IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලී කොට සම්මාන නොලැබුණාට මට ගම්මාන ලැබිලා තියෙනවා

2016-12-04-ent-116

 

”කිරි දුන්නේ දරුවන්ටයි

සිරුරෙන් ඈගේ....

පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙන් ඈගේ....

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ....

 

2016-12-04-ent-115යන ගීතය 70 දශකයේ කා අතරත් හද බැ`දගත් ගීතයකි. මහින්ද සිල්වා මහතාගේ පද වැලක් ගීයට නැගුවේ එකල ජනප‍්‍රිය බයිලා ගායකයෙකු වූ නිහාල් නෙල්සන්ය. ඉහත ගීය ගැයීමෙන් පසු තමන් මස් මාංශ කෑම අත් හැරිය බව නිහාල් නෙල්සන් එදා කීවේය. අදටත් ඔහු එම ප‍්‍රතිපත්තිය අකුරට පිළිපදිමින් ශ්‍රීලාංකික රසිකයන් බයිලා ගීතයෙන් කුල්මත් කරවීමට සමත්වී ඇත්තේය.

1963දී ඔහුගේ ප‍්‍රථම කැසට් පටය එළිදැක්වූ අතර ”ලස්සනට පිපුණ වන මල් ” යන ගීතයෙන් එම කැසට් පටය නම් කළේය. ප‍්‍රථම සීීඞී තැටිය එළිදැක්වූ ගායකයන් ස්වල්පය අතරට ඔහුද එක් වන්නේය. ඒ අනුව ගුණේ අයියගේ බජව් දාන කාමරේ ” ගීතයේ නමින් ඔහුගේ ප‍්‍රථම සීඞී තැටිය 1978 දී රසිකයන් අතට පත් කළේය. උපහාසාත්මක, විවේචනාත්මක, ආදර්ශමත් විෂයන් මූලික කොට ගී ගැයීමට එක්වූ නිහාල් නෙල්සන් තරුණ පරපුරේ ආදරයට පාත‍්‍ර වීමට එතරම් කලක් ගත නොවීය. එබැවින් ඔහු කාර්්‍ය බහුල ගායකයෙක් වූයේය. එකල තරුණ පරපුරේ විනෝද සවාරි, පි‍්‍රය සම්භාෂණ නිහාල් නෙල්සන්ගේ ගී වලින් රසවත් වූයේය.

ශ්‍රී ලංකාවේ ගායකයන් අතර වැඩිම සීඞී තැටි එළිදැක්වූ ගායකයා වීමේ වාසනාවද ඔහු හිමිකර ගත්තේය. නිහාල් නෙල්සන් නම් එම ගායකයා බොහෝ නිහැඬියාවකින් පසු යුරෝපා සංචාරයකට එක් වෙමින් පසුගියදා පැරීසියේ ප‍්‍රසංගයකට සහභාගී වූයේය. පැරීසියට පැමිණි නිහාල් නෙල්සන් එහිදී පුවත් පත් සාකච්ඡාවකටද සහභාගි වුයේය.

 

ඔබ බොහෝ කලකට පසුවයි මෙවැනි යුරෝපා සංචාරයකට එක් වන්නේ. පැරීසිය යනු ලෝක ප‍්‍රසිද්ධ කලාගාරයක් ලෙස හඳුන්වනවා. ලෝක ප‍්‍රසිද්ධ ගායක ගායිකාවෝ සෑම සති අන්තයකම පැරීසියේ ප‍්‍රංසංඟ වේදිකාවේ ගී ගයනවා. ශ්‍රීලංකාවේ නිහාල් නෙල්සනුත් පැරීසියේ ගී ගයනවා. ඔබට ඒ ගැන මොනවද හිතෙන්නේ ?

