IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විජේදාස ගැන තීරණයක් ගන්න අගමැති - එජාප මන්ත්‍රී හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද(21) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනවාක් ද සම්මත වූ අතර මේ හේතුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ එජාප මන්ත්‍රීවරු ඔහු සම්බන්ධ තීරණයක් ගනු ඇතැයි පක්ෂ ආරංචි වාර්තා කරයි.



අදහස් (30)

විජේදාස ගැන තීරණයක් ගන්න අගමැති - එජාප මන්ත්‍රී හමුවක්

ranavi Monday, 21 August 2017 04:50 AM

විජේදාස බක පණ්ඩිතයෙක්. එජාපයට පිළිලයක්. මෙයා කරන්නේ රාජපක්ෂලාගේ උවමනාවන් දැන්වත් තේරුම් ගන්න. නෙරපා හරින්න. මහරගම ආසනයවත් දිනාගන්න බැරිඋනා කයිවාරුව විතරයි.

:       1542       878

බණ්ඩාර(කැකිරාව) Monday, 21 August 2017 05:38 AM

මේ අවස්ථවේ එ.ජා.පය කුමන තීරණයක් ගත්තත්, එය අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස මහතාට වාසිදායකවන අතර එබැවින් ඔහු තවදුරටත් දේශපාලනිකව ශක්තිමත්වී තම බලය තහවුරු කර ගනී , එමනේම යහපාලන ආණ්ඩුවට තවදුරටත් ජනතා අප්‍රසාදයට පත්වේ.

:       555       730

one srilankan Monday, 21 August 2017 05:40 AM

විජේදාස මහතා කල වරද මොකක්ද.. ජනාදිපති කොමිසමක් දන්න. ඔය ඔක්කොම නීතින්නේ කරන්නේ වොෂ්වැගන් කොම්පනිය දැම්ම වගේ නැතුව.

:       454       875

චමල් Monday, 21 August 2017 05:45 AM

WR " මේ සංක්‍රාන්ති සමය තුළ." ?.ජනපති MR ගේ 51 සහය ඇතිව චමල් අගමැති කර රජයක් පිහිටුවීමට සූදානම. WR "ඊට අවශ්‍ය විකල්පය මොකක්ද කියල මේ රටේ සියලුම ආගමික නායකයින් තීරණය කළ යුතුයි." ? ජනතා පරමාදීපත්‍ය මේකද? WR UNP ට අපහස කරයි. පළමුව UNP න් WR අස් කරන්න. දෙවනුව ජනපති ට අදිකරණය ට පමණක් ඇමති කෙනෙක් යෝජනා කරන්න. රාජිත හොදයි. සෞඛ්ය ඇමතිට WR දමන්න. ජනපති කරන්න නැතිනම් ඇමති මණ්ඩලය වර්ජනය කරන්න.

:       491       233

nuwan Monday, 21 August 2017 06:10 AM

සයිටම් එකටත් ඔය විධියට උනන්දු වෙන්නකෝ....

:       62       206

සෞම්‍ය Monday, 21 August 2017 06:24 AM

යහපාලන නඩය මේ කරන්න යන දේ කලොත්, ඉතිහාසයේ කල ලොකුම වරදක් හැටියට ලියවේවි, ආව දා ඉඳල මේ අයගේ නිරුවත ප්‍රදර්ශනයේ තිබ්බට, මේ වගේ තකතීරු වැඩක් කරයි කියල අපි ඡන්දෙ දීල බලාපොරොත්තු උනේ නෑ මම හිතන්නේ, විජේදාස මහත්තයාගේ සමහර ක්‍රියාකලාප මම අගය නොකලත්, මෙතැනදී එතුමා කියන්නේ ඇත්ත නේද ? මොන ජගතාටවත් නීති පද්දතියට අත තියන්න බැහැ....

:       537       625

nuwanMonday, 21 August 2017 06:50 AM

සෞම්‍ය ඔබේ කියන දේ නිවැරදි... මේ අය හිතාගෙන ඉන්නේ එයාල කරන කියන හැම දේම හරි කියලා. අපි ඡන්දෙ දීපු ගොන් කම කියලා හිතන්නේ මේවා දැක්කහම....

