IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප වැඩි කරයි

විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඇමෙරිකානු ඩොලර් 300 දක්වා (රුපියල් 45,000ක් පමණ දක්වා)  ඉහළ නැංවීමට පියවර ගන්නා බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, රටවල් කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවත් ඒ අනුව ලබන ජනවාරියේ සිට එය ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

දිගු කලක් තිසසේ මෙම කටයුත්ත පිළිබඳ අවධානය යොමු කර තිබුණද විවිධ හේතු මත එය ප‍්‍රමාද වූ බවද අමාත්‍යවරිය කීවාය.

ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය මේ බව පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී රැකියා සඳහා ගොස්  රක්‍ෂණ වන්දි හිමිකම් නොලබා මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ ශ‍්‍රමිකයින් වෙනුවෙන් වන්දි ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.

 



අදහස් (0)

විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප වැඩි කරයි

කීර්ති Monday, 05 September 2016 10:23 PM

කලින් වුණ මහා පරිමාණ හොර ඇල්ලුවද? දඬුවම් දුන්නද? අදාළ අය තවමත් ඒ විදියටම ඉන්නවද? මේ නාස්ති කළේ අඟහරු ලොවෙන් ගෙනා මුදල් නොවේ. මරු කතරවල් වල දහදිය හෙලා අනේකවිධ දුක්ඛ දෝසනස්ස විඳ උපයා ලංකාවට එවූ මුදල් (නි)

:       0       0

කමන්ත Monday, 05 September 2016 10:36 PM

රුපියල් 45,000ක් පමණ දක්වා වැඩි කරන්නනේත් ලබන ජනවාරි සිටයි. නමුත් පිටරට නොගිය මෙහෙ ඉන්න අය හිතාගෙන ඉන්නේ රට යනවා කියන්නේ සල්ලි කෝටි ගණන් නිකන් දෙනවා කියලයි. මේවා දන්නේ රට ගිහින් වැඩ කරන අයම විතරයි. (නි)

:       0       0

කල්පනා Tuesday, 06 September 2016 02:06 AM

අපේ රටේ මීට වසර 10 ට පෙර වැටුපයි අද වැටුපයි ගත්තතේ හිතාගන්න බැරි තරමට වැඩිවෙලා. ඒ උද්දමනය නිසා. නමුත් ලෝකෙ හැම රටේම මෙහෙම වැඩි වෙන්නේ නැහැ. උද්දමනයක් නැති රටවල වසර 10 ට පෙර වැටුපම වගේ තමයි අදත් ලැබෙන්නේ. මේක අපේ රටේ ඉන්න සමහරු දන්නේ නැහැ. (නි)

:       0       0

ලෝහිත Tuesday, 06 September 2016 02:07 AM

රුපියල් 45,000ක් ගන්න පවුල් දාලා රට යන්නේ මොකටද? අපේ රටේ කෑම බිම ඉන්න දීලා ගෙදරක වැඩට කෙනෙක් රු. 20000 ටවත් හොයාගන්න නැහැ. කඩේක වැඩ කළත් 25000 ක් විතර ලැබෙනවා (නි)

:       0       0

වසන්ත Tuesday, 06 September 2016 02:09 AM

මීටපෙර කිව්ව ස්ටාර් තරඟ වලට කෝටි ගණන්, මැයි දින රැළි වලට කෝටි ගණන් වියදම් කළ ඒවායේ පරීක්ෂණ වලට මොකද වුණේ? (නි)

:       0       0

බර්ටි Tuesday, 06 September 2016 02:05 AM

අපේ අය හිතාගෙන ඉන්නේ මෙහෙ දැන් සාමාන්‍යයෙන් 25000 ක් විතර ලැබෙනවා නම් කොහේහරි රටකට ගියාම ලක්ෂ 2 ක් විතර ලැබෙයි කියලා. අනික් රටවලත් එහෙම ගෙවන්නේ නැහැ. දියුණු රටවල ගෙවන වැටුපෙන් බාගයකට වඩා බදු ලෙස නැවත ගන්නවා කියලාවත් සමහරු දන්නේ නැති එක කණගාටුවට කරුණක්. (නි)

