(ටී.කේ.ජී.කපිල )
අන්තර්ජාතික 07 වන සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී, ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක, එම සම්මානයත් රැගෙන අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙල තුර්කි සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ එරට සකර්යා විශ්ව විද්‍යාලය සමග එක්ව සංවිධානය කර තිබූ අතර, ඒ සදහා ලොව පුරා රටවල් 193 ශිෂ්‍ය තරගකරුවන්, සිය නිර්මාණ 7,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි .
"මට්න්" නමින් නම් කර තිබූ විනාඩි 12 ක විකාශන කාළයකින් සමන්විත, මෙම කෙටි චිත්‍රපටය ඉරානයේ සහ දකුණු කොරියාවේ චිත්‍රපට සම්මාන උළෙල වලදී ද , අවසන් වටයේ තරග කරමින් තිබේ .
ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හසන්ත දිසානායක කැළණිය විශ්ව විද්‍යාලයේ, සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි .
හසන්ත දිසානායක මෙම සම්මානය ද රැගෙන අද (20 ) කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම තරුණ සිනමාකරුවා පිළිගැනීම සදහා සිනමාවේදී සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදත් රෝහණ , ප්‍රවීන රංගවේදී ලක්ෂ්මන් මෙන්ඩිස් , මෙම සිනමාකරුගේ දෙමාපියන් , කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ඔහුගේ විශ්ව විද්‍යාලයීය සහෝදර ශිෂ්‍යයන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආලින්දය වෙත පැමිණ සිටියහ .
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට
Samarasinghe Wednesday, 20 October 2021 01:19 PM
මගේ සුභ පැතුම්. ජය වේවා!!!
චන්දන Wednesday, 20 October 2021 01:22 PM
ඔබට අපේ සුබ පැතුම් .
Kule Wednesday, 20 October 2021 01:23 PM
ලොවක් දිනූ පුතනුවන්ට සුභ පැතුම්. තිසරණ සරණින් ආරක්ෂාව ලැබේවා
mohan Wednesday, 20 October 2021 01:43 PM
සුභ පැතුම් සහෝදරයා.
Raveendra Wednesday, 20 October 2021 01:58 PM
ඔබට අපගේ උණුසුම් සුබපැතුම්.....අනාගතේදීත් ලංකාමාතාවට තව තවත් ජයග්‍රහණයන් ගෙන ඒමට ඔබට හැකිවේව......!!!
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 20 October 2021 02:00 PM
රටට මේ අත්කර දුන් ගෞරවයට හා කීර්තියට හසන්තට අප සැමගේ හා රට ජාතියේ ප්‍රණාමය .... !!!
Senarath Wednesday, 20 October 2021 02:32 PM
ඉතාම සතුටුයි ඔබගේ ජයග්‍රහණය ගැන .ඔබට තව තවත් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබේවා