ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීම නිසා පාර්ලිමේන්තුව හෙට (4) සවස දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙසයි.
ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයට අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු දුන්නේය.
ඉන්පසු විමල් වීරවංශ,ප්‍රසන්න රණවීර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියට පැමිණි උද්ඝෝෂණයේ යෙදුණහ.
ඉන්පසු පස්වරු 2.25ට හෙට (3) සවස දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.
28535
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයකලාගේ ප්‍රකාශයට කළ විරෝධයෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තබයි
rama Tuesday, 03 July 2018 08:47 AM
යූ.ඇන්.පී එක දොස් කියන්න ඇති මහින්දට යුද්දේ ඉවර කල නිසා මේ ඔක්කොම ප්‍රශ්න කියල එයාල මේක අනුමත කරන්න ඇති......
asanka Tuesday, 03 July 2018 08:54 AM
අර හිට්ලර් ගේ කතාවට ප්‍රතිචාර දක්වපු උනන්දුව මේකටත් තියේවිද? අපේ අගමති තුමාටයි ජනාධිපති තුමාටයි. අපි ඔබතුමාලගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා !
Senarath Tuesday, 03 July 2018 09:05 AM
විරෝදය පාල විතරක් මදි. අයව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. අනෙක LTTE කියන්නේ මහා භයානක් සංවිධානයක්, ලෝකේ රටවල් කිහිපයක්ම මේ සංවිධානය තහනම් කරලා තිබුන.
kalani Tuesday, 03 July 2018 09:12 AM
ජාතික වාදය කියන්නේ ප්‍රාථමික මිනිස් ලැදියාවල් පැලපදියම් කරවන ,හරිම අවාසනාවන්ත අදහසක්. අනෙක් ජාතිය අවිශ්වාස කිරීම , නොදන්නා දෙය අවිචාරශිලිව ප්‍රතික්ෂේප කිරීම සහ තමාගේම ගෝත්‍රයේ කුරිරුකම පවා අගය කිරීම ජාතිකවාදයේ ගැඹුරින් මුල් බැහැපු පිළිකුල් සහගත අදහසක්.
ධනුෂ්කTuesday, 03 July 2018 03:05 PM
කලනි, මේ රට කවුරු අාවත් කවදාවත් හදන්න බැරි ලක්ෂණ පහල වේගෙන යන්නේ. හැම පැත්තකින්ම වැටිලා තියෙන්නේ. හිටපු හා ඉන්න ජාතිවාදි , බඩගෝස්තරවාදි පාලකයෝ මේ රට කාලා තියෙන්නේ. 2009 යුද්දේ දිනුවත් රට අාර්ථික වශයෙන් අනෙක් රටවලට සාපේක්ෂව උඩට අාවේ නෑ පහලට ගියේ. දිගින් දිගටම රුපියල පහත වැටීම ඊට හොඳම නිදසුන. මේ ජාතිවාදි කතාත් එ් නොහැකියාවේ එක් පැතිකඩක්. පාලකයන්ට බලයට එ්මට හා බලය රැක ගැනීමට ජනතාවට කල හැකි වෙනත් සෙතක් නොමැති විට ජාතිවාදය ඊට මහඟු පිටුවහලක්.
ධනුෂ්කTuesday, 03 July 2018 05:27 PM
මේක අැති මාසයක් ජනතාවගේ අවධානය ගන්න. පහු ගිය ටිකේ හිට්ලර්, දිවියා, නිව්යෝක් ටයිම්ස්, දැන් විජය කලා, මේ මාතෘකා වලට ජනතා අවධානය යොදවලා පාලකයො කාලය ගෙවනවා එ්කත් නරකම නෑ. පාලකයොත් දන්නවනේ ජනතාවට මොනව කලත් කීවත් මතක තියෙන්නේ මාසයයි කියලා.මොකද ඔලුවට තව එකක් දානවනේ. ජනතාවට මතක තියනවනම් මේ එක පාලකයකුටවත් බලයට එන්න බෑ. මේකත් එක්තරා මානෝවිද්‍යාත්මක යුදධයක්.
AsokaSaturday, 07 July 2018 05:19 AM
තව දෙමළ ඇමැතිලා කී දෙනෙක් ඉන්නවද? අපේ කන් වලටත් විදින අය හොරෙන්ම පේනවාද බැඳුම්කරයේ ඉන්නවා. අර අැන්ටොන් ජෝහං කියන බය්ලා එක හරියට හරි, ඔන්න එනවා අල්ලගන්න කල්ලතෝනිලා...
