IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ  ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක  වෛද්‍ය  ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත.

කතානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එම  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන  මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුවය.

මෙම ලිංගික අතවර සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීය.

සිද්ධිය පිළිබඳව මුලින්ම  රටට  තොරතුරු අනාවරණය කළේ අප ලංකාදීප පුවත්පතයි.

එම තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට  පාර්ලිමේන්තු මහලේකම්  නීතිඥ  කුෂානි රෝහණදීර  මහත්මිය විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබීය.

එම මණ්ඩලය දුන් මූලික විමර්ශන වාර්තාව අනුව   සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්  විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී  වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව  පත් කෙරිණ.

කමිටු වාර්තාව වීරවර්ධන මහත්මිය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට පසුගියදා බාර දෙනු ලැබීය.

මෙම ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන්  කමිටුව   ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ

මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන විවිධ  අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද  පාර්ලිමේන්තු මහලේකම්වරියගේ  නියෝගය පරිදි මේ දිනවල විමර්ශනයක් පැවැත්වේ.

සමගි  ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේදී  පසුගිය 7 වැනිදා අනාවරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින්  එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් කිහිපදෙනෙකුගෙන්  දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර එම හිරිහැර  සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි

මහේල Saturday, 11 January 2025 10:36 AM

අභ්‍යන්තර පරීක්ෂණ හොඳින් වෙනවා නම් බාහිර පරීක්ෂණ ඉල්ලා සිටින්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සහල් ටොන් 167,000ක් ආනයනය කරයි
2025 ජනවාරි මස 11 18 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බ


බසයක් පෙරළී 5ක් තුවාල
2025 ජනවාරි මස 11 1 0

කොළඹ සිට බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් පස්සර 10 කනුව ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේන් ඉවතට පැන පෙරලීයාමෙන්


හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු
2025 ජනවාරි මස 11 509 0

කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතු


අදත් තද වැසි තත්වයක්
2025 ජනවාරි මස 11 167 0

උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහල් නිවාසයේ 12 වැනි මහලින් වැටී දැරියක් මරුට
2025 ජනවාරි මස 11 1023 0

බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි
2025 ජනවාරි මස 11 2970 1

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිද


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 109 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 514 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 275 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site