IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලිහන්න බැරි ගැට දෙක : හෝටලේ හොදි මුලයි/ජේ.ආර්ගේ ව්‍යවස්ථාවයි

පසුගිය සතිය පුරාවටම ජනපති මෛතී‍්‍රපාල සිරිසේන කාර්යබහුලව සිටියේ වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කර තිබුණු විවිධ අවස්ථා වලට සහභාගී වෙමින්ය.

නුගේගොඩ,පැපිලියාන ප‍්‍රදේශයේ ඉදිකර තිබූ තොරණක් විවෘත කිරීම එවන් එක් අවස්ථාවක් විය.වාර්ෂිකව ප‍්‍රදර්ශනය කෙරෙන මේ තොරණේ බරපැන දරා තිබුණේ දයා ගමගේ හිමිකාරීත්වය දරන ඇගලූම් හා ඉදිකිරීම් කර්මාන්තායතනයන්ය. දැනට පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේද ඔහුය.තොරණ විවෘත  කිරීමේ උත්සවයට ජනපතිවරයාට අමතරව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද ඔහු ආරාධනා කර තිබිණ.

ජනතාව බලා සිටියදී ජනපතිවරයා තොරණේ විදුලි පහන් දැල්වීය.අනතුරුව පැමිණි සිටි  ආරාධිතයින් කිහිපදෙනෙකු හා සතුටු සාමිච්චියේ යෙදුණු ඔහු අසළ නවතා තිබූ මර්සිඩිස් බෙන්ස් වර්ගයට අයත් මෝටර් රථයකට ගොඩවැදුනේ කොළඹ පිහිටි තම නිල නිවස්නය බලා යන අපේක්ෂාවෙනි.නමුත් කිසිවෙකුත් රියදුරු අසුනට ගොඩවන අයුරක් පෙනෙන්න්ට නොවීය.හදිසියේම මෝටර් රථයේ දොර විවිර කළේ අගමැති වික‍්‍රමසිංහය.’සර් ඔබ මගේ මෝටර් රථයටයි ගොඩවෙලා තියෙන්නේ.ඔබේ රථය තියෙන්නේ ඉස්සරහ’.ඔහු පැවසීය.තමන් සිටින්නේ වැරදි රියේ බව ජනපතිවරයා තේරුම්ගත්තේ එවිටය.

ජනපතිවරයා ඔහුගේ මෝටර් රථය කරා කැටුව යෑමට ජනපති ආරක්ෂක අංශයේ කිසිවෙකුත් නොසිටීම බරපතල ගණයේ ආරක්ෂක බිද වැටීමකි.මෙම අවස්ථාවේදී ජනපතිවරයාගේ ජීවිතයට හානියක් කිරීමට කිසිවෙකුට වුවමනා වුනි නම් එය  කිසිදු බාධාවකින් තොරව සිදුකළ හැකිවීම බාලාංශයේ සිසුවෙකුට පවා තේරුම්යන දෙයකි.මෙම සිදුවීමට දින 8 කට ඉහතදීද මෙවැනිම ආරක්ෂක බිද වැටීමක් පිළිඹද අසන්නට ලැබුණි.

එදින අගුනුකොළපැලැස්ස නගරයට ගොස් සිටි ජනපතිවරයාගේ අරමුණවූයේ එහි කි‍්‍රයාත්මක ශී‍්‍රලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය සංවිධානය කර තිබූ රැුස්වීමක් ඇමතීමය.රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබුණේ නගරසභා ශාලාවේදීය.අගුනුකොළපැලැස්ස පිහිටියේ රාජපක්ෂවරුන්ගේ උපන්බිම වන මැදමුලනේ සිට කිලෝමිීටර 22 ක් පමණ දුරිනි.තමන් පරාජය කළ පුද්ගලයා තම නිවස අසලටම පැමිණෙන බව දැනගෙනදෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවමානයෙන්  ගැලවී ගැනීමට මෙන් නුවරඑළිය බලා ගොස් සිටියේ තමන්ට එහි වැඩකටයුතු කිහිපයක් තිබෙන බව පවසමිනි.

නමුත් ඔහුගේ පුත් නාමල් රැුස්වීමට පැමිණ සිටියේය.ඔහු මුලින්ම අති විශේෂ අමුත්තන් සදහා වෙන්කර තිබූ දොරටුවෙන් ශාලාවට ඇතුල්වීමට තැත් කළත් ඊට අවසර නොලැබීම නිසා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වෙන්කර තිබූ දොරටුව අසළට පැමිණියේය.ඔහුත් සමග තවත් පුද්ගලයෙක් විය.පොලිසියේ කොමාන්ඩෝ ඒකකය වන විශේෂ කාර්ය බලකායේ සෙබලූන්ට මෙම පුද්ගලයාගේ කමිසය ඉදිරිපස හා කලිසමේ පසුපස පිම්බී තිබෙනු දැකගත හැකිවින.කිසිවක් සගවා ගැනීමට ඔහු උත්සාහයක් දරා ඇති  අයුරක් සෙබලූන්ට වැටහුනි.නමුත් ඔවුන් ඉදිරිපත්වීමට ප‍්‍රථමයෙන් එතැන සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂක මල්වලගේ නාමල් හා ඔහු  සමග පැමිණ සිටි එම පුද්ගලයා පරීක්ෂාකිරීමකින් තොරවම ඇතුළට ගැනීමට ඉගි කළ බවට චෝදනා නැගී තිබේ.

