IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වොක්ස්වැගන් ලංකාවටත්

ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.



අදහස් (0)

වොක්ස්වැගන් ලංකාවටත්

සජිත් Friday, 03 July 2015 04:18 PM

අන්න වටිනා වැඩක්.අපේ රටේ කර්මාන්ත තියෙනවා නම් රස්සාවලට රට යන්න ඕනේ නැහැනේ.(හේ)

:       0       0

අභය Saturday, 04 July 2015 04:14 AM

මේකේ කොමෙන්ට් දාන අයගේ නම් දැනුම අනේ මන්දා. ලංකාවේ ෆැක්ටරි දැම්මට ලංකාවේ මාර්කට් එකට විකුණන සංඛ්‍යාව බොහොම අඩු ප්‍රමාණයක්. ආසියානු වෙළද පොළ බලාගෙන තමයි මේ ආයෝජනය කරන්නේ. ජර්මන් වාහන හරිම හොදයි නිතරම කෑලි දාන්න හෙම වෙන්නේ නැහැ (නදී)

:       0       0

විජිත් Saturday, 04 July 2015 04:32 AM

මේ මැතිවරණයේදී එජාපය පැරදුනොත් මේ ව්‍යාපෘතිය ලංකාවට එන්නේ නැහැ. ඉතා වටිනා ආයෝජනයක්. අපි බලාගෙන ඉමු. (නදී)

:       0       0

චතු ධර්මසිරි Saturday, 04 July 2015 04:37 AM

ඔය පුවත දැනට වසර 3 ක් තිස්සේ කියන්නාක්. තම වෙලා නම් නැත.(අ)

:       0       0

යෂ්මල් නෙරන්ජ Friday, 03 July 2015 04:43 PM

වොක්ස්වැගන් ඉන්දියාවේ හදනවා. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 04 July 2015 04:58 AM

සිරිමාවෝ මැතිනිය ගේනවා කර්මාන්තශාලා බොහොමයක් වැහුවේ චන්ද්‍රිකාගේ කාලේ. පුගොඩ පෙහෙකම්හල, වේයන්ගොඩ පෙහෙකම් හල, වහල ඒවායේ සේවකයන් ඉවත් කළා. පස්සේ යන්ත්‍ර සුත්‍ර සියල්ල කඩලා යකඩ වලට වික්කේ කවුද? ගත්තේ කවුද කියල ඒවායේ ඉඳල ගෙදර යවපු සේවකයන් තවමත් කියනවා. (අ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Friday, 03 July 2015 04:53 PM

පළමුවෙන්ම මිළ කීයද? කියලා හොයන්න. අවම මිළ මිලියන 10 න් ඒහා. (ර)

:       0       0

පරා Friday, 03 July 2015 05:15 PM

කොයිකාලේ ඉදලද ඔය කතාව... (ර)

:       0       0

ප්‍රසන්න Saturday, 04 July 2015 05:17 AM

වොක්ස්වාගන් ලංකාවේ හදන්න යන්නේ ලංකාවේ විකුනන්න බලාගෙන වෙන්න බෑ එකෙන් අපිට ලැබෙන වාසිය පුහුණු ශ්‍රමිකයන්ට රැකියා ලැබෙනවා....(අ)

:       0       0

දමින්ද Saturday, 04 July 2015 05:26 AM

හොඳ වැඩක්. ජයවේවා !. (අ)

:       0       0

නිහාල් Friday, 03 July 2015 05:23 PM

හොද බඩු කියක් වුනත් මොකද.? (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Friday, 03 July 2015 05:34 PM

හොඳ බඩු වලට හොඳ මිලක් ගෙව්වාට පාරිභෝගිකයාට අවාසියක් නැහැ. වොක්ස්වැගන් වාහන වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ලෙඩ දෙන්නේ නැහැ. මග හිටින්නේ නැහැ. (ර)

:       0       0

කමල් Saturday, 04 July 2015 02:56 PM

පෙරේරා ඔයා දන්න දෙයක් කියන්න. ඒ කාලේ තිබ්බේ හාල් පොල්ල, සිනි පොල්ල, අපිට තාමත් මතකයි (නදී)

:       0       0

අමර Saturday, 04 July 2015 05:57 AM

මේක එන්නේ ලංකාවේ විකුනන්න නෙමේ නේද?(අ)

