IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘විජිත හේරත් බීලා හිටිය බව ඔප්පු කරන්න බෑ‘

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමට වරදකරු කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 1500.00 ක රජයේ ගාස්තු ගෙවන ලෙස ඔහුට නියෝග කළේය.

බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැකි බව කී මහේස්ත්‍රාත් ඔහු එම චෝදනාවෙන් නිදහස් කළේය.

මන්ත්‍රී වරයා පරීක්ෂණයට ලක් කළ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.කේ. ජූසාර් ඔහුගේ වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඔහුගේ කටින් මත්පැන් ගඳ වහනය වන බවයි. එහෙත් ඔහු මත් පැන් බී සිටියේ දැයි ඔහුගේ වාර්තාවේ සඳහන් නොවේ. සුමනරත්නට එරෙහිව බොරැල්ල ඕ.අයි.සී නඩු තීන්දුව අනූව සැකකරු ගේ කටින් මත්පැන් ගඳ වහනය වීම නිසාම ඔහු මත් පැන් බී සිටියේ යැයි චෝදනාවක් නැගීමට ප්‍රමාණවත් සාක්කි නැතැයි මහේස්ත්‍රාත් කීවේය.

හානියට පත් දුරකථන කණුව වෙනුවෙන් රුපියල් 17423.00 ක අලාභයක් ගෙවීමට ඔහු එකඟ විය.

2I0A8151 2I0A8184 2I0A8185

ඡායාරූප - ඉෂාන් සංජීව

වීඩියෝ - ශාන්ත රත්නායක

 



අදහස් (0)

‘විජිත හේරත් බීලා හිටිය බව ඔප්පු කරන්න බෑ‘

විකුම් රංගන Wednesday, 01 June 2016 12:39 PM

ඔබට සතුටුයිද දැන්......? (නි)

:       0       0

රත්නායක Wednesday, 01 June 2016 01:01 PM

වෙන කෙනෙකුට වුණා නම් බලන්න තිබුණා මෙයාලා කියන දේවල් (නි)

:       0       0

මේනක Wednesday, 01 June 2016 01:05 PM

කටින් මත්පැන් ගඳ වහනය වන බව කිව්ව එක හරි ඇති. විජිත මහත්තයා කෑම කාලා කට හොදන්නේ මත්පැන් වලින්ද දන්නෙ නැහැනේ (නි)

:       0       0

සුසන්ත Wednesday, 01 June 2016 01:20 PM

පුෂ්ප, හරියටම හරි. දේශපාලකයින්ටත් රටේ මහජනතාවටත් තියෙන්නේ නීති දෙකක් බව පේනවනේ. අදිසි හස්තයකින් බැලුම් පිම්බීම අමතක කරවලා. අපේ රටේ කවදද දේශපාලකයකු වැරදිකරුවකු වුණේ? (නි)

:       0       0

ඇසළ Wednesday, 01 June 2016 01:21 PM

කවුරුත් වැරදි විදියට හිතන්න එපා. ජනතාවගේ බදු මුදලින් යැපෙන මන්ත්‍රී සහෝදරයා මහජනතාව වෙනුවන් මහා රෑ එකට සේවය කරලා තනියම එන ගමන් අහම්බෙන් වෙච්ච සිද්ධියක්. මහන්සියට ෆොටෝ වල මුහුණ බීලා වගේ පෙනුනට පොලිස් නිලධාරියාට මත් ගඳ දැනුනට, එහෙම බැලූ බැල්මට ඔප්පු කරන්න බැහැනේ! (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 01 June 2016 01:21 PM

ඇයි දෙවියනේ පොලිසිය පුරුදු වෙන්න රස්සාව කරනවද? ඔප්පු කරන්න බැරි චෝදනා දාන්න ගිහිල්ලා නිකන් පල්වෙනවා (නි)

:       0       0

සුලෝචන Wednesday, 01 June 2016 01:33 PM

කසිප්පු බිව්වොත් කටින් ගඳ එන්නේ නැත. එසේම අරක්කු බොන්නට තරම් සල්ලි මේ අහිංසක දුප්පත් සමාජවාදී අය ළඟ තිබේද? (නි)

:       0       0

වාසනා Wednesday, 01 June 2016 01:36 PM

මේ වගේ අවස්ථාවල පාවිච්චි කරන්න පොලිසියට බැලුම් දීලා තියනවා නේද? (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 01 June 2016 02:01 PM

තාමත් මේ රටේ මිනිහෙක් බීලද නැද්ද කියල වෛද්‍යයවරයෙක්ට හරියට වාර්තාවක්වත් දීගන්න බැහැනේ. (හේ)

