IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විග්නේෂ්වරන් යළි දිවුරයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා තමාට අයත් සෙසු අමාත්‍යංශ අමාත්‍යවරයකු ලෙස ජනපති ලේකම් කාර්යාලයයේ අද (17) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.

පළාත් මුදල් හා සැලසුම්, නීතිය හා සාමය, ඉඩම් හා මාර්ග සංවර්ධන, විදුලිය නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමූපාකාර සංවර්ධන, සමාජ සේවා සහ පුනුරුත්තාපන, වනිතා කටයුතු, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන හා පළාත් සභා, පරිපාලන හා ආහාර සැපයුම් සහ බෙදාහැරීම යන විෂයන් දොළහ විග්නේෂ්වරන් මහතාට පැවැරේ.

දිවුරුම් දීමේ අවස්ථාව සඳහා  උතුරු ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,  දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (0)

විග්නේෂ්වරන් යළි දිවුරයි

කුමාරි[නෙල්ලිය] Thursday, 17 October 2013 05:43 PM

දෙමල,සිංහල,මුස්ලිම් කියල බේදයක් නැතිව ලංකාවටත් මහජනතාවටත් හොදින් සේවයක් කරන්න සිත තුල යහපත් සිතුවිලිම ඇති වේවා.............!(නදී)

:       0       0

ගුණරත්න Thursday, 17 October 2013 06:03 PM

විග්නේෂ්වරන් කියන්නේ හොඳට ඉගෙනගෙන රට තොට ගැන දේශපාලනය ගැන දැනගෙන ආපු කෙනෙක්.එයා දන්නවා නීතිය කියන්නේ මොකක්ද කියලා.දැන් රටේ කාටවත් විග්නේෂ්වරන්ට කිසිවක් කියන්න බැහැ. (නි)

:       0       0

රසික Friday, 18 October 2013 09:43 AM

ලොවටම ආදර්ශවත් ජනපතිතුමෙක් ඉදිරියේ දෙවරක් දිවුරුම් දීමට විග්නේශ්වරම් ඇමතිතුමා වාසනාව ලබා තිබෙනවා. අපේ සමගිය සුරකින්න ඔබට ශක්තිය ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

අමිල Thursday, 17 October 2013 06:54 PM

ඔහොම යමු.අපි ඔක්කොම සතුටින් ඉදිමු භේද නැතුව. (නි)

:       0       0

චින්තක Thursday, 17 October 2013 07:15 PM

ඔහු රටට හිතවත් නම් සිංහල මිනිස්සුන්ට අසාධාරණ විදියට සළකන තේසවලාමෙයි නීතිය අහෝසි කරලා යාපනයේ ඉඩම් දේපල මිලදී ගන්න සිංහල මිනිසුන්ට අවස්ථාව දෙන්න ඕනෑ. සියලු ජනවර්ග මිශ්‍රව ජීවත්වෙන්න අවස්ථාව සළසවලා උතුරින් එළැවූ සිංහල මිනිසුන් නැවත පදිංචි කරන්න ඕනෑ. නීතිය දැනගෙන ඒක සාධාරණ විදියට ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)

:       0       0

ශාන්ත ලාල් Thursday, 17 October 2013 08:00 PM

කිසිදෙයකට බයවෙන්න එපා (නි)

:       0       0

පෙරේරා Thursday, 17 October 2013 08:02 PM

අනේ, මාවත් ලංකාවට ගෙන්නාගෙන මට මොකක්හරි රැකියාවක් දෙන්න (නි)

:       0       0

දර්ශන Thursday, 17 October 2013 08:22 PM

ෂුවර් එයාත් ගහනවා බල්ටියක් .(නදී)

:       0       0

අබ්දුල්ල් Thursday, 17 October 2013 08:27 PM

මේක පින්වත් රටක්.. සුන්දර මිනිස්සු ජිවත් වෙන රටක්. අපි එකතු වෙලා රට ගොඩ නගමු......(නදී)

