IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විග්නේශ්වරන් පන්දම අතට ගනී

‘එළුග තමිල්’ නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේ පවත්වන මහා විරෝධතා වැඩසටහනට වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්  21 දා ලිපියක් නිකුත් කොට ඇත.

විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව විසින් 24 වැනිදා යාපනයේ පැවත්වෙන එළුග තමිල් විරෝධතා වැඩසටහනක් සංවිධානය කොට ඇත.

‘දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර සහෝදරියනි එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට මෙයින් පළමුව ඉල්ලා සිටිමි‘

‘උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වන ලෙසට ඉල්ලා සිටිනවා‘

1958, 1961, 1974, 1977, 1983 යන වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත්, වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් හෙතෙම සිය ලිපියෙන් දන්වා ඇත.

‘එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූවද, ඒ පොරොන්දුව ද කිසිදු රජයක් ඉටුකොට නැහැ. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බව ද එම ලිපියේ සඳහන්වේ.

වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුළු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වාර්තා වෙයි.



අදහස් (0)

විග්නේශ්වරන් පන්දම අතට ගනී

රවී Thursday, 22 September 2016 09:30 AM

ඔබට සතුටුයිද දැන්. (ම)

:       0       0

සුසන්ත Thursday, 22 September 2016 09:41 AM

සිංහල ජනතාවනි නැගිටිව් (බ)

:       0       0

පීරිස් Thursday, 22 September 2016 09:41 AM

ජීවමාන ප්‍රබාකරන් (බ)

:       0       0

අරුණ Thursday, 22 September 2016 09:43 AM

යහපාලන සංහිඳියාවට අපගේ උපරිම සහයෝගය සහ උත්තමාචාරය! (බ)

:       0       0

රූපවතී Friday, 23 September 2016 05:54 AM

හැමෝම හිතාගෙන ඉන්නේ යුද්ධයෙන් පනබේරගෙන ජීවත්වෙන්න දඟලන ජනතාවගේ බෙල්ල මිරිකාගෙන එයාලට රජවෙන්න. කව්ද අනේ රටට ජනතාවට සේවයක් කළේ? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 22 September 2016 09:56 AM

මොකටද හැමෝම මේකට කලබල වෙලා ඉන්නේ? මෙතන කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් වෙන්නේ නැහැ නේ. (බ)

:       0       0

අසාම් Friday, 23 September 2016 06:05 AM

මෙතන අදහස් දාන අය‍ට මතක නැහැ අපි වසර 30ක් යුද්ධ කළා කියලා. යුද්ධයකින් කව්රුත් දිනන්නේ නැහැ. දහස් ගණන් ජීවිත බිලිගෙන මනුෂ්‍යත්වය පරදිනවා. යුද්ධයේ කුරිරු බව දන්නේ ඊට මුහුණදුන් අය සහ තමන්ගේම කියලා කෙනෙක් නැති වුණ කට්ටිය විතරමයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ඉල්ලීම් වෙනුවෙන් උද්ගෝෂණය කරන එක ගැන සතුටු වියයුතුයි. ඉල්ලීම් සාධාරණද අසාධාරණද කියලා තේරුම් අරගෙන ඊට පිළියම් යෙදීම තමයි කළයුත්තේ (නි)

:       0       0

සරත් Thursday, 22 September 2016 09:57 AM

දකුණේ ඉන්න සහජීවන දේවතාවුන් මොනවද දන්නේ නැහැ කියන්නේ. (බ)

:       0       0

අමරසිරි Friday, 23 September 2016 06:11 AM

කිසිම අයකුට ජාතියකට ‍වෙනම රටක් අවශ්‍ය නැත. සැම තැනකම සියලුම ජාතීන් ජීවත්වනවා නම් ‍වෙනම සංකල්ප ‍ගෙන එන අය රටින් පිටුවහල් කළයුතුයි. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 22 September 2016 05:56 PM

පස්වාන් දහසකට බුදුවන්න පාලකයනි.(හේ)

:       0       0

ජගත් Thursday, 22 September 2016 06:02 PM

පන්දම ගත්තා වගේ නෙමෙයි.(හේ)

:       0       0

කමල් Thursday, 22 September 2016 10:11 AM

ඔහොම යං ඔය පටන් ගත්ත විතරයි "කොටින්ට ඕනේ වෙනමම රජයක්, දැන් ඉතින් උතුරට කළගුණ සලකමු; දකුණින් විරෝධය පෙන්නන උදවිය හිරේ දාලා හරි (බ)

:       0       0

විජය Thursday, 22 September 2016 06:22 PM

තැටිය රත් වෙලා තියෙන වෙලාවේ මෙය හදන්නේ ඒ අයට විතරක් කන්න පුළුවන් රොටියක් හදාගන්න වගේ. (හේ)

:       0       0

අරුණලු Thursday, 22 September 2016 10:12 AM

පන්දම අතට ගත්තට කමක් නෑ වලිගෙ ගිනිතියා ගන්න එපා..මෙයාට පණු බෙහෙත් දුන්නොත් හොඳ නැද්ද (බ)