:       0       0

ධම්ම Wednesday, 01 June 2016 02:18 PM

අවශ්‍යතාවය විජිත හේරත් බීලා හිටියා කියන අදහස සමාජගත කිරීම බව පැහැදිලියි. බිව්වා නොබිව්වා කියන කාරණය වෙනම කතාවක්. (හේ)

:       0       0

රොෂාන් Wednesday, 01 June 2016 02:31 PM

අපේ රටේ නිලධාරී ක්‍රියාකරන හැටි තමයි මේ. බීලා කියන්නේ කට ඉඹලා බලලද? (හේ)

:       0       0

ප්‍රසන්න Wednesday, 01 June 2016 02:42 PM

ඔහු බිලා හිටියේ නෑ තමයි.(හේ)

:       0       0

සමිත් Wednesday, 01 June 2016 03:10 PM

අනේ ජවිපෙ කට්ටිය රහසින්වත් පවු කරන අය නොවෙයි (නි)

:       0       0

අනිල් රෝහණ Wednesday, 01 June 2016 03:19 PM

බීපු නොබිපු බව අදාළ නැහැ අපිට නම්... (නි)

:       0       0

උපුල් Wednesday, 01 June 2016 03:24 PM

ලංකාවේ පළමු වතාවට දේශපාලකයකු නිහතමානිව තමන්ගේ වරද පිළිගත් අවස්ථාවක්. ඔවුන්ගේ දේශපාලන භාවිතාවේ යම් යම් ගැටළු තිබුනත් මේ රටේ යම්කිසි විනයක් සහිත දේශපාලන පක්ෂයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණයි (නි)

:       0       0

අකිල Wednesday, 01 June 2016 03:30 PM

ඇයි බැලුම් පිම්බුවේ නැත්තේ? (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 01 June 2016 03:31 PM

මේකට අදහස් දමද්දී මමත් බලාගෙන හිටියේ කට්ටිය හොඳට බනී කියලයි. එ්ත් කිසි වැඩක් නැහැ (නි)

:       0       0

රොමේෂ් Thursday, 02 June 2016 07:56 AM

අපේ රටේ ඊනියා උගතුන් දන්නේ නැහැ ශ්‍රී ලංකාවද ඇතුළුව බොහොමයක් රටවල තියෙනවා ( මද්‍යසාරය රහිත බීර වගේ බීම වර්ග. ඒවායේ ගඳ, මද්‍යසාරය සහිත බීර වලින් එන ගදටම සමානයි. එනිසා තමයි ගඳ ආ පමණින් මද්‍යසාරය පාවිචිචි කළ බවට තීරණය නොකරන්නේ. (බ)

:       0       0

දොන් Thursday, 02 June 2016 07:54 AM

සමහර වෙලාවලට මේ රටේ පොලීසිය හැසිරෙන්නේ නිකන් මන්ද බුද්ධික ස්වභාවයෙන්. පොඩි පරීක්ෂණයක්වත් කරගන්න බැහැ වගේ. පහුගිය දවස් වල මළ මිනී කීයක් ගොඩ ගත්තද ආයේ ආයේ පරික්ෂා කරන්න. (බ)

:       0       0

ගෝමස් Wednesday, 01 June 2016 03:56 PM

එ් කිව්වේ මෙතුමා කට හෝදලා තියෙන්නේ මත්පැන් වලින් වෙන්න ඇති (නි)

:       0       0

රොමේෂ් Wednesday, 01 June 2016 03:59 PM

මෙන්න ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. වරදක් සිදුවුණා. එ්ක නිහතමානිව පිළිගත්තා. වෙන අය නම් ඔහොම කරයිද. (නි)

:       0       0

අජිත් Wednesday, 01 June 2016 04:17 PM

දැන් රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේක තමයි. බීලද? නැද්ද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 01 June 2016 05:21 PM

මේ සිද්ධිය සාමාන්‍ය පුරවෙසියකු අතින් වුණා නම්, ලොකු දඩ මුදලක් ගහලා, බිලා කියාලත් කොහොමහරි ඔප්පු කරලා. මේ අය කඩේ යන්නෙත් ඉතින් මේ පවතින රජයටනේ (නි)

:       0       0

විපුල Wednesday, 01 June 2016 05:56 PM

එතකොට බීලා හිටියේ කවුද? නිකන් කාලය නාස්ති කළා විතරයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 01 June 2016 07:15 PM

පුදුම පොලිසියක්නේ! අපි ගියා නම් බැලුම් පුම්බනවා (නි)