ශාලාවේ පිටත කොටසේ සේවයේ නියුතුව සිටි විශේෂ කාර්යබලකායේ සාර්ජන්ට් රාජපක්ෂට හා කොස්තාපල් සම්පත් හට අනතුරක සේයාවක් දැනීම නිසා ඔවුහු වහාම  ගොඩනැගිල්ලට ඇතුල්වූහ.නාමල් සමග සිටි පුද්ගලයා අසළට ගිය ඔවුහු ඔහුව පරීක්ෂා කළහ.ඔවුන් දෙදෙන පවසන ආකාරයට එම පුද්ගලයාගේ දකුණු පසින් එල්ලෙමින් තිබූ අවි රදවනයක තිබී ඇත්තේ සම්පූර්ණයෙන්ම උණ්ඩ පුරවන ලද මිලිමිීටර 9 වර්ගයට  අයත් පිස්තෝලයකි.ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී ඇත්තේ ජල බෝතලයකි.මේ පුද්ගලයා පසු අවස්ථාවක කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සිව්වැනි බලකායට අයත් කෝප‍්‍රල් සේනක කුමාර ලෙස හදුනාගැනින.ඔහු සන්තකයේ තිබූ අවියෙන් මිීටර 25 ක දුරක ඇති ඉලක්කයකට වෙඩි තැබීමට හැකි අතර විශේෂ කාර්යබලකායේ  සෙබලූන් දෙදෙන ඔහුව අල්ලා ගත් අවස්ථාවේ ඔහු සිටියේ ජනපති සිරිසේනට වෙන්කර තිබූ ආසනයේ සිට මිීටර 8 ක් පමණ දුරිනි.තුවක්කුකරුවෙකුට එය කදිම ඉලක්කයකි.ජනපති ආරක්ෂක අංශය ලෙස හදුනාගැනෙන හමුදාවේ විශේෂ ආරක්ෂක ඒකකය භාරව සිටින කර්නල් මහේන්ද්‍ර ප‍්‍රනාන්දුගෙන් මේ සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය. යුදහමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම ඒකකය විසුරුවා හැරීමට කටයුතු කර ඇත.එහි සේවය කළෝ හමුදාවේ වෙනත් අංශ වෙත අනුයුක්ත කර තිබේ.හමුදා පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මෙතැනින් පසු සිදුවීමට වෙනස්ම අර්ථකථනයක් දීමට ජනාධිපති ආරක්ෂක අංශයේම ඇතැමුන් කටයුතු කරනු දැකගත හැකිවිය.අත්අඩංගුවට ගත් කෝප‍්‍රල් කුමාර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් නිදහස් කෙරුණි.ජනපති ආරක්ෂක අංශයේ සාමාජිකයින්  කිහිපදෙනෙක්ම අදහස් පළකරමින් සදහන් කළේ ඔහු නාමල් බබාගේ එක්කෙනෙක් වීම නිසා එසේ නිදහස් කෙරුණු බවයි.තමන් අතින් වූ වරද වසා ගැනීමට අලූත් න්‍යායක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කරමින් සිටින බවක් පෙනුනේ එහි ඇතැම් සාමාජිකයින් කුමාර සන්තකයේ තිබී හමුවූයේ ජලබෝතලයක් පමණක් බවට ප‍්‍රචාරයක් ගෙනයෑමට පටන් ගැනීමත් සමගය.මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසානයක් දැකීමට පෙරම ප‍්‍රකාශයක් නිකුත් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  පැවසූයේ තම පුතු හා පැමිණි කොමාන්ඩෝ භටයා ගොඩනැගිල්ලට ඇතුල්වීමට ප‍්‍රථමයෙන් තම රාජකාරි ගිනි අවිය මෝටර් රථයේ තබා ගොස් තිබෙන බවය.

නමුත් පොලිස්පති එන්.කේ ඉලංගකෝන්ගේ අවධානය මේ සිදුවීම කෙරේ යොමුවීම නිසා වැඩිදුර පරීක්ෂණ කටයුතු ඔහුගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාර කෙරුණි.නොසැලෙන පුද්ගලයෙකු ලෙස නමක් දිනාගෙන සිටින උප පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් සිදුවුනු  පරීක්ෂණ කටයුතු වලදී කොමාන්ඩෝ භටයා අත්අඩංගුවට ගත් විශේෂ කාර්යබලකා සෙබලූන් දෙදෙනාගෙන්ද ප‍්‍රශ්න කිරීම් සිදුකර තිබෙන අතර එම භටයා සතුව උණ්ඩ පුරවා තිබූ ගිනි අවියක් තිබුණු බව ඔවුන් සහතික කර තිබේ.ජල බෝතලය තිබුණේ  කලිසම් සාක්කුවක බවද ඔවුන් පවසා ඇත.දැනට සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් පොලිස්පතිවරයාට භාරදීමට ශානි අබේසේකර මේ වන විට කටයුතු  කර තිබෙන අතර ඔහුගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකය.නැවත වරක්  අත්අඩංගුවට ගැනුනු කොමාන්ඩෝ භටයා අගුනුකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතකරය.උප පොලිස් පරීක්ෂක මල්වලගේ තාවකාලිකව පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානය වෙත  මාරුකර යවා ඇත.