ගායකයෝ, වාදකයෝ, නළුවෝ, නිළියෝ ආදි ලෙස ඔවුන්ගේ හැකියාවන් තුළ ඉහළටම නගින්නයි ඕනෑම කලාකරුවෙකුගේ එකම අධිෂ්ඨානය හා සිහිනය. මමත් එහෙමයි. මගේ කලා ජීවිතයේ ආරම්භය සමඟම එදාා බොහෝ රසිකයන් මගේ ගීත අසමින් ප‍්‍රසංඟ නරඹමින් මාව ධෛ ර්‍්‍යයමත් කළා. මගේ ගීත අසපු රසිකයෝ පාසලෙන් ගමට ගියා. ගමෙන් නගරයටත් නගරයෙන් රටටත් ගියා. මේ අයුරින් ඉතාමත් දුෂ්කර ගමනකින් පසු ශ්‍රීලංකාවේ රසිකයන් අතර ජනප‍්‍රිය ගායකයෙක් ලෙස මට යම් ප‍්‍රසිද්ධියක් ලැබුණා. ඒ අතරතුර තමයි වීදේශ සංචාර සඳහා ඇරයුම් ලැබෙන්නේ. ඒක ලොකු වාසනාවක්. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මීට අවුරුදු 30 කට පමණ පෙර ප‍්‍රසංඟ වලට සහභාගි වීමට මම ප‍්‍රංශයට පැමිණ තිබෙනවා. අපි දැන් වයෝවෘද්ධ ගායකයෝ. නමුත් අදටත් අපේ ගීත අසමින් රස විඳින රසිකයෝ ලෝකයේ හැම තැනම ඉන්නවා. ප‍්‍රංශයෙත් ඉන්නවා. ඇත්ත පැරීසිය සුන්දර නගරයක්. කලාවට සංගීතයට සුප‍්‍රසිද්ධ නගරයක්. ලෝක ප‍්‍රසිද්ධ ගායක ගායිකාවෝ පැරීසියට යනවා එනවා. ඒ අතරට මටත් පැරීසියට පැමිණ ප‍්‍රසංඟයකට සහභාගි වීමට ලැබීම ගැනත් මම හුදෙක්ම සන්තෝෂ වෙනවා.

 

නිහාල් අයියා 1963 සිට මේ දක්වා ශ්‍රී ලංකා සංගීත ක්‍ෂේත‍්‍රයේ අමරණීය නමක් දිනූ අසහාය ගායකයෙක්. එදාා මෙදාා තුර ඔබගේ කලා ජීවිතය විස්තර කරන්නේ කෙසේද?

1963 මාර්තු මස 31 වැනිදාා දහවල් 11.20 ට කරු අයියා (කරුණාරත්න අබේසේකර ශූරීන්) විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා මාව හදුන්වා දෙමින් මෙන්න මෙහෙම කිව්වා.”මම අද හදුන්වා දීමට යන්නේ නියම මල් වෙඩිල්ලක්. හොඳ ලස්සන මල් වෙඩිල්ලක්. මල් වෙඩි පත්තු කළාම ඒවා උඩට ගිහින් විසිතුරු පාට වලින් අහස අලංකාර කොට නිවිලා යනවා. නමුත් මේ මල් වෙඩිල්ල එහෙම නිවිල යන මල් වෙඩිල්ලක් නෙවේ. එසේ නොවේවා කියා අපි පතමු””. යැයි පවසමින් ප‍්‍රථමයෙන් ශ්‍රී ලාංකික රසිකයන්ට මාව හඳුන්වා දුන්නා. ඒ මගේ ගීත දිවියේ ආගමනයයි. ලස්සනට පිපුණු වන මල් ගල් පීරණ දියවැල් xxx යන ගීතය එදාා මම ප‍්‍රථම වරට ගායනා කළා. ඒ එදාා කරු අයියගේ දැක්ම. ඒ වගේ සොඳුරු මිනිසුන් හොයා ගන්න හරිම අමාරුයි. අදටත් මම ඔහුට ගෞරව කරනවා. එදාා හඳුන්වා දුන් නිහාල් නෙල්සන් 5000 කට ආසන්න ගීත ගායනා කරමින් ජීවන ගමනේ මේ දක්වා ඇවිත් තිබෙනවා. ඔබලා පවා නිහාල් නෙල්සන් නැමැති ගායකයාව අඳුරන්නේ, ආදරය කරන්නේ ඒ නිසයි. එය මට ලොකු සතුටක්.

