IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ලසන්ත උඹ මාර මිනිහෙක්

(ලසන්ත වික්‍රමතුංගගේ දෙවන සැමරුම වෙනුවෙන් 2011/01/08 දින ලියූවකි)

 

20170106sara-1ගෑනු කොටට අඳින එකටත්

එනවලු නීතියක්

ඒත් උඹේ ඝාතකයන් හොයන්න

මේක අසමත් නීතියක්?

බොහෝ කලකට පෙර

එදා ඒ දුරුතු මස

සීතල විය

කටුක විය

ඇට මිදුළු කැක්කුම් දෙන

දුර් ඍතුවක් විය

රත්න ශ්‍රී ලිව්වේ එහෙමයි

සේකරගේ මරණයෙන්

වසර ගාණකට පස්සේ

සේකර මියැදුණෙත් දුරුත්තක

 

ලසන්තගේ මරණය ගැනත්

කියන්න තියෙනනෙත්

මීට සමාන කතාවක්

ඒකත් ඇට මුදුළු කැක්කුම් දෙන

මරණයක්

 

වන්දිභට්ටකම් කරමින් ලියන්නෝ

චණ්ඩි වෙලා යහතින් සැප විඳින්නෝ

කිණ්ඩියටවත් වරදක් දැක කියන්නෝ

බණ්ඩිය පුරා අඩුවක් නැතුවම කන්නෝ

 

උඹ ගත්ත නිර්භීත මගත්

ලක්වුණා පැසසුමට ජගත්

තර්ජනය ගණනකට නොගත්

නුඹේ නමට එක් කරමු යුගත්

 

පෑනකට වෙඩි තියන රටේ

ලේ බිංදු ගලනවා වටේ

 

සොක්‍රටීස් වගේ ප්‍රශ්න කරන්නට20160830Sara-1

පුරුෂ ලිංගයක් වගේ මතුවෙන්නට

ඉඩ දියව් කියලා

ලිව්වේ කොඩිතුවක්කු කවියා

 

ප්‍රශ්න කරපු සොක්‍රටීස්ට

දුන්න තමයි වස

ඒ එදා එහේ

ප්‍රශ්න කරපු උඹට

තිව්වා තමයි වෙඩි

මේ මෙදා මෙහේ

 

කොහොම මතු වෙන්න පුරුෂ ලිංග වගේ

පුරුෂ ලිංග විතරක් නෙවෙයි හැම අංගයක්ම

පණ නැති වෙන රටේ

 

උප්පැන්නේ භාවය පුරුෂ වුණත්

රටේ බහුතරය නපුංසක නම්

දෙන දේ කාලා

වෙන දේ බලාගෙන ඉන්න

 

ඉතින් කවුද ප්‍රශ්න කරන්නේ

කාටද ඉල්ලං කන්න ඕන

 

උඹේ අකුරු සබන් පෙණ වගේ නෙවෙයි

කටුකයි, කඨෝරයි, තිත්තයි

වහා ඇවිලෙන සුළුයි

වැරදිකරුවන්ට රිදෙන සුළුයි

මුවට අඟුළුලන්න උන් වෑයම් කළේ ඒකයි

 

පහසු මං බෝ වෙතත්

දුෂ්කරම මාර්ගය

තෝරගන්නේ ඉතින්

එහෙමත් කෙනෙක් තමයි

කවුද ඉල්ලං කන්න කැමති

ඉන්න පුළුවන් සොමියෙන්

දන් දුන්නොත් නම්

අංග ප්‍රත්‍යාංග හැම එකක්ම

 

තිහක් අවුරුදු පුරාම

හැංගිමුත්තං කෙළිය

ප්‍රභාකරන්ටත් ගේම දුන්නු රටේ

උඹේ ඝාතකයන් තාමත් නිදැල්ලේ

වෙසෙනවද සැනසිල්ලේ

 