පරිණත දේශපාලඥයෙකු වුවද ආරක්ෂක විධිවිධානයන් සළසා ගැනීම සම්බන්ධයේන ජනපති සිරිසේනගේ වැඩි උනන්දුවක් නොමැති බව පසුගිය සමය පුරාවටම දැකගත හැකිවිය.ජනපති ආරක්ෂක අංශයේ තවමත් සිටින්නේ වසර 9 ක් පුරාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරක්ෂාව සැළසූ නිළධාරීන් වන අතර කිසිදු වෙනස් කිරීමක් සිදුනොකර ඔවුන්ගේ සේවය එළෙසම ලබාගැනීමට ජනපතිවරයා කටයුතු කර

තිබෙන්නේ එසේ ආරක්ෂක කටයුතු කෙරේ ඔහුගේ වැඩි උනන්දුවක් නොතිබෙන නිසා විය හැකිය.හිටපු ජනපතිවරයාගේ සමයේ ජනාධිපති ආරක්ෂක අංශයට ඔවුන්ගේ රාජකාරි කටයුතු වලට පරිබාහිර,නීතිවිරෝධී කි‍්‍රයා වල යෙදුණු බවට චෝදනා නැගී ඇත්තේ වරක් දෙවරක් නොවේ.පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මර්වින් සිල්වා මහතාද ජනාධිපති  ආරක්ෂක අංශයට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කොළඹ වොඞ් පෙදෙසෙහි සාප්පු සංකීර්ණයකදී තම පුතු මාලක සිල්වාට පහරදීමේ පසුපස සිටින්නේ් ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් බව සදහන් කරමින්ය.

වසර 9 ක දිගු කාලයක් පුරාවට හිටපු ජනපතිවරයාට ආරක්ෂාව සළසමින් ජනාධිපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජෙනරාල් එස්.එම් වික‍්‍රමසිංහය.ඔහුද ජනපති සිරිසේන සේම පොළොන්නරුවේ උපන්නෙකි.ඔහු හා රාජපක්ෂ අතර තිබුණු සබදතාවය රහසක් නොවූ නිසා ජනපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා ලෙස සේවා දිගුවකට ජනපති සිරිසේන අනුමැතිය ලබාදීම බොහෝ දෙනෙක් විමතියට පත්කරවීමට සමත්වූවක් විය.මේ පිළිඹදව විමසූ විට ජනපතිවරයා පැවසූයේ කියන තරම් සැළකිල්ලක් වික‍්‍රමසිංහට ලැබී නොමැති බවය.ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ නියෝජිත අමල් ජයසිංහ හා අදහස් දක්වමින් හිටපු  ජනපතිවරයා පැවසුවේ වික‍්‍රමසිංහ සිරිසේනට ඔත්තු සපයන්නෙකු බවට තමන් හදුනාගෙන සිටි බවය.ඔහු සේම ආරක්ෂක අංශයේ සිටි ආහාර පාන පරීක්ෂකයින්ද ඔත්තු සැපයීමේ නිතරව සිටි බවටද ඔහු චෝදනා කළේය.මෙම ආහාර පරීක්ෂකයින් ගේ සේවය ලබාගෙන තිබෙන්නේ රාජපක්ෂ මහතා තම නිවසින් නොව වෙනත් ස්ථානයන්ගෙන් ආහාරපාන ලබාගන්නා අවස්ථාවලදීය.’ඇතුලේ ඉදගෙනම අපේ බෙලි  කැපුවා’.රාජපක්ෂ චෝදනා කළේ එසේය.

 

පොලිස් අධිකාරී වික‍්‍රමසිංහ යටතට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව පැවරීමට ජනපති සිරිසේනට වික‍්‍රමසිංහ කළ ප‍්‍රකාශයක් පමණක් ප‍්‍රමාණවත්ව තිබේ.ඔහු ඊලග පොලිස්පති ලෙස නම්කෙරෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටි බව රහසක් නොවේ.නමුත් ගැටලූවක් ඇත.තමන් යටතේ රටේ සමස්ථ ආරක්ෂක පද්දතියම,බුද්ධි  අංශයද ඇතුලූව තබාගෙන සිටි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ වික‍්‍රමසිංහ තමන්ට එරෙහිව ඔත්තු සැපයීමේ නිතරව සිටි බවයි.ඔහු අත එතරම් බලයක් තිබුණද ඔහුගේ  ආරක්ෂාව භාරව සිටි පොලිස් නිළධාරියා ඔත්තු සැපයීමේ නිතරව සිටි බව ඔහුට හදුනාගැනීමට නොහැකිව තිබේ.රාජපක්ෂ නිවැරදි නම් ඔහුට එරෙහිව තිබී ඇති ප‍්‍රධාන බාධකය වන්නේ පොලිස් අධිකාරී වික‍්‍රමසිංහය.තමන්ට හිටපු ජනපතිවරයාගෙන්

අසාධාරණකම් සිදුවූ බව පවසන,එම හිටපු ජනපතිවරයාම ඔහුට එරෙහිව කුමන්ත‍්‍රණ යෙදුනු බව කියන වික‍්‍රමසිංහ වැන්නෙකුට තමන්ගේ ආරක්ෂාව භාරදීමට ජනපති  සිරිසේන කටයුතු කර තිබීම සුලූවෙන් තැකිය හැක්කක් නොවේ.දේශපාලඥයින් තමන්ගේ  මතිමතාන්තර ගැන විනා ආරක්ෂාව ගැන ප‍්‍රමාණවත් තරම් විමසිලිමත් නොවන බව පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය.මෙය පොලිස්පතිවරයාට අයත් රාජකාරියකැයි කෙනෙකුට කිවහැකිවුවත් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් හා පොලිස් අධිකාරී වික‍්‍රමසිංහ අතර තිබෙන සබදතාවට කිසිවෙකුටත් රහසක් නොවේ.මේ සබදතාවය නිසාම ඇතැම් අවස්ථාවලදී අපක්ෂපාතී නිළධාරියෙකු ලෙස නමක් දිනාගෙන සිටින ඉලංගකෝන්ටද පක්ෂපාතීව කටයුතු කිරීමට සිදුවිය.හිටපු ජනපති සමයේ ඔහු  උපායශීලීව පොලිස් දෙපාර්තමෙන්තුවේ නිළධාරීන්ට ජනාධිපති රාජපක්ෂට සහය  දක්වන්නැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම එවන් එක් අවස්ථාවකි.ඒ සදහා ඔහු භාවිතා  කළේ පොලිස් දෙපාර්තමෙන්තුවේම සම්පත් යොදාගෙන මුද්‍රණය කළ අලංකාර පොත් පිංචකි.එහි සදහන්ව තිබුණේ මහින්ද රාජපක්ෂ පොලිස් දෙපාර්තමෙන්තුව වෙනුවෙන්  සිදුකර ඇති මෙහෙයයි.