 

1960, 70, 80 දශකයන් ඔබලාගේ සංගීත වර්ෂයන් ලෙස හැ`දින්වීම වුවද වරදක් නොවේ. එදාා සහ අද සංගීත ක්‍ෂේත‍්‍රයේ හොඳ නරක ගුණ අගුණ සසඳන්නේ කෙසේද?

කාලෝචිතවූ සියලූ දේවල් වෙනස් වෙනවා. වෙනස් වෙන නවීන ලෝකයේ සියලූම දේවල් වෙනස් වෙනවා. සංගීතයත් එසේමයි. අද නවීන තාක්ෂණය හේතු කොට දියුණු පරිසරයක් ඇතිවී තිබෙනවා. ඊට සාපේක්ෂකව සංගීතයත් දියුණු වෙලා තිබෙනවා. එසේ වුවද සාර ධර්ම කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොඳ සාර ධර්ම ඇතුළත් පරිසරයක් අපට හිමිවී තිබෙනවා. ඒ තුළ හොඳ නරක ලෙස දෙකක් තිබෙනවා. හොඳ සාර ධර්ම ආරක්ෂා කර ගනිමින් යම් කෙනෙක් නිවැරැුදි ගමනක් යනවා නම් තම හැකියාවන් තළින් රැුකියාවක් ලබා ගෙන හොඳ ජීවිතයක් ගත කළ හැකි වෙනවා. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ එයයි. නමුත් හොඳ සාර ධර්ම ආරක්ෂා කරන උදවිය වගේම නොකරන අයත් ඉන්නවා. එදාා වගේම අදටත් ශ්‍රී ලාංකික සංගීත කලාව හොඳ තත්ත්වයක පවතිනවා. අතීතයක් නොමැතිව වර්තමානයක් හදන්නත් බැහැ. වර්තමානයක් නොමැතිව අනාගතයට යන්නත් බැහැ පිරිසිදු සාර ධර්ම සමඟ වර්තමානය ගොඩ නැ`ගුවොත් හොඳ අනාගතයක් ලබා ගන්න හැකිවේවි. එසේ නොවුනොත් වර්තමානයේම හුදෙකලා වේවී. ඉහත ධර්මතාවයන් ආරක්ෂා කරමින් ඉදිරියට යන ඕනෑම කෙනෙකුට හොඳ අනාගතයක් ලැබේවි. කලාකරුවාටත් එම සූත‍්‍රය වලංගු වෙනවා.

 

80 දශකය වෙන විට ඔබ ශ්‍රී ලංකා සංගීත ක්‍ෂේත‍්‍රයේ පෙරමුණ ගත් ප‍්‍රසිද්ධ බයිලා ගායකයෙක්. ඔබ සිය ගණනක් ගී තැටි එළිදැක්වූ ගායකයෙක්. එසේ වුවද බයිලා චක‍්‍රවර්ති නිහාල් නෙල්සන් ලෙස හඳුන්වනවා අපි කවදාාවත් අහලත් නැහැ දැකලත් නැහැ. චක‍්‍රවර්ති නාමය ඔබට එක් නොවුනේ මන්ද?

මට සම්මාණ ලැබුණේ නැත්තේ ඇයි ? කියල අහන ප‍්‍රශ්නයක් ඔයා බෙහෝම වැදගත් ලෙස මගෙන් ප‍්‍රශ්න කළා. මගේ කලා දිවිය තුළ සම්මාන ලැබිය යුතු බොහෝ දේවල් මම කරලා තිබෙනවා. නමුත් සම්මාන ලැබුණේ නැහැ. ඔය ලී කොට සම්මාන නොලැබුණාට ; මට ගම්මාන ලැබිල තිබෙනවා. මල්ලි ඒක මට ලොකු සතුටක්. අද ලංකාවේ ඕනෑම තැනකට ගියොත් නිහාල් අයියා කියලා ආදරයෙන් කතා කරන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ තමයි මම ලබපු සම්මාන. ඒවා ලීකොට වලට වඩා වටිනවා.

