IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘වික්‍රමාදිත්‍ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම වික්‍රමාදිත්‍ය සහ මයිසූර් යන යුද නෞකා දෙක සිවුදින සුහද සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (21) උදෑසන කොළඹ වරායට පැමිණීමට නියමිතය.

‘හිරුමෙන් ශක්තිමත්‘ යන අරුත දෙන ‘වික්‍රමාදිත්‍ය‘ නෞකාවේ දිග මීටර් 284කි. පළල මීටර් 60 කි. ප්‍රහාරක ගුවන් යානා 36කට එහි ඉඩකඩ ඇත. කාර්ය මණ්ඩලයේ 1700කි. නෞකාව මහල් 22කින් සමන්විතය.

රියර් අද්මිරාල් රව්නීට් සිං නෞකා අණදෙන නිලධරයාය. කපිතාන් කේ. ස්වාමිනාදන් කපිතාන් පෝල් ද නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හමුවීමට නියමිතය.

INS-Mysore2016120 INS-Vickramadity2016120a INS-Vickramaditya2016120.



අදහස් (0)

‘වික්‍රමාදිත්‍ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ

මොහ‍ොට්ටාල Thursday, 21 January 2016 07:22 AM

අපිට ඉන්දියාවේ දේවල් බලන්න ඕනෑ නැහැ (නි)

:       0       0

නන්ද Thursday, 21 January 2016 12:44 AM

මොනදේකටද මේ නැව් අපේ රටට එන්නේ? සුහද සංචාරයකට එනකොට නැවක් පුරවාගෙන මිනිස්සු අරගෙන එන ඕනෑද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 21 January 2016 12:57 AM

ඔය එන්නේ! මෙහෙට චීන සබ්මැරින් ආවම හරිම අමාරුයි, යුද නැවු ආවට කමක් නැහැ (නි)

:       0       0

රමණි Thursday, 21 January 2016 01:15 AM

87දි මයිසුර් පරිප්පු කැව්වේ අහසින්. දැන් මුහුදෙනුත් එනවා වගේ. (නි)

:       0       0

නිධන් ලක්ෂ්මන් Thursday, 21 January 2016 02:42 AM

ලංකාව ඉන්දියාවට උගස් කරලාද කියා සිතෙනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 January 2016 01:56 PM

අපිට ඉන්දියාවේ යුද නැව් අවශ්‍ය නැහැ නේද? ශ්‍රී ලංකා ජනතාව ඉන්දියාව සමග තියෙන්නේ සුහද හැගීමක් නොවේ. ඇයි මේ අය එය තවත් වර්ධනය කරන්නේ ? (බ)

:       0       0

රංග Thursday, 21 January 2016 02:48 AM

සීපා අත්සන් කරගන්නද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

විජය Wednesday, 20 January 2016 02:21 PM

සාගින්නෙන් , දිලිදු බවෙන් හා වසංගත රෝ බියෙන් පෙලෙන කෝටියකට අධික ඉන්දියානු ජනතාවට මේ යුධ නෞකා කොයිතරම් ලස්සනට පෙනෙනවද අනේ අපේ ලෝකේ හැටි (බ)

:       0       0

හේමන්ත Thursday, 21 January 2016 03:34 AM

විජය, ඉන්දියාවේ දුප්පත්ම මිනිස්සු තමන්ගේ රට ගැන කතා කරන්නේ ආඩම්බරයෙන්. වාහන නැව් පාරවල් ගොඩනැගිලි පෙන්නලා කියනවා අපි දුප්පත් වුණත් මේ ඔක්කොම දේ අපේ රටේ හදපු දේවල් නිසා අපේ වගේ තමයි කියල. අපේ රටේ දුප්පත් අයට එහෙම හිතන්න අපි මොනවද මේ රටේ හදන්නේ. (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 21 January 2016 03:35 AM

ආසියාවේ දෙවැනි බලවත්ම රාජ්‍යයය. අපි ඉන්දියාවේ කන්ට නැතිව ඉන්න කට්ටිය ගැන කතාකරනවට වඩා, තාක්ෂනය සහ නිෂ්පාදන අංශයෙන් ( කර්මාන්ත ) දියුණුවෙලා තියෙන තත්වය ගැන හිතල අපිත් අපේ රට එතනට ගෙනයන්ට හිතාගෙන වැඩ කරන එක තමයි හොඳ. අපි නිතරම පුරුද වෙන්ට යම් රටක දියුණුවෙලා තියෙන පැත්ත ගැන හිතන්න. මොකද අපේ රටෙත් බඩගින්නෙන් සහ ලෙඩ රෝග වලින් පෙලෙන මිනිසුන් නැතුව නෙමෙයි. (අ)

