IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලොව "පොහොසත්ම" ජනපති උරුගුවේ රාජ්‍යයේ

උරුගුවේ ජනාධිපති ජෝස් මුජිකාට ලොව දුප්පත්ම ජනාධිපති නාමය පට බැඳී ඇත. හැත්තෑ හත් හැවිරිදි ජනාධිපති එල් මුණ්ඩෝ ස්පාඤ්ඤ පුවත්පත් සමග පැවැසුවේ තම මුළු වැටුපම වාගේ පරිත්‍යාග කරන බවයි. ඔහුගේ මාසික වැටුප ඩොලර් 12500ක් හෙවත් රුපියල් 1650000කි. එයින් ඩොලර් 1250 (රුපියල් 165000) තම වියදමට තබා ගනිමින් ඉතිරිය පොදුජනයා වෙනුවෙන් පිරිනමයි. ”මට ඒ මුදල හොඳට ඇති. ඊට වඩා අඩු මුදලකින් ජීවත්වන බොහෝ දෙනකු අපේ රටේ ඉන්නවා” උත්තර මන්ත‍්‍රීවරියක වන ඔහුගේ බිරියද ඇගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරයි. මොන්ටිවීඩියෝ ගොවිපොළක ජීවත්වන ඔහුට ඇත්තේ වොක්ස්වාගන් බීටල් රියකි. එහි වටිනාකම ඩොලර් 1945කි. තමාගේ ලොකුම වියදම එය බව ජනපති කියයි. ඔහුට බැංකු ගිණුමක් නැත. ඔහු කාටවත් ණය ද නැත. ඔහුට සුරතල් බල්ලෙක්ද සිටියි. ධනවතකු වූ ඇමෙරිකා ජනාධිපති ජෝන් එස්. කෙනඩි සිය වැටුප පරිත්‍යාග කළේය. දුප්පත් පවුලක හැදුණුවැඩුණු හර්බට් හුර්මෝ ජනපති කිසි දිනක රජයේ වැටුප් නොගත්තේය.



අදහස් (0)

ලොව "පොහොසත්ම" ජනපති උරුගුවේ රාජ්‍යයේ

ගර්දි Saturday, 27 October 2012 04:14 PM

අපේ රටේ ඇමතිතුමෙක්ගෙ වැඩිපුර තියෙන වාහනයක්වත් අරගෙන මේ රටේ නායකයාට යවමුද? දුක හිතෙනවා මෙයා ගැන..!(නු)

:       0       0

චානක Saturday, 27 October 2012 08:53 AM

මේක මේ හීනයක්.. ඇත්ත කතාවක් නෙමෙයි.. නැත්නම් අපේ රටෙත් මේවා ආදර්ශයට ගනී..!(නු)

:       0       0

සංජීව Saturday, 27 October 2012 09:41 AM

මේ ප්‍රවෘත්තියෙන් පසු‍ව එයාට සතුරන් වැඩිවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

තරිදු Saturday, 27 October 2012 05:15 PM

බණ්ඩාර මේ වගේ නායකයෝ තමයි රටේ ඉන්න ඕන..!(නු)

:       0       0

අන්ජුලා Saturday, 27 October 2012 05:05 PM

ඇඩෙනවා දැක්කාම..!(නු)

:       0       0

අමිල Saturday, 27 October 2012 09:48 AM

ඉතින් අපේ රටෙත් ඔය විදිහෙ නායකයො ගොඩක් ඉන්නවා. තමන්ට ලැබෙන පඩියෙන් සතයක්වත් වියදම් නොකර, සියලු වියදම් අනුන්ගෙන්ම අරගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන.... (නි)

:       0       0

රනිෂ්ක Saturday, 27 October 2012 05:30 PM

අපේ රටේ නායකයාගේ කපාපු පළුව..!(නු)

:       0       0

කුමාරි Saturday, 27 October 2012 09:59 AM

අයියෝ සල්ලි, අපේ ඇමැතිවරුත් පඩිය පරිත්තාග කරලා.... කොමිස් වලින් සතුටින් ජීවත් වන කස්ටිය ඉන්නේ... (නි)

