:       1       67

de silva berlin Sunday, 22 March 2020 10:19 AM

ලංකාවේ නියම අසාධිතයන් ප්‍රමාණය පෙනෙන්නේ තව සතියකින් පමණ , කොහොමත් රෝහල් වල රෝගීන් සදහා ඇදන් 1000 වත් සුදානම් කරලා තබාගන්න වෙනවා. ඇදිරි නිතිය හවසට තියනවා කිව ගමන් අපේ මිනිස්සු බස් නැවතුම් පලවලට රැස් වෙලා තෙරපිලා ගමේ ගිය නිසා වැඩේ අවුල් වුණා , කරන්න තිබුනේ මිනිස්සුන්ට රැකියාවල් කරලා ගෙදර යන්න ඉඩ හැරලා ඉඩහැරිලා මධ්‍යම රාත‍්‍රියේ පටන් ඇදිරි නිතිය පනවන බව සවස 7 ට පමණ දැනුම් දෙන්න. ඊට පස්සෙන්ද දුර ගමන් සේවා, සහ අධිවේගී මාර්ග වසාදමල පැය 3-4 මිනිසුන්ට දැන් වගේ බඩු ගන්න ඉඩ දෙන්න තිබුණා, නිරෝධනය කරනවා කියල හෝල් එකක ඩබල් ඇදන් දමලා 30-40 එකට ඉන්න සැලැස්වීම භායනක් දෙයක් , මින් එකෙනෙකුට හරි රෝග ලක්ෂණ තිබුනොත් අර 40 ම නැවත වෙන් වෙන්ව අනිවාර්යයෙන් සති දෙකක නැවත නිරෝධනය කරන්න සිදු වෙනවා .

:       21       45

Raveendra Sunday, 22 March 2020 11:57 AM

අප සැම පුරවැසියන්ගේ වගකීම නිසිලෙස ඉටුකන්නේ නම් එය මෙවන් විපතකදී වෛද්‍යවරුන්ට මහත් සේවයක් වනු ඇත. එබැවින් අප අනිකාට උපදෙස් දෙනවාට වඩා අපගේ යුතුකම් වගකීම් ඉටුකරමු.

:       1       10

පිටිගල මිලානෝ Sunday, 22 March 2020 01:17 PM

අර ඉතාලියේ ඉඳලා ගිය මෝඩයෝ ටිකයි, මෝඩියි යුතුකම් ටික කලාද? ලංකාවේ වැඩිහරියක් මෝඩයින් යුතුකම් ඉටුකරනවද? හමුදාව සහ පොලිසියයි තමයි ටිකක් හරි මැදිහත්වෙලා එය කරවන්නේ. ඒ නිසා දැන්වත් මේ අයට යුතුකම් හෝ දැනට කලයුතු දේ කියාදෙන්න ඕනේ. සමහර අසරණයන් මොනාද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. අන්තිම අසරණයි.

:       1       35

NIMMI Sunday, 22 March 2020 04:07 PM

මම නම් කියන්නේ, ලෝකෙටම කොරෝනා බෝ කල කාලකන්නි ඔක්කොම ටික මැරිලා යන්න ඕනෑ . මේ ලෝකේ ඉන්න කන් ලෝකෙට සෙතක් වෙන්නේ නැහැ.

:       13       135

lalithm Monday, 23 March 2020 03:19 AM

කව්රුත් කැමැත්තෙන් අනිකට ලෙඩ බෝ කරන්නේ නැහැ. ප්‍රශ්නය නොදැනුවත් කම. ඉතාලියේ ඉඳ ආපු හෝ සංචාරක මග පෙන්වන්න යන බොහෝ දෙනෙක් තම රැකියාවට පිටින් මොනම දෙයක්වත් නොදන්නා අයවලුන් බව පිළිගන්න ඕනේ. ඉවසීමෙන් තත්වය පාලනය කල යුතු අවස්ථාවක රජය ක්ෂණික තීරණ දීමෙන් මහජනයා බිය වුන බවත් ඇත්ත. ඇඳිරි නීතිය පනවපු දවසෙම කෝච්චි බස් වල තෙරපී ගිය විදියට මොන ලෙඩක් වුනත් පැතිරෙන්න පුළුවන්. කව්රුත් නීතියට බය හින්දා කොහොමහරි යන්න උත්සහ කළා. ටිකක් කල් දුන්නා නම් ඉතා යහපත්. පැය 12-15ක්. එතකොට ලංකාවේ කොතැනට වුණත් යන්න වෙලාව තියෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 748 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 82 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 318 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1543 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 426 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 380 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 809 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 533 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site