වසර 2017 දී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ලංසු තැබීමේ ලියවිල්ල සකස් කිරීම ආරම්භ කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසයි. තුන් වැනි වරටත් පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ලංසු තැබීමේ ලියවිල්ල ලබන මාර්තු 31 වැනිදාට පෙර ආසියානු ඔලිම්පික් සභාවට බාර දිය යුතුය. ක‍්‍රීඩා උළෙලේ සත්කාරය නිසැකවම ශ්‍රී ලංකාවට හිමි වන බවත් ඒ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වාසය 95%ක් වන තරමට මේ වන විට තහවුරු වී තිබෙන බවත් ලංකාදීපය කළ විමසුමක දී හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය. ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වැදගත්කම වන්නේ ආසියාවේ රටවල් ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක්ම නියෝජනය කරන බැවිනි. මෙම ක‍්‍රීඩා උළෙලට පැමිණෙන රටවල් තමන් සහභාගි කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා නිලධාරීන් වෙනුවෙන් ගුවන් ප‍්‍රවේශ පත‍්‍රය වියදම මෙන්ම දෛනික වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් 50ක් දැරිය යුතුය. ”මේ ක‍්‍රීඩා උළෙලට සත්කාරය දරන රටට වැය වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරය දැරීමට යන වියදමින් දහයෙන් එකක් තරම් වන මුදලක්. ඒ නිසා ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ දී සංවිධාන කිරීම පහසුවෙන් කරන්න පුළුවන්,” යයි ද ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය. 2017 දී ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරය දැරීමට මලයාසියාව හා වියට්නාමය උත්සාහ කර ඇතත් ශ්‍රී ලංකාව ඒ සඳහා උනන්දු වන්නේ නම් ශ්‍රී ලංකාවට සහයෝගය දීමට එම රටවල් ප‍්‍රතිඥා දී තිබෙන බව ද වාර්තා වේ. එම තත්ත්වය තුළ ක‍්‍රීඩා උළෙලට ලංසු තැබීමේ ලියවිල්ල ඉතා ඉක්මණින්ම සූදානම් කිරීමට ශ‍්‍රී ලංකාව තීරණය කර තිබේ. ඒ සඳහා සහභාගි වන රටවල් ගණන 45කි. පළමු ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල වසර 2009 දී සිංගප්පූරුවේ දී පැවැත්වෙන විට ඔවුන්ට සත්කාරය දැරීමට ලැබී ඇත්තේ වසරක් වැනි කෙටි කාලයකි. එහෙත් ශ්‍රී ලංකාවට ඒ සඳහා වසර පහක් වැනි දීර්ග කාලයක් ලැබී තිබේ.
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංසු තැබීමේ ලියවිල්ල මාර්තු 31 වැනිදාට පෙර
ඉන්ද්‍රජිත් Monday, 13 February 2012 03:14 PM
අපේ රටේ ජනතාවට තවත් පටි තද කරගන්න ඉඩක් නැත. මිනිස්සුන්ට සහනයක් දෙන්න කියනකොට තමයි ආණ්ඩුවට අහේනිය.