:       0       0

සමන් Friday, 26 October 2012 06:27 PM

සියලුම රටවල ජනාධිපතිවරුන්ට ඔහුව බැලීමට සැළෑස්විය යුතුය. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 27 October 2012 10:31 AM

අපිට හිතාගන්නවත් බැහැ ලෝකයේ ඉන්න හොදම නායකයා ඔබ වෙන්න ඕන... මහතානනි ඔබට දීර්ඝායුෂ..!(නු)

:       0       0

බන්ඩාර Saturday, 27 October 2012 10:31 AM

අපිට හිතාගන්නත් බෑ...ලෝකයේ ඉන්න හොඳම නායකයා ඔබ වෙන්න ඕනි. ඔබට දීර්ඝායු (ස)

:       0       0

ෆාරුක් Friday, 26 October 2012 06:53 PM

අපේ රටෙත් මෙහෙමමයි. (නි)

:       0       0

සමින්ද Saturday, 27 October 2012 10:38 AM

අපේ රටෙත් මේ වගේ කෙනෙක් හිටියනම් කොයි තරම් හොදද? (නු)

:       0       0

ප්‍රගීත් Friday, 26 October 2012 07:04 PM

අපි දෙවෙනියට දුප්පත්. (නි)

:       0       0

සිල්වා තබුක් Saturday, 27 October 2012 10:52 AM

අන්න අපේ රටේ.. යන්න රට වටේ.. ලස්සන ශ්‍රී ලංකාවේ.. අනේ අපට ගිවිසුමක් ගහන්න තිබුණනම් කොච්චර වටිනවාද?(නු)

:       0       0

අරුණ ලන්ඩන් Friday, 26 October 2012 07:14 PM

අපේ අය හිතනවා ඇති මේ වගේ මෝඩයෙක් කියලා.. මේවා අපේ රටේ මිනිසුන් දැන ගන්න ඕන..!(නු)

:       0       0

ජයසිරි Friday, 26 October 2012 07:05 PM

මොහුට ඇත්තෙන්ම ගරු කල යුතුයි (ස)

:       0       0

ජගත් Friday, 26 October 2012 07:06 PM

මෙන්න අදහන්න වටින මිනිස්සු (ස)

:       0       0

කුමාරි Friday, 26 October 2012 07:21 PM

ඒකට අපේ අය..!(නු)

:       0       0

ඇල්ප්‍රඩ් සිල්වා Friday, 26 October 2012 07:13 PM

කොපමණ ආදර්ශවත් නායකයෙක්ද ? අයතා ක්‍රමවලින් මුදල් නොසොයන බුරුතු පිටින් පවුල් ගස්වලට පොහොර නොදමන කෙළින් රාජකාරි කරන නායකයින්ට මහජනතාව පමණක් නොව ස්වභාව ධර්මයත් ආදරය කරයි. ඔහුට අපි සුභ පතමු ! (නි)

:       0       0

තුවාන් ෂෙරීෆ් Friday, 26 October 2012 07:27 PM

, මෙන්න සැබෑ පාලකවරු (අ)

:       0       0

හිලංකා Friday, 26 October 2012 07:27 PM

මෙවැනි ජනාධිපතිවරු අපේ ලංකාවෙත් පහළ වේවා..!(නු)

:       0       0

සම්පත් Friday, 26 October 2012 07:22 PM

ඉතිං ලංකාවෙත් මේ වගේ තමයි..!(නු)

:       0       0

සතිස් Friday, 26 October 2012 07:23 PM

අන්න නියම ආදර්ශමත් නායකයෙක් ඔබට දීර්ගායුෂ පතමි. (අ)

:       0       0

දිලිප් Friday, 26 October 2012 07:32 PM

මේක කවුරුහරි දැකපු හීනයක්ද? නැතිනම් කවුරුහරි හදාපු ප්‍රභන්ධයක්ද? මෙපමණ කලක් මම හිතාගෙන හිටියෙ මේ වගේ අය ඉන්නෙ ලංකාවෙ විතරයි කියලා..!(නු)