ධනුෂ්කTuesday, 03 July 2018 05:27 PM
මේක අැති මාසයක් ජනතාවගේ අවධානය ගන්න. පහු ගිය ටිකේ හිට්ලර්, දිවියා, නිව්යෝක් ටයිම්ස්, දැන් විජය කලා, මේ මාතෘකා වලට ජනතා අවධානය යොදවලා පාලකයො කාලය ගෙවනවා එ්කත් නරකම නෑ. පාලකයොත් දන්නවනේ ජනතාවට මොනව කලත් කීවත් මතක තියෙන්නේ මාසයයි කියලා. මොකද ඔලුවට තව එකක් දානවනේ. ජනතාවට මතක තියනවනම් මේ එක පාලකයකුටවත් බලයට එන්න බෑ. මේකත් එක්තරා මානෝව්ද්යාත්මක යුදධයක්.
rama Tuesday, 03 July 2018 09:17 AM
LTTE කියන්නේ මහා භයානක් සංවිධානයක්, ලෝකේ රටවල් කිහිපයක්ම මේ සංවිධානය තහනම් කරලා තිබුණ නේ ...................
nnk Tuesday, 03 July 2018 09:25 AM
හිට්ලර්ට "විපක්ෂයි "..ප්‍රබාකරන්ට "පක්ෂයි " මීට ..ජනපති අගමැති ප්රමුඛ යහපාලන රජය
එල්ලුම් ගස Tuesday, 03 July 2018 09:26 AM
උතුරට එල්ටීටීය හෝ දකුණට හිට්ලර් හෝ වෙනුවට කඩිනම් නඩු ඇසීම සහ එල්ලුම් ගස අවශ්‍ය වේ.
kamal Tuesday, 03 July 2018 09:30 AM
එතුමිය ඕක විහිලුවට කීවේ. ගණන්ගත යුතු නැත.
දුසන සහ වංචා Tuesday, 03 July 2018 09:31 AM
හිටපු මලයාසිය අගමැති සිර බාරයට. හේතුව දුසන සහ වංචා. සිරි ලකේ බැරි ඇයි?
sunil Tuesday, 03 July 2018 09:32 AM
මෙතුමිය අනාගත ජනපතිවරිය වීමටත් ඉඩ තියනවා. හිට්ලර්ට වඩා හොඳයි මැය
manoj Tuesday, 03 July 2018 09:37 AM
ඉස්සර ත්රස්තවාදීන් හිටියේ උතුරේ බංකර් ඇතුළේ... යහපාලනෙට පින් සිද්ද වෙන්න දැන් ත්රස්තවාදීන් ඉන්නේ ආණ්ඩුවේ. රටට දෙයියන්ගේම පිහිටයි.
Hafeel Tuesday, 03 July 2018 09:44 AM
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දුර්වලකම තමයි මෙයා මෙහෙම ප්‍රකාශ කරන්නේ... මීට කළිනුත් මෙයා මේ වගේ ප්‍රකාශ කරලයි තියෙන්නේ... පක්ෂ නායකත්වය ගැන කිසිම බයක් හෝ ගරුත්වයක් හෝ නැහැ. ජේ.ආර්., ප්‍රේමදාස යුගයේ නම් මෙවැනි ප්‍රකාශ කරන එක කොහොම වුණත් හිතන්නවත් බැහැ.
thilak dubayi Tuesday, 03 July 2018 09:51 AM
යහපාලන රජය සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් සෑමවිටම පෙනී සිටිනවා... විජයකලා මැතිණියගේ ප්‍රකාශයේ ලොකු ප්‍රශ්නයක් නෑ... හිට්ලර්ගේ කට්ටිය තමයි බොරුවට කෑ ගහන්නේ.
RNG Tuesday, 03 July 2018 06:26 PM
ඔව් ඔව් යහපාලනේ සාමයයි සංහිඳියාවයි, පේනවනෙ... සැපයිද ඉතින් දැන්..?
parakkrama Tuesday, 03 July 2018 10:04 AM
රොත්ත බුරුත්ත පිටින් කරපු වැරදි ගැන කියන කතා යට ගසා තබන්න , තව මාසයක් විතර කබලේ දාගෙන පෙරලා පෙරලා රෝස් කරමින් ලෙව කකා මහා ජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කරන්න තවත් තලගොයෙක් අහුවෙලා වගෙයි. එතකොට අර නිව්යෝක් ටයිම්ස් පත්තරයේ කතාව යට කරගෙන , මේක කරපින්නාගෙන යන්න හැකි වෙයි නේ ?
ලුම්බිණි Tuesday, 03 July 2018 10:06 AM
මේ අයගේ හැසිරීම කනගාටුදායකයි.
sarath perth Tuesday, 03 July 2018 10:09 AM
මොකද්ද මේ වෙන්න යන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමාත් මෙයට දක්වන ප්‍රතිචාරය දැනගන්න කැමතියි. සංහිදියාව මේකද ? ලාංකිකයාගේ කරුමෙට පත්වුණා යහපාලනය.
