IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


'විග්නේෂ්වරන් කොටියකු කළේ ආණ්ඩුවයි'

උතුරේ සංහිඳියාව ඇති කරන බව කියමින් බලයට ආ ආණ්ඩුව උතුරේ සංහිඳියාව නැති කරමින් ඉන්නේ රට ලේ විලක් කරා යාමේ අවදානම පවා නොතකමින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

රජයේ හා විග්නේෂ්වරන් ගේ ක‍්‍රියා දාමය නිසා විනාශ වන්නේ යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.

ගණ දෙවි රුවක් ද රැගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලන්නට ආ විග්නේෂ්වරන් රුදුරු කොටියකු බවට පත් කලේ මේ බියගුලු ආණ්ඩුව යැයි ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

'විග්නේෂ්වරන් කොටියකු කළේ ආණ්ඩුවයි'

ලසන්ත Monday, 03 October 2016 01:23 PM

කියන්න දෙයක් නැහැ. ගම්මන්පිල ගැන කියනවනම් සදාචාරාත්මක කම පැත්තක තියල අදහස් දක්වන්න ඕනේ. එක හින්දා හොදම දේ තමයි නිශ්ශබ්දව සිටීම. (ර)

:       0       0

මනෝජ් Monday, 03 October 2016 02:20 PM

විග්නේෂ්වරන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කවුද කැමති බෞද්ධයකුගේ ඉඩමේ වෙනත් ආගමක සංකේත හදනවට. සංහිදියාව ඇති කළ හැක්කේ උපාය මාර්ග අනුවය. එය දිගුකාලීනයි. 1956 ට එහා කාලයේ සමාජ පැවැත්ම හොයල බලන්න.උත්තරය එතන තියේවි. (බ)

:       0       0

ජයරත්න Monday, 03 October 2016 03:01 PM

මනෝජ් කියන කතාවට මමත් එකඟයි. (බ)

:       0       0

රත්නායක Monday, 03 October 2016 03:15 PM

මනෝජ්..බුදුපිළිම ඉදිකරල තියෙන්නෙ අනුන්ගෙ ඉඩම් වල නෙවෙයි. කොටි ඉවත් කළ හා විනාශ කළ බුදුපිලිම තිබූ ස්ථාන හදුනගෙන ඒ ස්ථාන වල තමයි මේ බුදු පිලිම ඉදිකළේ. ඒහමුදාවට වැඳපුදා ගන්නත් එක්ක. ඉතිහාසය හොඳට හදාරන්න. (බ)

:       0       0

විකුම් රංගන Monday, 03 October 2016 03:39 PM

ඒ කියන්නේ විග්නේශ්වරන් කියන ජාතිවාදී කොටි පැටියා ගැන මුන්නහෙට පුදුම අමාරුවක්නේ තියෙන්නේ? අනේ යනවා මහත්තයෝ යන්න. අපට පව් නොදී?? නමට දේශප්‍රේමී පුස්සෝ? (බ)

:       0       0

සිල්වා බර්ලින් Monday, 03 October 2016 04:05 PM

බුදු පිළිම වලට මෙච්චර බය මොකද? (බ)

:       0       0

කරුණාපාල Monday, 03 October 2016 04:23 PM

විග්නේශ්වරන්ලාගේ වලිගයේ එල්ලිලා ගොඩයන මඟක් වගෙයි ගම්මන්පිල දැන් මේ හොයන්නේ. අපි මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැනේ උතුරේ විග්නේශ්වරන් මෙතුමාගේ අඹ යාලුවෙක් කියලා? (නි)

:       0       0

ගිහාන් Monday, 03 October 2016 04:40 PM

මනෝජ්, 1956 ට එහා අතීතය දන්නේ නැද්ද? අනුරාධපුර යුගය අමතකම කරමු. ඒත් යුද්ධයට කලින් යාපනයේ පදිංචිවෙලා හිටි 25000 සිංහලයො මුහුදෙද හිටියෙ? ආණ්ඩුව සහජීවනේ මතුරන්නේ ඇයි කියලා තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. (නි)

:       0       0

සිරි Monday, 03 October 2016 06:49 PM

සහතික ඇත්ත. තාම කවුද එයාගේ කතා ගැන කතා කළේ? එක එක්කෙනා දැන් බෝලය පාස් කරනවා. ඒ වුණාට එයාලට ජනමතයක් හදන්න බැහැ. මොකද අපි දන්නවා මේක ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 03 October 2016 07:37 PM

