IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


ලොහාන් රත්වත්ත අත්අඩංගුවට

 

(ෂේන් සෙනෙවිරත්න )

මිරිහාන පොලිසියෙන් පැමිණි විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ .

අද (31) පෙරවරුවේ මහනුවරට පැමිණි එම පොලිස් කණ්ඩායම රත්වත්තේ මහතාට අයත් මහයියාව නිවස සම්පූර්ණයෙන් පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ .

රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් යැයි කියන නුගේගොඩ මිරිහානේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ, යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු එසේ අත්අඩංගුවට ගෙන තිබේ .



අදහස් (15)

ලොහාන් රත්වත්ත අත්අඩංගුවට

Perera Thursday, 31 October 2024 01:25 PM

තව දවස් දෙක තුනකින් පුවත ලොහාන් රත්වත්ත ඇප පිට නිදහස්.

:       2       95

Kazi Shajahan Thursday, 31 October 2024 01:42 PM

හොර මූණක් තියෙන්නේ. වැඩක් නැහැ මුන් ඉන්නේ එක සතියක් විතරයි ඇතුලේ.

:       21       48

Mendis BoossaThursday, 31 October 2024 02:56 PM

ආය උඹ පේන කියනවද මූන බලාගෙන

:       1       5

ඉඩෝරයට දිය පොදක් Thursday, 31 October 2024 01:44 PM

අප්පේ, බිත්තර, හාල්, පොල්, පාස්පොර්ට්, උගන්ඩා ජෙප්පොන්ට ඉතින් ඡන්දෙ ගොඩදාගන්න පුළුවන්. සතුටට ඇඬිලා ඇත්තේ.

:       30       67

Inkawo Thursday, 31 October 2024 01:48 PM

නැගිටපල්ලා නැගිටපල්ලා, උඹලටත් වාරය ඇවිල්ලා,හෝදපල්ලා හෝදපල්ලා.

:       4       55

යෝගා Thursday, 31 October 2024 01:52 PM

දවස් දෙක තුනකින් ඇප අරන් ගෙදර යයි. ඡන්දෙ බලාගෙන මේ වගේ සිල්ලර දේවල් නෙමෙයි, රටේ ණය ටික ගෙවන්න උගන්ඩාවේ හැංගුවා කියපු ඩොලර් නැව් ටික ගේන්න.

:       25       69

සමානාත්මතාව කෝ Thursday, 31 October 2024 01:53 PM

මේවා නම් පලිගැනීම් වගෙත් පේනව දැන්. බීලා ලයිට් කණු පෙරලපු මාලිමාවේ අයත් මේ විදියට හරි නම් අත්අඩංගුවට ගන්න ඕන. අපක්ශපාතීව නීතිය ක්‍රියාත්මක වෙනවා නම්. මූ නම් මට පෙන්නන්න බැරි මිනිහෙක්. ඒත් කෝ සමානාත්මතාව? වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද නේ.

:       26       52

Tiran Thursday, 31 October 2024 01:57 PM

මෙයා නේද අර පිස්තෝලෙකුත් අරන් බන්ධනාගාරෙට ගිහින් ගෑනුන්ට තත්වේ පෙන්නපු එකා? මුන් පාර්ලිමේන්තු යවපු උන් තමයි හරි නම් ඇරෙස්ට් කරන්න ඕන. මාලිමාවෙනුත් මේ වගේ අය ඕන තරම් දාල තියෙනවා ලිස්ට් එකේ. මිනිස්සුන්ට දැන ගන්නවත් අංක දාන්නෙ නැත්තේ ඒකලුනේ.

:       7       52

Jayasekara Thursday, 31 October 2024 02:10 PM

වලව් උෂ්ණේ කියන්නේ ඕකට තමයි. රටේ නීතිය රාජ්‍ය බලයේ නටවන කාලකණ්ණි.

:       22       54

DHARMATILEKE Thursday, 31 October 2024 02:26 PM

මෙරට රජයෙන් සහන එපා නමුත් මේ වගේ වෙස්මුණූ දාගෙන අපේ සල්ලිවලින් ජීවත්වන තක්කඩියන්ට ජම්පරයක් අඳින්නේ මට ඒක ඇති.

:       17       34

Chandima Thursday, 31 October 2024 02:30 PM

දැන් මේවා කරන්නද මේ මිනිස්සු බලය ගත්තේ? කෝ වැඩිකරනවා කිව්ව පඩි? අඩුකරනවා කිව්ව බදු කෝ? ලිහිල් කරනවා කිව්ව ජීවන බර කෝ? ඡන්දෙට කලින් එක බිත්තරයකින් රු.8ක් ඇමතිට ගියානේ. දැන් ඒ ඇමති නෑ. ඒ රු 8 දැන් යන්ටනේ කාටද? බිත්තරයක මිල පාලනය කරගන්න බෑ. හාල් මිල පාලනය කරගන්න බෑ. වෙලදපොලේ නාඩු, සම්බ හොයන්නත් නෑ. මේවා පාලනය කරගන්න බෑ කියන්නේ නොහැකියාව. නොපලපුරුද්ද දැන්වත් මාලිමාව තේරුම්ගන්නවද ස්ටේජ් උඩ බෙරිහන් දීල හලපු පච වට්ටෝරුව යථාර්ථයක් කිරීම පහසු නොවන බව. මහා ලොකුවට කයිවාරු ගහලා අද මාසයක් තුළ කරපු මගුලක් නෑ.