:       0       0

සදුන් යූ.එස්.ඒ. Saturday, 27 October 2012 11:07 AM

මෙවන් මිනිසුන් මුළු ලෝකෙටම වාසනාවකි.. දීර්ඝායුෂ පතමි..!(නු)

:       0       0

සමන් Friday, 26 October 2012 07:36 PM

මෙන්න මිනිස්සු ඔබට මගේ ප්‍රණාමය.(අ)

:       0       0

බියන්කා Friday, 26 October 2012 08:05 PM

අපේ රටේ අයටත් මේවා පෙනේවා..!(නු)

:       0       0

දනේ Saturday, 27 October 2012 11:31 AM

මෙයා සිංහල නෙමෙයි වෙන්න ඇති..!(නු)

:       0       0

උපුල් Friday, 26 October 2012 08:04 PM

යාන වාහන පිරිවර ගැන වටිනා ඇදුම් ආයිත්ම්වලින් සරසිලා රගපාන අපේ අයට මේ වගේ සරළ ජීවිතය්ක ගෙවන මිනිසෙකුට තියෙන හිතේ සතුට තියෙනවාද?(නු)

:       0       0

කළුපහණ Friday, 26 October 2012 08:12 PM

ආදර්ශමත් පාලකයෙක්..!(නු)

:       0       0

අමිල Friday, 26 October 2012 08:24 PM

අයියෝ අපේ රටෙත් සතපහක් ගන්නෙ නැතුව ඔය ඔක්කොම මහජනතාවට පරිත්‍යාග කරන්නේ... (නි)

:       0       0

කරු Friday, 26 October 2012 08:21 PM

අපි මේම ලිපිය පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 12:04 PM

අපේත් එහෙතමා (අ)

:       0       0

ශාන්ත Friday, 26 October 2012 08:31 PM

අපේ රටේ වගේමයි. (නි)

:       0       0

පනාගොඩ Friday, 26 October 2012 08:47 PM

එයාට සහෝදරයන්, නෑයින් පරපුරක් නැද්ද? (නි)

:       0       0

සුජානි Friday, 26 October 2012 08:43 PM

අනේ! එකම එක දවසකට මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකෝ. (නි)

:       0       0

රාජා Saturday, 27 October 2012 12:29 PM

මෙවැනි අය ඉස්සරනන් ලංකාවෙ හිටිය කියල මම අහල තියෙනව.(නු)

:       0       0

මහින්ද Saturday, 27 October 2012 12:33 PM

මේවා අපිට වහෙන් ඔරෝ යාලුවනේ. (නි)

:       0       0

සුමනසිරි Friday, 26 October 2012 09:11 PM

ජය ශ්‍රී උතුමාණෙනි! (නි)

:       0       0

කුමුදු Friday, 26 October 2012 09:01 PM

දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

නිමල් Friday, 26 October 2012 09:14 PM

එහෙත් මෙහේ වගේම තමයි. (නි)

:       0       0

දුමින්ද Saturday, 27 October 2012 09:54 PM

අපටත් මේ වගේ නායකයෝ පහළවේවා (අ)

:       0       0

සුමිත් Friday, 26 October 2012 10:02 PM

මේ අදහස් දක්වන කිසිම කෙනෙකුට මේ තැන ලැබුණොත් ඔය කියන විදියට කරයිද?(නු)

:       0       0

ලසන්ත Saturday, 27 October 2012 10:38 PM

ඒ උනාට එහෙ මෙහෙ වගේ ආශ්චර්යයක් නැතිව ඇති..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Friday, 26 October 2012 10:11 PM

මෙවැනි නායකයන් හදවතින් පොහොසත්.. ආදර්ශමත් නායකයෙක්.. ඔබට දීර්ඝායුෂ පතමි..!(නු)

:       0       0

තාරක Friday, 26 October 2012 10:01 PM

ඇයි අපේ ජනපති ?? (ස)

