IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


විජයදාසගෙන් අලුත් ව්‍යවස්ථාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන්නේ යැයි පැවසෙන යෝජනා ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට  බාර දුන්නේය.

විශේෂ යෝජනා 53ක් ඇතුළත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කර අනුමත කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.

ජනපතිවරයා සතු සියලූ විධායක බලතල පාර්ලිමේන්තුවට සහ අමාත්‍ය මණ්ඩලයට පැවරිය යුතු බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබිය යුතු බවත් රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ඒ මන්ත්‍රීවරුන් අතරින් සුදුස්සකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත යුතු වන අතර ඒ සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් විය යුතු බව එහි දැක්වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතර සහාය ලබාගත හැකි මන්ත්‍රීවරයකු අභිනව ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත්කරනු ලැබිය යුතු බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් පනත් කෙටුම්පත යෝජනා කරයි.

එම අන්තර්කාලීන ආණ්ඩුව පවතින පාර්ලිමේන්තුවේ ධූරකාලය අවසන් වන දින හෝ ඊට පෙර විසුරුවනු ලැබුවහොත් එම දිනය දක්වා සහ අලුතින් මැතිවරණයක් පවත්වා කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්නා තෙක් ක්‍රියාත්මක විය යුතු බවද එහි සඳහන් වේ.

අන්තර්කාලීන ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය ප්‍රතිස්ථාපනය කරනු ලැබීම සඳහා සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කර වර්ධනය කිරීම පිණිස දිගු කාලීන සහ කෙටි කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශයක් අනුමත කරගත යුතු බවත් ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡාවකට, ණය වගවීමට ඇති වගකීම් කල් දමා ගැනීමට සහ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට මූලික පහසුකම් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් විජයදාස රාජපක්ෂ මහතා යෝජනා කරයි.

රටට ආර්ථිකයට ප්‍රයෝජනවත් වන පරිදි දායක විය හැකි දක්ෂ සහ සුදුසුකම් ඇති තැනැත්තන් පමණක් රාජ්‍ය ආයතනවලට පත් කළ යුතු බවට යෝජනා කරන මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ පාලනය සඳහා මිල පාලනයක් ක්‍රියාත්මක කළ යුතු බවද යෝජනා කරයි.

වී එළවළු සහ අනෙකුත් වගාවන්ට පොහොර ප්‍රමාණවත් පරිදි සපයා දිය යුතු බවත් පසුගිය කාලයේදි අන් සතු කරන ලද ජාතික සම්පත් නැවතත් අත්පත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යෝජනා කරන්නේය.

 



අදහස් (5)

විජයදාසගෙන් අලුත් ව්‍යවස්ථාවක්

පිටිගල මිලානෝ Friday, 25 March 2022 12:12 PM

මෙයා තමයි ගිය ආණ්ඩුවෙන් අයියා, මලෝ, දූදරු, හොර ගෙඩියන්ව අල්ලන්න යනකොට වැළැක්වූවේ.

:       2       22

සංක Friday, 25 March 2022 12:47 PM

මෙයා දේශපාලනයට ආපු දා ඉඳන් අරව කරනවා, මේවා කරනවා, අරවා දෙනවා, මේවා දෙනවා මිස කරපු දෙයක් නැහැ. පහුගිය ආණ්ඩුවේ ඉඳගෙන හොර නඩය බේරලා දැන් බුරනවා. මේ වගේ අය මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව වග බලාගන්න ඕනෑ කාළේ දැන් ඇවිල්ලා... එසේ නැතිවුණොත් මේ කාලකණ්ණි පාලන රැළ හැමදාම මේ රටේ රජ කරනවා...

:       2       14

siri Friday, 25 March 2022 03:35 PM

කවුරු වුණත් රටට යහපත් දෙයක් යෝජනා කරනවානම් හොඳයි... අද රට බිමටම වැටිලා තියෙන්නේ මේ අනුවණ පාලකයින් නිසා...

:       1       6

John Friday, 25 March 2022 04:28 PM

දැන් ජනතාවට අවශ්‍ය ඔය දේවල් නෙවෙයි. උදේ කාලා හවසට කන්නේ කොහොමද කියලා හිතන එකයි...

:       2       24

fairoos Sunday, 27 March 2022 01:03 PM

මෙයත් රාජපක්ෂ කෙනෙක්... කිසිම වෙනසක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 510 0

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 367 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 560 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 973 4

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 706 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 622 2

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site