:       0       0

පද්මිණි Wednesday, 01 June 2016 07:18 PM

විහිළු කතාවක්නේ. කට ඉඹලා මත්පැන් බිලා කියලා වාර්තා දෙනවද? මිදි කාලා හිටියා නම් කටින් එන්නේ වයින් සුවඳනේ. (නි)

:       0       0

ප්‍රතාප් Wednesday, 01 June 2016 08:19 PM

එතකොට මන්ත්‍රීවරයා පරීක්ෂණයට ලක්කළ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.කේ. ජූසාර් ඔහුගේ වාර්තාවේ ඔහුගේ කටින් මත්පැන් ගඳ වහනය වන බව සඳහන් කර ඇත්තේ ඇයි? (නි)

:       0       0

අබය Wednesday, 01 June 2016 10:39 PM

ඔහු යහපත් පුරවැසියෙක්. (නි)

:       0       0

විමලරත්න Wednesday, 01 June 2016 11:05 PM

බීලා හිටියත් නැතත් ඒ මහත්තයා අතින් මිනිසෙකුට හානියක් වුණේ නැහැනේ (නි)

:       0       0

රාජුන් Wednesday, 01 June 2016 11:32 PM

මට හිතාගන්න බැරි මොකද මේ අනතුර ගැන ඔයතරම් කෑ ගහන්නේ කියලා. හරියට අවුරුදු ගණනාවකින් ලංකාවේ සිදුවුණ එකම අනතුර මේක වගේ. (නි)

:       0       0

ශානක Wednesday, 01 June 2016 11:56 PM

යහපාලනයක අරුමය ඔන්න ඕකයි (නි)

:       0       0

සුමුදු Thursday, 02 June 2016 12:14 AM

ජවිපෙ සාමාජිකයන්ට සුරාපානය තහනම්. බීලා අහුවුණා නම් තත්ත්වය බරපතළ වෙන්න තිබුණා (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 02 June 2016 12:27 AM

කටින් මත්පැන් ගඳ වහනයවුණා, නමුත් බීලා නැහැ. කවුරුහරි තරහට කටට මත්පැන් ඉස්සද කවුද දන්නේ? (නි)

:       0       0

සනත් Wednesday, 01 June 2016 05:50 AM

අනතුර වෙලා තියෙන්නේ පාරේ ගිය මනුස්සයෙක් බේරගන්න ගිහින්. සමහරු බලාගෙන හිටියා මේක අල්ලාගෙන ජවිපෙට මඩ​ ගහන්න. (ර)

:       0       0

නඳුන් Wednesday, 01 June 2016 05:58 AM

මේ වගේ දේවල් අපි වහනයක් පදවද්දී හැමෝටම වෙන්න පුළුවන් අනතුරක්. මේක සාමාන්‍ය දෙයක් මොකද හිතල කිසිම කෙනෙක් හප්පන්නේ නැනේ. (ර)

:       0       0

රුවන් Thursday, 02 June 2016 01:41 AM

ජවිපෙ පූර්ණකාලීනව මතට තිත තබා ඇති බව ජනතාව දන්නවා. බොරු ප්‍රචාර යවා ජනතාව නොමඟ යවන්න අනෙක් දේශපාලකයෝ කටයුතු කරනවා. (නි)

:       0       0

ජයාත් Thursday, 02 June 2016 01:48 AM

පොඩ්ඩක් ගහලා ඉන්න එක ඒ හැටි වරදක් නෙමෙයි මට හිතෙන විදියට. මෙතෙනදි කාටවත් ඕනෑවුණේ නැහැ මේක වැඩිදුර ගෙනියන්න. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 02 June 2016 02:06 AM

මෙහෙමත් කතා? මත්පැන් බීලද කියලා බලන්න ඕනෑතරම් පරීක්ෂණ තියෙන්නේ. මොකද ඒ පරීක්ෂණ කරන්න තිබුන අමාරුව. (නි)

:       0       0

හෆීල් Thursday, 02 June 2016 10:13 AM

හොඳ ආදර්ශයක්. (ම)

:       0       0

චානක Thursday, 02 June 2016 02:47 AM

මමත් බීලා මගේ වාහනේ යනකොට රාජකාරි කරන නිලධාරීන් 4ක් මාව ඇල්ලුවා. අල්ලලා පොලිසියට එක්ක ගිහින් බැලුම පුම්බන්න දීලා නඩු දැම්මා. මෙයාට බැලුමක් දුන්න නැත්තේ ඇයි? ඒ පිළිබඳව දන්නා අයෙක් ඉන්නවා නම් කියන්න මොකද්ද හරි කියලා (නි)