:       0       0

චමල් Saturday, 04 July 2015 06:00 AM

රුවන්. ඔයා නොගත්තට ගන්න මිනිස්සු ඉන්නවා. මේ කාර් එච්චර ගණන් නැහැ. මීට අවුරුදු දෙකකට විතර උඩදී මේ ආයතනයේ ප්‍රධාන කළමනාකාරී වරයට තමයි ලෝකේ දුන්නු ලොකුම ප්‍රසාද දීමනාව ලැබුනේ. ඒ එය මේ කාර් ලෝකේ පුරාම ඉක්මනින් ප්‍රචලිත කළාට. (අ)

:       0       0

හේලි Saturday, 04 July 2015 06:08 AM

කීයක් කොමිස් ලැබෙනවද ? (නදී)

:       0       0

ප්‍රියා Friday, 03 July 2015 06:09 PM

ගොල්ෆ් 7 කාර් එක ඉතාලියේ යූරෝ17,000.00යි (රුපියල් ලක්ෂ 26)

:       0       0

කමර Saturday, 04 July 2015 07:19 AM

රට පුරා අපතේ යන පලතුරු ,,එළවලු ,රටවටේ ඇති මුහුදු සම්පත් ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදන අංශය දියුණු කර රට දියුණු කිරීම් .ඒ වගේම අපේ රටේ මානව සම්පත් තියෙනවා.අපිටත් පුළුවන් නේද කාර් එකක් හදන්න.ඉතින් ඔය රටවලින් නිමි භාණ්ඩ ගන්නේ නැතිව තාක්ෂණය ගන්න බැරිද? කොමිස් පස්සේ ගන්න බැරිය.

:       0       0

කොස්වත්ත Friday, 03 July 2015 07:16 PM

අනේ මටත් ඒ වගේ කාර් එකක් ඇත්නම්... (නි)

:       0       0

සිල්වා Saturday, 04 July 2015 08:02 AM

ජපන් කර්මාන්ත ශාලා දෙක තුනක් අරගන්න පුලුවන්ම් ගොඩක් හොඳයි. රටේ ජනතාව මෙයිට වඩා ප්‍රායෝගිකව හිතුවොත් රටේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් දෙනාගේ ලෝකේ ගැන තියෙන අවබෝදය හරිම අඩුයි (නදී)

:       0       0

රංචාගොඩ Saturday, 04 July 2015 08:30 AM

අපෝ මේ වගේ කීයක් එනවා කිව්වද මේ මාස 6 ට? කෝ එකක්වත් අාවද තාමත්? (නදී)

:       0       0

සඳුන් Friday, 03 July 2015 09:28 PM

සම්පත් වන්නිආරච්චි, වොක්ස්වැගන් වාහන මම දන්නා රටවල එතරම් මිලක් වෙන්නේ නැහැ. මිලියන 3 කට විතර එස්.යූ.වී. එකක් ගන්න පුළුවන්. ලංකාවේ මිල වැඩිවෙන්නේ ටැක්ස් නිසා. (නි)

:       0       0

නිහාල් Saturday, 04 July 2015 07:15 PM

වොක්ස්වැගන් පරණ එක බ්‍රසීලයේ හදනවා.මේ රථ වර්ගය ලාබයි.ලෝකයේ මිල අධික කාර් හදන රටක් ඉතාලිය.ලෝකයේ වැඩිපුරම අළෙවිවන වාහනය ටොයෝටා (නි)

:       0       0

ලලිත් Saturday, 04 July 2015 07:48 PM

හිට්ලර්ගේ කාලේ වොක්ස්වැගන් එකේ සැළසුම්කරුවා ඒකේ මොඩලය සකස්කළ එකත් ඉතාම ප්‍රසිද්ධ කතාවක්. (නි)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 10:38 PM

ඒකේ තේරුම 'ජනතාවගේ වාහනය' කියන එකයි. (නි)

:       0       0

සාලිය ද සිල්වා Saturday, 04 July 2015 09:52 AM

හර්ෂ සර්ට මම දන්නා හැටියට වොක්ස්වැගෙන් පසට් කාර් එකක් තිබුන කලින්. ඒ හින්ද දන්නවා ඇතිනේ ඒ ගැන. (නදී)

:       0       0

සේන Saturday, 04 July 2015 09:54 AM

අපිට ගන්න බැරි වුනත් කමක් නැහැ කට්ටියට රස්සාවල් හම්බ වෙනවා නම් (නදී)