:       0       0

ජයන්ත Thursday, 22 September 2016 10:05 AM

කෝ මේ, චතුරි. දැන් වෙනස හොඳද? තව පටන් ගත්ත විතරයි සහෝදර ජනතාවනි. දැන් අපේ කට්ටිය අැමෙරිකාවේ ඉඳන් ඇවිත් ඕකට හුරේ දාවි. මොකද ඉතින් සංහිදියාවනේ. (බ)

:       0       0

තරිඳු Thursday, 22 September 2016 10:08 AM

සංහිදියා වැඩපිළිවෙල උදෙසා දකුණේ ඇතැම් අන්තවාදී පිරිස් අකුල් හෙළුවද රජය අධිෂ්ඨානශීලීව සංහිදියා අරමුණ ඉටුකරගැනීමට කටයුතු කරනවා කියල රටේ ජනාධිපති කියනවා නිව්යෝර්ක් ගිහින්.මෙහෙ මුන් තප්පුලනවා. නිදන් හිටපු කොටි ඇහැරෙනවා කියල විමල් වීරවංශ කියපු කතාවලට මිනිස්සු හිනා වුනා.දැන් සතුටු ඇති.අනේ මගේ රටට යන කලක් (බ)

:       0       0

සනත් ඒකනායක Thursday, 22 September 2016 10:17 AM

අරෙහෙ යූඑන් ගිහින් එක්කෙනෙක් සමගිය, සහජීවනේ කියකිය ලතෝනි ගහනවා...මෙහේ නාකි කොටි මස් රාත්තල ම ඉල්ලනවා.....සහජීවනය තමා. (බ)

:       0       0

ධම්මික Thursday, 22 September 2016 10:12 AM

රජ පවුල ආයෙත් බලයට ගේන්න හදන වාසු සහෝදරයට කිව්වා නම් හරිනේ. වාසුගේ ආදරණිය මස්සිනානේ. (බ)

:       0       0

කේෂලා අමන්දා Thursday, 22 September 2016 10:12 AM

රටේ ජනතාව වෙනුවෙන් නැගිටින්න කිවුව නම් කමක් නැ. ජනාධිපති රටේ නැති වුනා මෙයා නටන්න හදන සෙල්ලම මොකක්ද ? (බ)

:       0       0

සමිර Thursday, 22 September 2016 10:20 AM

හනේ දෙයියනේ විග්නේෂ්වරන් මහත්තයගෙයි, අපේ අහිංසක සහෝදර දෙමල ජනතාවගෙයි හිත රිදවන්නේ කොහොමද? අනේ ඕගොල්ලෝ බුදුපිළිම නෙවෙයි අපේ ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් කුඩු කරලා ගියත් අපි නම් හ්ම් කියන්නෑ. ඔක්කොටම වඩා සංහිදියාව කියලා තියෙන එක වැදගත්ලුනේ. (බ)

:       0       0

සෙනරත් Thursday, 22 September 2016 10:20 AM

මේකෙන් තේරෙනවා, මේ යහපාලන අය බලයට එන්න ටීඑන්ඒ එක සහ තවත් කුඩා පක්ෂ සමග ගහපු ගිවිසුම් කතාව බොරු නොවන බව. එ්ක ගැන තමයි තිස්ස අත්තනායක මහතා වේදිකාවල කිව්වේ. එදා එ්ක බොරුවක් කිවුවා, එ්ත් දැන් වෙන දේවලින් පෙනෙනවා ඇත්ත බව. කෝ මේ පාටලිලා, රතන හාමුදුරුවෝ, සරත් ෆොන්සේකලා, සරත් විජේසුරියලා ? (බ)

:       0       0

වින්සන්ට් Thursday, 22 September 2016 10:39 AM

එය රටේ නැමෙන නීතියක් නොවී ක්‍රියාත්මක නීතියක් විය යුතුය. එය මුළු රටටම පොදු විය යුතුය. (ම)

:       0       0

ඉන්ද්‍රා Thursday, 22 September 2016 10:36 AM

මේ අයට වුවමනා වෙනම රාජ්‍යක් කතා කරන්නේ සංහිඳියාව එක රටක පුරවැසියන්ට තමන් කැමති තැනක ජීවත් වන්න අයිතියක් නැද්ද ?ද්‍රවිඩ ජනතාව ඉන්නේ උතුරේ පමණද ?ඔබතුමාලා ඉල්ලන ඉල්ලීම් රටේ අනෙකුත් ජාතීනුත් ඉල්ලුවොත් මොකද වෙන්නේ ?මෙතුමාගේ ඉල්ලීම් වලට රටේ අවධානය යොමු කළොත් හොදයි (බ)

