IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලෝ ප්‍රකට විකට නළුවා ලංකාවේ

ලොව ප්‍රකට විකට රංගන ශිල්පියෙකු වන කැනේඩියානු ජාතික රසල් පීටර්ස්  මහතා  අද අළුයම දිවයිනට පැමිණියේය.

ඔහු    විකට ප්‍රසංග පවත්වමින්  ලොව වටා යන චාරිකාවේදි  බැංගලොරයට  පැමිණිමෙන් අනතුරුව මෙරට ප්‍රෙක්ෂකයින් සිනහවෙන් රස ගැන්වීමේ අරමුණින් මෙහි පැමිණ ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී   නතාෂා කැස්ටෙලීනෝ මෙනවිය විසින් මෙරටට පැමිණි රසල් පීටර්ස්  මහතාව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්තාය. 

දින තුනක්  මෙරට රැදී සිටින  රසල් පීටර්ස් මහතා හෙට ඉරිදා සවස අටට කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි  ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන  ප්‍රසංගයකට සහභාගී වීමට නියමිතය.

මේ වන විට   චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසකට දායක වී  ප්‍රේක්ෂකයින් සිනහවෙන්  කුල්මත් කර ඇති ඔහු  ජාත්‍යන්තර සම්මාන රැසකටද හිමිකම් කියයි.

 මෙම අවස්ථාවට ඊ.එල් 89 ස්ටීඩියෝ ආයතනයේ අධ්‍යක්ෂක ශමල් රාජපක්ෂ ඒ.කේ.සී ඉවෙන්ටිස් ආයතනයේ අධ්‍යක්ෂක ශාන් හසන් සහ  විශ් ක්‍රාප්ට්  හරේෂ් හයිඩ්‍රාමනී  යන මහත්වරුන් සහභාගී වූහ.

 

 

 



අදහස් (0)

ලෝ ප්‍රකට විකට නළුවා ලංකාවේ

අමිල කටුනායක Saturday, 02 November 2013 12:01 PM

දැන් හරි විකට නළුවෝ එන එක හොදයි (නි)

:       0       0

සියාතු Saturday, 02 November 2013 12:02 PM

බැරි වෙලාවත් මෙයා අපේ අහවල් බංගලාවේ කට්ටියගේ ලෝකේ හිනස්සන විකට රසාංග දැක්කා නම්, ආයේ ජීවිතේටවත් ලෝකප්‍රකට විකට නළුවෙක් වෙන්න හිතන්නෙවත් නැතිවෙයි (නි)

:       0       0

මිහිර Saturday, 02 November 2013 12:11 PM

කවුද ඒ ඔහුත් සමගම ඉන්න ගැහැණු ළමයා? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 02 November 2013 12:12 PM

මෙයා කැනඩාවේ ප්‍රසිද්ධ විකට ශිල්පියෙක්.එයාව මගුල් බෙර ගහලා පිළිගන්නවා නම් කැනඩා අගමැති අාවොත් කොහොම පිළිගනිවිද? (නි)

:       0       0

සුගත් Saturday, 02 November 2013 12:31 PM

කවුද අර ගැහැණු ළමයා? (නි)

:       0       0

සනත් ඇෆ්ඝනිස්තානය. Saturday, 02 November 2013 12:33 PM

මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ? සෑමදේටම පාහේ උඩරට නර්තනය යොදාගන්නවා.ගුවන් යානයක් ලංකාවට ආවිට උඩරට නර්තනය යොදාගන්නවා.මේකේ වටිනාකම නැතිවෙලා යනවා.අපේ ලංකාවට කීර්ති නාමයක් රැගෙන එන අයට මේ මොකුත් නැහැ (නි)

:       0       0

දොන්සේතං Saturday, 02 November 2013 12:34 PM

අර විකට නලුවාව පිළිගත් අාකාරයට අපේ විකට නලුවන්ව පිළිගන්න ඉදිරිපත් වෙන්නේ නැහැනේ අපේ ලස්සන ගැහැණු ළමයි. (නි)

:       0       0

මහානාම Saturday, 02 November 2013 12:51 PM

කවුද අනේ මේ අනෙක් එක්කෙනා? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 02 November 2013 01:19 PM

අපේ සමහර විකට නළුවෝ හිනස්සවන්න කරන දේවල් වලට තරහත් යනවා (නි)

:       0       0

ජානා Saturday, 02 November 2013 01:24 PM

අපේ පාර්ලිමේන්තුවට ගියානම් 100 විතර බලාගන්න තිබුනනේ (නි)