Nuwan Tuesday, 03 July 2018 11:05 AM
දැන් නම් නාට්‍යය නැගල යනවා , නිව්යෝර්ක් ටයිම්ස් කියපුව ඉක්මනට අමතක වෙයි , කොහොමද අපේ පාලකයින්ගේ ටිකිරි මොලේ
දිවියා Tuesday, 03 July 2018 11:19 AM
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ්- ඇප නොදීමට හේතුව? ගෝඨාභයට වෙන නීතියක්ද ? ගෝඨාභය ගේ නඩු ඇසීමට විරුද්ධව නඩු අසන්නේ මොකද? නිතිය සැවොටම එක හා සමානද? එසේ නොවුනහොත් උතුරට එල්ටීටීය හෝ වෙනත් සංවිධානයක් ඒම සහ දකුණට හිට්ලර් ඒම වැළකිය නොහැක.
isurandi Tuesday, 03 July 2018 11:42 AM
මෙතුමියව එම්.ආර්.අයි. පරීක්ෂණයකට ලක්කරන්න. එකපාරටම වැළඳුන මොලේ අමාරුවක්ද දන්නේ නැහැනේ?
Raveendra Tuesday, 03 July 2018 12:07 PM
මේ අයගේ අසීලාචාර, වාචාල කටවල් නිසා අද කළයුතු දේ හෙටට කල්දැමීමට සිදුවීම අපරාධයක් නොවේද?" මෙවන් මිනිස්සු අපගේම මහජන නියෝජිතයන් වීමත් අපගේ මව්රටට මහත් අවාසනාවකි. අතීතයේ දේශද්‍රෝහින්ට කුමක් ලැබුණේද යන්න මෑත අතීතය වන 2009 හොඳින් මෙන්ම නැවත වරක් අප සියල්ලන්ටම සිහිගන්වා ඇතිබව "ශෂිකලා, අරකලා මේකලා, ලලිතකලාට අප නැවත වරක් මතක්කර දීමට කැමැත්තෙමු. අපගේ මව්බිමට ආදරය කරන අප ජාතිවාදීන් නොවන්නෙමු. නමුත් රට බෙදීමට වචනයකින් හෝ අනුබල දෙන්නෝ අවජාතකයන් මෙන්ම ජාතිවාදීන් බව ශෂිකලාට අප නැවතවරක් කීමට කැමැත්තෙමු. එමෙන්ම ශෂිකලාට මෙයද මතක් කිරීමට කැමැත්තෙමු. " ඔහේ අද දවසේ වේල හරිකර ගත්තෙත්" දුප්පත් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවගේ බදුමුදල් වලින් බව පවසන්නේ සියුම් වූ සතුටකිනි. එබැවින් කන බත්පතට වත් රට වෙනුවෙන් මොලය පෑදේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
dhamneth Tuesday, 03 July 2018 12:12 PM
විජයකලා කිව්වා නම් කොටි ඝාතනය කළ ඇගේ ස්වාමිපුරුෂයා ටී. මහේස්වරන් නැගිටිය යුතුය කියා අපි කව්රුවත් ගණන් ගන්නේ නැත. කොටි නැගිටිය යුතුය කියා ඇය කිව්වට කොටි නැගිටිනවට උතුරේ මහා ඇමැති , ටී.එන්.එල්. ඇතුළු විශාල පිරිසක් විරුද්ධ වෙනවා.
maldunu Tuesday, 03 July 2018 12:44 PM
උතුරේත්, දකුණේත් සමහර උදවියට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි.
rocky Tuesday, 03 July 2018 01:07 PM
ඒ මනුස්සයා කතා කෙරුවේ සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් නොවන නිසා මට නම් මොකවත් තේරුනේ නැහැ. ඒක සමහර විට නිවැරදි වෙන්නත් බැරි නැහැ. ඒ කොහොම වුනත් නරකද ඔය කියන කතාවේ නියම පරිවර්තනයක් ලබා ගෙන ඊට පස්සේ සටනට බැස්සා නම්? දැන් එල්.ටී.ටී.ඊ. කියන්නේ හිටපු ආණ්ඩුව ජනතාව රවටන්න මවන බිල්ලෙක් පමණයි. අපේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහත්තය හමුදාවට නායකත්වය දීල කොටි සෙල්ලම ඉවරයක් කෙරුව. ඒත් වලිගෙ කොටස තවමත් වැනෙනවා වගේ සමහරුන්ට හීනෙන් පේනවා. උන් කැමතියි ඒකට.