:       0       0

මඩුගල්ලේ Thursday, 17 October 2013 08:41 PM

වැඩිය සද්ද දාන්න එපා හරිද. මෙහේ ‍නිජ බිම් නැහැ. ඒව තියෙන්නෙ ඉන්දියාවෙ. සිංහල මිනිස්සු එක්ක ඉන්න පුලුවන් අය විතරක් මෙහෙ ඉන්න.(නදී)

:       0       0

ටිකිරි Friday, 18 October 2013 08:53 PM

උතුරු මහමැතිතුමනි, ඔබ බුද්ධිමතෙකි. බොරු ජනප්‍රිය රැල්ලට මුලා නොවී බුද්ධිමත්ව නීති ගරුකව කටයුතු කරන්න. ඔබට විශාල ජන බලයක් හිමිවී තිබේ. ඔබ ගැන විශ්වාසය තැබූ ජනතාවට ස්ථිර යහපත් අනාගතයක් සහ රටට ස්ථිර සාමයක් ඇතිවන ලෙස කටයුතු කළහොත් ඔබත් ලංකාවේ ජාතික වීරයන් අතරට එක් වනු ඇත (නි)

:       0       0

නිහාල් Thursday, 17 October 2013 09:15 PM

ඉතින් ඔය ඇමතිකම් ටික කරන්න මොකටද පොලිස් ඉඩම් බලතල. මොකටද උතුර නැගෙනහිර ඒකාබද්ද කරන්නේ.

:       0       0

මර්වින් Thursday, 17 October 2013 02:08 PM

එන පොට නම් හොඳ නැහැ මෙයාලා... (ස)

:       0       0

ලලිත් Thursday, 17 October 2013 10:12 PM

අනේමන්ද අපේ මාමත් සියපාරක් විතර නැන්දට දිවුරලා එලියට ගියගමන් අයෙත් ගෙදර එන්නේ කටගොන්නක් බීගෙන. ඒවගේ නැතිව ඔය දිවුරන එකේ වටිනාකම රැකගෙන සාමකාමී ලංකාවක පුරවැසියන් විදියට හැමදාමත් ඉන්නවනම් අපේරට කොඉතරම් හොඳ රටක් වෙයිද?

:       0       0

නිමල ලතා Thursday, 17 October 2013 10:26 PM

ඉඩම් ,නිතිය හා සාමය , කියන්නේ පොලිස් බලතල බලමු සධාරනත්වයක් සිදු වේවිද කියල ? (දී)

:       0       0

පාලිත Thursday, 17 October 2013 10:44 PM

දැන් එකපාරක් දිවුරුවා නේද (දී)

:       0       0

නලීන් Thursday, 17 October 2013 02:39 PM

හොඳ කතාවක් කරලා තිබුන හමුදාපති තුමා වවුනියාවදී. මෙයාල හිතාන ඉන්න විදිහට නටන්න බෑ මර්වින් මහත්තයෝ (ස)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 11:28 PM

ලලිත්, ඔයාට මොනවා වෙලාද? (නි)

:       0       0

කුමාරන Thursday, 17 October 2013 02:51 PM

අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් බව ලොවට කියන්න හොඳම අවස්තාව මේ.සිංහල අපි ඔබ උගතකු නිසා, මෙන්ම අපේ කෙනෙකු නිසා විශ්වාස කරන්නෙමු.ලංකාවේ අපේ ප්‍රශ්නය අඹු සැමි ප්‍රශ්නයක් හා සමාන කල ඔබේ කතාව ඉතා සාධාරණයි.සියල්ල සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසඳා ගනිමු.පිට රැටියන් අනවශ්‍ය ආකාරයට වැද්ද නොගනිමු.පිට රැටියන්ට කේලම් නොකියමු.රට ගොඩ ගමු. ජනතාවට සේවය කරමු.ඔබට තුනුරුවන් සරණ සහ දෙවියන්ගේ පිහිට පතන්නෙමු. (ස)

