IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘විග්නේෂ්වරන් දෙමළ ජනතාව යළි යුද්ධයකට ඇදගෙන යනවා‘

උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්  දෙමළ ජනතාව යළි නන්දිකඩාල් කලපුව දෙසට තල්ලූ කරමින් සිටිතියි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී  නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

දෙමළ ජනතාව යළි කාලකන්නි යුද්ධයකට ඇද දැමීමට විග්නේෂ්වරන් උත්සාහ කරතත් යළි  යුද්ධයකට ඇදී යන්නට දෙමළ ජනතාවට කිසිසේත්ම වුවමනාවක් නැතැයි ඔහු කීවේය.

‘දෙමළ ජනතාවගේ සිහිනය උතුරේ සංවර්ධනයයි. මහ ඇමැති කළ යුත්තේ ඊට දායක වීමයි. උගතකු බුද්ධිමතකු වූ විග්නේෂ්වරන් කටයුතු  කරන අන්දම නම් කනගාටුදායකයි. අපි විග්නේෂ්වරන් ගේ ක‍්‍රියා කලාපය හෙළා දකිනවා. දමිළයන් නැගිටිව් කියා ගෝත‍්‍රවාදය මතු කරමින් ඔහු මේ දෙමළ ජනතාව අරගෙන යන්නේ කවර තැනකටද?‘

‘උතුරේ සිටි විසිඑක්දහසක්  සිංහල ජනතාවට මොකද වුණේ? රජයට මේ ගැන සෙවීමේ වගකීමක් තියෙනවා. උතුරේ කෙතරම් සිංහල ජනතාවක් සිටියාද යන්නත් අද කීදෙනෙක් සිටිනවා ද යන්නත් සොයා බැලිය යුතුයි. පළමුවෙන් උතුරේ සිටි සිංහල ජනතාව පළවා හැරියා. ඊළඟට එහි සිටි මුස්ලිම් ජනතාව පළවා හැරියා. සිංහල දෙමළ ජනතාව අතරේ බෙදීමක් ඇති කළා‘ යැයි ද ඔහු කීවේය.

 



අදහස් (0)

‘විග්නේෂ්වරන් දෙමළ ජනතාව යළි යුද්ධයකට ඇදගෙන යනවා‘

සනත් Tuesday, 27 September 2016 10:02 PM

අපිට නම් විග්නේශ්වරන් ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේම සමහරු ගැන (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා -ප්‍රංශය Tuesday, 27 September 2016 11:34 PM

ඉතාම ඉක්මනින් උතුරේ ජනාධිපති පාලනය ප්‍රභල කළයුතු වෙනවා. උගත්යැයි කියාගන්නා මේ අය තවමත් කොටි ත්‍රස්තවාදීන්ට එහෙයි කියා සිහිනමවන්නන් (නි)

:       0       0

පද්මප්‍රිය Wednesday, 28 September 2016 12:42 AM

සිංහල දෙමළ සංහිඳියාවට විග්නේශ්වරම් හරස්වන බව එක්සත් ජනපදයට මෙයින් තහවුරු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

අජිත් Wednesday, 28 September 2016 02:19 AM

විග්නේශ්වරන්ට අපි නොරැවටෙමු.

:       0       0

සෙනරත් Wednesday, 28 September 2016 03:00 AM

ඔහොම වෙන බව ජනවාරි 8 ට කලින් වේදිකාවල කිවුවා. මොනවද පැටලිලා කිවුවේ ගිරිය පුප්පගෙන? ආයේ කවදාවත් බෙදුම්වාදී යුද්ධයක් එන්නේ නැහැ කිවුවා. එතකොට මේ හදන්නේ විග්නේශ්වරන් සහ ඩයස්පෝරා නඩයේ ඉල්ලිම් වලට නිකම්ම රට ලියලා දෙන්නද ? (නි)

:       0       0

ශානක Wednesday, 28 September 2016 03:05 AM

ඒවට පහසුකමුත් ඉබේම ලැබෙද්දී එහෙම නොකර බැහැනේ (නි)

:       0       0

චින්තක Wednesday, 28 September 2016 03:08 AM

විග්නශ්වරන් අද කාට කියලා බයවෙන්නද? මහින්දට පින්සිද්ධ වෙන්න නිදහසේ යාපනයට ගිහිල්ල පිස්සු නටන්න පුළුවන්නේ දැන් (බ)

