IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වකුගඩු ජාවාරමේ හතර දෙනෙක් 31 තෙක් රිමාන්ඩ්

(විමුක්ති එස්. රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට   ගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා සහ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන තැරැව්කරුවකු වන සුපුන් සංජීව හෙවත් සදුන් , වැල්ලම්පිටිය සහ කොලොන්නාව ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී සමන් පෙරේරා සහ රාජගිරිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු වන උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා යන සැකකරුවන් තුන් දෙනා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුපුන් සංජීව නැමැති සැකකරු කොළඹ මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශ වල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් වකුගඩු ලබාදීම සඳහා පොළඹවමින් මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් ප්‍රධාන තැරැව්කරුවකු බව සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ග්‍රාම නිලධාරීන් දෙදෙනාද ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කරමින් මෙම ජාවාරමට හවුල් වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

සැකකාර සමන් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියා අබුඩාබි පුරවැසියෙකු වෙනුවෙන් වකුගඩු සැත්කමක් සඳහා ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා විදේශිකයින්ට ශ්‍රී ලංකාව තුළ වකුගඩු සැත්කම් සිදු කිරීම තහනම් කර තිබියදී ඔහු එම නීති විරෝධී ක්‍රියාවේ නිරත වී ඇති බවත් පෙන්වා දෙන ලදී.

ඊට අමතරව උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියාද වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා යාපනය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන් කරමින්  ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඔහු පැවසුවේය.

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් අධිකරණ වල ඇප තැන්පත් කිරීම සඳහා ඇප කරුවන් වෙනුවෙන් නිකුත් වන්නේ ද මේ වගේ ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික ද යන සැකය මතුවී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා  පෙන්වා දුන්නේය.

මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ද සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් වීම බරපතළ තත්ත්වයක් බවයි.

ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සියලු සැකකරුවන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙක් වන "සෆ්රන්" නැමැත්තෙකු මේ වන විට විදේශ ගතව සිටින බවත් ඔහු වෙනුවෙන් විදේශ ගමන් තහනමක් පනවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ පුද්ගලයා වෙනුවෙන් විදේශ ගමන් තහනමක් නිකුත් කිරීමට ද නියෝග කළාය.



අදහස් (1)

වකුගඩු ජාවාරමේ හතර දෙනෙක් 31 තෙක් රිමාන්ඩ්

බී අමරසිංහ Wednesday, 18 January 2023 05:59 AM

ඒකෙත් පොඩි පොඩි එවුන් විතරයි වගේ

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 359 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1491 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 527 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1588 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 177 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1071 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site