(විමුක්ති එස් රුද්‍රිගු)ෙ
ලොව ප්‍රථම ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගය එක්සත් රාජධානියේදී ලබන ජූනි සහ ජූලි මස අතරතුරදී විවෘත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් රාජධානිය පුරාවට නියමුවන් රහිත ඩ්‍රෝන වලින් අධිවේගී බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට මෙම අධිවේගී මාර්ගය ඉඩ ලබා දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන සමාගමක් වූ ඇල්ටිටියුඩ් එන්ජල් නිර්මාණය කර ඇති සැතපුම් 165 ක් පුරා දිවෙන මෙම ගුවන් මාර්ගය කොවෙන්ට්‍රි සහ මිල්ටන් කේන්ස් නගර යා කරනු ලබයි.
මෙම ගුවන් මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට මින් විශාල තර්ජනයක් එල්ල විය හැකි බවට ඇතැම් ව්‍යවසායකයින් විවේචන එල්ල කර ඇත.ඇරෝ කුළුණු 30 ක් මත මෙම අතත්‍ය ගුවන් මාර්ගය අඩි 400 ක් ඉහළ අහසේ නිර්මාණය වී ඇති බවත් එම කුළුණු මගින් ඩ්‍රෝන පාලනය වන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම පැවැසුවේය.
මෙම ගුවන් මාර්ගය තුළ ආරක්ෂිතව ඩ්‍රෝන යානා පියාසර කළ හැකි බවත් යානා පියාසර කරවීමට මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම ප්‍රකාශ කළේය.එක් කුළුණකට සැතපුම් 2.5 ක සංඥා පරාසයක් තිබෙන බවද එම සමාගම පැවැසුවේය.
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලොව පළමු ඩ්‍රෝන ගුවන් අධිවේගී මාර්ගය විවෘත වෙයි