IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විජිත හේරත්ට පොලිස් ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැදවූ රිය රාජගිරියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව වැලිකඩ පොලිස් ආරංචි කියයි.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ පාර හරහා පැනීමට ගිය පුද්ගලයෙකු බේරාගැනීම සඳහා වාහනය වම් පසට ගත් අවස්ථාවේ එය දුරකථන කුළුණක වැදුණු බවත්, ඒ අවස්ථාවේ තමන් බීමතින් සිටි බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැති බවත්ය.

 



අදහස් (0)

විජිත හේරත්ට පොලිස් ඇප

චන්දි Tuesday, 31 May 2016 08:50 AM

දමිත් , ඔය පෙන්නන්නේ තමාගේ අවබෝධයේ ප්‍රමාණයයි.පේනවද අපේ පොලිසිය කෙතරම් කාර්යයශීලීද කියල.හැබැයි ඉතින් අර කවුද වගේ කාගේවත් පිට පටවල පැනලා නොගිය එක හොදයි. (බ)

:       0       0

සමන් Tuesday, 31 May 2016 08:52 AM

ඇප ලැබුනේ සිරිකොතේ වාහනයක් නිසා හොදේ (බ)

:       0       0

වික්‍රම Tuesday, 31 May 2016 08:54 AM

රාජගිරියේ ජාති දෙකේ දේශපාලකයෝ දෙන්නෙකුට දෙවිදිහක සැලකිලි (බ)

:       0       0

රන්ජන් Tuesday, 31 May 2016 08:56 AM

වාහන හැප්පෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ජනාධිපති කාර්යාලයේ වාහන, රජයේ ආයතනවල වාහන පාවිච්චි කරමින් ඒකට කුලී දෙකක් ගන්න එක.. වාහන ගෙදර අරගෙන යන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. සමහරු හිතන්නේ ජවිපෙ සාමාජිකයෙක්ගෙන් වාහනයක් හැප්පුනාම ඒක ලෝක විනාශේ කියලා. රටට වෙච්චි ලොකුම හානිය කියලා. මෙහෙම මිනිස්සු ඉන්න රටක්නේ මේක. (බ)

:       0       0

රකිත් Wednesday, 01 June 2016 01:26 AM

වාර්තාවන අන්දමට අලුයම 1ට විතරලු නේද අනතුර සිදු වී තිබෙන්නේ? ඒ වෙලාවට පාර පැන්නේ හොල්මනක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

සුමුදු Wednesday, 01 June 2016 01:24 AM

ශානක, රටේ ජනතාව හරි පාරේ යනවා කියලා හිතනවද? අවුරුදු 68 කින් පස්සේ රට තිබෙන තැන අනුව හිතන්න පුළුවන් ජනතාව ගිහින් තියෙන පාරේ නිවැරදිකම. (නි)

:       0       0

කරුණාපාල Tuesday, 31 May 2016 09:03 AM

කොහොමත් අපේ රටේ රියදුරන්ට සංවරව විනීතව හා මාර්ග නීතිරීති වලට අනුව රිය පදවන්න නිසි පුහුණුවක් නැහැ. මෙතනදී තරාතිරම අදාළ නැහැ. බහුතරයක් එහෙම තමයි. ඉතින් වරද පටන් ගන්නේ කොතනින්ද කියලා හිතා ගන්න පුළුවන්නේ?(කෞ)

:       0       0

රත්න Tuesday, 31 May 2016 09:11 AM

පාටලී මිනිස්සු හප්පලත් අත්අඩංගුවට ගත්තේ නැත......මොකද වෙනස ...(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 01 June 2016 01:48 AM

රෝහිත, ඔබගේ අදහසට මම ගරු කරනවා. අපේ මිනිස්සුම තමයි අපේ පන්තියට ගරහන්නේ. මොකද තමන් දන්නේ නැහැ තමන් ඉන්නේ මොන පන්තියේද කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 01 June 2016 01:50 AM

ඔවැනිම අනතුරු ඉස්සරත් සිද්ධවුණා. ජීවිත නැතිවුණා. එ්ත් නීතිය ක්‍රියාත්මක වුණාද? (නි)

