IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වකුගඩු රෝහලේ ලෙඩේට ජනපතිගෙන් බේත්

මාලිගාවත්තේ වකුගඩු රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ කටයුතු දස මාසයක සිට නැවතී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) හදිසියේම එහි ගියේය.

රෝහලේ වෛද්‍යවරු කීවේ දැඩි සත්කාර ඒකකයට විෂ බීජයක් ඇතුළුවීමෙන් වකුගඩු බද්ධ කිරීම නැවතී ඇති බවයි. මේ ගැන අදාල අංශවලට දැනුම් දුන්න ද පිළියමක් නොලැබුණු බව ඔවුහු කීහ.

මේ ගැටළුව වහාම නිරාකරණය කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සිය කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය. එය ඉටුවන්නේ දැයි දෛනිකව පරීක්ෂා කරන්නැයි ද කීවේය.

වකුගඩු රෝහලට යාබදව පිහිටි පළාත් සභා ඉඩම රෝහලට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද ජනපති උපදෙස් දුන්නේය. රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් හමුවූ ජනාධිපතිවරයා කීවේ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

(ඡායාරූප හා වීඩියෝ දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය)

01 02(1) 04 05



අදහස් (0)

වකුගඩු රෝහලේ ලෙඩේට ජනපතිගෙන් බේත්

දුමින්ද Tuesday, 21 July 2015 02:19 AM

සුව ඇමතිගේ වකුගඩු අධ්‍යක්ෂක පුතා නිදිද ? (නදී)

:       0       0

මහනුවර Tuesday, 21 July 2015 02:28 AM

පොළවේ පය ගහල ජීවත් වන මිනිසුන්ගේ දුක හඳුනන ඔබ සදා කල් දිනේවා. (නදී)

:       0       0

කරු Tuesday, 21 July 2015 02:31 AM

ඇයි ඇමති කෙනෙක් නැද්ද? (නදී)

:       0       0

ප්‍රසංග ලක්මල් Tuesday, 21 July 2015 02:45 AM

ඔබට ජය වේවා ජනාදිපති තුමා (නදී)

:       0       0

ලංකා Tuesday, 21 July 2015 08:03 AM

ජනපතිතුමනි, දේශීය ප්‍රතිකාර ක්‍රම වලින් බටහිර ප්‍රතිකාර වලට වඩා සාර්ථකව වකුගඩු රෝගය සුව කල හැකි නිසාත්, අතුරු ආබාධ අඩු නිසාත් දේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන නගා සිටුවා ඒවා රට පුරා ව්‍යාප්ත කිරීමත් සිදු කිරීමට මුලික වියයුතු වෙනවා.ඔබට ජය...!(නදී)

:       0       0

පණ්ඩුක Monday, 20 July 2015 02:09 PM

ඒකට අපේ හිටපු ජනපති? එතුමා යන්නේ හිරගෙදර ඉන්න ලෙඩ්ඩු බලන්න (නි)

:       0       0

චන්න Monday, 20 July 2015 02:12 PM

ඔබතුමාට වකුගඩු රෝගය ඉවත් කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

තිලක නවරත්න Monday, 20 July 2015 02:12 PM

අපේ ජනපති මෛත්‍රී සිය නම ඔපවත් කරනවා. (නි)

:       0       0

සුරනිමල Tuesday, 21 July 2015 04:04 AM

අසරණ දුප්පත් මිනිසුන්ගේ දුක හදුනන අපේ ජනාධිපති .ඔබතුමාට තෙරුවන් සරණයි . (ම)

:       0       0

මොහාන් Monday, 20 July 2015 02:39 PM

මගේ අම්මටත් වකුගඩු අමාරුව හැදුනා. මම රටෙන් පිටවුණා සල්ලි සොයාගන්න. වයස වැඩි නිසා බද්ද කරන්නේ නැහැ.අම්මා මාස 18 ජීවත්වුණා (නි)

:       0       0

චන්න බුවනක Monday, 20 July 2015 03:15 PM

සමහර නිලධාරීන් තම රාජකාරිය නිසිපරිදි ඉටු නොකිරීම නිසා අහිංසක ජීවිත විනාශ වෙනවා. මාස නමයක් මේ අය මොනවාද කළේ? (නි)

:       0       0

දිලිප් Tuesday, 21 July 2015 04:27 AM

අදාළ නිලධාරින් නිසි ලෙස කටයුතු කර නැති නිසා නම් එය විමසිය යුතු වෙනවා. මෙවන් ජනතාවට සංවේදී කරුණු ගැන වැරදි ක්‍රියාමාර්ග ඉදිරියට නොවන්නට පියවර ගත යුතු වෙනවා කඩිනමින්ම.(ම)

:       0       0

සමන් Tuesday, 21 July 2015 04:43 AM

ජනපති තුමනි ජාතික රෝහලේ 65 වාටුටුවේ (මෞත්‍ර ලිංගික ඒකකයේ) මුත්‍රාශය පරීක්ෂණ යන්ත්‍රයක්(අඩු) කැඩිල මාස ගානක්ලු. අනේ ඒ ගැනත් හොයල බලන්න. ඒ පරීක්ෂණය කරන්න පුද්ගලික රෝහල් වලට රුපියල් 15000-25000 අතර මුදලක් යනවා. (නදී)

:       0       0

ටිකිරි Monday, 20 July 2015 03:42 PM

ඔබට නීරෝගී ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිහාල් Monday, 20 July 2015 03:53 PM

හරිම සතුටුයි (නි)

:       0       0

ධනුක Monday, 20 July 2015 04:08 PM

බොහොම හොඳ වැඩක්. මේකටත් බනින කට්ටියක් ඉඳීවි. (නි)

:       0       0

ජානක Tuesday, 21 July 2015 05:50 AM

අනේ පණ්ඩුක වැටිච්ච තැන (ම)

:       0       0

රූපවතී Monday, 20 July 2015 05:24 PM

සතියකට වතාවක්වත් රටේ දුප්පතුන්ගේ අවශ්‍යතාවන් සොයා බලනවා නම් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න ඉබේම විස‍ඳෙනවා.පව් අසරණ ජීවිත! රටේ ඉදිරි අනාගතය බාරව ඉන්න තරුණ කොලු පැටවු ජීවිතේට පය තැබුවා පමණයි.ඔවුන්ගේ අසරණ මුහුණු දකිනවිට මේකද ජීවිතේ කියලා හිතෙනවා.පව් දෙවියනේ! (නි)

:       0       0

සේන Monday, 20 July 2015 06:07 PM

ඔබතුමාගේ අවංක මැදිහත්වීම අගය කරමු. (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 21 July 2015 06:14 AM

වකුගඩු රෝගය සෑදුණූ පසු කරන ප්‍රතිකාර ගැන සොයන එක බොහොම හොඳ වැඩක්. ඒ වගේම නීරෝගී අයගෙත් වකුගඩු පරීක්ෂා කර වකුගඩු ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයට එක බැගින් වත් ඇති කරන්නේනම් ඉතා අගනා කාර්යයකි.(ම)

:       0       0

ගාමිණී Tuesday, 21 July 2015 01:54 AM

හැම දෙයකටම ජනාධිපති ඉන්න ඕනෑ. නැත්නම් වැඩේ කෙරෙන්නේ නැහැ . (නි)

:       0       0

ඔෂාන් Tuesday, 21 July 2015 07:14 AM

ඔබට නීරෝගී සුව ලැබේවා ජනපතිතුමනි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 211 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1373 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1282 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1297 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1362 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1191 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24101 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23250 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site