:       0       0

වැලිවිටිගොඩ Saturday, 02 November 2013 01:28 PM

ඔහොම කෙනෙක් පිළිගන්නකොට ලැජ්ජා භය අැති විදියට ගියොත් තමා හොද අපේ රටේ සිරිතට නේද ? (නි)

:       0       0

ලංකානාථ Saturday, 02 November 2013 01:29 PM

මෙයා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙක්. බලන්න යූටියුබ් එකට ගිහිල්ලා. (නි)

:       0       0

අමිත Saturday, 02 November 2013 01:57 PM

අපි සාදරයෙන් ඔබ පිළිගන්නවා. දැන් ලංකාවට එන්න බයක් සැකක් නැහැනේ. පුලුවන් නම් මෙතුමා අතේ අගමැති හාපර් මහත්තයට පණිවිඩයක් යවන්න පුලුවන් නම් හොඳයි, ලංකාවෙ ඉන්න බහුතරයක් ආගන්තුක සත්කාර දන්න යහපත් මිනිස්සු කියලා. (නි)

:       0       0

ලංකා Saturday, 02 November 2013 02:12 PM

අපිට ඔය වගේ ගැහැනු ළමයි මල් මාල දාන්නේ නැහැනේ. කොහොම වුණත් දුක තමයි රන්ජනී... (නි)

:       0       0

සරන Saturday, 02 November 2013 02:13 PM

මෙයා ඇවිල්ලා ඉන්නේ සමුළුවටද? (නි)

:       0       0

මාටින් Saturday, 02 November 2013 02:16 PM

දවසේ වැඩි හරියක් සැටලයිට් නාලිකා වල යන චිත්‍රපටි බලන මම මෙයාව දැක්කේ අදමයි (නි)

:       0       0

ලංකා Saturday, 02 November 2013 02:16 PM

සිංහල බෙර වැයූවට සිංහල ක්‍රමයට නෙමෙයි නේද සැරසිලා ඉන්නේ? මේවා තමයි නියම විකට වැඩ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 02 November 2013 02:19 PM

සනත් ඇෆ්ගනිස්තානය, උගත්තු විරැකියාවෙන් පසුවෙද්දී මෝඩයෝ ලොකු තැන් වලට ගියාම ඔහොම තමයි. මේක තමයි ලංකාවේ සාමාන්‍ය ස්වභාවය. (නි)

:       0       0

දොන්සේතං Saturday, 02 November 2013 02:25 PM

සනත් ළමයෝ,යථාර්තවාදිව සිතාබලන්න. අපේ නර්තන කලාවගෝලීයකරණය තුලින් ලෝකකරණය තුලට එලිදක්වනවා මිස අාදියුගයේ වනවාසින් ඉදිරියේ එළිදැක්වු යුගය අප අනුකරණය නොකළ යුතුයි (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 02 November 2013 02:34 PM

මෙයාට වඩා හොඳ විකට නළුවෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 02 November 2013 03:13 PM

බීන් මහත්තයාවත් ගෙනල්ලා සංදර්ශන ටිකක් පවත්වන්නකෝ. අපේ මිනිස්සුන්ට තිබෙන බඩගින්න නැති කළ  හැකියි (නි)

:       0       0

ගජ මෑන් Saturday, 02 November 2013 03:22 PM

අපේ විකටයෝ මේවට මොකුත් කියන්න ඕනෑ නැහැ.ඒගොල්ලෝ දැක්කත් ඇති අපට. අපේ දේශපාලන විකටයෝ කියන විහිලු කතා අහලා අපට එපා වෙලා දැන් ඉන්නේ. (නි)

:       0       0

ජූඩ් Saturday, 02 November 2013 03:22 PM

මෙයාගේ විහිළුවලට අපේ කට්ටියට හිනා යන එකක් නැහැ. මොකද අපේ රටේනේ නියම විහිළුකාරයො ඉන්නේ. අපි ඉතින් කව්ද කියලා කියන එක හොද නැහැ. අපි දැන් කිව්වොත් ඒගොල්ලන්ගේ විහිළු නැතුව ගිහින් අපිට හිනාවෙන්න බැරිවෙයි (නි)

:       0       0

ඇෆ්ගන් සිසිර Saturday, 02 November 2013 03:22 PM

එතකොට අරහේ ඉන්න අයට තැනක් නැතිවෙයිද? (නි)

