IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලොව ලොකුම රුවල් නැව ලංකාවේ

ලොව ලොකුම රුවල් නැව සූවස් ඇළ ඔස්සේ මධ්‍යධරණී සාගරයෙන් ඉන්දියන් සාගරයට පිවිස ශ්‍රී ලංකාවට සේන්දුවී සිටී.

අඩි 305 ක් දිග මේ රුවල් නැවේ රුවල් 3 කි. එම නැවේ හිමිකරු කෝටිපති සිනමා හා මාධ්‍ය ව්‍යාපාරික බැරී බිලර්ය. මෝස්තර ශිල්පිණියක වන ඉයන් වොන් ෆර්ස්ටන්බර්ග් ඔහුගේ බිරිඳය. අරුණ නම් ග්‍රීක දෙවඟනකගේ නමින් (ඉයොස්) රුවල් නැව නම්කර ඇත. වේගය පැයට කිලෝමීටර් 30 ක් හෙවත් නොට් 16 කි.

කපිතාන්වරුන් හා සේවිකාවනටද නැවේ සේවකයන් 9 දෙනකුටද අමුත්තන් 16 දෙනකුටද කාර්ය මණ්ඩලයේ 21 දෙනකුටද සූපවේදීන් දෙදෙනකුට, ඉංජිනේරුවන් තිදෙනකුට නැවේ ඉඩ පහසුකම් ඇත.

300px-A2000_20100307_048A images



අදහස් (0)

ලොව ලොකුම රුවල් නැව ලංකාවේ

අනුර Wednesday, 05 November 2014 01:26 PM

අපේ රටට ආපු එක ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

යසන්ත Thursday, 06 November 2014 12:57 AM

හරිම සතුටුයි. මෙය ලංකාවට ආඩම්බරයක් (නි)

:       0       0

මහේෂ් Wednesday, 05 November 2014 01:39 PM

මේක ලෝකේ තුන්වෙනියට ලොකුම එක. මීට වඩා ලොකු දෙකක් තියනවා. (ර)

:       0       0

හේමන්ත Wednesday, 05 November 2014 09:22 AM

මම දන්නේ නැති නිසා අහන්නේ. රුවල් නැවේ එන්ජින් තියනවද? විදුලිය ගන්න නොවේ. මුහුදේ යන්න. කියන්න දන්නා කෙනෙක්.(බ)

:       0       0

හේමන්ත Wednesday, 05 November 2014 09:23 AM

මම දන්නේ නැතිනිසා අහන්නේ. රුවල් නැවේ එන්ජිමක් තියනවද මුහුදේ යන්න. විදුලිය ගන්නනම් එකක් හෝ කිහිපයක් ඇති. දන්නා කෙනෙක් කියන්න.(හේ)

:       0       0

නිහාල් Wednesday, 05 November 2014 09:27 AM

මේක අපිට ලොකු ආඩම්බරයක් (නි)

:       0       0

රොකී Thursday, 06 November 2014 02:33 AM

තම පුතුන්ටත් මේ ජාතියේ එකක් අරන් දෙන්න අපේ ඇමතිතුමාලටත් අදහස් පහළවෙන්න පුළුවන් (නි)

:       0       0

සුජීව Wednesday, 05 November 2014 09:32 AM

බොහෝ රුවල් නැව් වල එන්ජින් තියනවා. හදිසි අවස්ථාවකදී යන්න. (හේ)

:       0       0

සංගදාස Wednesday, 05 November 2014 09:37 AM

හදිසි අවශ්‍යතාවයකදී පාවිච්චි කරන්න සමහර විට එන්ජිමක් ඇති.මමත් හරියට දන්නේ නැහැ....ඇති කියලා මමත් හිතනවා.(බ)

:       0       0

තරංග Wednesday, 05 November 2014 09:38 AM

වර්තමානයේ හුඟක් රුවල් නැව් වල ඩීසල් engine තියෙනවා. එත් රුවල් වලින් ගමන් කරන්න පුළුවනි ඒවා නැතිව.(බ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 05 November 2014 02:38 PM

වරායකට ඇතුල්වීමට පිටවීමට ඇන්ජිමක් අත්‍යවශ්‍යයි සුළඟින් පාලනය කරවන්න බෑ ඒ ක්‍රියාකාරකම්. (ර)