:       0       0

තිළිණ Thursday, 22 September 2016 10:36 AM

ලෝකෙටම අතලොස්සක් ඉන්න සිංහල ජනතාව ගැන පුදුම කනගාටුවක් හිතෙන්නේ..අපි විසින් අපිටම වළ කපාගෙන ඉවරයි..මගේම හිතවත් දෙමළ යාලුවෙක් මීට අවුරුදු දෙකකට කලින් කිව්වා අපිට අවශ්‍ය දේවල් ලබන්නේ යුද්දයකින් නෙමෙයි කියලා..අද එ්ක සත්‍ය වේගෙන එනවා..(බ)

:       0       0

ඉසුරන්දි Thursday, 22 September 2016 10:45 AM

මේ රට දෙකඩ කරනකම් ඔය මිනිස්සුන්ගේ අදහස් කවදාවත් වෙනස් නොවන බවනම් සහතිකයි. මොනවා කළත් කෙරුවත් මෙයාලගේ හිතේ පැසවන්නේ සිංහලයා ගැන වෛරයක් පමණයි. (බ)

:       0       0

ජනක Thursday, 22 September 2016 10:48 AM

ඍජු ප්‍රතිපත්ති තිබෙන නායයකයකුගේ අඩුව තේරෙනවා ඇති කට්ටියට දැන් (අ)

:       0       0

ඉන්දික Thursday, 22 September 2016 10:41 AM

ලබන වසරේ ඡන්දය එන නිසා මහා ඇමතිට දෙමළ ජනතාව මතක් වෙලා වගේ. දැන්ම ප්‍රචාරණේ පටන් අරන් වගේ. ඔය වයසක පොරවල් ජනතාව ඉදිරියේ පොර වෙන්න හැදුවට ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. සිංහලයින්ට බෞද්ධයින්ට ලංකාව කොහෙත් එකයි.(අ)

:       0       0

අමාලි Thursday, 22 September 2016 11:01 AM

කවුරු මොනවා කිවුවත් මෙයාගේ මේ පන්දමේ එලිය විහිදෙන්න ගත්තේ 2015 ජනවරියෙන් පස්සේ . මෙයාගේ පන්දමට උල්පන්දම් දෙන්න ගත්තෙත් යහපාලනෙන්ම තමා (අ)

:       0       0

කසුන් Thursday, 22 September 2016 11:03 AM

ඔබට සතුටුයිද දැන්! (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 22 September 2016 11:15 AM

මේයා අයෙත් රට කන්න තමයි හදන්නේ. (අ)

:       0       0

චන්දික Thursday, 22 September 2016 11:18 AM

මේක ගැන වැඩිය හිතන්න එපා මෙයාට කරන්න පුළුවන් දෙයක් නෑ.(හේ)

:       0       0

චන්ද්‍රා Thursday, 22 September 2016 11:24 AM

මේ වගේ වැඩ කරන්න එපා .(හේ)

:       0       0

හෆීල් Thursday, 22 September 2016 11:33 AM

එතකොට උතුරු නැගෙනහිරෙන් පිට ජීවත්වෙන දෙමළ ජනයා ආයෙත් උතුරු නැගෙනහිරට යනවද? (හේ)

:       0       0

කවිදු Thursday, 22 September 2016 11:35 AM

පසුගිය ආණ්ඩුව කාලේ මේ වගේ දේවල් වුනේ නෑ.(හේ)

:       0       0

අමිත් දර්ශක Thursday, 22 September 2016 10:57 PM

තිලක් ඩුබායි, පිටිගල මිලානේ, පිටබැද්දර ජයා අදහස් දක්වලා නැහැ නේද (අ)

:       0       0

වෙනුර Thursday, 22 September 2016 11:31 AM

මොකද මේ වෙන්නේ.(හේ)

:       0       0

සෙනෙවි Friday, 23 September 2016 08:18 AM

නැවත නැගීඑන බෙදුම්වාදය පැරදවීමට හැකි පක්ෂයකට ඉදිරි මැතිවරණයේදී සිංහලයන් ඡන්දය දිය යුතුයි (නි)

:       0       0

භද්‍රානි Friday, 23 September 2016 08:21 AM

මෙවැනි සිද්ධිවල යථාර්ථය තමයි කුමන ජාතිකයෙක් වුවත් ලංකාවේ අධ්‍යාපනය ලබා උගතෙක් වුවත්, බුද්ධියෙන් හීනයෙක් වීම. යුධවාදී අශිෂ්ඨ ආකල්ප වලින් පිරුණු අධර්මිෂ්ට,අධර්මවාදී අය තමයි රටේ වැඩිපුරම බිහිවෙලා තියෙන්නේ. ඇත්ත කිව්වම ආඥානයින්ගේ හිත රිදුනට, ඕක තමයි තිත්ත ඇත්ත (නි)

:       0       0

තුෂාන්ත Thursday, 22 September 2016 12:02 PM

අලුත් රටක්. ඔබට සතුටුයිද දැන්?(හේ)

:       0       0

තිලක් ඩුබායි Friday, 23 September 2016 12:50 AM

ලක්ෂ 62 ඡන්ද දුන්නේ මේවා කරගන්නනේ. සතුටුයි නේද දැන්? (නි)