:       1       3

ඔන්නොකයි ප්‍රශ්නේ Thursday, 31 October 2024 02:52 PM

කෝ හොරු අල්ලනවද කියල අහපු බටෝයියෝ ටික දැන් හොරු අල්ලනකොට නාහෙන් අඬනවා , හොරෙන් පන්නපු සැප වහනයක් ගෙදර තියන් ඉඳල මාට්ටු උනහම නීතිය ක්‍රියාත්මක නොකර රනිල් ,මහින්දලා වගේ උම්මා එකක් දීලා "එයා ප්‍රභූ පවුලක කෙනෙක් " කියලා ගෙදර යවන්නද කියන්නේ ?

:       5       4

de silva Thursday, 31 October 2024 03:10 PM

ධර්මතිලක මහතාගේ අදහස මමත් අනුමත කරනවා. එක එක සහන නැතිවුනත් කමක් නැහැ. තව මාස 2-3 ඇතුලත මෙවැනි හොරුන්ට ජම්පරයක් අන්දලා , අපට රියදුරුබලපත් , පාස්පෝර්ට් පෝලිම්වල දුක් නොවිදින , රජයේ කාර්යාලවල රස්තියාදු නොවී පගාව නොදී වැඩක් කරගන්න පුළුවන් තත්වයකට රට ගෙනාවොත් හොඳටම ඇති. ලබන ඡන්දෙත් මාලිමවට දෙන්නම් , නමුත් එළබෙන පළාත් සභා , ප්‍රාදේශීය සභා ඡන්ද වලදී බොහෝ දෙනෙක් ඡන්දෙ දෙන්නේ ප්‍රගතිය සමාලෝචනය කරලා බව සිතට ගන්න.

:       2       3

Nimal Thursday, 31 October 2024 03:22 PM

නීතිය ඉදිරියේ සමානාත්මතාවය විශ්වාස කරන අයට සැනසීමක් විය. අවසානයේ දී, ජොයෙල් පේරා ඝාතනය සිදු වූ ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. ලොහාන් රත්වත්තේ පැපුවා නිව්ගිනියාවේ රග්බි තරුවක් වූ ජොයෙල් පේරා මැයි දිනයේදී කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වන කොල්ලුපිටියේ කාල්ටන් ක්‍රීඩා සමාජය ඉදිරිපිටදී ඝාතනය ට ලක්විය. පේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන ලොහාන් රත්වත්තේ ප් රබල අමාත් ය අනුරුද්ධ රත්වත්තේගේ පුතෙකි. මාසයකට ආසන්න කාලයක් පොලිසිය එම ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයට නොපැමිණ මේ සම්බන්ධයෙන් කකුලෙන් ඇදගෙන ගිය බව ජනතාවට රහසක් නොවීය.

:       2       3

Mahesh Thursday, 31 October 2024 03:54 PM

මුන්ගේ ලේකම් සියදිවි හානි කරගත්තේ වූත් මුගේ කෙරුවාවල් වලට සම්බන්ධ නිසා. ඒ සිද්ධිය මිනීමැරුමක් වෙන්නත් පුළුවන්. ලේකම් තමයි මුන්ගේ රහස් ඔක්කොම දැනන් හිටියේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිය සෙනෙහස අහිමි දරුවන් පස් දෙනා දින ගණන් කුස ගින්නේ
2024 ඔක්තෝබර් මස 31 225 0

රෝගී තත්වයට බෙහෙත් නැතිව මියගිය පියාගේ දරුවන් පස් දෙනා මේ වන විට කුසට ආහාරක් නොමැතිව දැඩි ලෙස අසරණවී ඇති පුවතක් බලපිටියෙන් වාර්තා වේ.


බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 731 1

පාරේ යන විට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධික


බස්- ලොරි ගැටීමෙන් 14ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 31 236 0

බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි ඇඟල


ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම ජවිපෙට ගැලපෙන්නෙ නෑ වගේ
2024 ඔක්තෝබර් මස 31 1508 8

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික


’’සජබ ජනතාව ගැන හිතන පක්ෂයක්’’
2024 ඔක්තෝබර් මස 31 290 3

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යටතේ තවත් පෝලිම් යුගයක් නිර්මාණය වී පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් දැකගැනීමට හැකිව ඇතැයි සමගි ජනසන්ධානයේ නායක සජිත


මැතිවරණ ආක්‍රමිකතා: අපේක්ෂක ගෝලයෝ 120ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 31 340 0

එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1120 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 632 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site