බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව නිර්මාණය කළ ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය මැයි දෙවැනි දා සිට මහජන ප‍්‍රදර්ශණය සඳහා නිරාවරණය කෙරේ අඩි 200 ක් දිග සහ අඩි 100 ක් උස මෙම කොඩිය මෙතෙක් ලෝකයේ විශාලතම කොඩිය බව ද ඔවුහූ ප‍්‍රකාශ කරති . තරුණ බෞද්ධ සංගමය සමඟ සුජාතා කුළගන සමිතිය ශ‍්‍රී ගුණරතන දහම් පාසල සහ විහාරස්ථ දායක සභාව මෙම කාර්යය සඳහා උර දී සිටී . වෑවල ශ‍්‍රී ඉසිපතනාරාමාධිපති සහ බටගල්ල ධම්මරතන පරිවෙනාධිපති කන්දේකුඹුරේ පඤ්ඤාකීර්ති හිමියන්ගේ උපදෙස් හා අලවතුගිරිගම පඤ්ඤාසීහ හිමියන්ගේ උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබේ .
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ශ්රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලොව ලොකුම බොදු කොඩිය මහනුවරින්
අසන්ක Tuesday, 01 May 2012 07:40 PM
මේවාට වැඩිපුර වියදම් කරන මුදල් බඩගින්නේ සිටින පවුල් වලට දුන්න නම් නේද හොද?
කේ.කේ. Tuesday, 01 May 2012 08:33 PM
බුදු සසුන බැබළේවා!
ජයලත් Tuesday, 01 May 2012 10:26 PM
මේක හොද වැඩක්
සඳුන් ජයතිස්ස Thursday, 03 May 2012 08:35 PM
ඉහත අදහස් දැක්වූ සමහරෙක් නොදන්නවා වූවාට මෙයත් ඔබ පවසනවා සේ හිසට සෙවනක් ලබාදීමේ අදහස පෙරදැඩි කරගත් මහත් වූ සත්කාරයකි.මන්ද යත් මෙයින් ඉපැයෙන සියලු මුදල් යෙදවෙන්නේ රටේ මතු අනාගතය බාර ගැනීම සදහා අද අධ්‍යාපනයේ යෙදෙන දහම්පාසල් දරුවනට නිදහසේ බාදාවකින් තොරව තම අධ්‍යාපනය කරගෙන යාම සදහා දහම්පාසල් ගොඩනැගිල්ලක් සැදීමටයි.එම නිසා මෙය ඔබ පවසනවා සේ හුදු පුහු කාර්‍යයක් පමණක්ම නොවෙයි.යමක් පැවසීමේදී ඒ පිළිබදව මනාව සොයාබලා අදහස් දැක්විම නුවනට හුරුය.එසේ නොකොට හිතට එන මොනවා හෝ ප්‍රකාශ කිරීම අනුවණයන්ගේ ක්‍රියාවකි.මේ වෙසඟේදී වත් අනුන් කරන දේ විවේචනය කර කර නොසිට තමන්ගේත් ලෝක සත්වයාගේත් හිතසුව පිණිස ක්‍රියාකරන්නේනම් වඩා වැදගත්ය. තෙරුවන් සරණයි....(ස)
සඳුන් ජයතිස්ස Thursday, 03 May 2012 08:38 PM
මේ සදහා වැයවන මුළු මුදල ලක්ශ 32ක් හෝ 52ක් හෝ නොව ලක්ෂ 17කි.
නිශ්ශංක Wednesday, 02 May 2012 08:01 AM
ලොකුම කොඩිය හදලා විතරක් මදි. සිංහලයාව රැක ගන්නත් ඕනේ
සමන් Wednesday, 02 May 2012 08:56 AM
මේවා හොද වැඩ. ඒත් මේවට යන සල්ලි අපරාදේ. ඒවාලින් නැති බැරි අයට උදවු කළා නම් නේද හොද?
මකරා >>> Wednesday, 02 May 2012 09:13 AM
කොඩිය ලොකුවට ති බුනම විතරක් ඇතිද තව පන්සලක ගිනස් පොතට දාන්න බෞද්ධ කොඩියක් LED වලින් හදන්න යනවලු. ජයග්ග්‍රහී පන්සලට තෙරුවන් ගෙම පිහිට පතමි. මේවා ගැන ලියන්න පුළුවන් පළකරන්නේ නැහැනේ
සමන් Thursday, 03 May 2012 09:52 AM
ඕක තමයි නිකන් සල්ලි වියදම් කරන්න එපා කියන්නේ . මැයි 02 විවෘත්ත කරන්න තිබුණ කොඩ්ය කඩාගෙන වැටුනා . 4 ක් රෝහලේ (ස)
දයා-saudi Wednesday, 02 May 2012 10:27 AM
මීට වැයවුනු මුදලින් අසරණයෙක්ට හිසට වහළක් හදලා දෙන්න පුළුවන් වුනා නම්... අබ්බගාතයොත් කොච්චර ඉන්නවද අපේ රටේ...
ශ්‍රී ලාංකිකයෙක් Wednesday, 02 May 2012 12:20 PM
මගේ නම් අදහස මේකට ලක්ශ 32ක් හරි 52ක් හරි යනවා. කාට හරි ගෙයක් හදලා දුන්නා නම් හරි හොදයි
සමීර Tuesday, 01 May 2012 03:56 PM
අගයකල යුතු වැඩක්