:       146       287

Thilina Monday, 21 August 2017 06:46 AM

මේ සියලුම චෝදනා එල්ල වෙන්න ගත්තේ බැදුම්කර ප්‍රශ්නය උඩට අපු නිසා නේද? අදිකරණ ඇමති එලවන්න කතා කරන්නෙත් බැදුම්කර වාර්තාවට පාද සටහන් එකතු කරපු අයම නේද? මෙතුමා වැරදිනම් ස්වාදීන පරීක්ෂණයක් කරන්න. නැතුව තමන්ට විරුද්දවාදී පුද්ගලයන් තෝරාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නනම් මේ රටේ අධිකරණ අවශ්‍ය නැහැ නේද?

:       47       319

රවින් Monday, 21 August 2017 06:59 AM

හොරුන් රකින අය අවසානයට අදින්නේ ජාතිය ආගම අනතුරේ කියන මන්ත්‍රය. ඕක තම විදේශ කුමන්ත්‍රණ අදිරාජ්‍ය ඇත පෙවීම් කියලත් සමහරක් හොරුන් අවභාවිත කරන වචන .... ඒ නිසා බය නැතුව ඔහුව නෙරපන්න. මොකද පක්ෂයක් රටක් වුනාම විනය කියන දේ වැදගත්

:       910       855

HafeelMonday, 21 August 2017 08:00 AM

රවින් ඔබ හරි. විමල් වීරවංශත් කරපු හොරකම්, වංචාව වහන්න මේ තුරුම්බුව තමයි භාවිතා කරන්නේ. ඩීල්දාසත් දැන් ඕක තමයි කරන්නේ. එයාව ආරක්ෂා කරන්නේ සාමාන්‍ය හොරුන් නොවේ. රටේ සම්පත්, මහජන මුදල් කොල්ලකාපු මහා පරිමාණේ හොරුන්ව, දූෂ්තයින්ව, මිනී මරුවන්ව.... වැඩේ වරදිනකොට, ඔබ කිව්වා වගේ කතාකරන්නේ ජාතිය, ආගම ගැන...

:       205       233

rohana Monday, 21 August 2017 07:04 AM

අගමැතිතුමනි තවත් කල් දන්නා එපා. නෙරපාහරින්න.

:       536       383

ඩෙංගුමදුරුවා Monday, 21 August 2017 07:06 AM

ඩෙංගු ලෙඩුන් වැඩිවනවිට 1. වැඩිපුර වාට්ටු දැමීම 2. ලේ (FULL BLOOD COUNT ) බලන මිල Rs . 450/= සිට 250/= අඩු කිරීම 3. පෙති මිල අඩු කිරීම වැරදිද ? එලෙසම අධිකරණය නඩු ප්‍රමාදයට විසදුම් දීම වැරදිද ? වැඩිපුර අධිකරණ දැමීම ? එය යහ පාලනය නොවේද? ඩෙංගු ලෙඩුන් වැඩිවනවිට පුද්ගලික රෝහල් අවශ්‍ය නැතිද? එවලත් ඉඩ නැතිවුණා මතක නැත්ද? ප්‍රමිතියට අනුව පුද්ගලික අංශයෙන් දොස්තර වරු වැඩි කෙරීම වැරදිද ? එය යහ පාලනය නොවේද?

:       346       275

වින්සන්ට් Monday, 21 August 2017 07:31 AM

පවතින දේශපාලන තත්ත්වය ඉදිරියේ හොරු නොමැතිව දේශපාලකයෙකුට පැවැත්මක් නොමැත. සමහර අයට ජාතිවාදය නොමැතිව පැවැත්මක් නොමැත. මේවා නොමැතිව යාහැකි ගමනක් ඉතිහාසයේ අපි නුදුටුවෙමු.මේ තත්ත්වයන් නොමැති පක්ෂ උපන්ගෙයිම පවතිනු ඇත.එය ජනතාවගේ කැමැත්ත වී ඇත. මේ නිසා මේ තීරණය අනුව විජයදාස රාජපක්ෂ මහතා කොතැනක නවතීද යන්න අපි බලාසිටිමු. එතුමාගේ තේරීම එතුමාගේ දේශපාලන චරිතය ජනතාවට තේරුම් ගත හැකි හොඳ මොහොතකි.