:       0       0

දහම් Thursday, 22 September 2016 12:00 PM

එතකොට වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, වත්තල, කොටහේන, ජා ඇල වගේ ප්‍රදේශවල කොච්චර නම් අලුතින් දෙමළ ජනතාව පදිංචි වෙනවද. ඒ ප්‍රදෙස දෙමල නිජබිම්ද? ඉල්ලන් කන්න හදන්න එපා. (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 22 September 2016 12:03 PM

යහාපාලනේ කෙරුවාව පේනවා නේද? අපි ඔය දේ තමයි කිවුවේ 2014 ඉඳලම. මහින්ද ගෙදර යවලා බලාපොරොත්තු වුණේ මේක තමයි. (නි)

:       0       0

අබය Friday, 23 September 2016 12:54 AM

කවුද දන්නේ නැහැ මෙයාව අවුස්සන්නේ රට පෙරළන්න? (නි)

:       0       0

සුසන්ත Thursday, 22 September 2016 07:01 AM

සංහිඳියාව සංහිඳියාව. දකුණේ ඉන්න අයට මොකද මේ උතුරේ ඉන්න සංහිඳියාවාදින්ගේ සැබෑ සංහිඳියාව හඳුනාගන්න මේතරම් අමාරු? (නි)

:       0       0

මැගී Friday, 23 September 2016 12:58 AM

දැන් එතකොට ඉස්සර යාපනේ හිටපු සිංහල ජනයාට මොකද වුණේ? දැන් හදන්නේ අනිත් අසරණයෝ ටිකත් පන්නා දාලා දෙමළ නිජබිමක් කර ගන්නද? ශ්‍රී ලංකාව කියන්නේ සිංහල දෙමළ කාටත් උරුම රටක්. උතුර කියන්නේ ලංකාවේම කොටසක්. තමිල්නාඩුව නොවෙයිනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 September 2016 08:41 AM

අයියෝ මොකද මේ කට්ටිය කලබලවෙලා? මේකට තමයි සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා කියන්නේ (නි)

:       0       0

අනිල් Thursday, 22 September 2016 07:04 AM

සරලව කිවුවොත් සංහිඳියාවාදින්ගේ ඉල්ලීම් තමයි "මෙහෙ අපිට විතරයි, ඔයාලට මෙහෙ බැහැ. අපිට වෙනම සියලු බලතල අපේ පළාත් වලට ඕනෑ. හැබැයි ඔයාලගේ පළාත්වල අපිටත් සම අයිතිවාසිකම් ඕනෑ, ඔයාලට කියලා කිසි විශේෂයක් බැහැ". ඕක තමයි රටේ ලොකු තැන්වලින් අපිට 'අන්තවාදියෝ'යි කියන උදවිය අපිට කියන සහජීවනේ, සංහිඳියාව. (නි)

:       0       0

සුසන්ත Thursday, 22 September 2016 06:59 AM

අපිට සංහිඳියාව, සහජීවනය ගැන බණ දෙසන ගමන් මෙයාල කරන්නේ එහෙ විරෝධය, ගිනි අවුලවන එක. හැබැයි රටේ ලොකු තැන්වලටත් දකුණේ සිංහල ජනයා තමයි අන්තවාදියෝ. මෙයාලා සැබෑ සහජීවනවාදියෝ, සංහිඳියාවාදියෝ. (නි)

:       0       0

පීරිස් Thursday, 22 September 2016 06:59 AM

අනේ අද ගෝඨා හිටියා නම් මෙලහකටත් මේ ප්‍රශ්නය විසඳිලා අවසන්. රටට අහිතකර තීරණ ගන්න අයට එරෙහිව කටයුතු කරන්න කොන්ද පණ තිබෙන, රටට, සිංහලයන්ට ආදරේ කරන කෙනෙක් අවශ්‍යයි (නි)

:       0       0

ඇසළ Thursday, 22 September 2016 12:19 PM

අවසාන ඡන්දෙදි මේ වැඩේට ලක්ෂ 62 ක් කැමතියි. ලක්ෂ 58 ක් විරුද්ධයි. දැන් ඡන්දයක් තිබ්බොත් 85% විරුද්ධයි. (නි)

:       0       0

සුරවීර Friday, 23 September 2016 01:11 AM

චම්පික, වැඩිය කතාකරන්න එපා, ජාතිවාදය මතුවෙයි. අපි ජනවාරි 8 ඡන්දෙ දෙද්දී හිතුවේ ඔයාලා මේවා ගැන කතාකරයි කියලනේ (නි)

:       0       0

ප්‍රසන්න බණ්ඩාර Thursday, 22 September 2016 07:09 AM

මෙහෙ ඉන්න දෙමල ජනතාව යාපනේට යවන්නද මූ හදන්නේ (බ)

:       0       0

යෝනක Thursday, 22 September 2016 12:23 PM

තව හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් (නි)