BamunuarachchiWednesday, 04 July 2018 10:49 AM
ඔබට කොහොමත් සිංහලෙන් කියනඒවා තේරෙන්නේ නැතුව ඇති. මේ තැනැත්තී කීවදේ තේරුම් ගත්ත නිසයි කතානායක නීති උපදෙස් පතන්නේ. එක තේරුනාද?
asad Tuesday, 03 July 2018 01:56 PM
මෙතන අදහස් දක්වන අය සම්බන්ධව මට පැමිණිල්ලක් නැහැ. ජනතා නියෝජිතයින් මීට වඩා සැලකිල්ලෙන්, වගකීමෙන් ප්‍රකාශ නිකුත් කළ යුතුයි. මැය මෙම ප්‍රකාශය කළේ කුමන අදහසකින්ද කියා මට හරි වැටහීමක් නැහැ. නමුත් මෙවැනි අවස්ථාවාදී දේශපාලකයින්ගේ ප්‍රකාශ අප එතරම් සැලකිල්ලක් නොගත යුතුයි කියලයි මගේ අදහස.. හැබැයි ඒ දවස් වල යාපනය තුළ හොඳ නීතියක්.. කාන්තාවකට පාරේ බැහැලායන්න පුළුවන් වාතාවරණයක් තිබූ බව කොටි සංවිධානය ප්රත්ක්ෂේප කරන උදවියත් පිළිගන්න කරුණක්, කවුද හදන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නේ රටට නීතියක් අවශ්‍යයි. කාන්තාවන්ට, කුඩා දරුවන්ට ආරක්ෂාවක් තිබිය යුතුයි. එය කොටි සංවිධානය යාපනේ ඇති කරලා තිබුණා කියලා මම අහල තියෙනවා. අර්ථ ගැන්නූයේ එය විය හැකියි. කෙසේ නමුත් යුද්ධයකින් රටකට හෝ ජාතියකට ලැබෙන දෙයක් නැත. නැවත මේ රට තුළ එවැනි තත්වයක් උදා නොවීමට 30 වසරක් යුද්ධයෙන් බැට කෑ අප සිහි තබාගත යුතුය.
nuwan Tuesday, 03 July 2018 02:36 PM
තව මොනවා බලන්නද? වහාම ඒ අයව අත්අඩංගුවට ගන්න.. මේක සුළුවෙන් හිතන්න එපා.. එදා මායිම් ගම්මානවල කොච්චර අහිංසක මිනිසුන්ව මැරුවද, ගෙදර නිදාගෙන හිටපු අයව ගිනිතියලා මැරුවා, පිළියන්දල බස් බෝම්බය, මහා බැංකු බෝම්බය, දෙහිවල කෝච්චියේ බෝම්බය.. කොච්චර අහිංසක මිනිසුන් එදා මැරුණද..? යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති… දැන් මේවා ඔක්කොම අනුමත කරනවද? එජාපය නිකන් තමන්ගේ පක්ෂේ ගැන හිතන වෙලාවක් නෙමේ මේක.. මේක මුළු රටටම බලපාන දෙයක්. පක්ෂ, පාට භේදයක් නැතිව අැගේ කතාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ..
nihal Tuesday, 03 July 2018 02:43 PM
එල්.ටී.ටී. එක නැතිව විජයකලාට වැඩේ කරගන්න බැහැවගේ... මේ කෙනා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතුයි.
Samathasena A . Aluthgama Tuesday, 03 July 2018 03:03 PM
විජයකලාගේ මේ තස්ත්‍රවාදී ප්‍රකාශයට රටේ විධායක ජනාධිපතිවරයාට ඇය අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කල හැකියි. මේ ප්‍රකාශයෙන් රටේ ආරක්ෂාවට එල්ලකොට තිබෙන්නේ විශාල අභියෝගයක්. පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයත්, කලට වෙලාවට නිසි එඩිතර තීන්දු නොගැනීම නිසා ඇතිවූවක්. ඒත් විමල් වීරවංස මන්ත්‍රී වරයා පමණ ඉක්මවා ගියා.ඔහුගේ අතීතය දිහා බැලීමේදී මෙවැනි දේට හඬ නැගීමට ඔහුට අයිතියක් නැහැ.කෙසේ නමුත්, විජයකලාට ඉක්මනින්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
Rohitha Tuesday, 03 July 2018 03:04 PM
මිනිසුන්ගේ බදු සල්ලි දහස ගාණක් විනාශ කලා. අනේ මෙහෙමත් අපේ මෝඩ මිනිස්සු ඉන්නන රටක්.
gama Wednesday, 04 July 2018 12:00 AM
.....අපරාධ රැල්ල ඒ විදියට නතර කරන්න කියල . එහෙම නැතිව හිට්ලර් වගේ මිනිස්සු ගෑස් කාමරවල දාල මැරුවා වගේ වැඩ කරන්න නොවේ. ඉතින් බලන්න මේකනේ ඇත්ත ....