:       0       0

කුමාර Wednesday, 20 January 2016 02:28 PM

එන්නේ පෙරහුරුවකට දන්නේ නැහැ.මෙයාල විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි (බ)

:       0       0

මොහාන් Wednesday, 20 January 2016 02:58 PM

අපේ රට චීන කොලනියක් වෙනවා කියල කෑ ගහපු අය දැන් කොහෙද? (බ)

:       0       0

දහම් Wednesday, 20 January 2016 03:25 PM

ඡන්දෙට ඉස්සෙල්ලත් බොරු කීවා. දැනුත් බොරු කියනවා (බ)

:       0       0

බමුණු Wednesday, 20 January 2016 03:45 PM

මයිසූර් පරිප්පු ගෙනෙන්නේ මේ නැවෙන්ද?(අ)

:       0       0

සහන් Thursday, 21 January 2016 04:48 AM

පකිස්තානයෙන් ගුවන් යානා ගන්න එපා කියපු මේගොල්ලෝ මොකට දැන් මේවා එවනවද මන්දා? අපි යුද්ධ කරපු කාලේ එවපු නැති නැව් දැන් මොකටද? හතුරෝ කවුද මිතුරෝ කවුද කියලා දැනගන්න ඕනෑ අපිත් (නි)

:       0       0

රුචිර Wednesday, 20 January 2016 04:25 PM

චීනෙන් යුධ නැවක් ලංකාවට පෙරහුරුවකට එනවා කිවුවා විතරයි මෙයාලටත් ඕනෑවුණා ලංකාවට එන්න. (නි)

:       0       0

චතුර Wednesday, 20 January 2016 04:37 PM

චීනෙන් ලංකාවට යුධ නැව් එනවා කියලා කෑ ගැහුවේ මෙයාලම නේද? (නි)

:       0       0

නාමල් Thursday, 21 January 2016 06:01 AM

මිලානෝ, මෝඩ කතා කියන්න එපා.. ඉන්දියාවත් එක්ක ලංකාවේ මිනිසුන්ට සුහද හැඟීමක් නැත්නම් මොකටද වන්දනාවේ යන්නේ? ඉන්දියාවෙන් මෙච්චර බදු ආනයනය කරන්නේ? අපි ඉන්න ඕනෑ ඉන්දියාවත් එක්ක මිස ස්වාසිලන්තය එක්ක නෙමෙයි (නි)

:       0       0

නාමල් Thursday, 21 January 2016 06:01 AM

අපේ රටට සාදරයෙන් පිළිගන්නවා.(හේ)

:       0       0

අසංග Wednesday, 20 January 2016 05:39 PM

අපේ නාවික ශක්තියත් පෙන්වන්න ඕනෑ මේගොල්ලන්ට. (නි)

:       0       0

ටෙහාන් Wednesday, 20 January 2016 06:46 PM

මයිසූර් පරිප්පු නැවක් ළඟදිම එයි වගේ (නි)

:       0       0

නුවන් Thursday, 21 January 2016 06:24 AM

අපිට කොටි ගහනකොට මේ නැව් අපේ උදව්වට තියා අහලකින්වත් ගියෙ නැහැ. දැන් එනවා පෝලිමේ. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 20 January 2016 07:51 PM

ඉන්දියාවෙන් හමන සුළග පවා අහෝ  සැපකි! (නි)

:       0       0

කීර්තිසේන Thursday, 21 January 2016 06:30 AM

මෙවැනි යාත්‍රා එක එන අපේ රටට ආඩම්බරයක් (නි)

:       0       0

අබය Wednesday, 20 January 2016 08:57 PM

අපේ රටේ ප්‍රධාන පක්ෂ විදෙස් සබඳතා පවත්වන්නේ තම තමන්ගේ විපක්ෂ වලට එරෙහිව මිසක් රටේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට හෝ රටේ ආරක්ෂාව ගැන සිතා හෝ රටේ අභිවෘද්ධිය ගැන සිතා හෝ නොවේ කියායි අපිට නම් සිතෙන්නේ (නි)

:       0       0

ඩිලාන් Wednesday, 20 January 2016 09:28 PM

ළඟදිම පරිප්පුත් අහසින් වැටෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රෝහිත Wednesday, 20 January 2016 10:10 PM

මේගොල්ලෝ ළංකර ගත්තොත් අපේ විනාශය අතළඟයි. (නි)

:       0       0

ටානි Wednesday, 20 January 2016 10:45 PM

ඒකත් ඉන්දියාවෙන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 0 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 252 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1378 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1553 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 544 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1750 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site