:       0       0

අනුල Tuesday, 06 September 2016 02:16 AM

මැදපෙරදිග යවන එකෙන් නම් වැඩිපුර හම්බ කරන්නේ ඒජන්සිකරුවන් සහ ඔවුන්ගෙන් කොමිස් මුදල් ගන්නා අය බවයි මාගේ හැඟිම. ශ්‍රමිකයෝ දහදුක් විඳිනවා. සැප විඳින්නේ වෙන ඇය. මෙය නැති කිරිමට ක්‍රමයක් හදන්න. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 06 September 2016 02:13 AM

අපේ අක්කලා මෙහෙ රු. 20000-25000 ක් ගන්න පුළුවන් රස්සාවක් නොකර මරුකතරේ දන්නා හඳුනන කෙනෙක්වත් නැතුව, භාෂාවත් නොදැන රු. 45,000 රස්සාවට යන එකනේ වැඩේ. (නි)

:       0       0

රසිකා Tuesday, 06 September 2016 02:21 AM

ලංකාවේ වැඩට කෙනෙක් හොයාගන්නවා කියන එක කළුනික හොයනවාටත් වඩා අමාරුයි. ආවත් ඒ අයගේ ලොකුකම. නිවාඩු ඉවරයක් නැහැ. (නි)

:       0       0

මහසෙන් Tuesday, 06 September 2016 02:20 AM

දැන් තමයි මෙහෙම දෙයක්වත් කරන්නේ. ඉස්සර කළේ අපේ සල්ලි වලින් අපිවම නටවන අතරේ එ්කෙන් තව කෝටිපතියො කිහිප දෙනෙක් ඇති වුණ එකයි. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 06 September 2016 02:31 AM

අසාදු ලේඛනගත කළ ඒජන්සිකරුවන් එකී වරද නිවරදි කළවිට හෝ මුදල් ගෙවිම කළවිට නැවත අසාදු ලේඛනයෙන් ඉවත් කිරිම කරනවා කියලා එක්තරා සජිවි සාකච්ඡාවකදි මහජනයාට දැනගන්නට ලැබුනා. ඒ අංශ වල වංචා සිදුවි ඇද්දැයි සැකයක් මතුවෙනවා. (නි)

:       0       0

ඉන්දික Tuesday, 06 September 2016 02:36 AM

රට යන්න බලාගෙන එන කාන්තාවන්ගෙන් මුදල් අයකරලා පුහුණුවීම් දීලා රට යවන්න කලින් එ් අයට ඒ රටවල ඇත්ත තත්වය කියලා දුන්නා නම් සහ මෙහෙ ඉඳලා රු.20000 ක් ගන්න එක මැදපෙරදිග ගිහින් 45000 ක් ගන්නවට වඩා සිය අතකින් හොඳයි කියන එක තේරෙයි (නි)

:       0       0

උපුල් Tuesday, 06 September 2016 02:49 AM

මැදපෙරදිග සල්ලි ඇති රටවලට සේවකයන් යැවිම මහාපරිමාණ ජාවාරමක් වෙලා. ඒජන්සිකරුවන්, ඔවුන්ගේන් කොමිස් හැම්පර්ස් හා වෙනත් වරදාන ගන්න අය ජාලගතවෙලයි මේක කරන්නේ. තැලෙන්නේ ශ්‍රමිකයා හා රජය වුණාට වාසිය යන්නේ අපි හීනෙකින්වත් නොහිතන සුදන පන්තියකට (නි)

:       0       0

සමන්ත Tuesday, 06 September 2016 02:54 AM

හොඳ දෙයක්. හෙළිදරව්ව වැඩසටහනින් අපිට කාර්යාංශය ඇතු‍ළේ වුණ හුඟක් දේ හෙළිදරව් වුණා. (නි)

:       0       0

නන්දන - නිහාල් Tuesday, 06 September 2016 03:27 AM

දුෂණ වලට සම්බන්ධ අය සදා යහතින් ඒ තනතුරු වලම සිටියහොත් අක්‍රමිකතා කිසිදා තුරන් කළ නොහැක. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 355 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 925 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1402 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 782 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 899 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site