IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලසන්ත ඝාතන සාක්කි වසන්කළැයි පොලිස් ලොක්කෝ යළි රිමාන්ඩ්

තරිඳු ජයවර්ධන
 
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ලබන 15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

 
සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධික රෝගී තත්ත්වයෙන් පසුවන බව කී නීතීඥවරු එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහත්වරුන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු එතරම් අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන්නේයැයි සනාථ නොවන බවයි. විමර්ශන තවමත් අවසන් නැති බැවින් සැකකරුවන්ට ඇප ලබා දෙනවාට විරුද්ධ බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
 
2009 ජනවාරි අට වැනි දා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණු අතර ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය මුලින්ම විමර්ශන සිදු කළේය. එලෙස විමර්ශන සිදු කරද්දී පොලිස් බල අපරාධ තොරතුරු පොතේ පිටු සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත උපපොලිස් පරීක්ෂක සුගතපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට ලබා දී ඇතැයි රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය.  උපපොලිස් පරීක්ෂකගෙන් එම සටහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලබා ගනිද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා එය දැක ඇතැයි ද රහස් පොලිසිය කීවේය.

 
මෙම විමර්ශනය අතරමඟ නැවතුණු අතර ඉන් පසු 2009 වසර අගදී විමර්ශන රහස් පොලිසියට පැවරිණි. යළි 2010 ජනවාරි මාසයේ දී විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකයට පැවරුණු අතර එම අංශය මගින් ට්‍රිපෝලි යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කොහුවල යුද හමුදා කඳවුරේ 17 දෙනකුද අත්අඩංගුවට ගෙන දින කිහිපයක් රඳවා තබාගෙන පොලිස් ඇප මත මුදා හැර තිබිණි.
 
යළිත් මෙම විමර්ශන රහස් පොලිසියට පැවරුණේ 2015 වසරේදීය.



අදහස් (10)

ලසන්ත ඝාතන සාක්කි වසන්කළැයි පොලිස් ලොක්කෝ යළි රිමාන්ඩ්

එර්දි Friday, 02 March 2018 03:50 PM

පොලිස් ලොක්කන්ට මොකක්ද ලසන්ත මරන්න තිබුන උවමනාව? නීතිය නැවෙන නැවිල්ල නියම මිනීමරුවා අල්ලන්නෙ නැතුව

:       0       104

සමන්ත Friday, 02 March 2018 03:53 PM

මෙය රහස් පොලිසිය විසින් විශිෂ්ට අයුරින් මෙහෙයවනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ් ක්‍රමයේ පරීක්ෂණයක් වගේ කරන බව කිව හැකියි. ඔවුන්ට අපේ ස්තුතිය පුද කල යුතුයි. ඒ වගේම මේ නඩුව අපේ රටේ අනාගතටත්,වර්තමානයට සහ අතීතයටත් එක විදියටම වැදගත් නිසා අපි යුක්තිය සහ සාධාරණත්වය බලාපොරොත්තු වෙන බව වගකිව යුත්තන්ට කියන්න ඕනේ. ඒ ප්‍රතිපල අනාගතයේ දකින්න ලැබෙයි.

:       0       119

Ajith Nissanka Friday, 02 March 2018 04:12 PM

අපිට පොලිස් ලොක්කෝ රිමාන්ඩ් කරන එකයි ආපසු බන්ධනාගර රෝහල ඔස්සේ එලියට යන එකයි බලල ඇතිවෙලා! ඉක්මනට නඩු අහල එක්කෝ නිදොස් කොට එලියට දාන්න එහෙම නැත්නොම් වැරදිකාරයා කරලා ඇතුලට දාන්න බොරු සංදර්ශන පෙන්නන්නේ නැතුව!

