ශ්‍රී ලංකා ආණ්ඩුවට දෙමළ ජනතාවට හෝ සුළු ජාතීන්ටද උදව් කිරිමේ අවශ්‍යතාවයක් නොපවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ පළවන "ද හින්දු" පුවත්පත වාර්තා කර සිටී.
පැවති රජයන්ද මෙය ඒ ආකාරයෙන්ම සිදුකළ අතර එය ශ්‍රී ලංකා ආණ්ඩුවල ගති ලක්ෂණයක් බව ඔහු පෙන්වා දී ඇත.
ඇමෙරිකාවේ ඕක්ලන්ඩ් ආයතනය අන්තර්ජාලය ඔස්සේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මෙම අදහස් පළ කර තිබේ.
එමෙන්ම දෙමළ ජාතීන්ට හා සුළු පක්ෂ වලට උදව් කිරිම සඳහා ශ්‍රී ලංකා රජයට බල කළ යුතුව පවතින බවත්, ජාත්‍යන්තරය හරහාද ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවත් ඔහු එහිදී පෙන්වා දී ඇත.
හමුදාව විසින් උතුරේ ජනතාවට ඉඩම් ලබාදුන්නද ඒවා නිසරු ඉඩම් බවත්,සරු බිම් තවදුරටත් හමුදාව භාරයේ පවතින බවත් සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම සාකච්ඡාවේදී පවසා තිබේ.
උතුරේ ඉදිකර ඇති හෝටලය සම්මන්ත්‍රණ ශාලාවක් සඳහා භාවිත කිරිම සඳහා යොදා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දැනුම් දී ඇති බවද උතුරු මහ ඇමැතිවරයා පවසා ඇත.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විග්නේෂ්වරන් ලක් රජයට දෙහි කපයි
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Sunday, 31 May 2015 06:15 PM
මෙයාලට කොච්චර හොඳට සැළකුවත් කිසිම කෙළෙහිගුණයක් නැති ජාතියක්.උතුරට කුඩම්මාගේ සැළකිලි නම් දකුණේ ඉන්න මිනිසුන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතුව බටහිරට කෙඳිරිගාලා වැඩක් නැහැ. (නි)
ප්‍රනාන්දු Sunday, 31 May 2015 07:53 PM
නැවත රටේ අවුලක් ඇතිකළොත් එයට වගකිවයුතු සියලුම පක්ෂ වලට ජනතාව විසින් නිසි දඬුවම් ලබාදෙනවා ඇත (නි)
වරුණ Sunday, 31 May 2015 09:11 PM
ජාතිවාදය නැතුව ඉන්නම බැරිද? (නි)
බමුණු ආරච්චි Sunday, 31 May 2015 10:49 PM
බලාගෙන ඉන්නේ මොනවා කියනතුරුද දන්නෙ නැහැ (නි)
භානුක Sunday, 31 May 2015 11:30 PM
ප්‍රශ්න නම් ඉතින් කොහෙද නැත්තේ? (නි)
බිමල් Sunday, 31 May 2015 08:15 AM
කටින්ද මේ කියන්නේ ? ඕස්ට්‍රේලියාවේ තානාපතිකමටත් ද්‍රවිඩ කෙනෙක්ව පත් කරලා තියෙන්නේ . අග විනිසුරුත් එහෙමයි. දෙහි නෙවෙයි මස්සිනාට හරියන්න ඕන නම් වට්ටක්කා කපා ගන්න (බ)
ඩිලාන් Sunday, 31 May 2015 08:46 AM
අපි නම් දැන් කාටවත් දෙහි කපන්නේ නැහැ. මෙතුමාගේ මස්සිනා මතක් වෙන්නත් එක්ක වට්ටක්කා තමයි හතර අතට කපන්නේ. (බ)
සුනෙත් හේමන්ත Sunday, 31 May 2015 08:48 AM
කෝ මේ බන්දුල පෙරේරා. (බ)
තිලක් Sunday, 31 May 2015 09:04 AM
කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙහි දෙවූවත් අඟුරු සුදු වන කලක් නම් නැත් (බ)
පාලිත Sunday, 31 May 2015 09:12 AM
බනිනවා විතරයි. මොනවත් කරන්නේ නැහැ. (ත)
ශාමන්ත වෙල්ගම Sunday, 31 May 2015 09:12 AM
මේ මහත්තයා, හැම ජාතියකටම ප්‍රශ්න තිබෙනවා. (ත)
රෙජි-සිඩ්නි Monday, 01 June 2015 01:53 AM
හැම පැත්තටම හොඳ මුහුණ පෙන්වාගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් කියලයි මට හිතෙන්නේ. (නි)
පිටබැද්දර ජයා Sunday, 31 May 2015 09:26 AM
මේ මනුස්ස්යනම් මහා දෙපිට කාට්ටු මනුසයෙක් , ජනපති තුමා උතුරට ගියාම ඇවිත් සර්දාවෙන් පිලිගන්නවා දැන් බයිලා ගහනවා , මෙයාලට මොන දොලපිදේනි දුන්නත් හරියන්නේ නැහැ . ඉල්ලනෙම රට කඩන්න හැබැයි මෙයාල පාඩමක් ඉගෙන ගන්නෙම දෙමල සාමාන්‍ය ජනතාවගෙන් , මතකනේ අමිර්තලිංගම්ට වුන දේ ?(බ)
රාමා Sunday, 31 May 2015 09:28 AM
ඉඩම් දෙනවා නම් නුඹට කන්න දෙනවා නම් නුඹට මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ? (බ)
ප්‍රකාශ් Sunday, 31 May 2015 09:38 AM
රටක් විදියට නොහිතන මිනිස්සු තමයි නියම ජාති වාදියෝ කියන්නේ මේ කට්ටියට තමයි.(බ)
ජයන්ත දසනායක Sunday, 31 May 2015 09:44 AM
මේ ශ්‍රී ලාංකිකයෙක්ද ? සිංහල මිනිස්සු නිවට කියල හිතන්න එපා තාම බෝම්බ තියනවා (බ)
අසංග Sunday, 31 May 2015 09:46 AM
බලමු දෙහි වැඩ කරයිද කියල. (බ)
රුකී Sunday, 31 May 2015 09:53 AM
මෙයා දැන් වැඩ කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් නෙවෙයි . අර කුනුහරුපක්කාර වෙනුවෙන් .කරන කියන දේවල් වලින් ඒක පේනවා. (බ)
රවී Sunday, 31 May 2015 10:00 AM
මෙයා කියන බොරු. මේ ළඟදිත් රජයේ රැකියා නිපුණතා පුහුණු කරවන ආයතනයකින් නිලධාරීන් යාපනයට ගියා . මෙයා එම උත්සවයේ හොඳට මුලාසනයේ හිටියා. ඒ කාර්යයට මම අඳුනන මහත්මියක් සහභාගී වුණා. ඒ නිසා තමයි මම මේක හොඳටම දන්නේ .අතේ පැල වෙන බොරු මෙයා කියන්නේ. (බ)
ලලිත් Sunday, 31 May 2015 10:07 AM
මෙයා මොනවාද උතුරේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ ? එන එන ආණ්ඩුවට බැන බැන උතුරේ උත්සව වල මුල් පුටුවේ වාඩි වෙලා ඉන්නවා විතරයි. (බ)
සත්‍යයා Monday, 01 June 2015 02:36 AM
ඔබ උගතෙක් වුණාට බුද්ධිමතෙක් නොවන බවයි අපිට නම් හැඟෙන්නේ. ඒ ගැන අපි කණගාටු වෙනවා. (නි)
සෑම් Sunday, 31 May 2015 10:30 AM
මෙතුමාත් එකයි. මස්සිනාත් එකයි. (ත)
සමන් Sunday, 31 May 2015 10:42 AM
මේ වගේ අය කියන දේවල්වලට කුලප්පු වෙන්න හොද නෑ. (ත)
නිමලරත්න Monday, 01 June 2015 03:04 AM
