IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


ලොක්කෝ 30ක් උසස් නිලතල සභාවට

(සුජිත් හේවාජුලිගේසහ අංජුල මහික වීරරත්න)

විදේශීය තානාපතිවරුන්, මහ  කොමසාරිස්වරුන් අට දෙනකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසි දෙදෙනෙකුගේ  සුදුසුකම් පරීක්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.

මෙසේ සුදුසුකම් පරීක්ෂා කෙරෙන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කෙරුණු ප්‍රදීපා කොළන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් නම් කරන ලද ජනාධිපති නීතිඥ විනිසුරු ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය,  පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වශයෙන් නම් කරන ලද රියාර් අද්මිරාල්  ෆ්‍රෙඩී සෙනවිරත්න, කියුබා ජනරජයේ  ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද මහින්දදාස රත්නායක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද මහාචාර්ය අරූෂා විනෝදනී කුරේ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද මහාචාර්ය පිවිතුරු ජගත් කුමාරසිංහ, දකුණු අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් නම් කරන ලද එයාර් චීෆ් මාර්ෂල්  උදේනි රාජපක්ෂ,  මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වශයෙන් නම් කරන ලද නිමල් උපාලි සේනාධිර,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන ලද එයාර් වයිස් මා‍ර්ෂල්  සම්පත් තුයියකොන්තා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද කේ.එම්.එම් සිරිවර්ධන,  බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද මහාචාර්ය උදයංග හේමපාල,  කෘෂිකර්ම පශු සම්පත්  ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ඩීපි වික්‍රමසිංහ අධිකරණ සහජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන,  අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද  එන් කළුවැව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද කේඩීආර් ඔල්ගා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන මධ්‍යාංශය ලේකම් වශයෙන් පත්කරන ලද කේ.ඒ විමලේන්දිරරාජා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද වෛද්‍ය  අනිල් ජාසිංහ, ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ  ලේකම් වශයෙන් පත් කරන ලද ජේෂ්ඨ මහාචාර්ය කපිල සීකේ පෙරේරා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ඩී ඩබ්ලිව් සෙනවිරත්න යන මහත්ම මහත්මීන්ගේය

මීට අමතරව  විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද අරුණි රණරාජා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද කේආර් උඩුවාවල,නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද රංජිත් ආරියරත්න, ධීවර ජලජ හා සාගත සම්පත් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද එම්.ඒ මන්ත්‍රීනායක,  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද එස් ආලෝක බණ්ඩාර, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද එස් එම් පියතිස්ස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද මොහොමඩ් නවවි,ග්‍රාමීය සංවර්ධන සමාජාරක්ෂණ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද මලර්මනී ගංගාදරන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද තිලකා ජයසුන්දර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද අරුණ බණ්ඩාර  යන මහත්ම මහත්මීන්ගේද සුදුසුකම් පරීක්ෂා කරනු ලැබේ

මේ අයගේ පත්කිරීම් සම්බන්ධයෙන් කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයෙකු විරෝධතා පළ කරන්නේ නම් ඊට අදාළ සංදේශ ලබන මස 10 වැනිදා හෝ ඊට පෙර ලේකම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කාරක සභා කාර්යාංශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය  ඉල්ලීමක් කරන්නීය.



අදහස් (0)

ලොක්කෝ 30ක් උසස් නිලතල සභාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවේ වරාය ආයෝජනයට නෙදර්ලන්තය සූදානම්
2025 පෙබරවාරි මස 27 3 0

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය.


දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 27 22 0

ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්


ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී
2025 පෙබරවාරි මස 27 50 0

ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොල


රජයේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි සහය
2025 පෙබරවාරි මස 27 6 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණ


ජනපති - ගුවන් හමුදා නිලධාරී හමුවක්
2025 පෙබරවාරි මස 27 85 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.


පොලිස් නිවස්නේදී සැරයන් මරුට
2025 පෙබරවාරි මස 27 202 0

අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භොජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27)දින නිදි යහනේදිම මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථා


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 26 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 324 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 469 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site