:       0       0

බර්නාඩ් Thursday, 06 November 2014 04:20 AM

අපෝ ඉස්සර මාලේ ඉඳලා ලංකාවට උම්බලකඩ ගෙනාවේ ඔය වගේ රුවල් නැවු වලින් තමයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 05 November 2014 10:42 AM

නිහාල් ඔකේ මොකක්ද ආඩම්බර වෙන්න තියෙන්නේ?(අ)

:       0       0

ලකිත් කෝදාගොඩ Wednesday, 05 November 2014 10:43 AM

විවිධ තාක්ෂණයන්ගෙන් සමන්විත අති නවීණ රුවල් නැව් වල එන්ජින් එකක් නොවෙයි දෙකක්ම (standby engine) තියෙනවා. විදුලි ජනක යන්ත්‍රත් දෙකක් තියෙනවා (standby generator). රුවල් මෙන්ම එන්ජිම යන තාක්ෂනයන් දෙකම උපයෝගී කරගනිමින් අධික වේගයක් ලබාගැනීමත්, එයින් උපරිම වේගයකින් හෙබි, ප්‍රීතිමත් මුහුදු ගමන් වල ඔවුන් යෙදෙනවා. මෙම යාත්‍රා "යොත්" කියලයි හැඳින් වෙන්නේ. මේවායේ තිබෙන අති නවීන පහසුකම් හිතා ගන්නටත් බැරිතරම් සුඛෝපභෝගීයි. (අ)

:       0       0

ඉන්දික Wednesday, 05 November 2014 10:51 AM

රුවල් නවක වුනත් විදුලි බලය ගන්න වෙනම එන්ජිමක් සහ විදුලි ජනක යන්ත්‍ර තියනවා. මම මොල්දිව්ස් ඉන්නකොට නැව් ඇති වෙන්න බලාගත්තා. හොඳ අත්දැකීමක් මුහුදේ පැය ගණනක් බෝට්ටුවේ යනකොට.(හේ)

:       0       0

ලසිත් Wednesday, 05 November 2014 11:00 AM

අපේ රට මතක් වෙලා ආව එකත් පුදුමයි.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 05 November 2014 11:00 AM

මම මෙහෙම රුවන් නැවක් දැක්කමයි.(හේ)

:       0       0

සුමුදු Thursday, 06 November 2014 05:13 AM

ඉස්සර රුවල් නැව් වල හබල් ගහන කණ්ඩායමක් හිටියා. අලුත් නැව් වල එන්ජින් තියෙනවා (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 November 2014 11:00 AM

මෙහෙම නැවක් ආවම එකේ රුවලයි, එන්ජිමයි, අයිතිකාරයයි ගැන කතා නොකර දැඩි රෙගු අධික්ෂනයකට ලක් කළ යුතුයි. තහනම් දෙයක් මේ මුවාවෙන් රටට ගෙනාවද, ලංකාවේ ලොකු හොරෙක්ගෙ ඩොලර් මිටි රට පටවන්න ආවද කියා. මෙවැනි නැව් වල අයිතිකාරයෝන්ගේ නම් ලොකුවට තිබුනට ඔවුන් පාවිච්චි නොකරන වෙලාවලට මේවා කුලියට ගත හැකි බව අමතක කරන්න එපා.(හේ)

:       0       1

රොෂාන් Thursday, 06 November 2014 05:15 AM

රුවල් නැව්ක් අාවාම සතුටුවෙන ආඩම්බරවෙන කට්ටිය තමය ඡන්දෙ දෙන්නේ මේ රටේ. (අ)

:       0       0

ධම්ම Wednesday, 05 November 2014 11:08 AM

මෙහි වේගය පැයට කිලෝමීටර් 30 ක් හෙවත් නොට් 16 කි. මෙහෙම වේගයකට මොකටද එන්ජින්. රුවල හොදටම ඇති.(හේ)

:       0       0

අසංක Wednesday, 05 November 2014 11:14 AM

රුවල් නැව් වල එන්ජින් තියෙනවා. රුවල් වලිනුත් යනවා, ඒ වගේම එන්ජින් වලිනුත් යනවා. නැවේ අනිත් වැඩ වලට විදුලිය ගන්න වෙනමම ජෙනරේටර් එහෙමත් තියෙනවා. (ර)