:       0       0

රෝහිත ලන්ඩන් Friday, 26 October 2012 10:12 PM

අපි සෑම විටම අභාග්‍යසම්පන්නයි.. මක්නිසාද යත් අපිට මේ වගේ දේවල් ලබන්න වාසනාවන්ත නැහැ..!(නු)

:       0       0

කීරති ඩුබායි Friday, 26 October 2012 10:13 PM

හදවතක් තියෙන රාජ්‍ය නායකයෙක් වුනාම එහෙම තමයි.. මෙවැනි රජ්‍ය නායකයන් ලබන්න ඒ රටේ මිනිසුන් මොන තරම් වාසනාවන්තද?(නු)

:       0       0

සමන් Friday, 26 October 2012 10:28 PM

මමත් ඔබට දීර්ඝායුෂ පතමි.. ඔබ උතුම් රටට ආදරේ නියම මනුෂ්‍යෙයක්. !(නු)

:       0       0

සිසිර Friday, 26 October 2012 10:42 PM

මේවා බලලා වත් අපේ අය ආදර්ශයක් ගනීවිද?(නු)

:       0       0

සේනානායක Friday, 26 October 2012 10:47 PM

අපේ පාලක ඇත්තන්ට මෙයාව මුණගස්සන්න බැරිද?(නු)

:       0       0

ජානක පෙරේරා Friday, 26 October 2012 11:25 PM

ආ අනේ ලංකාවට ඇවිල්ල බලන්න.. කවුද පොහොසත් එක්කෙනා කියලා.. (නු)

:       0       0

සනත් Friday, 26 October 2012 11:46 PM

මේ වාගෙ මිනිස්සු ලංකාවෙ උපදින්න තව අවුරුදු 100ක් විතර යයි. ඒත් කමක්නැහැ කවදා හරි උපදින්න කියල මං අද ඉදල හැමදාම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (ස)

:       0       0

කුමාරි Saturday, 27 October 2012 01:38 PM

ඉදිරියවත් අපේ රටෙත් මෙහෙම නායකයෝ පහළ වේවා..මේවා හොද ආදර්ශ..!(නු)

:       0       0

වාසනා Friday, 26 October 2012 11:59 PM

අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ....? (නි)

:       0       0

සංජීව ගමගේ Saturday, 27 October 2012 11:53 PM

ලංකාවට බැරිද දන්නෙ නැහැ ණයට ගන්න එයාව අවුරුද්දක්වත් ලංකාව පාලනය කරන්න..!(නු)

:       0       0

සිරි Saturday, 27 October 2012 12:00 AM

අන්න ඒකට අපේ අය... (නි)

:       0       0

සේනක පොන්සේකා Saturday, 27 October 2012 11:49 PM

ඒකට අපේ අය..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:56 PM

මමත් කවදාවත් රජයේ වැටුප්‘ ගත්තෙ නැහැ..!(නු)

:       0       0

හර්ෂණ Saturday, 27 October 2012 12:29 AM

හැබැයි අපේ කට්ටියට නම් වාහන දහයක් පහළොවක්වත් නැතුව වැසිකිළියටවත් යන්න බැහැ. (නි)

:       0       0

දමිත Sunday, 28 October 2012 12:13 AM

මේ වගේ ආශාවන් නැතිව ජීවත් වන මිනිසුන් දැක ගැනීමට ලැබීමත් සතුටක්. දීර්ඝායුෂ ඔබට.!(නු)

:       0       0

ලංකාපුර Sunday, 28 October 2012 12:02 AM

Sebea minisek awankai අවංක සැබෑ මිනිසෙක් (අ)

:       0       0

සාලිය Saturday, 27 October 2012 12:22 AM

එතුමාට මාගේ උපහාරය!