:       0       0

රත්නායක Thursday, 22 September 2016 12:23 PM

විමල්ලා මේව කලින් දැනගෙන හැමෝම දැනුවත් කරනකොට මෙතන අදහස් දක්වා අැති සහ නැති ගොඩක් බුද්ධිමතුන් ඔහුට නිර්දය ලෙස පහර දුන්නා. පුලුවන්නම් ඒ බුද්ධිමතුන් මේ ගැන බුද්ධිමත් ලෙස අදහස් දැක්වුවා නම් සමහරවිට විග්නෙශ්වරන්ලා අවනත වෙන්න පුලුවන්. (නි)

:       0       0

ලයනල් Thursday, 22 September 2016 07:09 AM

එදා වෙනම රටක් වෙනුවෙන් දෙමළ තරුණයෝ පෙළගස්වසපු චෙල්වනායගම්ලා දෙමළ ජනතාවගෙන් බාගයක් විනාශකරන තැනට කටයුතු කළා. යුද්ධය අවසන්වී අවුරුදු 7 යන්නටත් පෙර තවත් කෙනෙක් තවත් විනාශයකට වැඩකරන බව පෙනේ. මේකට දකුණේ ජනතාව බිය වියයුතු නැහැ (නි)

:       0       0

සරත් Thursday, 22 September 2016 07:09 AM

1983 කලබල සිංහල අයද පටන්ගත්තේ? ආමි එකේ 13 දෙනෙක් මැරුවේ සිංහල අය වෙන්න ඇති. දෙමළ අයට දකුණේ ඉන්න පුළුවන් නම් සිංහලයින්ට මොකද උතුර අකැප? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 23 September 2016 09:11 AM

අමරසිරි, ජාතිය අර්ථකථනය වුණාම ජාතියක් හැටියට ඉන්නේ සිංහලුන් පමණයි. ද්‍රවිඩයින් ජනවර්ගයක් පමණි. ජනවර්ගයක් ජාතියක් වන්නේ ඔවුන් උපන් රටේ පමණකි. (නි)

:       0       0

සජී Thursday, 22 September 2016 07:11 AM

මෙයාලගේ එකම ඉල්ලීම වෙනම රාජ්‍යයක් වුවත් ඒක නම් ලංකාවේ අන්තිම සිංහලයාගේ හුස්ම ටික තිබෙනතුරු වෙන්නේ නැහැ (නි)

:       0       0

ජයතිලක Thursday, 22 September 2016 07:18 AM

දකුණේත් ඉන්නවා අන්තවාදීන්. ඒ වගේම උතුරේත් ඉන්නවා. දැන් දකුණේත් එකම පක්ෂයේ ඉන්නවා විවිධ මත දරන අය. ඒ වගේ තමයි උතුරේත්. සිංහල ජනයා මෙය තේරුම් ගන්න ඕනෑ. අන්තවාදී නොවන ද්‍රවිඩ නායකයන් ශක්තිමත් කළයුතුයි. අනික තමයි සිංහල මිනිස්සු නැති තැන්වල අලුතින් බුදුපිළිම තියන්නේ ඇයි? ඒක අනවශ්‍ය වැඩක් කියලයි මමත් කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ මාර්ගයේ යන්නේ නැතුව නිකන් පිළිම තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ (නි)

:       0       0

රොෂේන්- රියාද් Thursday, 22 September 2016 07:14 AM

දෙමළ ජනතාව 80 ගණන් වල ආයුධ අතට ගත්තේ සිදුවූ අසාධාරනකම් නිසා නෙමෙයි. ඔවුන්ට අසධාරනකම් සිදුවුණේ ඔවුන්ගේම නායකයා වන ප්‍රභාකරන්ගෙන් පමණි. (නි)

:       0       0

ගයාන් Thursday, 22 September 2016 07:23 AM

රජය විසින් පසුගිය කාලයේ ගෙන ගිය වැඩපිළිවෙල නිසා උතුරේ ආරක්ෂාව බිඳ වැටී ඇති බවයි හැ‍ඟෙන්නේ. ඉතින් තවදුරටත් රාජපක්ෂලාට බැන බැන ඉන්න (නි)

:       0       0

සිරිල් Thursday, 22 September 2016 12:37 PM

කුමක් හෝ දෙයක් සිදු කළ යුතුයි.(හේ)

:       0       0

පීරිස් Thursday, 22 September 2016 07:18 AM

එතකොට දකුණේ ජීවත්වන දෙමළ ජනයා? දකුණේ දෙමළ අලුත් පදිංචිවීමත් තහනම් කරනවට මේ අය කැමතිද? දකුණේ කෝවිල් අයින් කරනවට මේ අය කැමතිද? මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. සමහරු මේකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා. (නි)

:       0       0

සෙනරත් Thursday, 22 September 2016 07:27 AM

රජයක් ලෙස රටේ බහුතර ජනතාවගේ කැමැත්ත අනුව තීරණ ගතයුතු වෙනවා. දේශපාලුවන්ගේ හැටි ඔහොම තමයි (නි)

