IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලේ පැල්ලම කිලෝමීටර 17 ක් දුරට

නාවලපිටිය මහ පාරේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව නාවලපිටිය පොලිසියේ මූලස්ථාන පරීක්ෂක එතැනට ගිය නමුත් මළ සිරුර එහි නොවූ නමුත් පාර මැද ලේ පැල්ලම් තිබුණි. කිලෝ මීටර් 17 ක් දුර ලේ පැල්ලම් ඔස්සේ ගිය ඔහු ගම්පොළදී සිරුර සොයා ගත්තේය. නාවලපිටියේදී මියගිය පුද්ගලයකුගේ සිරුර ගම්පොළ තිබීම ප්‍රශ්නයක් බව පොලිසිය කියයි.

එක්කෝ අපරාධයකට පසු එය එහි ගෙනැත් දමන්නට ඇති බව හෝ මිය ගිය පුද්ගලයා වාහනයක හැපුණේ නම් වාහනයක ඇමිණී ඇදී යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

 



අදහස් (0)

ලේ පැල්ලම කිලෝමීටර 17 ක් දුරට

සජීන් Thursday, 06 November 2014 08:40 AM

ඔව් ඉතින් ඔය දෙකම නෙවේ නම්, මැරිච්ච එක්කෙනා යන්න ඕන. (ර)

:       0       0

විපුල Thursday, 06 November 2014 08:47 AM

අහන්න, ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. ඒවා ඇහැව්වොත් පලවෙන්නෙත් නැහැ. එනිසා නිකම්ම ඉන්නවා. (ර)

:       0       0

නිරාන් - සෞදි Thursday, 06 November 2014 09:00 AM

ශරීරය දිහා බැලුවම හිතාගන්න බැරිද ඔයතරම්ම මොනවා වෙලාද මරුනේ කියලා. (ර)

:       0       0

සේනාරත්න Thursday, 06 November 2014 09:02 AM

වාහනයක ඇමිනිල යන්න පුළුවන්. එහෙමඋනානම්, මළසිරුරේ ඇතිවෙන තුවාල වලින් ඒක ලේසියෙන්ම අදුනගන්න පුළුවන්. ගොඩක්දුරට වෙන්න ඇත්තේ ගාතනයකර වාහනයක දමාගෙන යාමයි. (ර)

:       0       0

නන්දන පනාගොඩ - මිලානෝ Thursday, 06 November 2014 09:09 AM

විපුල, මටත් කියන්න තියෙන්නේ ඔබ කියූ දේමයි. පුවත්පත් නිදහස කෝ? (ර)

:       0       0

පසන් Thursday, 06 November 2014 09:17 AM

මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

සේනක Friday, 07 November 2014 03:57 PM

වාහනයක පැටලිලා යන්න ඇති.(හේ)

:       0       0

ධම්ම Thursday, 06 November 2014 09:31 AM

කි.මී.17ක් තාර පාරේ ඇදගෙන ගියා නම් සිරුරේ බාගයක් විතර ගෙවිලා ඇති. (නි)

:       0       0

කල්ප Thursday, 06 November 2014 06:15 PM

මේක නම් අභිරහස් ඝාතනයක් වගෙයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 06 November 2014 10:09 AM

සේනාරත්න, මළ මිනිය දැකලවත් නැතුව පේන කියන්න එපා. එක පශ්චාත් මරණ පරීක්ෂකට අයිති කාර්යයක්. (බ)

:       0       0

රොහාන් Thursday, 06 November 2014 10:10 AM

තවත් අභිරහසක මුලද? මට ඉස්සර කාලේ බලපු/ කියවපු රහස් පරීක්ෂක කතා මතක් වෙනවා (බ)

:       0       0

රූපවතී Thursday, 06 November 2014 06:26 PM

මට නම් මොකුත්ම ලියන්න බැහැ. බය හිතෙනවා (නි)

:       0       0

සමන් Thursday, 06 November 2014 10:12 AM

මේක ගිනස් පොතට දාමුද ,,,(බ)

