IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වගා හානි නහුතෙට නගී

(අංජුල මහික වීරරත්න)

නියඟය නිසා වී හා අතිරේක බෝග වගා හානි කුඹුරු අක්කර ප්‍රමාණය 59,073. 98ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එයින් හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 54,152කි.

වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල දිස්ත්‍රික්කයේ වාර්තා වන අතර එම අක්කර ප්‍රමාණය 26,195.90කි. ගොවීන් ප්‍රමාණය 31,427කි.

දෙවන ස්ථානයට වැඩිම හානි උඩවලවේ කලාපයෙන් වාර්තා වේ. ඒ අනුව අක්කර ප්‍රමාණය 14,667.50ක් වන අතර ගොවීන් ප්‍රමාණය 5,867කි.

දැනට සිදුව තිබෙන වගා හානි සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විෂය පථය යටතේ වැවිලි බෝග වන කුරුදු, රබර්, ‌තේ, ගම්මිරිස් හා පොල් ආදිය සඳහා වන්දි ලබා දීමේ හැකියාවක් හෝ මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ හැකියාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය යටතේ වගා හානි වන්දි ලබා දීම සිදු කළ හැක්කේ බෝගවර්ග හයක් සඳහා පමණක් යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, බී ලූණු, හා සෝයා බෝංචි එම බෝග වර්ග හයයි. සාමාන්‍ය රක්ෂණ ක්‍රමය යටතේ මෙම බෝග හය සඳහා වගා හානියක දී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙයි. මෙවර යල කන්නයේ වී වගාවට සිදුව ඇති හානිය සුවිශේෂිත බැවින් ඊට වඩා වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. දැනට සිදු කෙරෙන වගා හානි තක්සේරු කිරීම් අවසන් වූ වහාම සමස්ත වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම අදාල වගා හානි වන්දි ලබා දීම සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (0)

වගා හානි නහුතෙට නගී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 212 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1893 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3519 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1596 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11009 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site