IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍යයේ විදෙස් ඇමැතිවරයා, ජනාධිපති ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කර ඇත.

කෙංග්‍රසය අමතද්දී, ට්‍රම්ප් සිය පාරිපාලනය මැදිහත් වී, ඇමෙරිකන් ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක, ‘නාස්තිකාර’ විදෙස් ආධාර වැඩසටහන් ගැන පැහැදිලි කළේය. මේ වනවිට එවැනි ආධාර වැඩසටහන් බොහොමයක් නවත්වා දැමීමට ට්‍රම්ප් තීරණය කළ තිබේ.

එම ආධාර වැඩසටහන් යටතේ, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක්, ලෙසතෝ රාජ්‍යයට ලබා දී ඇත්තේ, එරට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා, සමරිසි පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටය.

‘අප්‍රිකාවේ ලෙසතෝ කියන රටට, අපි ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක් ආධාර ලබා දී තිබෙනවා. ලෙසතෝ කියා රටක් තිබෙනවා ද කියලවත් මම දන්නේ නැහැ. ඒක කොහෙ තියෙන රටක් ද? ඒ රටේ සමරිසියන් වෙනුවෙන්. ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කිසිම වැඩකට නැති ව්‍යාපෘති සඳහා යොදවලා.’ යැයි ට්‍රම්ප්, කොංග්‍රසය අමතමින් පැවැසීය.

ලෙසතෝ රාජ්‍යයේ අප්‍රසාදය මෙම ප්‍රකාශයට යොමු වුණු අතර, ලෙසතෝ විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තහ රටට අපහාසයක් වුණු බවය.

‘ඇමෙරිකන් ජනාධිපතිතුමා කියනවා, ලෙසතෝ කියලා රටක් තිබෙනවාදැයි ඔහු නොදන්නා බව. ඇමෙරිකන් ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය අපට සිත්තැවුලක්. අපහාසයක්. මා රජය වෙනුවෙන්, ඇමෙරිකන් ජනාධිපතිතුමාට ඇරයුම් කරනවා. එන්න. ලෙසතෝ රාජ්‍යයට ඇවිත්, අපේ රට දැක ගන්න.’ යැයි විදෙස් ඇමැති ජෝන් පොට්ජෝනේ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ලෙසතෝ රාජ්‍යය පිහිටා ඇත්තේ, අප්‍රිකා මහද්වීපයේ, දකුණු අප්‍රිකාවට මැදිවය. ලෙසතෝ ජනගහනය මිලියන දෙකකි. ලෙසතෝ යන්නෙහි අරුත ‘අහස් රාජ්‍යය’ යන්නය. අප්‍රිකාවට අයත් ඉතාමත් සුන්දර රාජ්‍යයක් ලෙස ලෙසතෝ සැලකෙයි.

(BBC)



අදහස් (3)

ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා

රුවන් Thursday, 13 March 2025 04:26 PM

ලංකාවටත් වඩා පොඩි ඇබිත්තං රටට පුළුවන් ද ලෝක බලවතා එක්ක හැප්පෙන්න? අන්න අච්චර ලොකු කැනඩාවත් පරාජය බාරගෙන...

:       9       1

සුධීරThursday, 13 March 2025 05:55 PM

මෙයාට කැනඩා වීසා නොලැබුණ නිසා දුකට කියන කතාවක්. කැනඩාව අමෙරිකා එක්සත් ජනපදයට දෙන දඬුවමත් ලේටස්ට් නිවුස් කියවලා බලන්න...

:       0       4

ජිල්බු Thursday, 13 March 2025 05:07 PM

තමන් දන්නැත්තං එහෙම දෙයක් ලෝකෙ නෑ කියලා හිතං ඉන්න තවත් අති පණ්ඩිත සීයෙක්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 75 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 274 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


බදුල්ලේ තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 201 0

බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහියංගන මාර්ගයේ බෝක්කුවක් යට අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (13) පස්වරුවේ සොයා ගත් බව


ලක්ෂ්මන් විජේමාන්න සජබට එක් වෙයි
2025 මාර්තු මස 13 462 1

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 891 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


ජනපති-සරසවි ආචාර්ය සමිති සම්මේලනය හමුවක්
2025 මාර්තු මස 13 428 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 190 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 450 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 240 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site