:       0       0

අබය Thursday, 22 September 2016 07:25 AM

මෙයා ලංකාවට ඉල්ලන්නේ ගඩාෆි, හිට්ලර් වගේ නායකයෙක් වගේ. ඉල්ලන් කන්නද හදන්නේ (නි)

:       0       0

සාගර Thursday, 22 September 2016 12:39 PM

මෙයා හීනෙන් බයවෙලා දොඩවනවා ...(හේ)

:       0       0

ධම්මික Thursday, 22 September 2016 07:35 AM

ශ්‍රී ලාංකිකයනි, නැගිටිවු කිව්වානේ. ඔන්න නැගිටිනවා. වරද කොතනද තේරෙන්නේ නැහැ (නි)

:       0       0

දයානි Thursday, 22 September 2016 12:45 PM

අවුරුද්දකට මෙහම නම් ඉදිරිය ගැන හිතාගන්න පුළුවන් (නි)

:       0       0

චාමර Thursday, 22 September 2016 07:28 AM

මේ පුංචි රට ලෝකයට පාවානොදී, ඔබතුමා සිංහල ඉගෙනගෙන සිංහලෙන් කතාකරන්න. එයමයි ඔබතුමන්ලාගේ අයිතිවාසිකම. ජාතියක් හැටියට ඔලිම්පික් එකෙන් පදක්කමක් ගන්න බැහැ. යුද්ධ කරන්න පුළුවන්. දෙමළ කතා කරනවා නම් තමිල්නාඩුවෙන් රටට අවශ්‍ය දේ පමණක් ගේන්න. මේ පුංචි රටේ සංස්කෘතිය රකින්න. එයමයි ඔබගේ අයිතිවාසිකම වන්නේ. (නි)

:       0       0

සුගත් Thursday, 22 September 2016 12:46 PM

මේ පුංචි රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමට, ඕනෑම තැනක ඉඩම් මිලදී ගැනීමට හා විකිණීමට හා ඕනෑම ආගමක් නිදහසේ ඇදහීමට හැකිවිය යුතුයි. (නි)

:       0       0

අබේරත්න Thursday, 22 September 2016 07:31 AM

මේවා අහද්දී අපේ ඇ‍ඟේ මාළු නටනවා (නි)

:       0       0

නිවන්තක Thursday, 22 September 2016 07:39 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට තියෙයි (නි)

:       0       0

කුසුම්සිරි Friday, 23 September 2016 02:24 AM

මහින්ද එළවාගත් එකේ පළවිපාක තමයි ඔය දැන් විඳින්නේ (නි)

:       0       0

උදය ධම්මික Thursday, 22 September 2016 07:46 AM

මේ අයට අපි සළකනවා වැඩි...(හේ)

:       0       0

සංකල්ප Thursday, 22 September 2016 07:42 AM

දේශපාලන විසඳුමක ට කලින් මෙසේ නම්, විසඳුමකට පසුව මොවුන් කෙසේ හැසිරෙනු ඇත්ද! (බ)

:       0       0

ඇන්ජලෝ Thursday, 22 September 2016 01:09 PM

මෙයා කොළඹ ඉගෙනගෙන දැන් උතුරට ගිහින් එහෙ ඉන්න කොල්ලෝ ටික කුලප්පු කරනවා (නි)

:       0       0

නිමල් ලලිත Friday, 23 September 2016 02:30 AM

මෙසේ දෙමළ ජනතාවට වෙනම රටක්,පළාතක් සඳහා නැගිටින්නට කියන්නේ උගතෙක් නේද? රජයෙන් විශ්‍රාම වැටුප් ලබන්නෙක්. දේශපාලන බලපෙරේතකම නිසා සිංහලයාගේ අනාගත අයිතිය බිල්ලට දෙන හැම දේශපාලුවෙකුටම, ඔවුන්ට ගැතිකම් දක්වන්නවුන්ට ශාප වේවා. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 22 September 2016 07:51 AM

මේකාත් වාචාල කතා කරන්නේ හරියට වෙඩි කා මළ හිටපු ඊළාම් කොටි ත්‍රස්තවාදී ප්‍රභාකරන් ගේ අවතාරයක් වගෙයි. වලිගෙ ගිනි ගත් හනුමා වගේ මුළු රටම ගිනි තියන්නද මේ හනුමත් හදන්නේ ? එහෙම වුනොත් මෙයා අවසාන වෙන්නෙත් නන්දිකඩාල් කලපුවේම වෙන්නත් පුළුවන් !!!! (බ)

:       0       0

කරුණාපාල Thursday, 22 September 2016 07:53 AM

සංහිඳියාව කියන වචනයේ අර්ථය අවබෝධ කර ගැනීමට නොහැකි වූ ඒ දෙමල ජාතිවාදී නායකයාට ප්‍රභාකරන්ට අත්වූ ඉරණමේ දෙවෙනි කොටස රඟපාන්න හිතිලා වගෙයි. මෙවැනි අන්තවාදීන්ට නිසි පිළිතුරක් දීම ජනාධිපති තුමාට හා අගමැති තුමාට පැවරී ඇති වගකීමක්. (බ)