උගත්කම ජාතිවාදයට අනුබල නොදෙන බව උඩ පැන පැන බෙරිහන් දෙන මේ රටේ බහු ජාතික බහු ආගමික උගතුන් දැන් පවසන්නේ කුමක්ද? ඉන්දියාවේ වත් දෙමල බසට ලැබී නැති අයිතියක් මේ රටේ ලැබී නැද්ද?. ඔවුන්ට ඕනා තනිකරම වෙන ම රජයක සහ මුළු රට තුලම ඔවුන්ට ඇවසි විදිහට ජිවත් වීමේ අයිතිය මිස වෙන දෙයක් නොවේ. (ම)
ඇසළ Sunday, 31 May 2015 11:22 AM
මේ වගේ එවුන් නිසා තමයි අහිංසක ද්‍රවිඩයෝ ඉල්ලන් කන්නේ. සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවලත් ද්‍රවිඩ මිනිස්සු ඉන්නවා තමන්ගේ දෙයක් කරගෙන කිසි කරදරයක් නැතුව. මෙයාල හිතාගෙන ඉන්නේ ලංකාව තමිල්නාඩුව ලගින් තියන නිසා ලංකාවේ මහා ජාතිය මුන් කියල. (බ)
ශ්‍රීලාල් Sunday, 31 May 2015 11:27 AM
මෙයා හදන්නේ ප්‍රභාකරන් යුද්දෙන් කරන්න හදපු දේ පිටරටවල් මුලාකරලා ඒ මුවාවෙන් කරගන්න. හෙට්ටි වීදීය වැල්ලවත්ත ගැන කිසි දෙයක් කියන්නේ නැහැ. ඒ අයත් කොන්වෙලාද ඉන්නේ? වසර 30 ක් තිස්සේ නොදුන් දේවල් නිකන්ම කරගන්න වගෙයි. යුද්ධ කාලය තුල සිදුවුණු සිවිල් ඝාතන සෙබල ඝාතන නිකන්ම නිරපරාදේ ගියාවත් වේවිද? (බ)
පාලිත Sunday, 31 May 2015 11:27 AM
ඔය බිම් නිසරු කළේ වෙඩි බෙහෙත් හලලම, ඔයාලගේ මස් වැද්දා ප්‍රභාකරන්. ඇයි දැන් හමුදාව ඉන්න බිම ඉල්ලන්නේ, හමුදාව ඉවත් කරන්න කියල කෙලින් කියන්න බැරි නිසාද?. අපි කොන්ඩේ බැඳලා නෑ හරිය. රටේ කොතනත් තියෙන්නේ එක නීතිය හරිය, උතුර, දකුණ, නැගෙනහිර බටහිර ඕන තැනක හමුදාවට පොලිසියට ඕන වෙලාවක යන්න, එන්න, ඉන්න, පුළුවන් හරිය. වෙනම රජයක් හදන්න ඕන නං, යන්න තමිල්නාඩු (බ)
විල්සන් Sunday, 31 May 2015 11:34 AM
මොනවද මේ කතා? අපිත් සමඟ දෙමළ අය නියම යාලුවෝ වගේ ඉන්නවා. (නි)
පෙරේරා Monday, 01 June 2015 04:59 AM
මෙතුමා ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරයෙක්ව සිටියදී අපක්ෂපාතිතත්වය නිසා හැමෝගෙම ගෞරවය දිනා සිටි කෙනෙක්. විශ්‍රාම ගිහින් දේශපාලනයට බැඳිලා දැන් ඒ ගෞරවය විනාශ කරගෙන.(ම)
ඉසුරන්දි Sunday, 31 May 2015 12:19 PM
මේ අයගේ පැවැත්ම තියෙන්නේ මේ අකාරයටයි. අපිට ඉතින් ලජ්ජාවෙන් හරි මේ අයගේ රැවුම් ගෙරවුම් වලට මුහුණදෙන්න වෙනවා ජීවිත කාලයටම. (නි)
නුවන් Sunday, 31 May 2015 12:53 PM
කට වහගෙන තියෙන දෙයක් කාල ඉන්නවා හලෝ!! (කේ)
චතු Sunday, 31 May 2015 12:54 PM
අපේ බදු මුදල් වලින් පඩි අරගන සිංහල අපිටම බනිනවා .(කේ)
වාසල Sunday, 31 May 2015 01:40 PM
හැමෝටම පෙනෙන්නේ ඉතින් වැරදි විතරනේ! (නි)
යෝනක Sunday, 31 May 2015 03:48 PM
ආ! පටන් අරගෙන තියෙන්නේ ඒ ගමන... (නි)
පෙරේරා Sunday, 31 May 2015 05:34 PM
ඉතින් යන්න බැරියෑ ඉන්දියාවට. (නි)