:       0       0

දහම් Wednesday, 01 June 2016 06:43 AM

අනේ අපි මේවට මොනවා කියන්නද? (නි)

:       0       0

අරවින්ද Wednesday, 01 June 2016 06:45 AM

මා අසා ඇති ආකාරයට නම් විජිත හේරත් මත්පැන් පානය කරන්නේ නැහැ. එ්ත් අපි දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා. (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 01 June 2016 06:55 AM

ඔය කියන දේවල් දිහා බැලුවහම බීලා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 June 2016 07:14 AM

අපි නොදනී, දෙවියෝ දනී. (නි)

:       0       0

කමණි Wednesday, 01 June 2016 07:17 AM

බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැක්කේ පොලිසිය ඔහුව රුධිර පරීක්ෂණයකට භාජනය නොකළ නිසාද? (නි)

:       0       0

සමන්ත Wednesday, 01 June 2016 07:19 AM

බීලද නැද්ද කියලා බැලු බැල්මට කියන්න පුලුවන්ද? අපිට ඔහොම දෙයක් වුණා නම් බීලද නැද්ද තීරණය කරන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව පදනම් කරගෙනයි. (නි)

:       0       0

සෑම් Wednesday, 01 June 2016 07:20 AM

බීමත්ව රිය පැදෙව්වා කියලා නිකම් චෝදනා කරන්න බැහැනේ. ඒවා බැලූ බැල්මට ඔප්පු කරන්නවත්, නොකරන්නවත් බැහැ. සමහරවිට මිනිස්සු වෙරි වෙලා වගේ පෙනෙන ලෙඩ රෝග තියනවා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 01 June 2016 07:40 AM

මෙතරම් හදිස්සියට නඩුත් අහලා දඩත් ගහලා ඉවරයි (නි)

:       0       0

චින්තක Thursday, 02 June 2016 03:25 AM

බීම නොබීම පක්ෂයක ප්‍රතිපත්තියක් නොවී තමාගේ පෞද්ගලික තීරණයක් විය යුතුය. පක්ෂයක් ආගමක් තත්වයට වැටුනොත් එයම එහි ගමනක අවසානය වේ. බීමට අමතරව අනික් බොහෝ සරධර්මද එසේමය. (ර)

:       0       0

ශානක Thursday, 02 June 2016 03:37 AM

දැන් ලංකාවේ මනුස්සයන්ට තියෙන එකම ප්‍රශ්නය විජිත හේරත් බීලද නැද්ද කියන එකද?.. වාහනවලට දුරකථන ගාස්තු වලට බදු වැඩි වුණා ඒවා ගැන කතාවක්වත් නෑ. (ම)

:       0       0

ප්‍රියන්ත Wednesday, 01 June 2016 07:56 AM

සාමාන්‍ය අනතුරක්, සරල සිදුවීමක්, සමහරුන්ට ලේ වෑහෙන මස් වැදැල්ලක් (නි)

:       0       0

සීමන් Wednesday, 01 June 2016 07:55 AM

විජිත හේරත් බිලා නැහැ. ලයිට් කණුව බිලා. මේක කුමන්ත්‍රණයක්. වහාම පරීක්ෂණ කරන්න (නි)

:       0       0

ජයම්පති Wednesday, 01 June 2016 08:01 AM

බොහෝ දෙනා කිවුවා බීමතින් හිටියා කියලා. කොයිතරම් වැරදිද? නිවැරදි තීරණය ලැබෙනකොට අපහාසය කරලා ඉවරයි. මේ සඳහා යම් නීතියක් තිබිය යුතුයි. (නි)

:       0       0

භද්‍රානි Wednesday, 01 June 2016 08:11 AM

අපේ දේශපාලන මතය කුමක් වුවත් මේ විදිහට කාගේ හෝ අතපසුවීමකට එහෙම කරන එක හොඳ නැහැ නේද? ඊයේ ඔහුට වුණ වැරදීම හෙට ඔබට හෝ මට සිදුවිය හැකියි (නි)

:       0       0

කමල් Wednesday, 01 June 2016 08:22 AM

බිලා නැද්ද? නැත්නම් බීලා කියලා ඔප්පු කරන්න අවශ්‍ය සාක්කි ඉදිරිපත් වෙලා නැද්ද? (නි)

:       0       0

පීරිස් Wednesday, 01 June 2016 08:25 AM

මේක මේ වගේ කට්ටියට වුණ නිසා 1500න් බේරුනා. අපිට වුණා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 01 June 2016 08:31 AM