:       0       0

අනුර Saturday, 27 October 2012 12:44 AM

ලබන ආත්මේවත් මෙවැනි රටක උපදීවා! (නි)

:       0       0

තාරක Saturday, 27 October 2012 01:06 AM

ඔබ වගේ කෙනෙක් අපිටත් හිටියා නම්... (නි)

:       0       0

ලලිත් Saturday, 27 October 2012 01:57 AM

අපේ රටේ නායකකාරකාදීන් කොහොමද නේද? (නි)

:       0       0

තුෂාර Saturday, 27 October 2012 03:10 AM

නියම මහත්මයෙක්. (නි)

:       0       0

කාන්ස් Saturday, 27 October 2012 04:08 AM

දිර්ඝායුෂ වේවා! අපෙත් කොච්චර ඉන්නවද? (නි)

:       0       0

පනාගොඩ මෙල්බන් Saturday, 27 October 2012 04:30 AM

ඔවා දෙනු පර හට.. තමා සම්මතෙහි පිහිටා සිට.. කියන්නේ මේකට තමයි.. අනේ අපේ කට්ටියත් මේ වගේ කරන්න පුළුවං නම් ලෝක බැංකුවට ණය නොවී ඉන්න පුළුවං..!(නු)

:       0       0

රොෂාන් Saturday, 27 October 2012 04:21 AM

ශබට සදා සැප ලැබේවා.. ඔබ වන් අය රටට කීර්තියක්...!(නු)

:       0       0

වාසනා Wednesday, 31 October 2012 01:44 AM

ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයත් පඩි රහිතව තම රාජකාරිය කල කෙනෙක්. (අ)

:       0       0

සුමිත් ටී Saturday, 27 October 2012 04:38 AM

කොහොමද අපේ කෙනා..!(නු)

:       0       0

දිමුතු Saturday, 27 October 2012 05:38 AM

අපේ ජනාධිපතිතුමා වගේමයි.. (නු)

:       0       0

දනේෂ් Saturday, 27 October 2012 06:18 AM

අපේ එක්කෙනත් එහෙම තමයි.. හරිම දුප්පත්..!(නු)

:       0       0

තරිඳු Wednesday, 31 October 2012 12:21 PM

මේ වගේ ජනපතිවරුන් අපේ රටටත් ආදර්ශයක්. (නි)

:       0       0

ඇන්ටන් Saturday, 27 October 2012 06:31 AM

ණයත් නැහැ. බයත් නැහැ. (නි)

:       0       0

රුක්ෂලා Saturday, 27 October 2012 06:53 AM

හොද පාලකයෙක්. (නි)

:       0       0

චාමි Saturday, 27 October 2012 06:46 AM

අපිට නම් මේ කපේදී මෙහෙම මනුස්සයෙක් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Wednesday, 31 October 2012 12:43 PM

ඔබ තුමාට අපේ ආචාරය ..අපෙත් මේ වගේ අය ඉන්නවනේ..ක‍ටින් විතරයි...මටනම් පේන්න බෑ (ස)

:       0       0

බණ්ඩාර Saturday, 27 October 2012 07:35 AM

මේ වගේ නායකයින්ට "තිත" තැබිය යුතුය. මෙයා අනෙකුත් ජනාධිපතිවරුනට නරක ආදර්ශයක්. (නි)

:       0       0

සිනිදු Saturday, 27 October 2012 08:01 AM

මෙන්න ආදර්ශවත් නායකයන්. මේ වගේ නායකයන් තමයි ලෝකයට ඕන වෙලා තියෙන්නේ. අපේ රටෙත් ඉන්නවානේ මේ වගේ නායකයෝ. ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

අචිනි Sunday, 28 October 2012 09:44 AM

අපිට එහෙම කෙනෙක් ලබන්න පන නෑ නේ (ස)

:       0       0

ආනන්ද නායක්කාර Saturday, 27 October 2012 08:21 AM

වැඩක් කරන්නෙ නැතිව ඇති..!(නු)

:       0       0

අශෝක් Sunday, 28 October 2012 09:59 AM

කටපුරාම මහරජාණෙනි කියලා අමතන්න පුලුවන් කෙනෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 252 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 983 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 202 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1015 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 398 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1034 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site