:       0       0

නුවන් Thursday, 22 September 2016 07:59 AM

සෝම හාමුදුරුවෝ එදා කියපු හැමදෙයක්ම අද ඇත්ත වෙලා (නි)

:       0       0

මොරවක Friday, 23 September 2016 03:00 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)

:       0       0

මහේෂ් Thursday, 22 September 2016 08:00 AM

යහපලානේ ඉවුරු තලා යනවා නේද? අනේ අපොයි.(හේ)

:       0       0

වින්සන්ට් Friday, 23 September 2016 10:25 AM

දකුණේ පරාජිත දේශපාලකයන් දේශප්‍රේමය මත යැපෙනවා වගේ උතුරේ දේශපාලකයන් ජාතිප්‍රේමය මත යැපීමට ගන්නා උත්සාහයක් මට නම් පෙනෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්තිවිඳින ජනතාව අවස්ථාවාදී දේශපාලකයන් පසුපස යන රටක් වශයෙන් පෙනෙන්නට ඇත (නි)

:       0       0

අජිත් Thursday, 22 September 2016 01:47 PM

මට නම් හිනා මේවට (නි)

:       0       0

සජී Friday, 23 September 2016 03:04 AM

මට දුක ප්‍රභාකරන් ගැන. 2005දී මේ ආණ්ඩුව බලයට ආවා නම් අද මොනවා වෙලා තියෙයිද? (නි)

:       0       0

ගඟන Thursday, 22 September 2016 08:20 AM

වැල්ලවත්තෙන් පටන් අරන් එහෙනම් අපි දෙමළ ජනතාවත් ඔය පැත්තට එවන්නද? (නි)

:       0       0

දිමුත් Thursday, 22 September 2016 01:45 PM

එතකොට වැල්ලවත්ත? (නි)

:       0       0

මධූ Thursday, 22 September 2016 08:14 AM

හරි ඉතින්, 2009 මැයි ඉවරකරන්න බැරිවුණ ටික දැන්වත් ඉවර කරමු (නි)

:       0       0

විකුම් රංගන Thursday, 22 September 2016 02:01 PM

මේ පාර ඉක්මන් තීරණයක් ගත්තේ නැත්නම් රට ලොකු විනාශයකට යන්න ඉබේටම පාර කැපෙයි. (නි)

:       0       0

රූපවතී Thursday, 22 September 2016 08:36 AM

මේ දේශයේ උපන්නා නම් ඒ උපන් හැමට මේ දේශය බාරයි. මැරෙනකම්ම ජීවත්වෙන්න පුළුවන්. මේ රටේ නීතිවලට ගරුකරමින් අනුන්ට කරදරයක් නොකර, අනෙකාටත් උදව් කරගෙන සාමෙන් ජීවත්වෙන්න ඕනෑ. ඇයි මේ සිංහලයින් අයින් කරන්නේ? උතුරේ සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම පදිංචිවෙලා හිටියා අතීතයේ. මෙයාලගේ මෙවැනි හැසිරීම් මැද්දේ කරන්න තියෙන එකම දේ හමුදාව නැවත උතුරේ දකුණේ ස්ථාපිත කිරීමයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 22 September 2016 02:26 PM

එක හැඩි දෙමළෙක් නිසා සියලුම ද්‍රවිඩ ජනතාවට අපි දොස් නගන්නේ නැහැ. එහෙම හිතන්න අපිට පිස්සුත් නැහැ. නමුත් දෙවියන්වහන්සේ යමෙකුව විනාශ කිරීමට කලින් ඔහුව පිස්සෙක් කරනවා යයි මම කියවා තිබෙනවා. මට හිතෙන හැටියට මොහුට ඒ පිස්සුව තමයි දැනට වැළඳී ඇත්තේ. (බ)

:       0       0

දයාන් Thursday, 22 September 2016 08:38 AM

බුද්ධාගම සියලු ලෝවැසියා වෙනුවෙනි. අපි ඒ අනුව හැසිරෙමු (නි)

:       0       0

වසන්ත Thursday, 22 September 2016 08:33 AM

එහෙනම් රටේ අනෙක් ප්‍රදේශ වල ඉන්න දෙමළ අය යාපනේට එවන්නද. (නි)

:       0       0

ජයන්ත Friday, 23 September 2016 03:49 AM

මට වචන එන්නේ නැහැ. පුදුම කේන්තියක් හිතට එන්නේ. හිතන්න බලන්න අපේ වීරෝධාර සෙබළුන්ට මොනවා හිතේවිද කියලා. මේකටද අපේ සෙබළුන් ඇස් ඉස් මස් දන් දුන්නේ? (නි)

:       0       0

ජයන්ත Friday, 23 September 2016 03:50 AM

මහින්ද මහත්තයෝ, ඔබ නැති පාඩුව දැන්නම් අපිට හොඳටම දැනෙනවා. අපිට මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