:       0       0

රොමේෂ් Wednesday, 01 June 2016 02:30 AM

රිය අනතුරකදී හෝ වෙන ඕනෑම අවස්ථාවකදී බීමත්ව රිය පදවා තියෙන බව ජංගම දුරකථනයකින් ලබාගන්නා ඡායාරූපයකින් ඔප්පු කරන්න පුලුවන්තරම් දක්ෂ, උගත්, බුද්ධිමත් අය ජීවත්වන රටේ, ලක්ෂ ගණන් සල්ලි පිටරටට දීලා පරීක්ෂණ බැලුම් ගෙන්වන එක නවත්තන්න ඕනෑ. (නි)

:       0       0

වසන්ත Tuesday, 31 May 2016 10:03 AM

රණවකට නැති නිතිය ජ වී පෙ ට. (අ)

:       0       0

කෙවි Tuesday, 31 May 2016 10:07 AM

සහෝදරවරුන්ට මේ දවස් වල අපල කාලයක් උද වෙලා තියෙන්නේ .(අ)

:       0       0

රෝහිත Tuesday, 31 May 2016 10:24 AM

විජිත හේරත් කියන්නෙත් අපි වගේ මනුසයෙක්. ඉතින් අයගේ වාහන හැප්පෙන එක සාමාන්‍ය දෙයක්නේ. මෙතනදී පොලිස්ය නිතිය ක්‍රියාත්මක කරලා තියෙන්වයි. එවගේම විජිත හේරත් මහත්මය නීතියට ගරු කරලා තියෙනව. අපි එකට දෙගොලොන්න්ටම ගරු කන්න ඕන. අනික පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් මෙයාම මෙයාගේ වහනය පැදගෙන ගිය එක ලොකුද්දෙයක් නේ. (අ)

:       0       0

ජගත් Wednesday, 01 June 2016 03:15 PM

රෝහිතගේ අදහස අගයමි. වැරදීම් නොවන්නේ කා හටද..? මහජන නියෝජිතයකුට යම් සිදුවීමක් වුණාම එය හොඳ ඉල්ලමක්. විජිත අනතුර වූ පසු පළාගියේ නැහැ. බලපෑම් නොකර නීතියට, පොලිසියට ඉඩදී, රජයේ ගාස්තුත්, මාර්ග අලාභානියට අදාළ ආයතනයන්ට අලාභයත් ගෙවීම පසසමි. මෙය ආදර්ශයක් අනෙකුත් දේශපාලනයට සබැඳි සියලු දෙනාටම. (නි)

:       0       0

ජයම්පති Tuesday, 31 May 2016 10:48 AM

රාජගිරියේ පැත්තේම සිද්ද වුණා අනිත් අනතුර ගැන කතාවක්වත් නැහැ දැන්. (අ)

:       0       0

ඇසළ Tuesday, 31 May 2016 12:03 PM

බීලා ඉදල නැහැ. කුණු වෙන්න ගහල විතරයි ඉන්නේ පොටෝ තියනවා ඉන්ටෙර්නෙට් එකේ හැප්පුන වෙලාවේ රියදුරු අසුනේ ඉදගෙනම නැගිටින්න බැරුව ඉන්නවා. සම හරක්ට තේරෙන්නේ නැති වුණාට තේරෙන එකට තේරෙනවා. (අ)

:       0       0

ප්‍රියාන් Tuesday, 31 May 2016 12:29 PM

වාහන හැප්පෙනවා තමයි..එක සාමන්‍යලු.බීල වාහන හැප්පෙන එක අසාමාන්‍යද එතකොට? අපි බීල වාහනයක් හැප්පුවොත්,(අ)

:       0       0

රොමේෂ් Tuesday, 31 May 2016 12:51 PM

2004/5 දීවගේ මේක උනානම් ජයාලා, සමන්ලා කියන අය මොනවගේ දෙයක් කියයි ද දන්නේ නැහැනේ. ඔය මහත්තුරු කඩේ යන්න එක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් රෙද්දක් ඇඟට තිබුනානම් තමයි හොඳ. (අ)

:       0       0

දුමි Tuesday, 31 May 2016 01:14 PM

නීතිය සැමට සාධාරණයි විදුලි කනුවට අසාධ්‍යයි (අ)