මනෝජ් කියන කතාව මෝඩ එකක්. සංහිඳියාවේ උපාය මාර්ගය මොකද්ද? මහා ජාතියට කෙනෙහිලිකම් කරලාද සංහිඳියාව ඇති කරන්නේ? අපි හැම ජාතියක්ම අපේ පළාත්වලට වැද්දගන්නවා, ඒක අනික් පැත්තට වෙන්නේ නැති නිසයි සංහිඳියාව නැතිවෙන්නේ. මේ රටේ ඕනෑම තැනක කැණීමක් කරලා බලන්න, පන්සල් තමයි තියෙන්නේ. තව ටිකක් හොඳට බලන්න. එම පන්සල් වලම හින්දු දෙවිවරුත් ඉන්නවා. අන්න සංහිඳියාව. (නි)

:       0       0

රොෂාන් Monday, 03 October 2016 07:56 PM

ගම්මන්පිලලාගේ සැබෑ ස්වරූපය දන්නේ දැන්නේ (නි)

:       0       0

ලක්සිරි Monday, 03 October 2016 08:47 PM

බලාගෙන ගියාම උතුරේ විග්නේශ්වරන්ලයි, දකුණේ ගම්මන්පිලලයි එකම වර්ගයේ බෝට්ටු වලින්ම අය තමයි. වෙනස තියෙන්නේ, ඒගොල්ලෝ උතුරෙන් බෝට්ටුව මුහුදට දානවා. මේ ගොල්ලෝ දකුණෙන් දානවා. හැබැයි දෙගොල්ලොම යන්නේ එකම ඉලක්කයට. ඒ ඉලක්කයට ළඟාවුණ දාට දෙගොල්ලොම කරට අත දා ගනියි. අනේ! මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

ආරියරත්න Monday, 03 October 2016 11:33 PM

සිංහල අපට ඇති එකම රට ශ්‍රී ලංකාව. දිවිහිමියෙන් අපි රට රකිමු. කිසිම දේශපාලන පක්ෂයක් අපට එපා. සිංහල නායකයෙක් පෙරමුණට ගෙන රට ගෙනයමු. පක්ෂ නායකයන් එපා. (නි)

:       0       0

මනෝජ් Tuesday, 04 October 2016 12:35 AM

රත්නායක මහත්තයා, මම මේවා ඇස් දෙකෙන් දැකපු ඒවා. මම උතුරු පළාතේ පාරක් තොටක්, කැලයක් ගානේ 1988, 1996 - 1999, 2010 කරක්ගහපු අයෙක්. දමිළ බෞද්ධ චින්තනය හුඟක් සමීපයි. අපි ගැටීම් වලට යා යුතු නැහැ. මේවා දේසපාලන ගැට. යුද්ධයකින් පස්සේ මිනිසුන්ට ඇතිවන අවශ්‍යතා දකුණේ අපේ අවශ්‍යතා වගේ නොවෙයි. මේවා තේරුම්ගෙන අපි කටයුතු කළොත් තිරසාර සාමයකට ගිය හැකියි. (නි)

:       0       0

කාරියවසම් Tuesday, 04 October 2016 02:03 AM

තමුන්නාසේලාත් ඕවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

බමුණුසේන Tuesday, 04 October 2016 02:27 AM

නුඹලාටත් අවශ්‍ය වුණේ එ්කම නොවේද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 03 October 2016 10:52 AM

නුඹලාටත් අවශ්‍ය එ්කම නොවේද ? (හේ)

:       0       0

සජී Tuesday, 04 October 2016 02:53 AM

මනෝජ් කියන විදියට කරන්න නම් දකුණේ කෝවිල් ඉවත්කරන්න වෙයි (නි)

:       0       0

සුනිල් Tuesday, 04 October 2016 03:12 AM

මේවට කතානොකර ඉන්න එක තමයි ඇඟට ගුණ (නි)

:       0       0

පීරිස් Tuesday, 04 October 2016 03:17 AM

ආරියරත්නගේ කතාවට මමත් එකඟයි. පක්ෂ, පාට බේද අත්හැරලා අපි අපේ එකම රට බේරාගන්න එක්වෙමු. (නි)

:       0       0

සිරිල් Monday, 03 October 2016 11:32 AM

ඒ අය යාලුවෝ කියලද මේ නොකියා කියලා තියෙන්නේ?(හේ)

:       0       0

ජයන්ත Monday, 03 October 2016 12:20 PM

විග්නේශ්වරන්ව මහා ඇමැතිකමට පත්කළේ කවුද, ඔයවගේ වැඩ කරන බවක් දන්නවනම් දෙනවද මහා ඇමතිකම්? හැරෙන හැරෙන පැත්තට කතා කරන දේශපාලකයෝ මුලින්ම ඉවත්කලොත් යහපතක් වේවි රටට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 283 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 280 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 364 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 279 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 411 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 439 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site