නාලිනී Thursday, 22 September 2016 02:53 PM

මෙවැනි දෑ නැතුව විග්නේශ්වරම් ට දේශපාලන අනාගතයක් නැතුව.හරියට ජයලලිත අම්මණ්ඩි වගේමයි, (බ)

:       0       0

මහේෂ් Thursday, 22 September 2016 08:48 AM

මෙවැනි විෂබීජ වලට හැකි ඉක්මනින් පිළියම් කළයුතුයි. (නි)

:       0       0

රවී Thursday, 22 September 2016 03:18 PM

සිංහලයිනි නැගිටිව් !!! රට බෙර ගනිව්!!! (ම)

:       0       0

පාලිත Thursday, 22 September 2016 08:58 AM

ඇයි සංහිදියාව කියන්නේ පන්සල් ඉවත් කරලා, සිංහල මිනිස්සු ඉවත් කරලා, ආරක්ෂක අංශ ඉවත් කරලා, ඔයාලා විතරක් තියෙන එකද (හේ)

:       0       0

ෂෙරිෆ් Thursday, 22 September 2016 09:07 AM

මේ ගමන නම් ඉල්ලන් කන්න වගේ හදන්නේ (නි)

:       0       0

උපාලි Thursday, 22 September 2016 09:07 AM

සිංහලයින් නැති තැන මොකටද බුදු පිළිම කියලා සමහරු අහනවා. දෙමළ මිනිසුන් අතරත් බෞද්ධ අය ඉන්නවා. ඒ අයගේ ප්‍රතිශතය වැඩි කරගන්න නම් අපි තව තවත් බුදු පිළිම සහ පන්සල් ඒ පළාත්වල ඇති කරන්න ඕනෑ. නොදන්නා අය මේක තේරුම් ගන්න. ජාතිවාදය පතුරන ගමන් ආගම්වාදයත් පතුරන්න තමයි පවිටු පුද්ගලයන් හදන්නේ. අපේ අයනම් එ්කට කියන්නේ "සංහිඳියාව" කියලා (නි)

:       0       0

තිළිණ Thursday, 22 September 2016 09:10 AM

උතුරට ගිහින් දකුණේ ඉන්න සිංහල මිනිසුන්ට ජාතිවාදීන් කියා හංවඩු ගසමින් දකුණේ අයට සහජීවනය ගැන කියපු අය මේ ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ (නි)

:       0       0

තිවංක Friday, 23 September 2016 04:52 AM

මේවා කවදාවත් වෙන දේවල්ද? (නි)

:       0       0

දුමින්ද Thursday, 22 September 2016 09:17 AM

ජාතිය අනුව වෙන වෙනම බලය බෙදීම්, නීති රෙගුලාසි බැහැ. එක රටක් විදිහට ඉන්න බැරිනම් මේ අයට වෙන කොහෙන්හරි රටක් හොයාගන්න වෙයි. ජනපතිතුමනි, අගමැතිතුමනි, ඍජු තීරණ ගන්න. සිංහල අපි කැමති සහෝදරත්වයට. වැල්ලවත්තේ දෙමළ අයට ඉන්න පුළුවන් නම් අපිටත් යාපනේ ඉන්නත් පුළුවන් (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 23 September 2016 04:59 AM

මේ ප්‍රශ්නයට දීර්ඝකාලින විසඳුම, හැකිතාක් අන්‍ය ජාතින් උතුර නැගෙනහිර පදිංචි කරවීමයි. ඒ සමඟම දකුණ සමඟ අධිවේගී මාර්ග පද්ධතියකින් උතුර සම්බන්ධ කළයුතුමයි (නි)

:       0       0

චන්දන Thursday, 22 September 2016 09:15 AM

යහපාලන ජනතාවනි, ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 22 September 2016 09:27 AM

එහෙනම් කරලා බලන්නකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

නිරුල් Thursday, 22 September 2016 09:28 AM

තව හරියට එයාලගේ නියම ස්වරූපය එළියට ආවේ නැහැ (නි)

:       0       0

සිංහ Thursday, 22 September 2016 09:28 AM

සහජීවනයට බාධාවන අයුරින් ජනතාව පෙළගැස්සවීම, ඒ අනුව ක්‍රියාකිරීම, උද්ඝෝෂණ පැවැත්වීම දඬුවම් ලැබියයුතු වරදකි. පමාවීම පසුතැවිල්ලටද හේතුවේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 22 September 2016 09:24 AM

එළාර ඇවිල්ල අපට දුටුගැමුණු කෙනෙක් ඕනෑ (ම)

:       0       0

තිස්ස Friday, 23 September 2016 05:19 AM

ඕකට තමයි කියන්නේ කන්න දුන්නහම ඉහත් හූරාගෙන කනවා කියලා. මෙයාට ඕනෑ දෙමළ ජනතාවගේ සහජීවනය නෙමෙයි වෙනම පාලනයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1335 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1504 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 929 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1341 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site