ඉතින් විජිත හේරත්ට බොන්න හොඳ නැති හේතුවකුත් නැහැනේ (නි)

:       0       0

විමලරත්න Wednesday, 01 June 2016 08:30 AM

අනේ අපි දන්නෙ නැහැ මේවා (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 01 June 2016 08:38 AM

බැලු බැල්මට ඔප්පු කරන්න බැරි නිසා බීමතින් සිටි එකට දඬුවම් නැහැ. සිද්ධිය වුණ තැන හිටපු අය දැකලා තියෙන්නේ කොහොමද? (නි)

:       0       0

අනුර කොලොන්නාව Wednesday, 01 June 2016 09:05 AM

නැහැ නැහැ බිලා සිටියේ නැහැ. පොඩ්ඩක් ගහලා ඉන්න ඇති මද පමණට. ඉතින් කවුද කිව්වේ බිලා කියලා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 01 June 2016 09:16 AM

එ්ත් කවුරු කවුරුත් දේශපාලකයෝ දැනගන්න ඕනෑ රියදුරු මහතෙක් රිය පැදවීමට යොදන්න. මොකද අනතුරකදී සිර දඬුවම් විඳීමට පවා සිද්ධවෙන්න පුළුවන්. (නි)

:       0       0

සුනිල් Thursday, 02 June 2016 05:08 AM

වැඩි කතා ඕනේ නැහැ..බලය අනුව නීතිය ක්‍රියාත්මක වන බව පෙන්වන තවත් උදාහරණයක් විත‍රයි... (ම)

:       0       0

කමල් Thursday, 02 June 2016 05:06 AM

ඔයිට වඩා දේවල් ඔප්පු වුණේ නෑනේ උසාවියේදී (ම)

:       0       0

ශානක Wednesday, 01 June 2016 09:59 AM

ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

දේවක Wednesday, 01 June 2016 10:02 AM

අපි දන්නවා ඔහු නිවැරැදියි කියලා.(හේ)

:       0       0

බිමල් Thursday, 02 June 2016 05:24 AM

කිසිම සාක්කියක් නැතුව නිකම්ම කටින් මත්පැන් ගඳ වහනය වේ කියලා චෝදනාවක් ඉදිරිපත් කරන්න පොලිසියකට හැකියාවක් තියෙනවද? අපි දන්නා නීතියේ හැටියට නම් බැලුන් පිම්බීමක් හෝ ලේ මුත්‍රා පරීක්ෂාවක් නැතුව පොලිස් නිලධාරියෙක්ට හිතෙන යම් සිතුවිල්ලක් මත මෙහෙම චෝදනාවක් අධිකරණයකට ඉදිරිපත් කරන්න බැහැ. (බ)

:       0       0

පුෂ්ප Wednesday, 01 June 2016 10:15 AM

අනේ මන්ද, වෙන රට වල "බැලූ බැල්මට" බීලද කියලා ඔප්පු කරන්නේ නැහැ. අනතුරක් වුන වහාම බැලුම් බැල්ම බලනවා. මේ මහතා බිලා නොසිටියා වෙන්න පුළුවන්. නමුත් අනතුරකින් පසු වහාම නිසි ක්‍රමවේදයකට අනුව රියදුරා මත් ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්ද යන්න බැලිය යුතුයි. (හේ)

:       0       0

පාලිත Wednesday, 01 June 2016 10:18 AM

දැන් දැක්කා නේද මොහු වැරැදි නෑ කියලා.(හේ)

:       0       0

ජගත්‍ Wednesday, 01 June 2016 10:37 AM

බීල හිටියා නම් ජේවීපී එක ඉවරෙටම ඉවරයි නේද? මෙලහකටත් පතුරු ගහලා (නි)

:       0       0

ප්‍රනීත් Wednesday, 01 June 2016 10:48 AM

දැන් බලනකොට බීලා ඉඳලා තියෙන්නේ ලයිට් කණුව. (නි)

:       0       0

සුනිල් Thursday, 02 June 2016 05:50 AM

ඔප්පු කරන්න බැරිනම් කරන්න දෙයක් නැහැනේ... (ර)

:       0       0

අරවින්ද Thursday, 02 June 2016 06:19 AM

කොහොම උනත් ඔහු හොඳ මහත්තයෙක් වගේ වරද පිළිගත්තා. දඩත් ගෙව්වා. මේ වගේ නිහතමානී දේශපාලඥයෝ රටට අවශ්‍යයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1443 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 600 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 424 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 685 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1237 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site