(විනීතා එම් ගමගේ)
පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ යන්ත්‍රාගාරයේ සිට දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට ඉල්මනයිට් ලබාගැනීමෙන් පසුවැලි නිකුත් කිරීම වහා අත්හිටුවන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ ඇති පෞද්ගලික සමාගමකට එවන ලද පිරිපහදු කළ වැලිවල විකිරණ අඩංගු වීම හා පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ද අමාත්‍යවරයා තීරණය කොට ඇතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පුල්මුඩේ සිට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අනාවරණය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මෙම තීරණය ගෙන තිබේ.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ පුල්මුඩේ යන්ත්‍රාගාරයේ සිට එකී දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය වෙත ඛනිජ වැලි නිකුක් කිරීම වහා අත්හිටුවීමට අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ ඒ අනුවය.
මේ අනුව ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය ඉල්මනයිට් සහිත ඛනිජවැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලන ලෙස ද උපදෙස් ලබා ඇති අමාත්‍යවරයා දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නය සහ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විකිරණ සහිත වැලි නිකුත් කිරීම අත්හිටුවයි
anton Friday, 09 October 2020 05:03 AM
විකිරණශීලී අමුද්‍රව්‍ය ලංකාවේ තියෙනවාද කියලා බලන්න..? පුල්මුඩේ ඉල්මනයිට් නිධියේ...