වික‍්‍රමසිංහ - ඉලංගකෝන් සබදතාවය නිසා ඇතැම් වැදගත් ධූරයන් වලට පොලිස් නිළධාරීන් පත්කිරීමේ කටයුතු සිදුවූයේ වික‍්‍රමසිංහයේ වුවමනාව පරිදිය.එසේ  පත්කිරීම් සිදුකෙරුණේ හිටපු ජනපතිවරයාගේ යහපත සළකාය.පොලිස් දෙපාර්තමෙන්තුව හා සම්බන්ධ අනෙක් ආයතනයන් වල වැදගත් පත්වීම් සිදුවූයේද මේ  අයුරින්ය.

යහපාලනය ගැන උදම් අනන දේශපාලඥයින්ට මෙවන් කරුණු නොපෙනීම පුදුමයකි.යහපාලන න්‍යායන්ට අනුව පොලිස් දෙපාර්තමෙන්තුව තවමත් වෙනස්වී  නොමැති අතර එහි තවමත් රජකරන්නේ රාජපක්ෂ අනුහසින් පත්වූ නිළධරයින්ය.මෙනිසා දැන් වත්මන් ජනපතිවරයාගේ ජීවිතයත් ඇත්තේ අන්තරාය අඩවියකය.එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජය පොලිස් දෙපාර්තමෙන්තුව පත්කර  තිබෙන්නේ මහජන ආරක්ෂාව හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු පිළිඹද අමාත්‍ය ජොන් අමරතුංග යටතටය.ඔහු මහින්ද රාජපක්ෂ හිතවාදියෙක් ලෙස ඇතැමුන් හදුන්වාදුන්නද,ඔහු පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකුවීමත්,අගමැතිවරයා ඔහුව පත්කර තිබීමත් නිසා අමරතුංගගේ බලතල කිසිවෙකුටත් ප‍්‍රශ්න කිරීමට ලක්කළ නොහැකිය.වරක් ඔහු සකස් කළ පොලිස් සේවයේ ස්ථාන මාරු කිරීමේ ලේඛණයකට විරෝධය පළ කළ පොලිස්පති එන්.කේ ඉලංගකෝන්ට ජනපතිවරයා උපදෙස් දී තිබුණේ නිවැරදි දෙය ඉටුකරන ලෙසය.මුලදී ඉලංගකෝන් සතුව තිබූ (නිවැරදිව කියතොත් පොලිස් අධිකාරිී වික‍්‍රමසිංහ අත තිබූ* බලතල දැන් ඇත්තේ ජෝන් අමරතුංග අතය.එය යහපත් දෙයක් 

වුවත් තවමත් ගන්නා තීරණ කි‍්‍රයාත්මක වන්නේ හිටපු රජයේ ආනුභාවයෙන් පත්වූවන් හරහා වීම ගැටලූවකි.

පොලිසියේ ඇතැම් කණ්ඩායම් වලට පොලිස්පතිවරයා වැඩි සැළකිල්ලක් දක්වන බවට චෝදනා මහජන කටයුතු පිළිඹද අමාත්‍යංශයට ලැබී තිබෙන අතර ඒ පිළිඹද විමසීමට පොලිස්පතිවරයා හා සම්බන්ධවීමට ගත් උත්සාහය අසාර්ථක විය.ඔහුගේ නිළධාරීන් එම චෝදනා බැහැර කළේය.තම අවසරයකින් තොරව මහජන කටයුතු පිළිඹද අමාත්‍යංශයට යෑම තහනම් කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමටත් පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.අවසර ලබාගන්නා නිළධාරියෙකු අමාත්‍යංශය වෙත ගොස් සාකච්ඡුා කරන කවර හෝ කරුණු වේවා ඒ පිළිඹද සවිස්තර වාර්තාවත් පොලිස්පතිවරයා වෙත ලබාදිය යුතුබවද එම චක‍්‍රලේඛයේ සදහන්ව ඇත.මේ හමුවේ අමාත්‍ය අමරතුංගෙ පොලිස් නිළධාරිීන්ට ඔවුන්ට ඇති දුක්ගැනවිලි තමන් හමුවේ තැබීමට ඉඩ සළසා දෙමින්  ඔවුන් වෙනුවෙන් සතියකට එක් දිනක් වෙන්කිරීමට පියවර ගෙන ඇත.අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබෙන්නේ පොලිස් නිළධාරීන්ට තම ගැටලූ ඉදිිපත්  කිරීමට පොලිස්පතිවරයා හමුවට යෑමට කාලවේලාවක් වෙන්කර ගැනීම අපහසු වීමත්,පොලිස් නිළධාරීන්ගේ පැමිණිලි භාරගැනීමට ඔම්බුඞ්ස්මන්වරයෙකු පත්කර නොසිටීමත් යන කරුණු සැළකිල්ලට ගෙනය.නමුත් මෙසේ අමාත්‍යවරයා හමුවට පැමිණෙන නිළධාරියෙකුට සිදුවන්නේ පොලිස්පති වරයා නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව වරදකරුවෙකු වීමටය.මෙනිසා දෙපාර්ශවය අතර එකගතාවක් ඇතිකරගැනීම  සුදුසුය.නමුත් කිසිවෙකුත් මෙම තත්ත්වයට විසදුමක් ලබාදීමට කටයුතු කරන අයුරක් පෙනෙන්නට නැත.

