IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක

(කාංචන කුමාර ආරියදාස)

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත්‍රික් ලොකු ලූනු ගොවීහු චෝදනා කරති.

ආනයනික ලූනු වැඩි කිරීමේ සම්පූර්ණ වාසිය ලූනු තොග රැස් කරගෙන ඇති අතර මැදි ව්‍යාපාරිකයන්ට සහ විදේශීය රටවලින් ලොකු ලූණු ගෙන්වන ව්‍යාපාරිකයන්ට ලැබී ඇතැයි මාතලේ දිස්ත්‍රික්ක ලොකු ලුණු ගොවීහු චෝදනා කරති. 

දේශීය ගොවීන්ට සහනයක් බලාපොරොත්තුවෙන් රජය විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් විස්සක විශේෂ බද්දක් පනවන ලදී ,

මෙම බදු මුදල පැනවීමට පෙර ලොකු ලුනු කිලෝවක විකුණුම් මිල රුපියල් 180 - 230 බව ගොවීන් පෙන්වා දෙති.

එහෙත් බදු මුදල පැනවීමක් සිදුකළ ද දේශීය ලොකු ලුණු මිලෙහි කිසිදු වෙනසක් මේ වන තුරුත් සිදු වී නොමැති අතර වීදේශ රටවලින් ලොකු ලූණු ගෙන්වා ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයන්ට එහි සම්පූර්ණ වාසිය හිමිවී තිබෙන බවත් පෙන්වා ගොවීහු පෙන්වා දෙති.

දේශීය ලොකු ලුණු ගොවීන් කියා සිටින්නේ මේ වන විට දේශීය ලොකු ලුණූ ගොවීන් ළඟ ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බවය, අනෙක් සියලු ලොකු ලූනු අඩු මිල ගණන් යටතේ අතරමැදි ව්‍යාපාරිකයන් ලබාගෙන ඒවා ගබඩාකොට බදු මුදල පැනවීමත් සමඟ ඔවුන් ඉහළ මිලකට අලෙවි කිරීමේ ජාවාරම මෙම කන්නයේද සුපුරුදු ලෙස ක්‍රියාත්මක කරගත් දෙයක් බවය.

මෙවර ද නව රජය සිදු කළේද පැරැණි ක්‍රමවේදය හරහා අතරමැදි ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයක් ඉටුකර දීම පමණක් බව ගලේවෙල ප්‍රදේශයේ දේශීය ලොකු ලූණු මහා පරිමාණයෙන් වගා කරන එස්. ඒ. රතනපාල මහතා චෝදනා කළේය.



අදහස් (4)

ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක

යෝගා Wednesday, 09 October 2024 05:19 PM

කෝ මේ නාමල් කරුණාරත්න? පේන්නවත් නෑනේ...

:       5       10

SAMAN Wednesday, 09 October 2024 07:20 PM

නාමල් කරුණාරත්න දැන් JVP පක්ෂයේ නොවේ. ඔහු මාලිමාවේ?

:       1       0

fairoos Wednesday, 09 October 2024 05:59 PM

එහෙනම් ඉතින් ගෝඨාභය වගේ බදු අඩුකරන්නද කියන්නේ?

:       5       5

Lalla Wednesday, 09 October 2024 08:07 PM

දේශීය ලොකු ලූනු සිල්ලර මිල 300-320/= ඉතින් මීටත් ඉහළ මිලටද පාරිභෝගිකයින්ට ගන්න කියන්නේ. උසස් තත්ත්වයේ ආනයනය කළ ළූණු 280-300/= මිලට තිබුණා. දේශීය කියලා මහජනතාව සූරාකෑම වැරැදි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 20 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 289 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 659 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 324 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 186 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 433 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site