(අංජුල මහික වීරරත්න)
දේශපාලකයන් පාරට බැස ලේ වගුරුවන්නට කතා කරන්නට පෙර ජනතාවට ජීවත්වන්නට ක්‍රමයක් හදා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශපාලනය පාර්ලිමේන්තුවේ දී පමණක් කතා කළ යුතු බව කී ජනාධිපතිවරයා ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.
අපි සියලුදෙනා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතු බවද ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂ මන්ත්‍රිවරු පිරිසකුත් තමා සමග කතා කොට ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමති බවත් ප්‍රකාශ කළේ යැයිද ජනාධිපතිවරයා කීය. ඒ අයටත් වැඩ කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්නැයි ඉල්ලීමක් කළ බව කී ජනාධිපතිවරයා එකතු වී වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු යැයි සැමගෙන් ඉල්ලන බවද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලේ වගුරුවන්න පෙර ජීවත් වෙන ක්‍රමයක් හිතන්න
pradeep Monday, 17 October 2022 01:45 PM
ප්‍රථමයෙන්ම රට මේ තත්වයට පත්කළ දේශපාලුවන් රටේ පාලනයෙන් ඉවත් කරන්න.
sena Monday, 17 October 2022 01:56 PM
සර්ට වුණේ අර වඳුරට වෙච්චි දේ. දැන් ඉතින් පොහොට්ටුවෝ නැගිටිනවට බයේ කෑගහනවා.
sharm warn Monday, 17 October 2022 02:06 PM
තමන්ට කතාකරන එකත් මානසික රෝගයක්.. ලේ වගුරවන්නේ අපිද? නැතිනම් ඔහේද? ඒක තමයි කියන්නේ වයසට යද්දී කල්පනාව අඩුවෙනවා. ඒ නිසා තමයි විශ්‍රාම ගන්වන්නේ. මෙතැන බහිරවයෙක් වගේ බැඳගෙන හිටියට ඡන්දෙ තිබ්බාම ආයෙමත් හොම්බෙන් යන්න පුළුවන්.
fairoos Monday, 17 October 2022 02:43 PM
රටම බංකොළොත් කරපු කම්බ හොරුන් ආණ්ඩුවේ ඉන්නකන් මොන නැගිටීම්ද?
Anura Monday, 17 October 2022 04:00 PM
රට මේ තත්වෙට දාපු හොරු ටිකයි , උන්ව රැකගෙන දිගටම හොරකන්න සලස්වන්න අපු වයසක නරියයි ගියපු දවසක මේ රට දියුණුවෙයි , මිනිස්සු පාරට බහින එකත් නවතී
Sunil Monday, 17 October 2022 04:54 PM
ඔබේ දුර්දාන්ත ක්‍රියාමාර්ග වෙනස් නොකළොත් මුළු රටේම විශාල ලේ වැගිරීම් ඇතිවෙයි.
dias Monday, 17 October 2022 06:25 PM
බැඳුම්කර සල්ලි අරන් ගජමිතුරුගේ බදු වංචා කරපුවා අරන් රට හදමු.. නාකිවෙලත් අවුරුදු 40 ක් රට හැදුවා. බොහොම ස්තුතියි..!