රට පාලනය කරන ති‍්‍රත්වය වන සිරිසේන,වික‍්‍රමසිංහ හා බණ්ඩාරනායක තිදෙනගේ  අවධානය පොලිස් දෙපාර්තමෙන්තුවේ කටයුතු සම්බන්ධයෙන් මිීට වඩා යොමුවිය  යුතුය.විශේෂයෙන් ජනාධිපති ඇතුලූ ප‍්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත්වීම වැදගත් අතර එම කටයුතු භාරව කිරීමට නොසැලෙන,අපක්ෂපාතී,විශ්වාසවන්ත පුද්ගලයින් තෝරාගැනීම සිදුකළ යුතුව ඇත.විශේෂ හා අතිවිශේෂ පුද්ගලයින් හට ආරක්ෂාව සපයන ආරක්ෂක භට කණ්ඩායම් වලද වත්මන් තත්ත්වය විමර්ෂණය කිරීම සුදුසුය.ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හමුදා හා නාවික හමුදා භටකණ්ඩායම් වල පාලනය හමුදාපතිවරයාට හා නාවික හමුදාපතිවරයාට නොව  වෙනත් තනි පුද්ගලයෙකු අතට ලබාදීම මනාය.සැළකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකුට කොමාන්ඩෝ භටයින්ගේ ආරක්ෂාව අවශ්‍ය වන්නේද යන්නය.

පොලිස් මූලස්ථානයේ රෙගුලාසි වලට අනුව එක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු සදහා ඇමති ආරක්ෂක අංශයෙන් සාමාජිකයින් දෙදෙනෙකු වෙන්කෙරේ.එම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයා නිවසේ සිටින අවස්ථාවක ඔහුගේ ආරක්ෂාව පිළිඹද වගකිවයුතු  වන්නේ අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයයි.හිටපු ජනාධිපතිවරයාට කොමාන්ඩෝ ආරක්ෂාවද සපයා තිබුණු අතර පසුගිය සෙනසුරාදා දිනයේ සිට එම කටයුතු භාර කර  ඇත්තේ විශේෂ කාර්යබලකායටය.වංචා හා දුූෂණ ක‍්‍රමයෙන් හෙළි වෙමින් පවතින  සමයක ඒවාට හවුල්වී ඇතැයි චෝදනා ලබාසිටින පුද්ගලයින්ගේ වෛරයට පාත‍්‍රවිය හැකි නිසා ජනපති සිරිසේන මෙන්ම අගමැති වික‍්‍රමසිංහත් තම තමන්ගේ ආරක්ෂක කටයුතු ගැන මිීට වඩා සැළකිලිමත්විය යුතුව ඇත.

ආරක්ෂක කටයුතු වලට අමතරව පසුගිය සතියේ ජනපතිවරයාගේ අවාධානය දිනාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ හා මුහුණට මුහුණ අදහස් හුවමාරු කර ගැනීමට සංවිධානය කර තිබූ හමුවයි.ජනපතිවරයා මෙවැනි හමුවකට එකගතාවය පළකිරීම බොහෝ දෙනා මවිතයට පත්කරවීමට සමත්වූවත් විය.ඇයි එහෙම දෙයක් කරන්නේ? ශී‍්‍රලංකා  නිදහස් පක්ෂය එකතු කරන්න මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ හිතවතුන්ගේ සහය ජනපති සිරිසේන බලාපොරොත්තු වනවාවත්ද? මෙම ගැටලූ වලට පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂයද අපොහොසත්විය.මේ හමුව සම්බන්ධයෙන් අද පුවත්පතය අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුලූවාවේ සෝභිත  හිමි සදහන් කර තිබුණේ දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ යැයි සිරිසේනට පහර ගැසූ මහින්ද ඇතුලූ නඩය දැන් අගමැතිකම බලාපොරොත්තුවෙන් සිරිසේන හා එකතුවීමට එන බවයි.

හමුව පවත්වන්නේ ඇයි පිළිඹදව ජනපතිගේ අදහස් දැනගැනීමට මංගල සමරවීර,කබීර් හෂීම් හා මලික් සමරවික‍්‍රම යන තිදෙනා ජනපතිවරයා හමුවිය.පක්ෂය යළි ශක්තිමක් කිරීම සදහා මෙම හමුව පැවැත්වීමට තමන්ට සිදුවූ බව ජනපතිවරයා ඔවුන් හමුවේ  පැවසීය.ජනපතිවරයා සිටින්නේ පක්ෂයෙන් නැගෙන පීඩනයට මුහුණදෙමිනි.ඔහු අකමැතිවූවද නැතද පක්ෂයේ බහුතර මතය වූ ඔහු හා හිටපු ජනපතිවරයා අතර හමුවක් පැවැත්විය යුතුය යන්නට ඔහු අවසානයේ හිස නැමූ බවක් පෙනෙන්නට ඇත.හමුව  පැවැත්වීමට දෙපාර්ශවයේම එකගතාවය පළවුනද එය පැවැත්වෙන ස්ථානය ගැන මත  ගැටුමක් ඇතිවිය.අවසානයේ පාර්ලිමෙන්තුවේ ජනාධිපති කාර්යාලයේ එය පැවැත්වීමට  එකගතාවය පළවුනි.

