(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් අගුනකොළපැලැස්සේදී සිදු කෙරිණි
පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කලාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ.
පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් වූ අතර එම ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ දී කුඹුරු අස්වැද්දීම සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.
චීන රජය විසින් පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබිණි . එම ඩීසල් බෙදා දීමේ දී යම් කුඩා ප්‍රමාණ ඇතැම් ගොවි ජනතාව විසින් ලබා නොගත් අතර ඒ යටතේ ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වගා හානි ගොවීන්ට නොමිලේ ඉන්ධන දීම අරඹයි
wedage Monday, 20 November 2023 10:37 AM
මේ ඉන්ධන චීනයෙන් නොමිලේ බෙදීමට ලැබුණු ඉන්ධන රජයේ පරිත්‍යාගයක් නොවේ...