:       0       0

බෙනට් Wednesday, 05 November 2014 11:26 AM

එන්ජින් තියෙනවා මහත්තයෝ ... පොඩිම ඒවලත් එන්ජින් තියෙනවා ... මේක ලෝකේ ලොකුම එක නම් එන්ජින් 10 ක් තිබුනත් පුදුම වෙන්න දෙයක් නෑ..එන්ජින් නැති කාලේ ලෝකේ වටේ යන්න හදපු රුවල් නැවු වල තමයි එන්ජින් නැතුව තිබුනේ ...දැන් කාලේ ලෝකේ වටේ යන්න හදන රුවල් නැවු ඔක්කොමවල එන්ජින් තියෙනවා ....බයවෙන්න එපා... රැකියා පුරප්පාඩුවක් තිබුනොත් ඉල්ලන්න .(හේ)

:       0       0

ද සිල්වා Thursday, 06 November 2014 05:53 AM

ඕක ලොකුම එක වුණාය කියලා අපිට ඇති වාසිය මොකද? අපේ රෙකෝර්ඩ් කඩන්න ඔය රුවල් නැව් වලට බැහැ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 11 November 2014 08:15 PM

ඇත්තෙන්ම මෙය රටට ආඩම්බරයක් (නි)

:       0       0

සරත් Wednesday, 05 November 2014 11:54 AM

රුවල් ඉරි ගිය නව්කාවේ.! නියමුවණනි... නොගිලී දල රල පෙළ අතරේ... මා හා යා නොහැකිය ගොඩ බිමකට .(හේ)

:       0       0

චන්ද්‍රපාල කෝදාගෙඩ Wednesday, 12 November 2014 04:28 PM

රුවල් නැවක් අාවාම සතුටුවෙන ආඩම්බරවෙන කට්ටියට කොහොම ජොලියක්ද ඒක හම්බන්තොටට ආවා නම් (නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 05 November 2014 07:27 PM

ප්‍රනාන්දු හරිම පිළිතුර දීලා තිබෙනවා. නියමයි . ඔබට ජය! (නි)

:       0       0

නිමල් Thursday, 06 November 2014 07:11 AM

ඕකත් අර දැන් කාලේ වාහන වාගේ හයිබ්‍රිඩි එතත් ද දන්නේ නෑ නේ ද ? හුළං සහ ඉන්ධන දෙකෙන් ම දුවන විදිහේ ...(බ)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 07:16 AM

මට නම් මේක එන්ජිමෙන් දිව්වත් හබල් ගගහා පැද්දක් ඇති වැඩක් නැහැ.නමුත් මේ වගේ යාත්‍රාවක් පළමු වතාවට ලංකාවට ආ එක ගැන සතුටුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 05 November 2014 08:48 PM

මට නිවන් යන්න අවශ්‍ය නැත. මට අවශ්‍ය ඇමරිකාවේ හොලිවුඩ් නළුවෙක් වෙලා ඉපදීමටයි. එතකොට මේ වගේ නැවක් අයිතිකරගන්න පුළුවන්. (නි)

:       0       0

ජොියි ගොඩ්රි මාතලගේ Wednesday, 12 November 2014 10:29 AM

මෙම රුවල් නැව අති නවීන පහසුකම් වලින් යුත්තයි. රේඩාර් පද්ධතියේ ඉදලා සෑම දෙයක්ම තියෙනවා. විදුලිය උත්පාදනයට ජෙනරෙටර් 2ක් හෝ 3ක් අැති අතර ගමන ආරම්භ කිරී මේදී අවශ්‍ය බලය එන්ජිමට ලබාදීම සදහා වායු ජනන යන්ත්‍රද දෙකකට වෑඩි ප්‍රමාණයක් තිබීමට පුලුවන්. එමෙන්ම බල ශක්තිය සදහා යොදාගන්නා තෙල්ද ඩිලාවල් නැමති යන්ත්‍රවලින් නැවතත් පිරිපහදුකර යොදා ගනී. යාන්ත්‍රික බලයයි , ස්වාවික හුලං බලයයි උපයෝගි කරගෙන උපරිම නාවික බලයක් ලබාගනී. (නදී)

:       0       0

අලුත්රත්න Wednesday, 05 November 2014 11:33 PM

අනුර, ඔයා සතුටු වුණාට මට නම් බයයි. එයාලා ලංකාවේ ආශ්චර්යය ගැන දන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 196 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 103 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 153 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 170 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site