හමුව පැවැත්වුනු දිනයේ මහින්ද රාජපක්ෂ සමග,බන්දුල ගුණවර්ධන,ජී.එල්.පීරිස්,මහින්දානන්ද අලූත්ගමගේ යනාදීහු පැමිණ සිටියහ.පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සමග ඔවුන්  හමුවට යෑමට ජනපති සිරිසේන මුලින් සිතා සිටියද පසුව රාජිත සේනාරත්න,එම්.කේ.ඞී.එස්.ගුණවර්ධන හා ෆයිසර් මුස්තාෆා යන තිදෙනාද හෙතෙම තම  කණ්ඩායමට එක්කර ගත්තේය.

ඡුායාරූප වල දෙපාර්ශවයේ සාමාජිකයින් සිනාමුසු මුහුණින් සිටිනු සටහන්ව තිබුණත්  සාකච්ඡුාවට සහභාගීවූ එක් සාමාජිකයෙකු සන්ඬේ ටයිම්ස් හා සදහන් කළේ සැබෑවටම තත්ත්වය ගැටුම්කාරී හා එකිනෙකා නොරුස්සන සුලූ වූ බවයි.ඔහු හමුව සමාන කළේ වැටුප් විෂමතා නිසා වෘත්තිීය කි‍්‍රයාමාර්ගයක් දියත් කර තිබෙන වෘත්තීය සමිති නායකයෙකු හා ඔහු සේවය කරන ආයතනයේ ප‍්‍රධානියා අතර පැවැත්වෙන හමුවකටය.හිටපු ජනාධිපතිවරයා අපහසුවෙන් මෙන් අදහස් පළ කර ඇත.ජනපති සිරිසේන සිට ඇත්තේ ඔහුට සුපුරුදු තැන්පත් හා නිවුණු ස්වභාවයෙනි.හමුවේදී රාජපක්ෂ  ඉදරිපත් කළ ඉල්ලීම් පහත දැක්වේ.

ඉදිරි මහ මැතිවරණයේදී තමා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කිරීම.

මැතිවරණයෙන් පසුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයක් ලෙස එළෙසම පවත්වාගෙන යාම.

එක්සත් ජාතික නිදහස් සන්ධානයේ නාමයෝජනා භාරදීමේ කටයුතු තමාගේ අධීක්ෂණය යටතේ සිදුවීම.

ප‍්‍රාදේශීය සභා විසිරුවා හැරීම අත්හිටුවීම.(කරූ ජයසූරිය අමාත්‍යවරයාගේ නියෝගයක් මත මාර්තු මාසයේදී විසිරුවා හැරීමට නියමිතව තිබූ ප‍්‍රාදේශීය සභා වල පාලන කාලය දැනටමත් මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ*ප ‍්‍රාදේශීය සභා විසිරුවා නොහරින්නැයි රාජපක්ෂ ඉල්ලා සිටින්නේ ඔහුගේ ආධාරකරුවන් රාශියක් එම ආයතනයන්ගේ සිටින බැවින්ය.විසිරුවා හැරියහොත් එම ආයතනයන් වල තිබෙන සම්පත් තමන්ගේ සිතැගි පරිදි භාවිතා කිරීමට ඔහුට අවකාශ නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් ලූහුබැද අල්ලා ගැනීමේ වත්මන් කි‍්‍රයාදාමය අත්හිටුවීම.වංචා හා දුූෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු තම අධීක්ෂණය යටතේ සිදුකිරීමට වත්මන් අගමැතිවරයාට අවසරය ලබාදී තිබෙන ගැසට් පත‍්‍රය සංශෝධනය කිරීම.

ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් ජනපති සිරිසේන හා ඔහුගේ ජයග‍්‍රහණයේ ප‍්‍රධාන හවුල්කරු වන එක්සත් ජාතික පක්ෂය අතර බෙදීමක් ඇතිකිරීම අරමුණු කරගෙන ඉතාම දක්ෂ ලෙස සකස් කර තිබුණු අයුරු හදුනාගත හැකිය.නිවුනු හා තැන්පත් ස්වරයෙන් මහින්ද  රාජපක්ෂගේ ඉල්ලීම් වලට පිළිතුරු දී තිබෙන ජනපති සිරිසේන ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් කිසිවෙකටත් එකගවිය නොහැකි බව පවසා තිබේ.’එහෙනම් ඉතින් කතා කරලා වැඩක් නැහැ’ යැයි පවසා ඇති රාජපක්ෂ එම ස්ථානයෙන් ඉවත්ව යෑමට මෙන්  සූදානම්ව තිබේ.’එහෙනම් ඉතින් යන්න’ ජනපති සිරිසේන ඔහුට පිළිතුරු දී ඇත්තේ එලෙසය.පිටත්ව යෑමට මෙන් සූදානම් වුවත් මහින්ද රාජපක්ෂ තවදුරටත් තම අසුනේම  රැුදී සිට ඇත.රාජපක්ෂට වුවමනා පක්ෂයේ බෙදීම් සිදුවීම වළක්වා පක්ෂය එකතු කිරීම නොව තව තවත් බෙදීම් ඇතිකර එහි වාසිය තමන් වෙත ලබාගැනීම බව ඔහුගේ හැසිරීමෙන් පැහැදිලිය.අනෙක් පසින් ජනපති සිරිසේනට වුවමනා වූයේ මහින්ද රාජපක්ෂ හා හමුවක් පවත්වා දෙදෙන අතර විරසකයක් නැති බව පෙන්වාදී ඒ ගැම්මෙන්  පක්ෂය එක්සත් කරගැනීමට බව පැහැදිලිය.අවසානයේ දෙදෙනාගේම වුවමනාවන් ඉටුවූයේ නැත.ජනපතිවරයා හා සමිීප ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබුණු ආකාරයට වංචා දුූෂණ කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයන් නවතා දමන්නැයි  රාජපක්ෂ කරන ඉල්ලීම විහිලූවකට වැඩි දෙයක් නොවන බව ජනපති සිරිසේනගේ අදහසයි.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ බෙදීම් ඇතිකිරීම සදහා අගමැති වික‍්‍රමසිංහ මෙම වංචා හා දුූෂණ කටයුතු පිළිඹද පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටිනවායැයි රාජපක්ෂ කරන ප‍්‍රකාශයේ කිසිදු පදනමක් නොමැත.මෙම පරීක්ෂණ කටයුතු බහුතරයක් භාරව සිටින මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශ පිහිටැවුනේ කැබිනට් අනුමැතියෙනි.එහි කටයුතු  අධීක්ෂණය කිරීම සදහා පත් කෙරුණු උප කමිටුවක සාමාජිකයෙකු ලෙස අගමැතිවයා  පත්විය යුතුයැයි තීරණය කළේද කැබිනට් මණ්ඩලයයි.වංචාව හා දුූෂණයට එරෙහිව පෙනී සිටින බව කීවද එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික‍්‍රමසිංහට මහ බැංකු බැදුම්කර සම්බන්ධ සිදුවීමෙන් ලැබුණේ කිසිදා නොමැකිය හැකි කලූ පැල්ලමකි.එක්සත් ජාතික පක්ෂය එම අවස්ථාවේදී වගකීම් විරහිත ලෙස කටයුතු කළ ආකාරය දැන් රටම දැනගෙන අවසානය.