:       1       43

සෙනෙවි Monday, 21 August 2017 07:59 AM

ඉහත අදහස් දකවා ඇති ඩෙංගු මදුරුවා මහතාට සහ රවීන් මහතාට සම්පූර්ණයෙන්ම සහයෝගය දක්වනවා.

:       114       24

samantha Monday, 21 August 2017 08:08 AM

රනිල්ට ආසියාවේ හොඳම මොලේ කිව්වට කලින් රජුගේ ගෝලයෙක් වෙන මෙයාව අඳුර ගන්න බැරුව ගියා මෙච්චර කල් යන කල්...

:       2       151

pgageeth Monday, 21 August 2017 08:09 AM

ජනපතිතුමනි ජනතාවට සවන් දෙන්න

:       1       7

senarath Monday, 21 August 2017 08:10 AM

මෙතුමාට එජාපයෙන් සමාවක් ලැබුණත් ජනතාවගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. හොරුන්ව රකින අයත් හොරු.

:       204       170

dimuthu Monday, 21 August 2017 08:12 AM

ඉතින් මහින්දලා මොකටද බය වෙන්නේ මෙයාව මාරු කළා කියලා. හොරකම් කරලා නැත්තන් බය වෙන්න ඕනේ නැහැනේ. ඉක්මණින් නඩු විභාග කරන එක හොඳ දෙයක්නේ? එකට විරුද්ධ වෙන්නේ කල් මරලා නීතියෙන් බේරෙන්න හදන හොරු විතරයි.

:       62       9

sanuki Monday, 21 August 2017 08:15 AM

හොරු කැමතියි නඩු කල්දාන, පරීක්ෂණ කල් දාන අැමැතිලාට. හොරු කව්ද කියලා අපිට ලඟදීම බලාගන්න පුළුවන්. දැන් එජාපය හදන්නේ ඉක්මණින් පරීක්ෂණ අවසන් කල හැකි අධිකරණ ඇමැති කෙනෙක් ජනතාවට ලබා දෙන්නනේ. අපි බලමු කව්ද එ්කට විරුද්ධ කියලා.

:       77       3

බන්දුල පෙරේරා Monday, 21 August 2017 08:18 AM

මමත් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන කෙනෙක්. හැබැයි පරීක්ෂණ ඉක්මණින් අවසන් කරන්න පුළුවන් අදිකරණ ඇමති කෙනෙක් පත්කරනවා නම් කවුරුවත් එකට විරුද්ධ වෙන්න හොඳ නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයාට එහෙම බැරි නම් එතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ....

:       77       55

nalin Monday, 21 August 2017 08:20 AM

අධිකරණ ඇමති මාරු කිරීමට සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව සහාය ලබාදිය යුතුයි. හොරුන් අල්ලා දඬුවම් දීම අද ජාතික අවශ්‍යතාවයක්...

:       82       54

saman Monday, 21 August 2017 08:26 AM

අපි අන්තර්ජාතික අධිකරණයක් අවශ්‍ය නෑ කියන ගමන් අනිත් අතට විරුද්ධ පක්ෂයේ අයගේ නඩු මුලට ගන්න කියනවා. එ්කට අකමැති වුණා කියලා අධිකරණ ඇමැතිට විශ්වාස භංග ගේන්න යනවා. මේකෙන් අපි ලෝකෙට පෙන්නන්න යන්නේ මොකද්ද?

:       0       155

mahesh Monday, 21 August 2017 08:27 AM

රනිල් මහත්තයෝ හොරුන්ට යටනොවී දැන් තියෙන එකක් එක්ක ආණ්ඩුවක් හදන්න...