අතට ගත් පෑනට

ශක්තිය කොහෙන් ලැබුණද

හිතට එන වේගෙට

අකුරු එක එක ලිව්වද

ඒ අකුරු ටික ටික

වෙඩි උණ්ඩ වාගේ වුණාද

හොරු සමග හෙළුවෙන් සිටි

හොරුන්ගේ හෙළුවටම වැදුණද

 

ලියන කියන නිදහස ගැන පම්පෝරි

ලොක්කෝ කියනවා තියමින් ජම්බෝරි

හරහට ලිව්වොත් ලැබෙනවමයි ගෝරි

පම්පෝරිය යනවා රෙදි පල්ලෙන් බේරි

 

පොල් බෑයක් ගන්න නැතත්

ඉන්න එක කට පියාගෙන

මුළු ඇඟටම හොඳ සනීපයි

කට ඇරියොත් ඉතින්, ඒත්  සනීපයි

 

පසුගිය කාලේ පුරා

වෙච්ච එක එක සංගදිවලදි

තැන තැන මිමිණුනා

හිටියා නම් ලසන්ත කියලා

 

උඹේ හිස් තැන එහෙමමයි

සදා කාලෙට එහෙමමයි

උඹ කරපු වැඩ එහෙමමයි

සදා සිත්වල එහෙමමයි

 

මේක පට්ට ගන්දස්කාර රටක්

සුවඳ මල්වලට නෑ ඉඩක්

ටෙලිවිෂන් සාදුලාට නම්

මේකලු එකම සුරපුරේ

 

මුඛය සහ අධෝ මුඛය

දෙකම වහගෙන ඉඳිමුද

ඔන්න ඕහේ ගහන හෙණයක්

ගහපුදෙන් කියලා රටටම

 

එහෙම නොහිටිය උඹ

අද කොහේ කොතැන

එහෙම හිටිය අයට

කල්ල මරේ සුර සැප

 

ජීවිතෙන් අඩක්වත්

නොගෙවාම සමු ගත්තත්

ලොං හැලෙන තුරුම

ඔහේ ඉන්න පතෝලයන්ට වඩා

අම්මපා

උඹ පට්ට වීරයෙක්

කෙස් පැලෙන තර්ක දැන්

කොච්චර ඒ මේ අත පාවුණත්

උඹ ඉතින් මැරුණා

එච්චරයි

පාඩුව උඹට නෙවෙයි

රටටයි...

 

අලුත් ලොවක් ගැන සිතීම

දඬුවම් දෙන වරද නම්

කුමට එරට අධිකරණය

නීතිය සහ විනිසුරන්

 

අපි මේක ටිකක්

වෙනස් කරමුද ලසන්ත

 

පට්ට හොරුන් ගැන ලිවීම

වෙඩි තියනා වරදනම්

කුමට එරට අධිකරණය

නීතිය සහ විනිසුරුවන්

 

රැඩිකල් වුණොත්

වැඩිකල් බෑ

කොල්ලුපිටියේ ඉඳන්

ඇඹිලිපිටියටම

ඒකයි නීතිය

අනේ ඉතිං

නිකං ටිංකිරි ගා නොගෙන

දෙමුද පශ්චාත්භාගය

ඔන්න ඔහේ ඕන දෙයක්

කරන්න මහත්තුරුනේ කියලා....

 

රැඩිකල් වෙලා

පොඩිකල් නොයිද

මොංගල් වෙලා

වැඩිකල් ඉමුද

 

පත්තරත් ගහමු

ආටිකල් ලියමු

චිත්‍රපටි හදමු

ප්‍රශස්තිම ගයමු

උන් හොඳයි කියමු

හොඳම උන් කියමු

එහෙමත් මදි නම්

අඹුව වුණත් දෙමු

 

තැබෑරුමකින් ඉතින්

මල් සුවඳ හමාවිද

මේ රටේ කවදාක

සුවඳ මල් පිපේවිද

 

ලසන්ත

උඹ මාර මිනිහෙක්....

ඇත්තමයි.....

උඹ මාර මිනිහෙක්

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

ලසන්ත උඹ මාර මිනිහෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1184 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2118 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9180 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3344 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site