රාජපක්ෂ හා හමුවෙන් අනතුරුව හිටපු ජනපතිනී කුමාරතුංග හමුවූ ජනපති සිරිසේන ඇය හා අදහස් හුවමාරු කරගත්තේය.එදින රැුයේ අලූත් අවුරුද්ද නිමිත්තෙන් අගමැති වික‍්‍රමසිංහ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ සංවිධානය කර තිබූ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකටද එක්වූ හෙතෙම ඊට සහභාගීව සිටි පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් හා රාජපක්ෂ හා පිරිවර සමග පැවති හමුවේ තොරතුරු හුවමාරු කරගත්තේය.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ හා සිරිසේන අතර පැවති හමුව පිළිබද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙදෙනාව නැවත වරක් මුහුණට මුහුණ සාකච්ඡුාවක් සදහා  යොමුකරනු ඇතැයි රාජපක්ෂ කදවුර අපේක්ෂාවෙන් සිටී.නමුත් ජනපති සිරිසේනට සමිීප ආරංචි මාර්ග පවසන්නේ නැවත වරක් හිටපු ජනපතිවරයාම හමුවීමේ වුවමනාවක් ඔහුට නොමැති බවයි.’ඔහුට අහන්න ලැබුනානේ මහින්ද රාජපක්ෂයට මොනවද කියන්න තියෙන්නේ කියලා.දැන් ඒක ඉවරයි.ඔහුගේ සම්පූර්ණ අවධානය දැන් යොමුවෙලා තියෙන්නේ පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු වලට’.එම ආරංචි මාර්ග සදහන් කළේය.එළැඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  නොව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයෙන් සාමාජිකයින් තෝරාගැනීමේ අදහසක් ජනපති සිරිසේනට ඇතිව තිබීම රාජපක්ෂ හිතවාදීන් සිරිසේන කෙරේ තව තවත් වෛර බැදීමට හේතුවක් වී තිබේ.

20 ඒ ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගත් වහාම තමන් පාර්ලිමෙන්තුව විසිරුවා හරින බව ජනපතිවරයා දැනටමත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයට දැනුම්දී තිබේ.19 ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් හදිසි පණත් සම්මත කර ගැනීම අහෝසි කර තිබුණද ඊට තවමත් කතානායකවරයා තම අනුමැතිය ලබාදී නොමැති නිසා 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය බොහෝ විට හදිසි පණතක් ලෙස සම්මත කර ගැනීම සිදුවනු ඇත.තවමත් 20 ඒ වලින් යෝජිත මැතිවරණ ක‍්‍රමයට තවදුරටත් සිදුකළ යුතු වෙනස්කම් පිළිඹද සාකච්ඡුා පැවැත්වෙමින් පවතී.මෙම සාකච්ඡුා පැවැත්වීමේ කටයුතු වල ඉදිරියෙන්ම සිටින්නේ ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂයන්ය.

 

පසුගියදා ජනපතිවරයා හමුවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොරොන්දුවූ පරිදි පාර්ලිමෙන්තුව විසිරුවා හරින්නැයි ඉල්ලා සිිටියේය.20 ඒ සම්මත කර ගැනීමක් පිට පටවා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම කල්දමමින් සිටින්නේ ජනතා පරමාධිපත්‍යට අකුල් හෙළමින් සිටින නිමල් සිරිපාලද සිල්වා ඇතුලු විපක්ෂයේ මන්තී‍්‍රවරුන් යැයි ඔහු චෝදනා කළේය.අවසන ඔහුට පිළිතුරු දෙමින් ජනපති සිරිසේන

 

පැවසූයේ යෝජිත මැතිවරණ ක‍්‍රමය පිළිඹද එකගතාවයකට පැමිණීම තවදුරටත් පමා වන්නේනම් තමන් ඒ පිළිඹදව බදාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරුන්ගෙන් කරුණු විමසා අනතුරුව වහාම පාර්ලිමෙන්තුව විසිරුවා හරින බවය.

