ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලදී කුඩා මැටි පාත‍්‍රයක් ඇතුලේ රන් මංජුසාවක තැන්පත් කර තිබූ රන් පත‍්‍ර දෙකක් හමුවූ බවත් බොහෝ විට එවැනි මංජුසාවල ධාතුන් වහන්සේලා ඇති බවත් මේ මංජුසා විවෘත නොකළ බවත් පුරා විද්‍යා නිලධරයෝ කියති. මහා වන මැද පිහිටි නීලගිරි සෑයේ දකුණු දිසාවේ ගර්භය දෙසට කැනීම් කරද්දී මෙම මංජුසාව හමුවී ඇත. ඉතිහාසයේ මේ සෑය හඳුන්වනුයේ උත්තර සීවලී පබ්බත විහාරය නමිනි. ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී භාතිකාභය රජුගේ බිසොවක වන චූලසිව රැජිණ විහාරයට කළ පරීත්‍යාග ගැන කියැවෙන සෙල් ලිපියක්ද සොයාගෙන ඇත. නීලගිරි සෑය කැණීම්වලදී මැටි පබළු, කාසි පබළු, පළිඟු පබළු, පළිඟුවලින් කළ කුඩා කරඬු අටක්, පැරැණි කාසි සහ ගලින් කරන ලද ස්ථූප ආකෘතියක් හමුවී තිබේ. ගරා වැටුණු නීලගිරි සෑයේ උස අඩි 72කි. වට ප‍්‍රමාණය අඩි 629කි. ක‍්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේදී මේ සෑය ප‍්‍රතිසංස්කරණය කළ බවට ද සාධක ලැබී ඇත. තිස්සමහාරාමයේ සඳගිරි සෑයේ ගඩොල්වලට සමාන ගඩොල් ද සලපතළ මළුව අනුරාධපුර මුල්යුගයේ නිර්මාණවලට සමාන බව ද කැනීම් කළ නිලධරයන්ගේ අදහසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ව්‍යාපෘතියට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතා සහ ලේකම්වරිය දැඩි උනන්දුවකින් කටයුතු කරති. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ උපදෙස් අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා හා ස්ථානභාර නිලධාරි සම්පත් ගරුසිංහ, පුරාවිද්‍යා පරයේෂණ නිලධාරි පාලිත අත්තානයක සහ කේ.ඒ.පී. වනසිංහ සහ කැණීම් කෞතුකාගාර සහකාර එච්.එම්. රත්නවීර මහත්වරු වැඩබිම බාරව සිටිති.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාහුගල වන මැදින් ඉපැරැණි නටඹුන්
අන්ජන Friday, 16 September 2011 08:56 AM
මෙන්න අපේ පැරැණි තාක්ෂණ උපක්‍රමය. මෙහෙම තමයි ගල්කනු හදන්නේ ගල්වෙන් කරන්නේ මේ හිල් ඇතුළට බෙහෙත් වර්ග දාලා තිබ්බහම ගල වෙන්වෙනවා. මේ වගේ ක්‍රම අපට බටහිරින් ඉගෙන ගන්න වෙලා.
chithra Friday, 16 September 2011 09:41 AM
ධාතුන් වහන්සේලා වන්දානා කළොත් හොඳ යැයි සිතෙනවා. එය රටට ආශිර්වාදයක් වේවි.
gamarala Friday, 16 September 2011 09:38 AM
අහන්න ආස පුවතක්. ඊට සම්බන්ධ අය ගැන මට හරි ආඩම්බරයි.
වසන්ත Friday, 16 September 2011 10:05 AM
අපේ විස්මිත අතීත උරුමය මුදලට පාවා නොදීම අපේ වග කීමයි.
අසේල Friday, 16 September 2011 10:49 AM
මේවගේ දේ දැන ගැනීම හරිම සතුටක්
නිශාන්ත Friday, 16 September 2011 10:50 AM
අපේ ඉතිහාසය ගැන බොහොම ආඩම්බරයි. මේ දේවල් හොඳින් රකින්න ඕනෑ. ගස් කපන්නේ නැතිව.