:       0       0

සජී Wednesday, 28 September 2016 03:26 AM

ඔයාලත් ඔය දේට වගකියන්න ඕනේ නේද? (බ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 28 September 2016 03:44 AM

මම විග්නෙශ්වරම්ට වෛර නොකරමි . ඔහු බාලයෙක් ලෙස දකිමි (බ)

:       0       0

දිලිප් Wednesday, 28 September 2016 03:59 AM

උතුරු පළාත් සභාවත් ලංකාවේ මධ්‍යම රජය යටතේ පාර්ලිමේන්තුවේ ස්වෛරී පාලනයට යටත් ආයතනයක් එසේනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වැරද්දක්. එයට විරුද්ධව රජය කටයුතු නොකරන්නේ ඇයි? (බ)

:       0       0

නුවන් Wednesday, 28 September 2016 04:44 AM

නිශාන්ත මහත්තයෝ, ඔයාල එකතුවෙලා හොරු ටික පැන්නුව. ඒක ලොකු ජයග්‍රහණයක් නේ. දැන් කළගුණ සලකන්නත් එක්ක උතුරෙන් ටිකන් පහලට ඇවිත් ඉමු. ඒක සුළු දෙයක්. (බ)

:       0       0

වීරවර්ධන Wednesday, 28 September 2016 05:27 AM

මේ ජාතිවාදී ප්‍රශ්න වලට අමුද්‍රව්‍ය සපයන්නේ දකුණේ පරාජිත සමහර දේශපාලකයන් කියලා අපි දන්නවා (නි)

:       0       0

කවි මෙල්බර්න් Tuesday, 27 September 2016 01:37 PM

ඔබ තුමලගේ පාර්ශව කරුවන්ට ඔහොම කියන එක හරිද මන්දා.(අ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 27 September 2016 03:17 PM

එහෙනම් ඔබතුමාලගේ වත්මන් මහනායක තුමා කියන්නේ නැවත යුද්ධයක් ඇතිවෙන්න දෙන්නේ නෑ කියල? (බ)

:       0       0

සරත් Tuesday, 27 September 2016 03:32 PM

කොයි මේ මෛත්‍රී මහත්තය සහ රනිල් මහත්තය.අපි බලාගෙන ඉන්නේ එයාලගේ අදහස දැනගන්න (බ)

:       0       0

සේනක Tuesday, 27 September 2016 03:38 PM

කට,කට, දේශපාලනයේ පරිනත බවක් ස්පර්ශ කර නොමැති මන්ද මානසික තත්වයෙන් පෙලෙන මෙවැනි දේශපාලන අපතයන් ගෙන් රජය ආරක්ෂා කර ගැනීමේ හෝරාව අබියසට පැමිණ ඇත. මහින්දගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරලා දැන් මේ රජයේ ප්‍රතිරුපයත් හුදු පෞද්ගලික වාසි බලාගෙන විනාශ කරන්න පිඹුරු පත් සකසනවා වගේ. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න වගේ. (බ)

:       0       0

ටෙරන්ස් Tuesday, 27 September 2016 04:00 PM

දැන් තමයි මහින්දගේ අගය වැඩියෙන් දැනෙන්නේ (නි)

:       0       0

ලලීන්ද්‍ර Tuesday, 27 September 2016 04:00 PM

මෙයාලගේ වැඩක් ප්‍රභාකරන්ගේ වගේම තමයි (නි)

:       0       0

සුමල් Tuesday, 27 September 2016 05:12 PM

කෝ මේ භද්‍රානි? (නි)

:       0       0

ජනහිත Tuesday, 27 September 2016 05:48 PM

ජාතික හෙළ උරුමය පහුගිය කාලේ දාගෙන සිටි පාට කණ්ණාඩිය වෙනස් කරන්නද හදන්නේ. (නි)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 27 September 2016 05:54 PM

විග්නේෂ්වරන්ලා කරන්නේ යුද්ධය වවාගෙන කන එක. සිංහල දේශපාලනයේත් ඔය වගේ අය ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 280 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1152 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1800 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4286 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site