 

20 ඒ මගින් නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීමට සියලූ පක්ෂ එකගවී ඇතත් නුදුරේදී පැවැත්වෙන මැතිවරණය පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වෙන ලකුණු පෙනෙන්නට ඇත.20 ඒ බලාත්මක කරනු ඇත්තේ අලූතින් පත්වන රජයයි.මෙසේ මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේම පැවැත්වීමට දේශපාලන පක්ෂ එකගවෙමින් සිටින තත්ත්වයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ යෝජිත නව මැතිවරණ ක‍්‍රමයේ ප‍්‍රායෝගික ගැටලූ විසදා එය ප‍්‍රයෝජනයට ගත හැකි සේ සකස් කිරීමට තවත්  වසරකවත් පමණ කාලයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබීමය.

පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම යනු සටන ඇතිවනු ඇත්තේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතරය.ගැටලූව වන්නේ මේ හමුවේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ හිතවාදීන් කුමක් කරාවිද යන්නය.ඔහුගේ කාලය ගෙවී යමින් තිබෙනවාද? නැතිනම් තවදුරටත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කිරීමට ඔහු කටයුතු කරාවිද? මේ අතර පසුගියදා ශී‍්‍රලංකාවට පැමිණි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන්  කෙරී පවසා සිටියේ ශී‍්‍රලංකාවේ පසුගිය පාලකයින් අයථා ලෙස උපයා ගත් මුදල් විදේශයන්හි තැන්පත් කර ඇතිනම් එම මුදල් ශී‍්‍රලංකාවට ලබාගැනීමට ඇමරිකාව  තම උපරිම දායකත්වය ලබාදෙන බවය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඊට ඌණ පූර්ණයක් එක්කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඩොලර් බිලියන 18 ක මුදලක් විදේශ බැංකු ගිණුම් වල තැන්පත් කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පැවසුවේය.

මෙය ප‍්‍රතික්ෂේප කරන රාජපක්ෂ තමන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නිවේදනය කර ඇත.රාජපක්ෂ නාමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ මෙහෙයුමකට රජය දැන් අවතීරණ වී සිටින බව පැහැදිලිය.දැනටමත් මේ කටයුතු සම්බන්ධ කමිටුවක් පත්කර ඉදිරියේ වැඩකටයුතු දියත්කළ යුතු ආකාරය පිළිඹදව සැළසුම්ද සකස් කෙරෙමින් පවතී.අගමැති වික‍්‍රමසිංහ හා හිටපු ජනපතිනිය ඊට එක්ව සිටිති.දැනට නම් එක්සත් ජාතික පක්ෂය සිටින්ේන බලවත් ස්ථානයකය.නමුත් ගෙවුනු දින සියයේ වකවානුවේ පක්ෂය විනාශය කරා යෑමට ඔන්න මෙන්න තිබියදී අවසාන මොහොතේදී නැවතුනේ වරක් දෙවරක් නොවේ.එම වැරදි නැවත සිදුනොවීමට වගබලාගැනීම එක්සත් ජාතික පක්ෂයේ වගකීමකි.වැරදි සියල්ල දිගින් දිගටම ඉවසා සිටීමට තමන් සූදානම් නොමැති බව පෙන්වමින් රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයෙන් ලබාදුන් ආදර්ශය රට කරවන සියලූදෙනා තදින් සිතට ගතයුතුය.



අදහස් (0)

ලිහන්න බැරි ගැට දෙක : හෝටලේ හොදි මුලයි/ජේ.ආර්ගේ ව්‍යවස්ථාවයි

යසන්ත Sunday, 10 May 2015 12:36 PM

රටේ නායකයා ආරක්ෂා කරගන්න බැරි නිලදාරී ගහල එලවන්න ඕනා. උනුත් රාජපක්ෂගේ අයනේ,ඔතන ඉන්න ගොඩක් අය හම්බන්තොට. උන් සිරිසේන රැකගනීද? ඒ අතින් නම් පට්ටම පට්ට මෝඩයෝ. (නදී)

:       0       0

ඇසළ Sunday, 10 May 2015 12:52 PM

ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි, හිටපු උනුත් එකයි දැන් ඉන්න උනුත් එකයි. මුන් සේරම එක බෝට්ටුවේ ඉන්නේ. අගේ වෛරය දෙපැත්ත කකා රටම කනවා. (නදී)

:       0       0

ලාල් Sunday, 10 May 2015 02:45 PM

ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු.(බ)

:       0       0

දිස්නා Sunday, 10 May 2015 03:15 PM

බේසම් වල කිඹුල්ලු ඉන්නව කිව්වා වගේ කතාවක්..(බ)

:       0       0

ජයලාල් Sunday, 10 May 2015 07:00 PM

කවුරු හරිද කවුරු වැරදිද හරිහැටි තේරුම්ගන්න අමාරුයි. හේතුව ඕනෑම දේශපාලන සංවාදයකදී අප දකින්නේ ඔය කියන ව්‍යවස්ථාව දෙපැත්තක සිට එකම වගන්තිය කියවා දෙවිදියකට විග්‍රහ කරන එකයි. එක්කෙනෙක් පුළුවන් කියනකොට අනිත් කෙනා බැහැ කියනවා. මේක රටේ ජනතාවට අවනඩුවක් වෙනවා මොකද හරි වැරැද්ද අපිට තේරෙන්නේ නැති නිසා. (නි)

:       0       0

ඉඳුනිල් Monday, 11 May 2015 02:33 AM

හැමටම තියෙන්නේ බල තණ්හාව (නදී)

:       0       0

සමන් Sunday, 10 May 2015 10:39 AM

දැන් බලාගෙන යනකොට කාවත් විස්වාස කරන්න බැහැ. ජනාදිපති තුමන්ට දෙයින්ගේම පිහිටයි (නදී)

:       0       0

ප්‍රකාශ් Sunday, 10 May 2015 10:50 AM

දැන් ගහල තියෙන තුන්වෙනි ගැටේ තමයි යහ පාලන ගැටේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3602 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site