:       0       0

සෙනරත් Thursday, 17 October 2013 11:31 PM

පළාත් සභා ඔහුට භාර දුන් එක ගැන.මොකද අනෙක් අය හිතන්නේ? (නි)

:       0       0

අමිත් Thursday, 17 October 2013 03:04 PM

මම නම් හිතන්නෙ නෑ මෙයාලට එච්චරදෙයක් කරන්න පුලුවන් කියලා. හමුදාපතිතුමා කිව්ව ආකාරයට, මෙයාලට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතුකරන්නම වෙනවා. අනික ටික කාලයක් යනවිට අපිට විතරක් නෙවෙයි දමිළ ජනතවටත් වැටහේවි මෙයලගෙ ක්‍රියාවන්. හැබැයි හොඳ අවධානයකින් සිටිය යුතුයි.(දිල්)

:       0       0

ලුම්බිණි Thursday, 17 October 2013 03:09 PM

හොඳ වෙලාවට එක එක විෂය වෙනුවෙන් වෙන වෙනම දිවුරුම් දීම අවශ්‍ය උනේ නැත්තෙ. (ස)

:       0       0

බටුගෙදර Friday, 18 October 2013 02:35 AM

සියල්ල නිත්‍යයය.කියලා වැඩක් නැහැ සමහරුන්ගේ අදහස් (නි)

:       0       0

සෙන්ජී Thursday, 17 October 2013 04:09 PM

මෙතුමා නීතියට ගරුකරන බව‍ ඉතා පැහැදිලිව පෙනෙනවා, සන්තෝෂයි (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 18 October 2013 03:15 AM

හැබැයි අපිව කාපු, අපිව කන, අපිව කන්න බලාගෙන ඉන්න ඉන්දියාවට ගැතිකම් කරන්න ගියොත් නම් තවත් අවුරුදු තිහකට වගකියන්න වේවි. (නි)

:       0       0

දුමින්ද Thursday, 17 October 2013 04:47 PM

මෙයා හොද මහත්මයෙක් ,මෙයා ජාතිවාදී කෙනෙක් නෙවේ මෙතුමාගේ පුතුන් දෙදෙනාගේ බ්‍රිරින්දෑ වරුන් සිංහල ජාතිකයන්ය. එහෙත් වටේ සිටින ඈයෝ ගැනනම් සෙවිල්ලෙන් තමා ඉන්න වෙන්නේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 17 October 2013 04:51 PM

වනිතා කටයුතු අමාත්‍යංශ අමාත්‍යවරයකු වශයෙන් හිටපු රතු මල්ලි නම් ඉතාම හොදට රාජකාරිය ඉෂ්ඨ කරාවි. (නදී)

:       0       0

ලලිත් Thursday, 17 October 2013 04:59 PM

එතකොට අර උප ඇමතිවරු දෙතුන්සීයක් පත්කරන්නේ නැද්ද? (නි)

:       0       0

රොෂාන් Thursday, 17 October 2013 05:12 PM

ඔබ උගතෙකි. සමගියෙන් උතුර ගොඩ නගමු. (නි)

:       0       0

ෂෙහාන් Friday, 18 October 2013 07:02 AM

ඒ ගමන එයා හැමදාම ඇවිල්ලා දිවුරලා යනවද? (නි)

:       0       0

හෙළයා Thursday, 17 October 2013 05:23 PM

විග්නේශ්වරන් මහතාණෙනි, ඔබ බුද්ධිමත්කමෙත් නිහතමානීකමෙත් පිරිසිදු දේශපලඥයකුගේත් ලාංකික සලකුණක් වනු නොඅනුමානයි, ඔබට ජය! (නි)

:       0       0

රන්ජන් Thursday, 17 October 2013 05:28 PM

ලුම්බිණි, නියම කතාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1568 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2039 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2530 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5743 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6411 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18322 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site