:       66       44

rohan Monday, 21 August 2017 09:35 AM

ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සිකුරාදා තීන්දු කර සිටි විජේදාස රාජපක්ෂ තම සැබෑ ස්වාමිවරුන් වන මැදමූලන රාජපක්ෂලාගේ උපදෙස් මත ඉල්ලා අස්නොවීමට තීරණය කර ඇත. රාජපක්ෂලාගේ උපදෙස් වී ඇත්තේ ඉල්ලා අස්නොවී හැකි තරම් කාලයක් ආණ්ඩුව තුල හිඳිමින් එහි කටයුතු කඩා කප්පල් කිරීමට කටයුතු කරන ලෙසය.

:       235       177

saleeth Monday, 21 August 2017 09:45 AM

අගමැතිතුමනි, තවත් කල් දාන්න එපා. එක්සත් ජාතික පක්ෂයටම නෙරපා හරින්න.

:       72       29

siri Monday, 21 August 2017 09:57 AM

රට වෙනුවෙන් කෙලින් කතා කරන විජේදාස ඇමතිතුමාව එලවන්න දත කන නිඝණ්ඨයෝද එ.ජා.පෙ ඉන්නේ.? ඕකේ ඉන්න වචාලයෝයි හරි නම් එලවන්න ඕනේ. මොකද ජනතාවට ඔය වාචාලයින්ගේ කතා එපා වෙලා තියෙන්නේ... යම් විදියකින් රනිල් අගමැති ඒ දේ කළොත් එයාටත් අබ සරණයි.

:       175       279

ONE SRILANKAN Monday, 21 August 2017 11:18 AM

අවුරුදු දෙකක් මෙයාලා නිදාග‍ෙනද හිටියේ? මෙයාලට රත්වුණේ රවීට වැරදුණාට පස්සේ.. මහින්ද වැරදි කළා නම් දැන් ඉන්න ඔක්කොම වැරදිකාරයෝ.. එයාලා ඔව් සර් කියකියා හිටියා. වගකීමෙන් මිදෙන්න බැහැ. පාලකයනි, මේ කියන මම සිරිසේන මහතාටත්, රනිල් බලයට ගේන්න ඡන්දෙ දුන් අයෙක්... මට ඔප්පු කරන්න සාධක තියනවා. මම අභියෝග කරනවා හැකිනම් සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් ජනාධිපති කොමිසමක් දන්නා ළූණු ගෙඩි පිටින් ගත්ත හොරු බුරුතු පිටින් අහුවෙයි. පුලුවන් නම් අවංක යහපාලනය නම් කරන්න... බාරගන්න අභියෝගය... නැත්තම් සයිටම් මුදලාලිගෙන් මුදල් අරන් කියලා අපි සැක කරනවා.

:       0       119

Rohan Monday, 21 August 2017 11:59 AM

මම සහ මගේ මිතුරන් කීප දෙනෙක් චන්දෙදි විජේදසට මනාපයක් දුන්න. අපි සියල්ලන්ම දැන් ඒ ගැන ගැන කනගාටුවෙනවා.

:       115       0

charith Monday, 21 August 2017 02:43 PM

විජේදාසව ඇමති ධුරයෙන් ඉවත් කරන්න. රටේ අසරණ දුප්පත් ජනතාවගේ මුදල් සොරා ගත්තවුන්ට දඬුවම් දෙන්න බැරිනම් මොකටද තවත් ඔය තනතුරේ ඉන්නේ? වහා ගෙදර යන්න.

:       110       0

sangeetha Monday, 21 August 2017 02:51 PM

අපි මුළු රටම පක්ෂ භේදයෙන් තොරව අත්සන් එකතු කොට ජනාධිපතිතුමන්ට බාර දෙමු... විජේදාසව ඉවත් කරන්න කියලා. පසුගිය රජයෙන් සොරා කාපු මුදල් ආපසු අය කරගත යුතුමයි. එ්කට රටේ කිසිම පුරවැසියෙකුට විරුද්ධ වෙන්න බැහැ. විරුද්ධ වෙනවා නම් ඒ හොරුන් විතරයි.

:       110       33

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 262 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 208 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 387 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 153 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 324 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site