:       0       0

ජයනි Thursday, 06 November 2014 10:15 AM

ඉතින් තොරතුර දුන් තැනැත්තා දැන් කොහෙද ? ඔහුගේත් තොරතුරක් නැද්ද? ඔහුගෙන් පුලුවන්නේ වැඩිදුර විස්තර අහගන්න. (නි)

:       0       0

මාටින් Thursday, 06 November 2014 10:24 AM

ඇයි අනේ මේ පුවත පටන් ගන්නෙම නාවලපිටිය මහපාරේ මළසිරුරක් තියෙන බව කියල තොරතුරක් ලැබුන කියලනේ ..වාහනේක අමිනිලා මෙච්චර දුර ගියානම් ඒක පදවපු රියදුරා මේ ලෝකේ රියදුරෙක් වෙන්න බෑ... හප්පපු මිනිහා එහෙමම ඇදගෙන ගියානම් මළසිරුරක් මහපාරේ තියෙනවා කියල පණිවිඩයක් එන්නත් බෑ ...මේ පුවතේ හැටියට මට නම් හිතෙන්නේ මිනියක් පාරේ තිබිල ඒක කවුරු හරි කිලෝමීටර් 17 ක් අරන් ගිහින් බැරිම තැන අතහැරලා තියෙනවා ... (බ)

:       0       0

ගොද්ඩ් ශක්‍ර Thursday, 06 November 2014 11:33 AM

මරල ගෙනත් දාපු එකක්..(අ)

:       0       0

මෝදන් Thursday, 06 November 2014 11:34 AM

මැරුන කෙනා තනිවම ඇවිදගෙන එන්ට ඇති..මම හිතන්නේ කූඩැල්ලෙක් කාලා වෙන්ට ඇති කියල (අ)

:       0       0

සියාඩ් Thursday, 06 November 2014 11:45 AM

ළමයිනේ, ඕක වෙන්න පුලුවන් තවත් විදියක් නම් තියෙනවා (නි)

:       0       0

සන්ධ්‍යා Thursday, 06 November 2014 09:02 PM

‍ මාර්ගය දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා වලින් හොඳ සාක්ෂියක් ලබාගන්න පුලුවන් වේවි (නි)

:       0       0

ගුණසේකර Thursday, 06 November 2014 11:53 AM

මැරුණට පස්සේ මිනිය කවුරුහරි ගෙනිච්චාවද්ද? (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 06 November 2014 12:04 PM

විපුල, ඔබගේ අදහසට මමත් ගරු කරනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 06 November 2014 12:08 PM

කිලෝමීටර් 17 ක් දුර වාහනයක ඇමිණී ඇදී යන්න පුලුවන්ද මිනිහෙක්? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 06 November 2014 12:09 PM

සේනාරත්න, කියන දේ පිළිගන්න බැරිනම් නිකම් ඉන්න. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 06 November 2014 11:56 PM

ලංකාවේ පුවත්පත් බලන හැම දවසකම ,හිත මහත් කණගාටුවකින් තමයි පිරෙන්නේ. සත්ව විද්‍යාත්මක න්‍යායයක් තිබෙනවා පුළුවන් එකා ජීවත්වේ, බැරි එකා අතුරුදහන් වේ කියලා.ඒ සත්තු අතර දැන් ලංකාවේ මිනිස්සුත් ඉන්නවා වගෙයි. සතුන් හා මිනිසුන් අතර වෙනස දුරස්වෙලා. (නි)

:       0       0

පද්මිණි Thursday, 06 November 2014 12:38 PM

පුදුම කතාවක්. මල සිරුරක් පාරේ තිබුන බව දැන්වූ තැනැත්තා මෙන්ම අවට සිටි ය මෙතන වූ දේ දැනගන්ට එපාය. මොකද සතෙක් වත් පාරේ මැරී සිටින කොට ඔතන සෙනග විමසිල්ලෙන් ඉන්නවනේ. (අ)