:       0       125

Chanak Los angeles Friday, 02 March 2018 06:52 PM

හිටපු ලේකම් කියා තිබුන මේ ඝාතනයට ඔහුව පටලවන්න හදනවා කියා.. එහෙම වෙන්න ඕනේ එහෙම නැතිනම් මෙම ඝාතනය වුනේ ඔවුන්ගේ පාලන කාලයේ නිසා වගකිවයුතු රජයක් යටතේ එකී ඝාතනයට පරීක්ෂණයක් කර කව්ද එම ඝාතනයයට සම්බන්ද කියා හෙලිකල යුතුයි. ඔවුන් එහෙම දෙයක් කළාද? ඔක්කොම යටගහන්න නොවේද කටයුතු කලේ? ඉන්පසු කොටි සංවිධානයට කරුණු අනුව මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ වෙඩිතබා නොව සතුන් ඝාතනය කරන නවීන යකඩ බටයකින් ඔලුව පසාරු කර යැවීමෙන්. මෙය ඉතාමත් මිලේච්ච මිනිස් ඝාතනයක්.ඉතා ළඟදීම සුලමුල රටට හෙළිවෙයි කව්ද මේ ඝාතනයට අනුබල දුන්නේ හා කුමන හේතුවක් අරභයා කළාද කියන එක. එය ජනතාව දැනගතයුතු මුලික මිනිස් අයිතිවාසිකමක්. එහෙම නැතිව මාව මේකට පටලවා ගන්න බලනවා කියා ඇඟ බේරගන්න හිතුවට ශිෂ්ට සමාජය එය අනුමත කරන්නේ නැහැ .

:       0       709

sam Friday, 02 March 2018 09:31 PM

මේ නිලධාරීන්ට තම රැකියාව බේරා ගැනීමට නොව ජීවිතය බේරා ගැනීමට මේ විදියට කටයුතු කිරීමට සිදුවුණා කියලයි මට හිතෙන්නේ....

:       0       60

පිටිගල මිලානෝ Saturday, 03 March 2018 02:53 AM

මට තවමත් බැලිය නොහැකි මෙතුමාගේ බිලිඳු පුතු තමාගේ ඔලුව අතගා හුරතල් කරන පියාගේ හිටි ගමන් නොසෙල්වෙන සුදු ඇඳගත් දේහය දෙස, ඔහු දෙස දැන් බලයි. මේ ඡායාරුපය මෙතුමාගේ මිනීමරුවන්ගේ ඇසට අසුවූ විට ඔවුන්ට කුමක් සිතෙනවා ඇත්ද? බලය ගෙන රට හදන්න?

:       105       408

pitigala Saturday, 03 March 2018 03:28 AM

ලසන්ත ඝාතනය කළ අයව රිමාන්ඩ් කරන්නේ කවදාද? ඔය ෂෝ එක නවත්තලා එ්ක කළොත් නරකද?

:       0       477

rohana kumara mendis Saturday, 03 March 2018 07:24 AM

ආණ්ඩුවලින් මිනී මරපු සිද්ධීන් වලදී මිනීමරවපු අය හොඳින් යහතින් ඉන්නවා. ලසන්ත, තාජුඩින් ඔය වගේ තව කීදෙනක් මැරුවද? මැරුවේ කව්ද කියලා හොඳටම දැන දැන මේ අහක ඉන්න අයව අල්ලාගෙන පිස්සු නටනවා. අර සිල් රෙදි බෙදා දුන්න සිද්ධියත් ඒ වගේ. කරන්න කියලා අණ දුන්න කෙනාවයි අල්ලලා හිරේ විලංගුවේ දන්නා ඕනේ. දැන් අර වෙලේ සුදා වැරදි කරලා නෑලු. ඔව් වෙන්න පුළුවන් වෙලේ සුදා කලේ කොන්තරාත්තු කුඩු තමයි වික්කේ...

:       251       1256

pjSaturday, 03 March 2018 09:45 AM

කරවපු අය අහුවෙන්න විදියක් නැහැනේ. කරපු අය කළින්ම ඒ සියල්ලටම හරියන්න කරවපු අයගෙන් කුට්ටි පිටින් කළු සල්ලි ලබා ගත්තාම කටවල් ලොක් වෙනවා. අධිකරණයේදී කරවපු අයට විරුද්ධව වචනයක් පිට වෙන්නේ නැහැ. යටි මඩි ගහපු මහජන මුදල් නිසා කරවපු අයට කිසිම පාඩුවක් වන්නේත් නැහැ. මොන සුදා වුණත් සාක්ෂි නැත්නම් නිදහස්...

:       0       27

Chanak Los angelesSaturday, 03 March 2018 06:47 PM

3න් වන රටවල් වල දුරදාන්ත පාලනය අවනීතිය දේශ පාලනීකරණය මුල් බැසගෙන සිටින නිසයි එම රටවල් වලට හිස ඔසවාගන්න ක්‍රමයක් නැත්තේ .

:       0       104

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 605 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2246 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4913 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1242 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1919 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1288 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site