:       0       0

අසංග Sunday, 03 November 2013 09:57 AM

අර කැලණිය පැත්තේ ඉන්න අපේ අහවලාට කේන්ති යයිද දන්නේ නැහැ (නි)

:       0       0

ලලිත් Saturday, 02 November 2013 04:01 PM

ගැහැණු ළමයි ඇදුම් අදිද්දී අපි සභ්‍යයත්වයක් තිබෙන ශ්‍රී ලාංකිකයන් බව සිහියේ තබාගත යුතුයි (නි)

:       0       0

සිරි Saturday, 02 November 2013 04:50 PM

රසල් පීටර්ස් කැනඩාවේ පදිංචි ඉන්දියානු තරුණයෙක්. ඔහු ඉතාම ජනප්‍රිය විකට ශිල්පියෙක්. කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් වැඩිදෙනා දෙමළ ජාතිකයින් වීමේ හේතුවෙන් සහ සිංහල අය මෙවැන්නන් ආශ්‍රය කිරීම මගහැර ඇති හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ඔහුගේ අදහස වී ඇත්තේ දෙමළ ජාතින් ඉන්න රටක් ලෙසටයි. ඔහුට ලංකාවේ නියම තත්වය පැහැදිලි කරදීම වැදගත් වෙනවා. කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රතිපත්තිමය පිළිවෙතක් අනුගමනය කරන නිසා සමහරවිට ඔහුගේ චාරිකාවේ යටි අරමුණ වෙනකක් වන්නත් පුළුවන්. මේ ගමන විහිළුවක් ලෙස සැළකිය යුතු නොවන්නේ ඒ නිසයි. (නි)

:       0       0

රකිත් Monday, 04 November 2013 06:49 AM

මොන බොරුද? ලෝකේ හොඳම විකට නළුවා ඉන්නේ අපේ රටේ. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් කලේ ලෝකේ ඉන්න හොඳම විකට නළුවා.(නදී)

:       0       0

බන්දුල Saturday, 02 November 2013 06:10 PM

අනේ අපේ සංස්කෘතියද මේ? (නි)

:       0       0

දිනේෂ් Sunday, 03 November 2013 11:24 AM

විකට නළුවා ඇවිල්ල ඔහොම නම්. අගමැති අවොත් අපේ මෝඩයෝ දණ ගහල වදී......(නදී)..

:       0       0

රණේ Saturday, 02 November 2013 07:02 PM

ඇත්තටම හිනා එනවා! (නි)

:       0       0

චන්දි Saturday, 02 November 2013 07:08 PM

මේ කාන්තාව ඔසරියකින් සැරසී මෙයාව පිළිගත්තා නම් කොතරම් වටිනවද? සිරිගේ අදහස ගැන මොකද අපේ අයට හිතෙන්නේ? ඔහු කියන දේ ඇත්තාක් කියලා මටත් හිතෙනවා. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 04 November 2013 06:30 PM

නිකන් කැසිනෝ පොරක් වගේ...(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 03 November 2013 12:40 PM

හරි කියන්න බලන්න ඒ පොටෝස් වලින් නියම විකට කව්ද කියල.?. (නදී)

:       0       0

මිනිපෙ Sunday, 03 November 2013 09:25 PM

මොහු ගේ ජවනිකා බලන්න යන විට තම දරුවන් සමග යන්න එපා!.එකට හිදගෙන නැරබිය හැකි කමක් නැ.(නදී)

:       0       0

යමුනා Saturday, 02 November 2013 11:02 AM

ඒ රටේ එක්කෙනාද ඉන්නෙ? මෙහේ නම් දෙසිය ගණනක් ඉන්නවා (නි)

:       0       0

ආනන්ද Saturday, 02 November 2013 11:07 AM

අපිටත් ඉන්නවා දෙසිය ගණනක්. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 02 November 2013 11:28 AM

අපේ අන්දරේ පරදවයිද මෙයා? (නි)

:       0       0

මංගල Saturday, 02 November 2013 11:37 AM

ඇයි අනේ මේ පිටරටින් ඕනෑම කෙනෙක් එනකොට උඩරට නර්තනයෙන් පිළිගන්නේ? මම මෙතුමාට අපහාස කරනවා නොවෙයි.ඒත් උඩරට වෙස් නැට්ටුවා කියන්නේ අපේ ජාතියේ අභිමානය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2966 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 25 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 109 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 16 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


මැදිරිගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 156 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14661 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site