:       0       0

සචිත් Friday, 03 July 2015 11:10 PM

අපේ අයගේ මානසිකත්වය මොනවගේද කියලා සමහර අදහස් වලින් හොඳට තේරෙනවා.සාක්ෂරතාවය 95% වඩා තිබෙන අපේ රටේ තිබෙන එකම කර්මාන්තශාලා වර්ගය 'ගාර්මන්ට්'. මේ රටට කාර්මික නිෂ්පාදන ඕනෑ. මේවා මෙහෙ දාන්නේ අපේ වෙළඳපොළ බලාගෙන නෙමෙයි කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

චන්දිම Saturday, 04 July 2015 10:29 AM

යකඩ උණු කරන්න න්‍යෂ්ටික විදුලිය තියෙනවද? ජල විදුලිය මදි. (නදී)

:       0       0

අනුර Saturday, 04 July 2015 10:41 AM

මේ මැතිවරණයේදී එජාපය පැරදුනොත් මේ ව්‍යාපෘතිය ලංකාවට එන්නේ නැහැ? මෙය ඉතා මෝඩ අදහසක් මෙහි මුලික යෝජනාව ආ යෝජනා මණ්ඩලයෙන් දේශපාලන බලපෑමක් නැහැ චීනයේ සියලුම ආයෝජන නැවතී සියලු ඉදිකිරීම් නැවතී බැංකු පවා දුබල උනේ ඔය කියන අස්ථාවර ආණ්ඩුව නිසා. මැදවච්චි නොගොස් කිලිනොච්චි යන්න වෙනවා (නදී)

:       0       0

ලක්ෂමන් Saturday, 04 July 2015 10:47 AM

එජාප මේ ආයෝජනය ගෙනා බව කියනවා දින සියයකින්. නමුත් සීට් නැතිව හදන්න තමා යෝජනා කරලා තිබ්බේ. ඉඳගෙන යන්න බැරි වෙනවා. (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 05 July 2015 01:14 AM

මෙන්න ලංකා ආර්ථිකයට සල්ලි මවන ක්‍රම. අපි මුල ඉඳන් පෙන්වා දුන්නේ මෙවන් නිෂ්පාදන ධාරිතාවන් රටේ ආරම්භ කරන්න කියා. ලෝක වෙළෙඳ පොලට අපි ඇතුල් විය යුතුයි. අපේ රටේ ප්‍රධාන නිෂ්පාදන වන තේ ,පොල් ,රබර් නව නිපෙයුම් වශයෙන් දියුණු කර ලෝක වෙළෙඳපොළට ඇතුළු කල යුතුයි. හර්ෂ ඔබට ස්තුතියි. (නදී)

:       0       0

සෑම් Saturday, 04 July 2015 01:06 AM

මේ වාහනයේ නම ඉංග්‍රීසියෙන් ලියනකොට වී අකුරින් පටන්ගත්තාට ඒක ඩොයිෂ් (ජර්මානු ) භාෂාවෙන් කියවෙන්නේ 'ෆොක්ස්වාගන්' කියලයි. (නි)

:       0       0

චන්දිම Saturday, 04 July 2015 01:58 AM

මම ජර්මනියේ වොල්ස්ගාර්ඩ් වල තිබෙන වොල්ස්වැගන් කොම්පැනියට ගිහින් තියෙනවා කියන්නේ ඉතා සතුටින්. (නි)

:       0       0

ටී.බී දිසානායක Sunday, 05 July 2015 01:45 AM

හරස් වීමට වඩා සතුටු වෙමු (නදී)

:       0       0

අනුර Saturday, 04 July 2015 02:06 AM

පමාවුණත් හොඳ වැඩක් (නි)

:       0       0

සම්පත් Saturday, 04 July 2015 11:50 AM

දුකයි මේවගේ වටිනා අවස්ථාවක් නැතිවෙන එක ගැන. වොක්සගන් කියන්නේ මොනතරම් හොඳ කාර් එකක්ද 1960 හදපු වාහනත් තවම අපේ පාරවල්වල තියෙනවා නේද ?එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව බලය නැති වුනාම මේ සමාගම කවදාවත් මේ රටට එන එකක් නෑ (නදී)

:       0       0

සෙනවිරත්න Saturday, 04 July 2015 11:52 AM

පොක්ස්වැහන් දුම බලු ගඳයි නේද ? (නදී)