 

ඔබ කලක් පේ‍්‍රමදාාස ජනාධිපතිතුමාව බොහෝම ළඟින්ම ඇසුරු කරපු ගායකයෙක්. අද ඔබ 70 වැනි ජන්ම වසර පසු කරන පියෙක් හා සීයා කෙනෙක් වීමට ඉන්න කෙනෙක්. එදාා සහ අද ශ්‍රීලංකාවේ දේශපාලන චක‍්‍රය ගැන විග‍්‍රහ කරන්නේ කෙසේද?

මම කල්පනා කළේ මේ ප‍්‍රශ්නය අහන්න මෙතරම් ප‍්‍රමාද වුනේ මොකද කියලයි. කෙසේ නමුත් එම ප‍්‍රශ්නය ඇසීම ගැන ඔබට ස්තුති වන්ත වෙමි. රටේ දේශපාලනය කලාවට අදාාළ නැහැ. නමුත් කලාකරුවා යනු දේශපාලනයේ හොඳ නරක හොඳට අවබෝධ කර ගත හැකි සංවේදි මිනිසෙක්. දේශපාලනඥයාගේ හොඳ නරක ඔහුට හොඳට තේරෙනවා. මම පේ‍්‍රමදාාස ජනාධිපති තුමා ඉතා ළඟින් ඇසුරු කරපු කෙනෙක්. පොඩි මිනිහගේ දුක අවබෝධ කර ගත් නායකයන් අතර ඔහුට ප‍්‍රථම ස්ථානය හිමි වෙනවා. එතුමා මගේ ගීත අසපු රසිකයෙක්. මගේ ගීත අගය කරපු කෙනෙක්. එම ගීත වල අර්ථයන් සමඟ මම ජීවත් වෙන කෙනෙක්ද? කියලා හොයල බලපු කෙනෙක්. නමුත් මම කෙදිනකවත් එතුමා ගෙන් ළමයෙක්් පාසලකට දාාගන්න වත් කතා කරපු එවැනි උදව් ඉල්ලපු කෙනෙක් නෙවේ. අපි එහෙම කරන එක සුදුසු නැහැ. නමුත් එතුමා සමඟ මම හරි වැරැුදි කතා කරලා තිබෙනවා. කලාකරුවෙක් කලාකරුවා විනා නළා කරුවෙක් වෙන්න එපා කියලයි මම කියන්නේ.

 

ඔබ බොහෝ කාලයකට පසු යුරෝපයේ සංගීත ප‍්‍රසංඟ කිහිපයකට සහභාගි වුනා. මෙම සංචාරය ගැන ඔබගේ විස්තර කිරීම කෙසේද?

අපි මෙම සංචාරය ආරම්භ කළේ ඉතාලියෙන්. රෝමය, වෙරෝනා, පාදුවා, මිලානෝ යන නගර වල ප‍්‍රසංඟ වලට අපි සහභාගි වුනා. අවසානයට තමයි පැරීසියට පැමිණියේ. රෝහාන් ද සිල්වා හා නදීර නෝනිස් කියන නව පරපුරේ ඉතාමත්ම දක්ෂ තරුණ ගායකයෝ දෙදෙනාත් මා සමඟ මෙම ප‍්‍රසංඟ වලට සහහාගි වුනා. ඔවුන් දෙදෙනාම ගායනයට මෙන්ම වාදනයටත් දක්ෂයෝ. ඔවුන්ට හොඳ අනාගතයක් ලැබේවි කියා මම හිතනවා. ඒ වගේම මෙම සංචාරයේදි කෑමෙන්, බීමෙන්, ඉදුම් හිටුම් ආදි ලෙස අපට අවශ්‍ය පහසුකම් සපයමින් අපිව හොඳට රැුකබලා ගත්තා. ඒ ගැන පැරීසියේ ආසියාතික කලා සංසදයටත් අනෙකුත් සංවිධායකවරුන්ටත් අපේ ස්තුතිය පුදකර සිටිනවා.

 

සුනිල් ආනන්ද

පැරීසියේ සිට...

 



අදහස් (0)

ලී කොට සම්මාන නොලැබුණාට මට ගම්මාන ලැබිලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1545 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2062 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1523 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8630 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2482 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10540 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40126 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site