:       0       0

රංජිත් මංජුල වර්ණසූරිය Tuesday, 31 May 2016 01:32 PM

මනුස්සයෙක්ගේ ජිවිතේ බේරන්ඩ ගිහින් ලයිට් කණුවක හැප්පිච්ච එක ලොකු සිද්දියක් කරලා දානවා හොදට ඉන්න මිනිස්සුන්ව හප්පලා දාල තවමත් යහතින් ඉන්න දෙසපලකයන් ඉන්න රටක් මේක (අ)

:       0       0

නිම්මි Tuesday, 31 May 2016 02:15 PM

ඔය ටිකවත් කලින් කෙනාටත් කළා නම් යහපාලානේ ටිකක්වත් තියනවා කියල හිතන්න තිබුන.(අ)

:       0       0

රත්නායක Tuesday, 31 May 2016 05:16 PM

ඔබතුමන්ලාගේ අතිනුත් වැරදි වෙනවා කියලා දැන්වත් හිතන්න. ඔබතුමන්ලා කතා කරන්නේ වැරදි වෙන්නේ නැහැ වගේනෙ (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 31 May 2016 07:28 PM

කලින් කෙනාගේ එක මීටවැඩිය බරපතලයි. එතන කෙනෙකුට අනතුරක් වුණා. මෙතන ලයිට් කණුවට විතරයි. ඒ වුණත් බීලා ගියා නම් ඉතින් වැරදියි. වැරදි දේ වැරදි විදියට දකින්න පුරුදුවුණා නම් තමා හොඳ (නි)

:       0       0

සුදේශ් Tuesday, 31 May 2016 07:46 AM

රාජගිරිය දේශපාලඥයන්ට අපලයි (ම)

:       0       0

ගයාන් Tuesday, 31 May 2016 08:38 PM

ජේවීපි එක අන්තිමට තනියම ඔහේ කියව කියවා ඉන්න, තමන්ගේ පවුලේ කට්ටියවත් ඡන්දෙ දෙන්නේ නැති පක්ෂයක් වෙනවා (නි)

:       0       0

ලහිරු Tuesday, 31 May 2016 07:52 AM

ඔය නිතිය හැමෝටම එක වගේ නැති එක තමයි ප්‍රශ්නය (ම)

:       0       0

තිලක් Tuesday, 31 May 2016 08:53 PM

නීතිය කාටත් පොදුබව මෙයින්ම පේනවා නේද? (නි)

:       0       0

ජයා Tuesday, 31 May 2016 08:05 AM

පේනවනේ ලැබෙන සහයෝගය ඒ නිසා රජයට උදව් කරන්න (ම)

:       0       0

ශානක Tuesday, 31 May 2016 10:32 PM

මේ අය කවදත් ඉතින් හරි පාරේ නෙමෙයිනේ ගියේ (නි)

:       0       0

සුමුදු Tuesday, 31 May 2016 10:40 PM

ප්‍රතිචාර බලනකොට සතුටක් දැනෙනවා. මොකද දැන් ජනතාව තරමක් හිතන්න පුරුදුවෙලා වගෙයි. කීපදෙනෙක් පාට කණ්ණාඩි තාමත් දානවා. එ්ක එහෙම තමයි. කොහොමත් මෝඩ මිනිස්සු 100%ක්ම නැති කරන්න බැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 31 May 2016 11:21 PM

වාහන අනතුරු වෙනවා, විජිත හේරත් මහතා කියලා විශේෂයක් නැහැ. ඊයේ උදේ මීපෙදී මගේ වාහනයේ පිටුපස වාහනයක් හැපුණා. එහි පිටුපස තව වාහනයක් හැපුණා. මැද වාහනයට විශාල හානියක් වුණා (නි)

:       0       0

රන්ජිත් Tuesday, 31 May 2016 11:44 PM

කාගේහරි අතින් දුරකථන කණුවක් කැඩුනොත් අත්අඩංගුවට. නමුත් ඒවායේ වයර් පාරමැද තිබිලා වාහන කැඩුනොත් මොකුත්ම නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 31 May 2016 08:44 AM

හරියටම හරි ජයා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 833 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 349 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 608 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 402 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1104 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site