:       0       0

නලින් Sunday, 05 July 2015 02:44 AM

ඉන්දියාවේ වාහන බොහොමයක් වගේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ මේ වගේ. ( මුල් නිෂ්පාදිත රට සමග එකතු වෙලා) - ලේලන්ඩ්, ටාට, සුසුකි,හොන්ඩ,වගේ (ම)

:       0       0

කරුණාරත්න Saturday, 04 July 2015 02:18 AM

හොඳ යෝජනාවක් (නි)

:       0       0

සංජීව Saturday, 04 July 2015 12:01 PM

මේක සුදුසු හම්බන්තොටට. වරාය තියෙන්නේ එහෙ, අනික ඉඩ තියෙන්නේ එහෙ (නදී)

:       0       0

විපුල Saturday, 04 July 2015 12:10 PM

ලංකාව භාණ්ඩ මිලදීගන්නා රටක් වෙනුවට භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් වෙන්න සිරිමාවෝ වගේ නායකයන් ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

එරන්ද Saturday, 04 July 2015 03:09 AM

අපේ රටේ මයික්‍රෝ වගේ ආයතන වලට පහසුකම් දීලා අපේම කියලා නිෂ්පාදනයක් කිරීමට කවදා සිතෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

ඔමිල Sunday, 05 July 2015 05:10 AM

ගොඩක් හොඳ වැඩක්.. ලංකාවේ යතුරුපැදි ක්ෂේත්‍රය විනාශ කරන ඉන්දියන් කම්පැනි කාරයන්ගෙන් ක්ෂේත්‍රය බේරගන්නත් වැඩක් කරන්නත් ඕනි.. ජපන් යතුරුපැදි මිල එන්න එන්නම වැඩි වෙනවා.. ඔරිජිනල් පාර්ට්ස් ගෙන්නවාත් අඩු යි.. මිලත් වැඩි..(ම)

:       0       0

ඉන්දික Friday, 03 July 2015 02:54 PM

අනේ සාදු. චීනෙන් සහ ඉන්දියාවෙන් එන මලකඩ කාර් වලට වඩා ගොඩක් කල් වැඩගන්න පුළුවන් වොක්ස්වගන් ජර්මන් කාර්. මන් දන්නේ නෑ දැන් වොක්ස්වැගන් කාර් වල බොඩිය නිෂ්පාදනය කරන තහඩුව. නමුත් 90-2000 වගේ කාලේ වොක්ස්වැගන් කාර් වල බොඩි එක නිෂ්පාදනය කරේ යකඩ මිශ්‍ර කළ ගල්වනෛස් තහඩු වලින්. මලකඩ කන්නේ නැහැ සැහෙන කාලෙකට.(හේ)

:       0       0

සෙබස්තියන් Friday, 03 July 2015 03:14 PM

සුභ පැතුම්. (බ)

:       0       0

රුවන් Friday, 03 July 2015 03:27 PM

ගෙනාවට කවුද ගන්නේ.(හේ)

:       0       0

පෙරේරා Saturday, 04 July 2015 03:39 AM

1971 සිරිමාවෝ රජයෙන් ලංකාවේ පටන්ගත් නිෂ්පාදන කර්මාන්ත ශාලා වැහුවේ 1977 පැවති රජයෙන්. දැන් ඉන්න තරුණ පරම්පරාව ඒ ගැන දන්නේ නැහැ.එදා එම තීරණය ගත්තේ නැත්නම් අද ලංකාවේ කාර් නිෂ්පාදනය වෙනවා.අද ලොකුවට නිෂ්පාදනය ගැන කතා කරනවා. (නි)

:       0       0

චින්තක Saturday, 04 July 2015 03:47 AM

ඇයි මෙහෙම දෙයක් පක්ෂෙක කාර්යාලයක දී කියන්නේ ? ෆොක්ස් වැගන් එන්නේ එජාපෙ එක්ක ගිවිසුම් ගහන්න ද ? (නදී)

:       0       0

ලලිත් Friday, 03 July 2015 04:04 PM

මෙම උසස් තත්වයේ වාහන ශ්‍රී ලංකා ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කල හැකියි. (ර)

:       0       0

රෝහන Saturday, 04 July 2015 04:00 AM

රුවන් මොනවද මේ කතා ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 16 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 1984 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 268 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2816 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1754 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 724 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33518 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23922 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site