:       0       0

සුජාත දිසානායක Thursday, 06 November 2014 12:58 PM

මේ ගැන නම් හිතන්න දේවල් ගොඩක් තිබෙනවා (නි)

:       0       0

හමීඩ් Thursday, 06 November 2014 01:08 PM

කිලෝමීටර් 17 ක් දුරට ලේ වැටෙන්නේ කොහොමද? එච්චර වෙලා ලේ ගලායන්න විදියක් නැහැනේ (නි)

:       0       0

යොහාන්‍ Thursday, 06 November 2014 01:08 PM

මේක නම් විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

ජයනි Thursday, 06 November 2014 01:09 PM

දැන් එතකොට තොරතුරු දුන්නේ කවුද? නැත්නම් මෙතන ඔත්තුව දුන් කෙනාගෙන් වැඩි විස්තර දැනගන්න බැරිවුණේ ඇයි? (නි)

:       0       0

ශිර්ලොක් හොර්ම්ස් Thursday, 06 November 2014 01:24 PM

වට්සෝන් මහත්තය අපිට නාවලපිටියට යන්නවෙනවා මේ ගැන වැඩි තොරතුරක් දැන ගන්න. පොලීසියට ගියාට වැඩක් වෙන්නේ නැහැ, ඔබ දන්නවනේ ලංකාවේ පොලීසියේ හැටි. ඒ නිසා අපි ගම්මුන්ගෙන් කට උත්තර ගමු, අපිට මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වේවි. දැන් ඉක්මන්කර ලෑස්ති වෙන්න....(අ)

:       0       0

නිශාර්ඩ් Friday, 07 November 2014 03:20 AM

දස වද දීල ඝාතනය කරලා පාරදිගේ ඇද ගෙන ගියාද දන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවනම් එය කළ අයගේ සිත් තුල මැරුණු කෙනා ගැන කොහොම වයිරයක් තියෙන්ට ඇතිදැයි සිතා ගන්ට පුළුවන්. අනේ මන්ද බොහොම සුළුවෙන් සහ සාකච්චා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් සුළු ප්‍රශ්න පවා දැන් මිනිස්සු විසදන්ට හදන්නේ ඇන කොට ගෙන එහෙමත් නැතිනම් ජිවිත විනාස කර ගෙන. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 07 November 2014 04:00 AM

නාවලපිටියේ මහා පාරේ මිනියක් තියෙනවා යයි යමෙක් කිව්වා නම් එක එතන තියෙන්න ඕනනේ..කිලෝ මීටර් 17 ක දුරක් එම මල සිරුර වාහනයක පැටලී ගියාද? නැත්නම් පටවාගෙන ගියාද? ඇදගෙන ගියා නම් සලකුණු නැද්ද? මෙන්න මේවා තමයි මගේ හිතට එන ප්‍රශ්න.බලමුකෝ පොලිසිය අද හෙටම හොයා ගනීවි. (හේ)

:       0       0

නන්දන Thursday, 06 November 2014 03:16 PM

පැහැදිලිවම කි.මී. 17ක් දුර වාහනයක ඇමිණිලා යන්න විදියක් නැහැ. (නි)

:       0       0

නාලිකා Friday, 07 November 2014 04:12 AM

මේ යුගයේ සිරිලංකාවේ සිදුවන අද්භූත දේවල් දිහා බලනකොට මෙහි ඇති සත්‍ය කතාව එළිවෙයි කියා හිතන්න අමාරුයි. මතුවට බලමු (දිල්)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 08:31 AM

වාහනේක ඇමිණිලා ඔච්චර දුරක් ඇදගෙන යනකම් රියදුරාට කෙසේ වෙතත් මගදෙපස ගමන් කරන මිනිස්සු හරි දැකල පොලිසියට ඔත්තුව දෙනන්වනේ. හිතාගන්න බැහැ මෙය කොහොමද උනේ කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 137 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 94 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 148 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 165 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site